ගං වතුරේ ලස්සන


මේක නම් අපි, අපි ගැනම දුක් වෙන්න ඕනෙ කතාවක්. දන්නවානේ දැන් දවස් කීපයකට කලින් කොළඹ, කළුතර වගේ ප්‍රදේශවලට ඇට්ටි හැලෙන්න වැස්ස කියලා නේද. ඉතිං මේ වැස්සට ගෝල්ඩ් fish තරම් වෙන ආසා කරන කව්රුත් නැතුව ඇති. හේතු ගොඩක් ඕනේ නෑ. ඇත්තටම ගෝල්ඩ් fish මාර ආසයි වැස්සට. ඒ හීතලට, පිනිත් එක්ක ඇගේ වැදීගෙන යන සීතල සුළඟට මම ඇත්තටම පෙම් කරනවා. ඒත් ගෝල්ඩ් fishට දුක හිතෙන තව දේකුත් තියෙනව. ඒ තමා මේ වැස්ස නිසා තවත් අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට යන එන මං නැති වෙනවා.

​මේවට වග කියන්න ඕනේත් මිනිස්සුම තමා. හැබැයි එතෙනත් පොඩි ප්‍රශ්නයක්???? ඒ තමා ඇත්තටම මේවට වගකියන්න ඕනේ මිනිස්සුද කියන එක? මොකද මිනිස්සු මේ වගේ දේවල් වෙන විදියට වැඩ කරන්නේ නැහැනේ. මම හිතන්නේ අමනුස්සයෝ වෙන්න ඇති. ඒකනේ අනිත් මිනිස්සු ගැන නොහිතා ආත්මාර්ථකාමීව වැඩ කරන්නේ.

ඇත්තටම මේ වැහි වතුර බැස නොයා මහ පාරවල් වල රැඳීමෙන්, කාණු උතුරා යාමෙන් වගේ දේවලින් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න වලින් ගොඩක්ම ඇති වෙන්නේ මහ මග ගමන් කරන අයට. ගොඩක් වෙලාවට තහන්ගේ ගමනක් යන්න බැරුව මහ මග නිකං කාලේ කන්න වෙනවා. නැත්තං මඩ වතුර පාරකින් නාගනෙ, යන්න ආපු ගමන පැත්තක දාලා ගෙදර යන්න වෙනවා. එහෙමත් නැත්තං වතුරේ ඇවිදගෙන ගිහිං කොහේ හරි පේන්නෙනැතුව වලකට වැටිලා. මේ වගේ ප්‍රශ්න ගොඩයි. ඉතිං මේ හැම එකක්ම අස්සේ ගම් නගර කියලා වෙනසක් නැතුව ගෙවල් දෙතුන් දාහකුත් ටිකක් හයියෙන් වැස්ස ගමන් යටවෙන තත්වයට පත්වෙලා. ඇත්තටම මේවට ගොඩක්ම වගකියන්​න ඕනේ, තමන් ගැන විතරක් හිතන සල්ලි කාරයෝ.

කොහේ හරි තියෙන පාළුවට ගිය වෙලක් බොහෝම අඩු ගානකට මිලදී අරගෙන ඒ වෙල ගොඩ කරලා, එතෙන හදනවා මොකක් හරි ලොකු ගොඩනැගිල්ලක්. ඒත් කවදාවත් හිනතවද, වැස්ස කාලෙට ඒ වෙල හරහා ගලා බැස්ස වතුරට මොකද වෙන්නේ කියලා? නැහැනේ. ඒ මිනිස්සු හිතන්නේ තමන්ගේ අත මිට සරු කර ගන්න විදිය විතරයි. ඒ කියන්නේ තමන්ගේ ගේ උණුසුම් කර ගන්න වෙනත් අයගේ පැල්පත් පුච්චනවා කියන එකයි.

ඒ වගේම තව වැරැද්දක් තියෙනවා. ඒ තමා එක එක නොදිරන අපද්‍රව්‍ය වතුර ගලා ගෙන යන කාණු වලට දාන එක. ඒතකොට වෙන්නේ වැහි දවස් වලට වතුර ගලාගෙන යන්නේ නැතුව කාණු අවහිර වෙලා වතුර පිටාර ගලන එක. ඒ වෙලාවට ඉතිං යන එන අයට දෙයියංගෙම පිහිට තමා. ඉතිං මේවා අපේම වැරදි තමා. මේවට අපි කාටවත් බනින්න ඕනේ නෑ. අපිටම බැනගත්තා නම් තමා හොඳ.

ගෝල්ඩ් fishත් ඔය වැස්ස දවසේ ගෙදර යන්න බැරුව office එකේම රැය ගත කලා. ගෝල්ඩ් fish ගාව කුඩයක් නැතුව නෙමේ, පාරේ යන්න විදියක් නැතුව. අඩි 2ක් විතර උසට වතුර පිරිලා. ඒක නිසා ගංවතුරේ ර​ගේ ගෝල්ඩ් fish නම් දන්නවා හොඳට. ඒක නිසා තමා මේ වගේ post එකක් දාන්න හිතුවේ. ඊට පස්සේ ගෝල්ඩ් fish ගෙදර ගිහින් බැළුවා ගේ අවටත්, ගෝල්ඩ් fishගේ ගෙදරට නම් වතුර දාන්නේ නෑ. කාණු පද්ධතිය විධිමත්. කුණු කසල රැදෙන්නෙත් නෑ. ඒ අතින් ගෝල්ඩ් fish නම් වාසනාවන්තයි. ඒත් ගෝල්ඩ් fish ගේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්න නම් තත්ත්වේ අන්තිම දරුණුයි. ගොඩක් අයගේ ගෙවල් යටවෙලා. ඒ අතරේ මගේ යාළුවොත් හිටියා. මාත් ඒ අයට ගොඩක් උදව් කලා ඒ අයගේ බඩු ආරක්ෂිත තැන්වලට ගෙනියන්න.

කෙහොම හරි ඉතිං දුක හිතෙනම සීන් එක වුනේ, උඩින්ම තියෙන image එකේ තියෙන තැන දැක්කට පසසේ. ​ඒ තැන මීට කලිං ඔය වගේ වතුර පිරිලා නෑ. එතෙන තියෙන්නේ කුඹුරකට ආසන්න වුන කුඹුරු මට්ටමට වඩා උස ඉඩමක් මේ පාර වැස්සට ඒකත් යට වෙලා. එහෙම වෙලා තියෙන්නේ ඊට එහායින් තිබ්බ කුඹුරු ඉඩම් දෙකක් බොරළු දාලා ගොඩකරපු නිසා. ඒ කියන්නේ ඒ කුඹුරු ටික මැද්දෙන් ගලා ගෙන ගිහින් ඇලට වැටෙන වතුර පාරට මේ පාර යන එනමක් නැතිවෙලා අවට තියෙන ඉඩං හත අටක නවතින්න වෙලා නිසා. දැන් ඒ පුදේශය බැළු බැල්මට පුංචි වැවක් වගෙයි. කලින් නොදැකපු කෙනෙකුට ඒක හිස් ඉඩමක් කියලා හිතන්න බෑ. ඉතිං ඒක නිසා තමා ගෝල්ඩ් fishට අප්සෙට් වුනේ. මේ වගේ වැඩ තවත් මේ විදියට දිගටම වුනොත් මාර කෙළියක් වෙනවා. අර හැමදාමත් වගේ ගෝල්ඩ් fishට කරන්න පුළුවන් මේ ව්‍යවසනේ ගැනත් බ්ලොග් ටැංකිය මාර්ගයෙන් කට්ටියව දැනුවත් කරන එක විතරයි.

ගෝල්ඩ් fish යාළු මාළුවන්ගෙන් පොඩි උදව්වකුත් ඉල්ලනවා මේකට. ඒ තමා තමන් දන්න මේ වගේ අනාගතයට හානි වෙන දේවල් බ්ලොග් කෙරුවාව මගින් අපේ යාළුවන්ට දැනුම් දෙන්න කියලා.

ඇත්තටම අපිට කොයිතරම් ලස්සනට හිතන්න පුළුවන්ද මේ වැස්ස ගැන. කොයිතරම් විඳින්න පුළුවන්ද මේ වැස්ස. ඇත්තටම මේ සුන්දර දේ අපේ වැඩ හින්දම අපේ සතුරෙක් වෙලා. අපිට ආයෙ කවදා, මේ ලස්සන වැස්ස ගැන සුභ සිහින දකින්න පුළුවන් වෙයිද මංදා? මට මතක් වෙනවා, ගෝල්ඩ් fish පුංචි කලේ ස්කෝලේදී ඉගෙන ගත්ත කවි පංතියක පද දෙක තුනක්.

චිචිරි චිරි… චිචිරි චිරි…
උදේ හිටන් වහින වැස්ස…

තාමත් මේවා ඒ පොත් වල තියෙනවද දන්නේ නෑ. කවියා කව්ද කියන්න නම් ගෝල්ඩ් fish ට මතක නෑ. ඒත් හරිම සුන්දරයි. ආයෙමත් සැරයක් කොහෙන් හරි හොයාගෙන කියවන්න ඕනේ. නැත්තං කවදාවත් මේ වැස්සේ අසිරිය අපිට විඳින්න බැහැනේ ආයෙමත් සැබෑ ලෝකයෙදී.

Advertisements

5 Responses to “ගං වතුරේ ලස්සන”

  1. Praසන්ன Says:

    මිනිස්සු සොබාදහමෙ තියෙන දේවල් වෙනස් කරන්න ගියාම ඒවයෙ විපාක මිනිස්සුන්ටම විදින්න වෙනව.

  2. මිලින්ද Says:

    සහතික ඇත්ත, කුඹුරු වගේම වගුර බිම් ගොඩ කරන එකත් මේකට සෑහෙන්න බල පානවා. මිනිස්සු තමන් ගැන පමණක් හිතමින් වැඩ කරන තාක් මේ දේ නතර වෙන්නෙ නෑ. බැන ගන්න ඕනෙ අපිටම කියන එකට මම සියයට සීයක් එකඟයි. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ මිනිස්සුන්ට තව ටික දවසකින් මේ ඔක්කොම අමතකයි.

    • ගෝල්ඩ් fish Says:

      අපේ මිනිස්සුන්ට තව ටික දවසකින් මේ ඔක්කොම අමතකයි” කියන එකට මාත් එකඟයි.

  3. අකීකරු හිත Says:

    මිනිස්සුන්ගේ වැරදි වලින් අන්තිමට දුක් විදින්න වෙන්නෙත් එයාලටමයි… වැස්ස සුන්දරයි වෙලාවකට… ඒත් මම නම් වැස්සට එච්චර කැමති නෑ.. ඔන්න නිවාඩු දවස් වලට නම් වැස්සට කමක් නෑ ඉතින්….

  4. හිස් අහස Says:

    හප්පේ අදයි මේ පැත්තේ ආවේ කාලෙකින් . ගලල නේද ගං වතුර .
    රන්මාළුවා අයියේ අපිට නම් අනේ ගං වතුර කියන්නේ හරිම අමුතු දෙයක් . අපේ පලාතට කවදාවත් ගංවතුර ගලලා නෑ !
    අපිට පායනවා පොලව 4 පැලෙන්න . මේ ලියන වෙලාවෙත් මම ෆෑන් එක දාගෙනයි ඉන්නේ !

    මම හිතාගෙන හිටියේ කොළඹ කියන්නේ සුර පුරයක් කියලා ! මම මේ පලාතෙන් කොහොම හරි කොළඹට එන්න තමයි ට්‍රයි ක්‍රරන්නේ . ඒත් මේව ඇහෙනකොට ගම හොඳයි කියලා හිතෙනවා !!

    ජයවේවා !!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: