මෙහෙමත් කෙල්ලෙක්…

මේක නම් funny කතාවක්. හැබැයි ඔන්න මුලින්ම කියනවා, මේක කියවලා මේකට අදාල ප්‍රධාන පුද්ගලයා මෝඩයි කිව්වොත් එහෙම බ්ලොග් ගඩොල් මලයගෙන් ගඩොලක් ඉල්ල ගෙන ගහන එක ගහනවා කාට වුනත්. ගෝල්ඩ් fish සැරයි හොදේ. හරි හරි බය වෙන්න එපා විහිළුවක් කලේ.

මෙන්න කතාව. මුලින්ම බලන්නකෝ යාළු මාළුවෝ මේ පින්තූරේ.

මේක ටිකක් අමුතුයි වගේ පේනවා නම් ඒ අයට හොඳට ඇස් පේනවා. කිසි අමුත්තක් නැත්තං ඉතිං ඇස් දෙක නෙමේ මොලේ පොඩ්ඩක් පරීක්ෂා කර ගත්තනම් හොඳයි. පේනවා නේද මේක අමුත්ත. මේ කතාවට අදාල කෙනා තමා ගෝල්ඩ් fish ගේ ආදරණීය angel. මේ සීන් එක වුනේ වැඩි ඇතක නෙමේ 2010 පෙබරවාරී හරි මාර්තු හරි මාස දෙකෙන් එකක. සිද්ධිය මේකයි. ගෝල්ඩ් fish ටත් ආසා හිතුනා මේ වගේ මාළු දාලා ඇති කරන්න පුළුවන් fish bowl එකක් ගන්න. ඉතිං ඔන්න ගත්ත කියමුකෝ. පස්සේ සිරාම සිරා ගෝල්ඩ් fish ජෝඩුවක් ගෙනත් දැම්මා මේකට. දැන් ඉතිං ගෝල්ඩ් fish ගේ වැඩේම මේක දිහා බලං ඉන්න එක.හැම දාම උදේට එන්න කලින් කෑම දාලා ඔක්සිජන් දාලා full security එකක් දාලා එහෙම තමා එන්නේ. ඊට පස්සේ දවස් තුනෙන් තුනට මේක අස්කරන්නත් තියා ගත්තා. වැඩේ හිතපු තරං ලේසි නෑ. ඒත් ඉතිං ආසවෙන් කරන දේනේ. ඒක නිසා ගානක් නෑ. මේක ගන්න කලින් ගෝල්ඩ් fish සුපුරුදු පරිදි angel ට කිව්වා. එයත් වැඩේට හා කිව්වා. පස්සේ ඉතිං මේක අරගෙන සති දෙකකට විතර පස්සේ angel ඇහුවා මේ ගැන. ඉතිං ඒ වෙලාවේ ගෝල්ඩ් fishට පෙන්නන්න ගෝල්ඩ් fishගේ fish bowl එකේ image එකක් තිබුනේ නෑ. ඉතිං ගෝල්ඩ් fish කලින් මේක මොන වගේද කියලා බලන්න නෙට් එකෙන් ඩවුන් කරපු image එකක් flash drive එකේ තිබිලා angelට පෙන්නුවා.

පස්සේ ටික වෙලාවක් බලං ඉඳලා, angle කියනවා
හරි ලස්සනයි, මටත් එකක් ඕනේ… ඇයි මේ ගෝල්ඩ් fishලා තුන් දෙනෙක් විතරක් ඉන්නේ? කෝ අනිත් එකා
කියලා.
අනේ අම්මපා, දැන් දොස්තර කෙනෙක් වෙන්න හදන කෙල්ලගේ මොලේ. මේකිට තේරුනේ නැහැනේ මේ image එක edit කරලා හදපු එකක් කියලා. ඇයි හත් දෙයියනේ, ගෝල්ඩ් fish ලා ටැංකියට වෙලා ඉන්නවා මිසක් , වුන්ට කෑම ඕනේ වෙලාවට එළියට පැනලා කෑම අරගෙන ආයෙත් ටැංකියට යන සිරිතක් තියෙනවද? එහෙම පුළුවන්නම් ඉතිං මේ තරං වදයක් නැහැනේ. පස්සේ ගෝල්ඩ් fish ඇහුවා , ඔයාට මේකේ වෙනසක් පෙන්නේ නැද්ද කියලා. මේකි කියන්නේම නෑ කියලා. ඇත්තටම image එක ලස්සන නිසා එකේ වෙනසක් පේන්නේ නැතුවද දන්නේ නෑ. පස්සේ ගෝල්ඩ් fish angelට ටොක්කක් ඇනලාම ඇහුවා, ගොඩට පැනලා කෑම කාලා අයෙත් ටැංකියට යන ගෝල්ඩ් fish ලා මීට කලින් දැකලා තියෙනවද කියලා. ඔන්න එතකොට නම් යන්තං මීටරෙට වැටුනා. ආ…. ඇත්තනේ.. හී හී… ගාලා හුරතල් හිනාව දැම්මම ඉතිං ගෝල්ඩ් fish කියන්න ගිය ටික අමතක වුනා. නැත්තං එහෙම angel අහගන්නවා, හොඳට ගෝල්ඩ් fish ගෙන්. ඔය ගොල්ලන්ටත් මේ කතාව කියවනකම්ම මේ image එකේ වෙනසක් පෙනුනේ නැද්ද?

11 Responses to “මෙහෙමත් කෙල්ලෙක්…”

  1. අකීකරු හිත Says:

    ඇත්තටම මේක කියවනකම්ම වෙනසක් දැක්කේ නෑනේ image එකේ .. 😛

  2. Samadhi Says:

    හික්ස්! දැන් නම් මම ගෝල්ඩ් ෆිෂ් ගේ කතා කියවන්නේ සෑහෙන පරිස්සමින් මොකද මතකනේ තෑගී දීපු ඇතා ගේ බර.

  3. මයියා Says:

    මල්ලි මොකක්ද මේකේ වෙනස..ඒහෙම අවුලක් නැනේ ලොල්

    මට භය අයිනෙම තියෙන හින්දා , ටැOකිය වැටෙයිද කියලයි

  4. dreezone Says:

    හික්ස්… අර හැඳිමිටේ කතාව මතක් වෙනවා……

  5. සුසන්ත Says:

    ටැංකිය කෙසේ වෙතත් ඒක තියෙන කාමරේ මෙච්චර පිළිවෙලකට තියෙන්නේ ඇයි කියලාවත් නඟාට හිතුන් නැද්ද දන් නෑ.

  6. Praසන්ன Says:

    එලියෙ ඉන්න මාලුව දැක්කට අතේ තියෙන බෝතලේ දැක්කෙ කියෙවුවට පස්සෙ.

  7. හිස් අහස Says:

    ටැංකියක ඉන්න මාළු ගනං කරන්න හොඳනෑ !

    ගලෙන් ගහන්න ඕන මට මමත් මේකේ වෙනසක් දැක්කේ නෑ කියනකම් .

    ගිහින් එන්නම් අයියේ !!

    ජයවේවා !!

  8. පුතා Says:

    සිරාවටම මටත් වෙනසක් පෙනුනේ නෑනේ මචං… මාළු පැටවුන්ට මාළු අම්ම හරි තාත්ත හරි කෑම දානව වගෙ සීන් එකක්නෙ තියෙන්නේ… පොඩි අමුත්තකට තියෙන්නේ ටැංකිය නිකන් දැන් වැටෙයි දැන් වැටෙයි වගේ පේන එක තමා…

  9. Princess Thushy Says:

    වෙනස දැක්කට තේරුම් ගත්තෙ පස්සෙනේ…. 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: