1st time නැග්ගා *** *** උඩ…

කොහොම කියන්නද මන්දා මේක. ඔක්කොටම කලින් ඔය උඩ තියෙන “*** ***” මෙන්න මේකට ඔයාලට හිතෙන වචන ටිකක් දා ගන්නකෝ. ඊට පස්සේ කියවන්න. ඒත් ගෝල්ඩ් fish ට ලැජ්ජයි වගේනේ. මොනා කරන්නද මන්දා… මේක කියලත් බෑ නොකියත් බෑ. ෂිඃ ඇයි අප්පා මෙව්වා ඔක්කොම මටම වෙන්නේ…?
වෙන රෙද්දක් වෙච්චාවේ මෙන්න කතාව…

මේ ළගදී දවසක ගෝල්ඩ් fish office එකේ වැඩ කටයුතු ඉවර කරලා ගෙදර යන්න පිටත් වුනා. ගාළු පාරට ගිහින් තව ගමනක් තිබුනා ඒකත් ගිහින් ගෝල්ඩ් fish ගියා පානදුරේ ප්‍රයිවෙට් බස් ස්ටෑන්ඩ් එකට. Express බස් නවත්තන්නේ පාර අයිනේ නිසා, එතෙන්ට වෙලා ඉන්න කොට…….. මෙන්න එනවා සිරා වාහනයක්. සිරා සයිස්. අම්මෝ figure එක. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. රතු පාටයි කහපාටයි ඇඳුමකින් හැඩ වෙලා, පිස්සු හැදෙන්නේ බලාගෙන ඉද්දී. රතු පාට ඇන්දම ඉතිං ආයේ කියන්න දෙයක් නැහැනේ. ඉන හරිය… ෆු…. මේ ලියන මොහොතෙත් නිකං මට මොකද්ද වෙනවා වෙනවා වගේ. සිරා වාහන ඊට කලින් කොයිතරම් දැකලා තිබුනත් මේ වගේ වාහනයක් දැක්කමයි. වෙලාවත් හවස හයට විතර නිසා, ඇස් දෙකත් නිකං දිලිසෙනවා… ලයිට් දාලා වගේ… ආයේ කියලා වැඩක් නෑ. ඒ මදිවට තව පිස්සු වැටිච්ච කට්ටියක් පස්සෙනුත් එනවා.

ආයේ එකෙක් නෙමේ දහයක් ආවත් ඉතිං ගෝල්ඩ් fish ගේම අතාරින්නේ නැහැනේ. කොහොම හරි කරලා සෙටි වුනා ගේමට. ටික වෙලාවක් වාහනේ එක තැන තිබුනා… මෙන්න ඊට පස්සේ කිසි කිසි ගාලා වැඩ. ම්… මැක්සා… හැබැයි මගෙ කරුමෙට ගෝල්ඩ් fish ගේ ෆිට් එකකුත් ගේමට බැහැලා. දැන් ඉතිං මොනා කරන්නද? හරි ඕනෙදෙයක් වෙච්චි දෙන්කෝ කියලා ගෝල්ඩ් fishත් දිගටම ගේමේ. මෙන්න බොලේ එක පාරටම වාහනේ අහනවා කොහෙටද යන්නේ කියලා. ආයෙ ඉතිං බොරු මොකටද, ගෝල්ඩ් fish ඇත්තම කිව්වා. පස්සේ අනිත් එකාගෙනුත් ඇහුවා. ඌත් ඇත්තම කිව්වා. මේක නම් මළ වාතයක්. ඇයි යකෝ මට පාඩුවේ වාහනේ පදින්න දෙන්නේ නැහැනේ. පස්සේ ටික වෙලාවකින් වාහනේ කතාකරනවා එන්න උඩට කියලා. අප්පට සිරි කොහොමද මම දැන් උඩට එන්නේ. මීට කලිං ගිහිල්ලත් නෑ. මිනිස්සුත් ඉන්නවා, උඩ යන්න ගිහින් වැටුනොත් එහෙම, card කුඩුනේ. ඔන්න ගෝල්ඩ් fish අදි මදි කර කර ඉද්දී ආයෙත් වාහනේ කියනවා, “එන්න උඩට ඔතෙන මොනවද කරන්නේ” කියලා. ආ… එහෙනම් උඩ වෙන්න ඇති වැඩ තියෙන්නේ කියලා කියන්න හද්දිම ගෝල්ඩ් fish යාළු මාළුවා මැදට පැනලා “නැගපන් උඩට… ” කිව්වා. අනේ මට ලැජ්ජයි ඕයි කියලා කියන්නවත් මූ ඉඩ තිබ්බේ නැහැනේ. මාව නැග්ගුවා උඩට.

ඇත්තටම කියන්න උඩ තමා අප්පා ලස්සන. රත්තරං පාටට දිලිසෙන කොට ඉතිං,… කකුල් දෙකේ ඉඳන්ම පන නැතිවෙනවා. උඩට නගිද්දි මුලින් අර පුරුදු නැති නිසා ලිස්සුවා නම් තමා, කොහොද ඉතිං විදේශිය දේවල් වලම travel කරලා කරලා දේශිය දෙයක යන්න ගත්තම තියෙන සනීපේ ඉතිං ආයේ කියන්න දෙයක් නැහැනේ. කට්ටියම දන්නවනේ. ගෝල්ඩ් fish නම් ඉතිං තාම චූටි එකා. අනිත් අය ඉතිං අත්දැකීම් ලත් පිරිසක්නේ. මාත් බය වුනේ නෑ ඕනේ කමක් වුනොත් ඉතිං මටත් ආයේ license නැහැ කියන්නයෑ. මාත් හොඳ පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක්නේ. ඒක නිසා ඉතිං හිතේ තිබ්බ බය ටිකක් අඩු වුනා. යාළු මාළුවා ඉන්න නිසා ඉතුරු ටිකත් අඩු වුනා. කව්රු හරි සද්දයක් දැම්මොත් ඉතිං දෙන්නෙක්ම ඉන්නවානේ. මෙන්න ටික වෙලාවකින් වැඩේ පටන් ගත්තා.අම්මට සිරි පටන් ගත්තා විතරයි යනවා යනවා ඉවරයක් නෑ. ඊට පස්සේ වාහනේ කෑගහනවා “බහිනවා බහිනවා” කියලා… ඉතිං මං මොනා කරන්නද ඒකට. උඩට නග්ග ගෙන දැන් කෑගහලා වැඩක් තියෙනවද? පස්සේ එක පාරටම වාහනේ බ්‍රේක් ගැහැවා. මාර සීන් එක… වාහනේ පහලට බ්‍රේක් වදින්නේ හිමීට. උඩට වදිනවා නැති වෙන්න. දෙතුන් පාරක් වැටෙන්නත් ගියා. වැටුනනම් තමා ගති. කොහොමද වාහනයක් උඩ වැටුනම මිනිස්සු දෙන හූව. මගේ වෙලාව හොඳ නිසා වැටුනේ නෑ. යන්තං දිලිසෙන තැනකට මොට්ටුවක් ගහලා පස්සට වුනා. ඒ පාරටනම් ඔළුවත් ටිකක් රිදුනා. බලන්න ඔනේ මේ වාහනේට තිබ්බ හදිස්සිය. පස්සේ ඉතිං වාහනේ ගිහින් ඇති වුනාම බැහැ ගත්තා යන්තං. හම්මෝ…. ලග කඩේකින් සුඑන්සු එකක්වත් බොන්න ඕනේ. වැයවූ ශක්තිය නැවත ලබා ගැනීමට. නැත්තං ඉතිං ගෙදර යන්නවත් කකුල් දෙකට ජිංතු නෑ. වාහන වල ගියා මෙහෙම වාහනයක නම් ජීවිතේට ගිහින් නෑ. ෂා… ආතල් එක… ආයෙ හම්බුනොත් ආයෙමත් මම යනවා අනිවා ඩෙෆා. මේ ගෝල්ඩ් fish ගේ 1st time වුනාට අනිත් සහෝදර සහෝදරියෝ නම් ඕනේ තරම් උඩ නැගලා ඇති. ඒගොල්ලන්ට ඉතිං මේකේ ආතල් එක ආයේ කියන්න ඕනේ නෑ. ඒක නිසානේ හැම දාම සුපුරුදු වාහනේ එනකම් බලං ඉන්නේ උඩ නගින්න. 🙂

හ්ම්… ඒකෙන් කම්ක් නෑ..ගෝල්ඩ් fish ත් මීට පස්සේ වාහනේ එනකම් බලං ඉන්නවා උඩ නැගලා යන්න. මරු අප්පා පරණ වෙච්ච double decker එක modify කරලා අළුත් තීන්ත පාරක් එහෙම ගාලා තියෙන ලස්සන. කොහේ වුනත් ලංකාවේ ඩිපෝ එකක කරපු වැඩක් . ගෝල්ඩ් fish පළවෙනි පාරට තමා තට්ටු දෙකේ බස් එකක උඩ තට්ටුවේ නැගලා ගියේ. ඇත්තටම බස් එකේ උඩ තට්ටුවට බ්‍රේක් ටිකක් සැරට වදිනවා. ඔය අස්සේ බස් එකේ කොන්දා තමා, පඩිපෙලේ මගට ගිහින් උඩට එන්න කියලා කතාකලේ… ඌම තමා බහිනවා බහිනවා ගාලා ලතෝනි දුන්නෙත්. හි හි… කට්ටිය හිතුවා කියගෙන එනකොට හොඳ කුණුහබ්බයක් තමා කියලා නේ…? පව් වැඩේ… ඔය වගේ ඒවට තමා, double meaning කියන්නේ මං හිතන්නේ…

ආ… අර title එකේ තියෙන්නේ *** *** මෙහෙම එකක්. ඒකෙන් කියන්නේ ඩෙකර් එකක් උඩ කියන එක හරිනේ. දැන් ” *** ***” තැනට වෙන වෙන නරක වචන දාගත්ත අය ඉන්නවනම් ලැජ්ජාව පැත්තක තියලා අත උස්සමු බලන්න. 😀

3 Responses to “1st time නැග්ගා *** *** උඩ…”

  1. අකීකරු හිත Says:

    මම නම් මුකුත් කියන්නෙ නෑ

  2. හිස් අහස Says:

    මම පොඩිකාලේ හිතාගෙන හිටියේ …..තට්ටු දෙකේ බස්වල උඩ තට්ටුවෙ රියදුරෙක් නෑ කියලනේ ! අදයි හරියටම දැනගත්තේ උඩ තට්ටුවෙත් කෙනෙක් ඉන්න්වා කියලා …මම මගේ ජීවිතේට ඔයිං එකක ගොහිං නෑ ! මැරෙන්න පෙර එක වතාවක් හරි යන්න ලැබෙනවනම් මටත් …..

    ජයවේවා !!!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: