සිනිදු රෝස පෙති පරදන, ආලවඩන රෝස කොපුල…


ඔන්න අදනම් පුංචි වෙනසක් කලා. ලියන්න දෙයක් හිත හිත ඉද්දී කොහේදෝ ඉඳන් මේ ඉලව් චවන ටික පාත් වුනා ඔළුවට. හැමදාම කතාම ලියන්න කම්මැලි නිසා ඔන්න දැම්ම පුංචි නිසදැසක්. මේකෙ හරි නැති තැන් තියෙනවනම් කියන්න ඕනේ යාළු මාළුවෝ ටික හරිද. මේවා මේ ලියන්නේ නිකං නෙමේ, හෙන බලගුතු තෛලයක් ගෝල්ඩ් fishගේ ඔළුවේ ගාගෙන. (ඒක තමා මේ පිස්සු ලියන්නේ) 🙂 .

හරි හරි මෙන්න, මට හිතෙන දේවලින් ටිකක්…


නුඹේ පුංචි නිල් ඇස් දෙක,
මටත් හොරෙන් මගේ හිතට…
කාවද්දන්නට තරම්ම ඇයි,
මොකද විශේෂේ….

දුරින් ඇසෙන කෝකිල නද,
පරද්දවන තරමට නුඹ…
මිහිරි නදින් මට බනින්න,
කොහෙන් උගත්තේ….

සිනිදු රෝස පෙති පරදන,
ආලවඩන රෝස කොපුල…
ඔය විදියට හැඩ කරන්න,
කව්රුද කිව්වේ….

රන්වන් රූ සිරි අංගන,
නැටුම් නටා කෝලම් කර…
හෙමින් හෙමින් මගේ හදට ,
ඇයි කිති කැව්වේ….

මිනිරන් රත් වී දියවෙන,
දියමන්තිය බවට හැරෙන…
නුඹෙ උණුසුම් මුදු දෑතින්,
හිස පිරිමැද්දේ….

දුර්ගුණ මගේ ඈතට කර,
ආදරයෙන් සිත සනසන…
ළඟට වෙලා තනිරකින්න,
එන්නයි කිව්වේ….


අන්තිම හරිය වෙද්දී මම ටිකක් සැර වුනාද මන්දා????? මේක බලපු දාට මම කපෝති වෙයිද දන්නේ නෑ. 😦 . තව ඉතිං බලන් ඉන්න වෙනවානේ කාලයක්. හනේ අප්පේ කොහොමද ඉන්නේ….

%d bloggers like this: