ගෝල්ඩ් fish ගේ හද ගැස්ම…

අද ගෝල්ඩ් fish ට විශේෂ දවසක්. දැනට අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ හරියටම 2004 අවුරුද්දේ නොවැම්බර් මාසේ අද වගේ දවසක තමා මගේ පුංචි angelව මට හම්බුනේ. ඒ මම එයාලගේ ගෙදර ඉංග්‍රිසි වලට පන්ති ගිය නිසා. ඒ දවස් වල ගෝල්ඩ් fish දැනට වැඩිය පොර. ඇත්තටම ඒ දවස් වල ගතකරේ ​බොහොම විනෝද බර ජීවිතයක්. ඒ කියන්නේ ඉතිං කකා බිබී, ගෑනු ළමයෙකුට විහිළු කරගෙන ජොලියේ හිටියා. ඉතිං දකින කාටත් හිතුනේ මූ නම් එල පොරක් තමා. හරි සැහැල්ලුවෙන් නිදහසේ ජොලියේ හිනාවෙලා ඉන්න කොල්ලෙක් කියලා. ඇත්තටම එහෙම තමා හිටියේ. මම angel ගේ ගෙදර පන්ති ගිහින් ඉගෙන ගද්දී, එයත් එනවා එයාගේ මව් තුමිය ගෝලයෝ ටිකට හරියට උගන්වනවද බලන්න. 🙂 ඉතිං ඔහෝම ආපු දවසක තමා ගෝල්ඩ් fish angelව මුලින්ම දැක්කේ. පුංචිම පුංචි ලස්සන ඇස් දෙකටයි, හුරතල් දාංගලේටයි තමා මුලින්ම ගෝල්ඩ් fishගේ හිත බැඳුනේ. අම්මාගේ අතේ එල්ලී ​ගෙන අපිට පාඩම කරන්න දෙන්නේ නැතුව නැලවී නැලවී ඉන්න කෙල්ල දිහා බලාගෙන ඉද්දී, අහල පහල හිටිය යාළුවන්ගෙන් කෙනිත්තලි පාරක්, ගුටියක් එහෙම කාපු අවස්ථාත් ඕනෙ තරං. දවසක් ගෝල්ඩ් fish ඇස් දෙකේ ආදරේ පුරෝගෙන angel දිහා බලාගෙන ඉද්දී angel ගේ මවිතුමිය දැක්කනේ…. දැන් ඉතිං ගෝල්ඩ් fish ලැජ්ජාවේ බෑ. පස්සේ මව්තුමිය angelට කිව්වා “පුතා ගෙට යන්න” කියලා. Angel කෙල්ලෙක් වුනත් මව්තුමිය ආදරේට කියන්නේ පුතා කියලා. පස්සේ ඉතිං මගේ මැණික් කැටේ ගෙට ගියා. මොනා කරන්නද ආපහු මව්තුමිය දුන්න activity එක කරන්න ගත්තා පොතට ඔළුව නමාගෙන.

ඔන්න ඔහොම ටික දවසක් ගියා. මේ සිද්ධි ටික වුනේ 2004 ඔක්තෝබර් මාසේ විතර. පස්සේ ඊට පස්සේ පන්ති තිබුන හැමදාකම කොයිතරම් වැස්සත්, කොයිතරම් ගෙරවුවත් තනියම වුනත් ගෝල්ඩ් fish පන්ති ගියා. තනියම ඉද්දී නම් angel වත් ළඟින් වාඩිකර ගෙන තමා මව්තුමිය ගෝල්ඩ් fishට පාඩම කරේ. ඒ අතරෙදී අපි දෙන්නාට චුට්ටක් කතා කරන්නත් ඉඩ දුන්නා. මහ ලොකු දේවල් නෙවේ එක එක පිස්සු විකාර. ගොඩක් වෙලාවට සිංදු ගැන, කතා පොත් ගැන තමා. පස්සේ අපි දෙන්න ගොඩක් ළං වුනා. ගෝල්ඩ් fish ව විශ්වාස නිසා, angel ගේ අම්මා දැනන් හිටියා කිසිම නරක දෙයක් වෙන්නේ නෑ කියලා. ඇත්තටම ඒ විශ්වාසය තාමත් රකිනවා ගෝල්ඩ් fish.

දවසක් මම එහෙ යද්දී හොඳටම වැස්ස. Angel මම එන එකක් නැහැ කියලා දොයියගෙන තමා හිටියේ. ඒත් ඉතිං වැස්සෙම ආපු නිසා කෙල්ලට හරි සංතෝසයි. පස්සේ ගෝල්ඩ් fishට මොකක් හරි කියලා , ගෝල්ඩ් fish එලවද්දී angel පැන්නේ නැතෑ එක පාරටම මිදුලට. මහ වැස්සේ. දැන් ඉතිං angel ට තෙමෙන්න දෙන්න බැහැනේ, ඒක නිසා ගෝල්ඩ් fish ත් පැන්නා. පස්සේ ගෝල්ඩ් fish එනවා දැක්ක angel ගේ වටෙන් දුවගෙන ගිහින් ගෙයි හැංගිලා. ගෝල්ඩ් fish වැස්සේ තෙමි තෙමි angelව හොයනවා. මේකි නෑ. පස්සේ ඔන්න එනවා ඔළුවත් පිහිදදා, මම මෙහේ කියාගෙන. අනේ අම්මපා එවෙලේ නම් දෙකක් දෙන්න හිතුනා. ඒත් ඒ තරහෙන් නෙවේ ගොඩක් ආදරෙන්.

යාළු මාළුවෝ කිසිකෙනෙක් හිතන්න එපා angelගේ අම්මා ගැන වැරදියට හිතන්න එපා. එයා angelව ගෝල්ඩ් fish ළං කරේ ගෝල්ඩ් fish ගැන දුක හිතිලා කියලා පස්සේ තමා දැන ගත්තේ. ඒ කියන්නේ ඉස්සර ගෝල්ඩ් fish කකා, බිබී හිටිය එකානේ. ඉතිං ඒ දවස් වල ගෝල්ඩ් fish අරමුණක් කියලා එකක් තිබ්බේ නෑ. ජීවිතය ගැන අරමුණක් ඇතිකරවන්න තමා angel ව ගෝල්ඩ් fish ජීවිතයට ලංකරේ. ඇත්තටම මට ජිවිතය ගැන ආසාවක් අරමුණක් ඉලක්කයක් ඇති වුනේ ඒ කෙල්ලට ආදරේ කරන්න ගත්තට පස්සේ තමා. එතකොට තමා තේරෙන්න ගත්තේ කෙල්ලෙකුට ආදරේ කරද්දී වගකීම් ගොඩකට මුහුණ දෙන්න ඕනේ කියලා. බැන්දට පස්සේ ඊටත් වැඩි ඇති. ඇත්තටම ඒ දවස් වෙද්දී ගෝල්ඩ් fishට ආදරයක් ඕනේ වෙලත් තිබ්බා. ගෝල්ඩ් fish තමන්ගේ දූවට ආදරෙයි කියලත් මව්තුමියට තේරුම් ගිහින් තිබුනේ. දූ පැටියත් අයියට කැමතියි කියලා තේරිලා තිබුනේ. ඒ නිසා, ඇත්තටම මව්තුමිය ගොඩක් දුර හිතලා පුංචි කාලෙදීම අපිව ළං කලා. ඇත්තටම අපි, අපි දෙන්නා නිසා දැන් පිස්සු කෙළින එක අඩු කරලා තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා. ඒ වගේ මව්තුමියක් ලබන්න angel වාසනාවන්ත වුනා වගේම ගෝල්ඩ් fishත් වාසනාවන්ත වුනා. අදටත් අපි දෙන්නටම අම්ම වගේ තමා ආදරේ නම්.

දැන් නම් angel ටිකක් ගෝල්ඩ් fish ගෙන් ඇත් වෙලා, එයාගේ අධ්‍යාපන වැඩ හින්දා. කමක් නෑ ඒකට ගෝල්ඩ් fish හොඳට ඉගෙන නොගත්තේ angel ගැන හිත හිත ඉඳලානේ. ඒත් angel දැන් ගෝල්ඩ් fish ගැන හිතලා ඒවටත් හරියන්න ඉගෙන ගන්නවානේ. මට ඒකට සතුටුයි. දැන් ගෝල්ඩ් fish ඉස්සරට වැඩිය හොඳයි කියලා angel දන්නවා. එයාව හම්බුන අළුත ටිකක් සැරට තිබුන රහමෙර පානය දැන් නම් නැත්තටම නැති වෙලා ගිහිල්ලා. හිත ඇතුලේ ජීවිතය ගැන ගොඩක් සැලසුම් ඇඳිලා. ජීවිතේ ටිකක් වි​දෙව්වට, ගොඩක් සතුට ඉතිරිලා. ඉතිං මේ හැම දෙයක්ම මට ලැබුනේ angel ගේ මව්තුමිය නිසා. ඇත්තටම ගෝල්ඩ් fish ගේ මුළු ජීවිතයම, හැම හුස්ම පොදක්ම, හද ගැස්ම පවා දැන් angel වෙලා ඉවරයි. Angel ගේ හිතේ ඔය පුංචි පුංචි ප්‍රශ්න ගැන තියෙන තරහ නිවිලා ආයෙමත් අපිට ආදරෙන් ඉන්න පුළුවන් කාලයක් එයි කියලා බලාගෙන ඉන්නවා ගෝල්ඩ් fish. Angel ඒක දන්නවා කොහොමත්. වෙන අයට වැඩිය හොඳින්. ආදරෙයි හැමදාමත් ම​ගේ පුංචි කෙල්ලට.

මේ කතාව මට මීට වැඩිය ලස්සනට ලියන්න ඕන තරං දේවල් තියෙනවා, ඒත් ගෝල්ඩ් fish හිතුවා හැම දේම කියන එක නුවණට හුරු නෑ කියලා. ඒවා අපේම පෞද්ගලික දේවල් නිසා, ඒකයි අවුරුදු හයක මතකයන් මේ තරං කෙටි කරේ. ඒ ගැන බ්ලොග් යාළුවෝ තරහා වෙන්න එපා.

%d bloggers like this: