කලිසම කාගෙද?


මේක සිරීයස් කතාවක්. මේ වගේ වැඩ නිසා ගෝල්ඩ් fish සහ උගේ මල්ලී තාම ජීවතුන් අතර ඉන්න එකට අපිටම පින් දීගන්න ඕනේ. මේ වගේ වැඩ ඒ දවස් වල කලේ මාර ආසාවෙන්… ඒත් දැන් තමා තේරෙන්නේ ඒවයේ බරපතලකම.

මේකයි කතාව… ගෝල්ඩ් fishයි මල්ලියි, මල්ලිගේ ශිෂ්‍යත්වේ වෙනකම්ම ස්කෝලේ ගිය එකට. ස්කූල් වෑන් එකේ තමා ගියේ. විභාගේ දවස්වලට එහෙම මල්ලිගේ පන්ති ඉක්මනට ඉවර වෙලා ඌ මං එනකං ස්කෝලේ වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ දවස් වලට තමා හරි හරි වැඩ වෙන්නේ. සමහර දවස්වලට ගෝල්ඩ් fishත් විභාගේ ඉක්මනට ඉවර වුනාම ඉතිං දෙන්න එක්ක මොකක් හරි අඤ්ඤ කොරොස් වැඩකට සෙට් වෙනවා. ඒ දවස් වල ගෝල්ඩ් fish හොඳම යාළුවා, දන්ඩා. දන්ඩා කියන්නේ… මිනිහා ගොඩක් කෙට්ටුයි, ගොඩක් උසයි ඒකයි. මේ දන්ඩා ඒ දවස් වල හිටියේ ගෝල්ඩ් fish ලාගේ ස්කෝලේට මීටර් 100ක් 150ක් එහායින් තියෙන ගඟ ගාව. ගඟ ගාව කිව්වට දන්ඩගේ ගෙවල් වල ඉඳනුත් මීටර් 500ක් විතර තියෙනවා ගඟට යන පාර. කෙළින්ම ගියාම යන්න පුළුවන් වුනත් ඒ පාර වහලා දාලා තියෙන්නේ. ඒක නිසා වටෙන් තමා යන්නේ.

මේ කියන දවසේදීත් අපිට විභාගේ ඉක්මනට ඉවර වෙලා මායි මල්ලියි දණ්ඩගෙ ගෙදර ගියා ඌත් එකක්ම. පස්සේ දණ්ඩගේ අම්මා එහෙම අපිට සලකනවා. තේ හදලා දෙනවා, බිස්කට් දෙනවා… එක එක බීම ජාති හදලා දෙනවා. මල් හතයි. එදා තමා මම මුලින්ම මල්ලිවත් එක්ක ගෙන එහෙ ගියෙ. පස්සේ ටිකක් වෙලා යද්දී මට හිතුන ඇයි අපි හැමදාමත් ගඟ බලන්න ගිහින් නාන්නේ නැත්තේ කියලා. බලන්න ඉතිං මටත් හිතෙන ඒවා. පස්සේ දන්ඩාට යෝජනාව දැම්මම ඌ ඒක අම්මට කිව්වා. ඒ දවස් වල ඉතිං අවුලකුත් නැ ගඟ. ඒක නිසා යෝජනාව අනුමත වුනා. දැන් තියෙන ප්‍රශ්නේ මොනා ඈඳන්​ද ගෝල්ඩ් fish නාන්නේ කියන එක. පස්සේ දන්ඩා උගේ කලිසමක් දුන්නා. වැඩේ එලකිරි දැන්. ඔන්න තුන්දෙනාම යනවා ගඟට. ෂෘ…. නිල් කැට වගේ වතුර ටික දැක්කම මට ස්​කෝලේ ඇඳුම් පිටින්ම පනින්න හිතුනා ග​​ගේ. ඒත් ඉතිං බැහැනේ… ස්කූල් වෑන් එකේම ගදර යන්නත් එපැයි. දන්ඩා වගේ ගඟක් ළඟක ඉන්න තිබ්බනම් කොයිතරම් වාසනාවන්තද? කියලා වැඩක් නෑ… මුන් හැමදාම ස්කෝලේ ගිහින් ඇවිත් මාළු අල්ලනවා, ඔරු පදිනවා… පිස්සු ලෝකයයි.

මොනා කරන්නද ඉතිං අිට එහෙම chance එකක් නැහැනේ. අවුලක් නැහැ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා හිතාගෙන. ඇඳුම් ටිකත් මාරු කරගෙන බැස්සා ගඟට. ඔන්න ඉතිං මල්ලි ගොඩ අයියා වතුරේ. මෙහෙම ඉද්දී මේ යෝදයා කෑගහනවා, දැන් යමු…. වෑන් එක එයි කියලා. ඌ දැන් නසරානියා වුනාට ඒ දවස් වල හරි හුරතල්. පව්නේ කොල්ලා ගොඩනේ කියලා, මමයි දන්ඩා යි දඩබඩ ගාලා ආපහු ස්කෝලේ ඇඳුම් ඇඳගෙන යන්න ලෑස්ති වුනා. පස්සේ දන්ඩා ගෙදර ගියා. මමයි මල්ලියි ආපහු ස්කෝලේ ගාවට ආවා. පස්සේ කොහොම හරි වෑනේ එකේ ගෙදර ගියා.

ඊට පස්සේ දවල් කෑම කද්දී අම්මා ආ…..වා…………. “කාගෙද මේ කලිසම” ප්‍රශ්නෙ මට. මගේ මිසක් වෙන කාගෙද කියන්න හදද්දී නිකං මටත් අමුත්තක් වගේ තේරුන නිසා පෙර කල් දක්නා නුවණින් (ඒකත් තිබුනනේ මට) විමසා බැලුවා මේ මොකෑ කියලා. පෙන්ටගනේට ගැහැවට වැඩිය හපන් සීන් එකක් යන්නයි එන්​නෙ… දැන් මොනා කරන්නද? දන්ඩාගෙයි මගෙයි කලිසම් මාරු වෙලා. මට නිකං ඒක අඳිද්දීත් ටිකක් හිරට දැනුනා. ඒත් ඉතිං එච්චර ගනන් ගත්තේ නෑ. දැන් කියපන්කෝ කතාව අම්මට. “නෑ අම්මේ අපේ විභගේ ඉවර වෙලා ඉද්දී අයියලා වගයක් නිල් ගහගත්තා. අපේ කලිසම් වලටත් වැදුනා. මට එහෙම වෑන් එකේ ඇඳන් එන්න බැරි නිසා ලේන්සුව තෙමලා, පිහදාලා වේලෙන්න දාලා, අපි ටොයිලට් එකට වෙලා හිටියා… ඊට පස්සේ අපි කලිසම් දෙක මල්ලි කෙනෙකුට කියලා ගෙන්න ගෙන ඇඳ ගෙන ආවේ. ඒ පොඩ් එකා කලිසම් දෙක මාරු කරලා.” . ​ෆුහ්… ඔන්න අම්මට කිව්වා ඇත්තම ඇත්ත සීන් එක. ගෝල්ඩ් fish ට හිටිවන කවි බැරි වුනාට, හිටිවන බොරු පුළුවන් වුනේ වෙලාවට. ඒත් අම්මට මේක සැකයි. සැකයි කියලා මොනා කරන්නද? කාගෙන් කියලා අහන්නද. මල්ලීත් බලං ඉන්නවා… ගෝල්ඩ් fish බයේ ගැහී ගැහී හිටියේ මේකා දැන් කියයි, දැන් කියයි කියලා. කිව්වේම නැහැනේ මූ. එල කොල්ලෙක් තමා. එදා ඉඳන් ඌ තමා මගේ බුදුම බුදු ෆිට් එක. ගොඩක් තිරිකිස් වැඩ වැඩ වලට අපි දෙන්නම තමා යන්නේ. අයියයි , මල්ලියිනේ. හැබැයි ඔය ගැහැනු ළමයින්ගේ සීන් වලට දෙන්න එකට යන්නේ ගොඩක් අඩුවෙන් තමා. මොකද ඌ දන්නවා අයියා එක්ක ගියොත් ඒක මේ ආත්මේ ඌට සෙට් කරගන්න බෑ කියලා. හී හී… 🙂 මොකද අයියා හැකර්නේ. කොයි වෙලාවේ හැක් කොරයිද දන්නේ නෑ කෙල්ලව.

ඇත්තටම දැන් නම් ඒ වෙච්ච දේවල් හීනයක් වගේ. එහෙම වුනාද කියලත් හිතෙනවා. ඒ කාලේ සුන්දරයි, අපූරුයි… ඔක්කොටම වැඩිය භයානකයි. අපි නාපු තැනම ඊට දවස් කීඵයකට පස්සේ මිනිහෙක් මැරිලා, ගගේ තිබ්බ වලකට වැටිලා. දැන් තමයි ඇගේ හිරිගඩු පිපෙන්නේ. මොනා කරන්නද ඉතිං වයසේ වැරැද්දනේ…

Advertisements

4 Responses to “කලිසම කාගෙද?”

  1. අකීකරු හිත Says:

    මරු අයියයි මල්ලියි

  2. සමනලී Says:

    හී හී…. මදැයි ඔයින් බේරුනා…. 🙂

  3. Nadun Dissanayake Says:

    නියම කතාව. good machangg.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: