මෙහෙමත් කෙල්ලෙක්…

මේක නම් funny කතාවක්. හැබැයි ඔන්න මුලින්ම කියනවා, මේක කියවලා මේකට අදාල ප්‍රධාන පුද්ගලයා මෝඩයි කිව්වොත් එහෙම බ්ලොග් ගඩොල් මලයගෙන් ගඩොලක් ඉල්ල ගෙන ගහන එක ගහනවා කාට වුනත්. ගෝල්ඩ් fish සැරයි හොදේ. හරි හරි බය වෙන්න එපා විහිළුවක් කලේ.

මෙන්න කතාව. මුලින්ම බලන්නකෝ යාළු මාළුවෝ මේ පින්තූරේ.

මේක ටිකක් අමුතුයි වගේ පේනවා නම් ඒ අයට හොඳට ඇස් පේනවා. කිසි අමුත්තක් නැත්තං ඉතිං ඇස් දෙක නෙමේ මොලේ පොඩ්ඩක් පරීක්ෂා කර ගත්තනම් හොඳයි. පේනවා නේද මේක අමුත්ත. මේ කතාවට අදාල කෙනා තමා ගෝල්ඩ් fish ගේ ආදරණීය angel. මේ සීන් එක වුනේ වැඩි ඇතක නෙමේ 2010 පෙබරවාරී හරි මාර්තු හරි මාස දෙකෙන් එකක. සිද්ධිය මේකයි. ගෝල්ඩ් fish ටත් ආසා හිතුනා මේ වගේ මාළු දාලා ඇති කරන්න පුළුවන් fish bowl එකක් ගන්න. ඉතිං ඔන්න ගත්ත කියමුකෝ. පස්සේ සිරාම සිරා ගෝල්ඩ් fish ජෝඩුවක් ගෙනත් දැම්මා මේකට. දැන් ඉතිං ගෝල්ඩ් fish ගේ වැඩේම මේක දිහා බලං ඉන්න එක.හැම දාම උදේට එන්න කලින් කෑම දාලා ඔක්සිජන් දාලා full security එකක් දාලා එහෙම තමා එන්නේ. ඊට පස්සේ දවස් තුනෙන් තුනට මේක අස්කරන්නත් තියා ගත්තා. වැඩේ හිතපු තරං ලේසි නෑ. ඒත් ඉතිං ආසවෙන් කරන දේනේ. ඒක නිසා ගානක් නෑ. මේක ගන්න කලින් ගෝල්ඩ් fish සුපුරුදු පරිදි angel ට කිව්වා. එයත් වැඩේට හා කිව්වා. පස්සේ ඉතිං මේක අරගෙන සති දෙකකට විතර පස්සේ angel ඇහුවා මේ ගැන. ඉතිං ඒ වෙලාවේ ගෝල්ඩ් fishට පෙන්නන්න ගෝල්ඩ් fishගේ fish bowl එකේ image එකක් තිබුනේ නෑ. ඉතිං ගෝල්ඩ් fish කලින් මේක මොන වගේද කියලා බලන්න නෙට් එකෙන් ඩවුන් කරපු image එකක් flash drive එකේ තිබිලා angelට පෙන්නුවා.

පස්සේ ටික වෙලාවක් බලං ඉඳලා, angle කියනවා
හරි ලස්සනයි, මටත් එකක් ඕනේ… ඇයි මේ ගෝල්ඩ් fishලා තුන් දෙනෙක් විතරක් ඉන්නේ? කෝ අනිත් එකා
කියලා.
අනේ අම්මපා, දැන් දොස්තර කෙනෙක් වෙන්න හදන කෙල්ලගේ මොලේ. මේකිට තේරුනේ නැහැනේ මේ image එක edit කරලා හදපු එකක් කියලා. ඇයි හත් දෙයියනේ, ගෝල්ඩ් fish ලා ටැංකියට වෙලා ඉන්නවා මිසක් , වුන්ට කෑම ඕනේ වෙලාවට එළියට පැනලා කෑම අරගෙන ආයෙත් ටැංකියට යන සිරිතක් තියෙනවද? එහෙම පුළුවන්නම් ඉතිං මේ තරං වදයක් නැහැනේ. පස්සේ ගෝල්ඩ් fish ඇහුවා , ඔයාට මේකේ වෙනසක් පෙන්නේ නැද්ද කියලා. මේකි කියන්නේම නෑ කියලා. ඇත්තටම image එක ලස්සන නිසා එකේ වෙනසක් පේන්නේ නැතුවද දන්නේ නෑ. පස්සේ ගෝල්ඩ් fish angelට ටොක්කක් ඇනලාම ඇහුවා, ගොඩට පැනලා කෑම කාලා අයෙත් ටැංකියට යන ගෝල්ඩ් fish ලා මීට කලින් දැකලා තියෙනවද කියලා. ඔන්න එතකොට නම් යන්තං මීටරෙට වැටුනා. ආ…. ඇත්තනේ.. හී හී… ගාලා හුරතල් හිනාව දැම්මම ඉතිං ගෝල්ඩ් fish කියන්න ගිය ටික අමතක වුනා. නැත්තං එහෙම angel අහගන්නවා, හොඳට ගෝල්ඩ් fish ගෙන්. ඔය ගොල්ලන්ටත් මේ කතාව කියවනකම්ම මේ image එකේ වෙනසක් පෙනුනේ නැද්ද?

%d bloggers like this: