ගෝල්ඩ් fish and the crew Vs. නලින් ද සිල්වා(Prof.)

මේක නම් දඟම දඟ කතාවක්. මේක වුනේ ගෝල්ඩ් fish A/L කරද්දී. ඒ කියන්නේ 2004 විතර. අර චොසා අයිය වගේ අපිත් ඔය එක එක දින කිය කිය අහල පහල ස්කෝල වලට ගියා. ගෝල්ඩ් fish A/L කලේ මැත නිසා, ඉතිං වැඩිපුර යැවුනේ විද්‍යා දින වලට තමා. ඒ දවස් වල විද්‍යා දින වලදී පිස්සු නටන හොඳම සෙට් එක තමා ගෝල්ඩ් fishගේ ස්කෝලේ හිටියේ. හැම ස්කෝලේකෙම මොකක් හරි මතක හිටින වැඩක් කරලා තමා එන්නේ.

ඔන්න මේ කතාවත් එහෙම තමා. අපිට මේ පාර විද්‍යා දිනේ සෙට් වුනේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ. හැම විද්‍යා දිනේටම අපේ පන්තියේ මැත කරපු හත් දෙනාම තමා යන්නේ ගෝල්ඩ් fish ලට කලින් batch එකෙන් තමා ගෝල්ඩ් fish ගේ ස්කෝලේ මැත ආරම්භ වුනේ. ඒක නිසා ඒ දවස් වෙද්දී ළමයි බොහොම ටිකයි හිටියේ. ඔන්න ඉතින් ඔය විදියට ළමයි 5 දෙනෙකුට එන්න කිව්වත්, හය දෙනෙකුට එන්න කිව්වත්, ඔය කිසිදෙයක් ඕනේ නෑ එක් කෙනෙකුට එන්න කිව්වත් අපි හත් දෙනාම යනවා. අපේ ගුරුවරුන්ගේ විරෝධයක් තිබ්බෙත් නෑ. මොකද ඉතිං අපි පස්දෙනෙක් යද්දී ඉතුරු දෙන්නට උගන්නන්න බැහැනේ. ඒක නිසා.

දැන් අපි අර කලින් කියපු ස්කෝලේ විද්‍යා දිනේට ගියා, ඔන්න ඉතිං අපිව කට්ටිය පිළිඅරගෙන සමරු පළක එහෙම දීලා අපිට වාඩි වෙන්න තැනක් පෙන්නුවා. එතෙන සෙට් කරලා තිබුනේ එක පේළියේ 6 දෙනෙකුට ඉන්න. ඒ කියන්නේ ඒක ස්කෝලේකින් 6 දෙනයි. දැන් මොනා කරන්නද, අපි හතම ඉන්න නිසා අපිට පෙන්නපු පේළියේ බිත්තිය අයිනේ පුටුව හිස් තියලා අනිත් දෙන්නට පිටිපස්සේ පේළියට යන්න කිව්වා. අවුලක් නෑ එක ළඟනේ ඒක නිසා කතාවට අදාල අපේ සහෝදර තිත්තයා යි තවත් අර ගෝල්ඩ් fishට ආසා හිතෙන දඩුවම ලබාදෙන්න මූලික වුන ගෝතයායි තමා පිටිපස්සේ වාඩි වුනේ.

දැන් ඔන්න විද්‍යා දිනේ වැඩ කටයුතු එහෙම නැගලා යනව.ඒ දවස් වල ඔය කොයි ස්කෝලෙටත් තිබ්බ උනක් තමා මහාචාර්ය නලින් ද සිල්වව තමාගේ විද්‍යා දිනේට ගෙන්වා ගන්න එක. මොකද එයා කියන දේවල් ගොඩක් A/L කරන අයට තේරෙන්නේ නෑ. ඒක නිසා වැඩිය ප්‍රශ්න අහන්නෙත් නැහැනේ. 🙂 . කොහොම හරි දැන් මහාචාර්ය තුමාගේ දේශනය පටන් ගත්තා. අප්පේ කම්මැලිකමේ බෑ. මේකට හොඳම විසදුම හොයාගත්තේ අපේ තිත්තයා. ගෝල්ඩ් fishඉන්න පේළියේ දකුනු අත පැත්තෙන් හිටියේ ගෝල්ඩ් fish ගේ යාළු මාළු මෝරා. මිනිහා තමා අපේ ටැංකියේ උසම කළුම එකා. කොටින්ම ගෝල්ඩ් fishටත් වැඩිය කළුයි. තව සීන් එකක් තිබ්බා. මිනිහාට කිචි තියෙනවා. උගේ ඉන අතගෑවම ඉතිං හිනා ලෝකයයි. ස්පර්ශ කරපු එකාට අහගන්න පුළුවන් කෑම වේල් දෙක තුනකට සෑහෙන්න. දැන් අපේ තිත්තයා ට ඕක මීටර් වුනා. ආ කියන්න අමතක වුනා තිත්තයා තමා ටැංකිය ඉන්න බටුම එකා. මිනිහා ගොඩක් මිටියි. හැබැයි දාංගලේනම් අඩුවක් නෑ. නලින් ද සිල්වා දේශනය කරද්දී තිත්තයා පිටිපස්සේ ඉඳන් එක පාරට මෝරාගේ ඉන අතගෑවා. මොනා වෙන්න ඇත්ද එවෙලේ…. මෝරා දෙන්න ගත්තා “යකෝ…*** ඉන්න දීපීය, තෝ ස්කෝලේ ගිහින් අහුවෙයන්කෝ” කියලා තිත්තයා ට කෑම ටික බෙදනවා. අපේ පේළි දෙකට පිටිපස්සෙන් හිටියේ පානදුර සුමංගලේ ගෑනු ළමයි ටික. දැන් උන්ටත් හිනා සීන් එකට. මෝරා බනිනවා, තිත්තයා අයිනවා… පස්සේ මේක මහාචාර්ය තුමාත් දැක්කා. පස්සේ එයා කිව්වා, මේ පුතාලා මම ආවේ දේශනයක් කරන්න මිසක්, සත්තු වත්තේ සෙල්ලං බලන්න නෙමෙයි කියලා. ඒකත් කිව්වේ කෙළින්ම අපේ මෝරාට ඈගිල්ල දික් කරලා. දැන් ඉතිං මෝරාට ආලවක ආවේස වෙලා වගේ.. තිත්තයා ව හොයනවා, ඒත් ඌ නෑ… තිත්තයා මෝරා කන පුරෝලා දෙයි කියලා බයට පුටුව යට රිංගලා. විලි ලැජ්ජාවේ බෑ… පිටිපස්සේ කෙල්ලෝ ටිකයි, තවත් දකුණු පැත්තේ කෙල්ලෝ ටිකයි බලා ගෙන සීන් එක. තිත්තයා මිටි නිසා අවුලක් නෑ. ඌට පුටුව යට ඉන්න පුළුවන්. පස්සේ මිනිහා නැගිටලා පුටුවේ වාඩි උනා. මෝරා ඒ පැත්ත හැරිලා බලලා ආයේ අනිත් පැත්ත හැරුනා.

ඔන්න දැන් ආයෙමත් කම්මැලියි. ඒ පාර වැඩේ පටන් ගත්තා ගෝල්ඩ් fish. මෝරා ගෝල්ඩ් fishගේ ලගම ඉන්න නිසා කරදරයක් නැතුව පුටුව වටෙන් අත දාලා ඉනට ෂොට් එක දුන්නෑකි. මෙන්න එක පාරයි ගෝල්ඩ් fish මෝරාගේ ඉන ඈල්ලුවේ මෝරා හැරුනා අනිත් පැත්ත, ආයේ මොනාද ඉතිං තිත්තයා ට පුදනවා හෝ ගාලා. දැන් ඉස්සරට වැඩිය හිනා කට්ටියට. තිත්තයා ත් කියනවා, මම නෙමේ යකෝ… කියලා.. පස්සේ මෝරා අහනවා එහෙනං කව්ද, කියලා. පස්සේ ආයේ තිත්තයා කියනවා “මම කොහොමද යකෝ දන්නේ.. ” කොයිතරම් කේන්තියෙන් හිටියත් මේ ඔක්කොම කියන්නේ හිනා වෙවී. ඇත්තටම fun ලෝකයක්. ඒ සීන් එක වෙද්දීත් මහාචාර්ය තුමාගේ කතාව ඉවර නෑ. මොනා කරන්නද ඉතිං. fun එක තමා හොයන්නේ කියලා ආයෙත් ගෝල්ඩ් fish ඈන්න ඈගිල්ලෙන්. මෙන්න මෝරා ආයෙත් බනිනවා තිත්තයා ට. අර කෙල්ලනටත් හිනා. කොහොමහරි කතාව ඉවර වුනා. පස්සේ ඔන්න උදාවුනා බලං හිටිය මොහොත. ඒ කියන්නේ interval එක. කෑම ටික බෙදාගෙන යනවා ඒ ස්කෝලේ ළමයි ටික. මෝරා බීම එක ගන්න අත තිබ්බා විතරයි, තිත්තයා ආයෙත් දුන්නා සුපුරුදු ෂොට් එක. පවු වැඩේ, අර බීම බෙදපු ළමයාගේ මූන පුරා බීම. මෝරාත් ටිකක් නෑවා. ඒ පාර, ඒත් විහිළුවට මෝරා නෙළුවා පිට ස්කෝලයක් කියලා බලන්නේ නැතුව තිත්තයා ට. ටිකක් සැරට වැදුනා. ඒත් හිනාවෙවී තමා. මාර fit එකක් ඒ දවස් වල අපි අතර තිබුනේ. පස්සේ මෙන්න කැම කන ගමන් අපිට තරගයක් තිබ්බා. ප්‍රෙහේළිකාවක් පුරවන්න තිබුනේ. ඒ වෙලාවෙදී නම් කට්ටියම එකතු වෙලා පුරවන්න ගත්තා. ඒත් තිත්තයා ගේ ගරිල්ලා ප්‍රහාර නැවතුනේම නැහැ. ඒකත් වැඩ. කොහොමහරි අපි ප්‍රෙහේළිකාව පුරවලා දුන්නා. අපිට අප්සට් වුනේ එක චවනයක් විතරයි. ඒත් ඉතිං අපි හිතුවේ, අපිට එහෙම වුනාට අනිත් කට්ටිය ඒකත් පුරවන්න ඇති කියලා. පස්සේ තව කතා දෙක තුනකින් පස්සේ උත්සවය අවාසාන කරන්න ලෑස්තිවෙලා තරගයේ ප්‍රතිපල කිව්වා. අම්මට සිරි දෙකයි, තුනයි කිව්වා එක නෑ. මේන් තව ටිකකින් අපේ ස්කෝලේ නම කිව්වා. ඒක වෙන්න බැහැනේ කියලාඅපි කතා වෙද්දීම ස්ටේජ් එකේ ඉදන් එක් ළමයෙක් කතා කරනවා අපේ ස්කෝලේ කාට හරි ඇවිත් තෑග්ග ගන්න කියලා. ඔන්න ඒකටත් මෝරා ඉස්සර වුනා. මෙන්න ඊට පස්සෙන් තිත්තයා යත් යනවා. දැන් නම් බඩු හරි. මොනා වෙයිද දන්නේ නෑ කියලා… හිත හිත ඉද්දී, දෙන්නා එක්ක ස්ටේජ් එකට නැගල තෑග්ග අරගෙන, තෑග්ග දුන්න කෙල්ලට අතට අතත් දීලා. බැහැලා ආවා. තිත්තයා ගිහින් තියෙන්නේ තෑග්ග ගන්න නෙවේ අර ගෑනු ළමයාගේ අතින් අල්ලලා එන්න. 😀 කොහොමද අපේ දඟයි වැඩයි. පස්සේ තමා දැන ගත්තේ නලින් ද සිල්වා මහාචාර්ය තුමා කතාව බාගෙට කරලා තමා ගිහින් තියෙන්නේ අපේ වැඩ නිසා කියලා. මොනා කරන්නද fun එකනේ… හි හි . 😉

Advertisements

2 Responses to “ගෝල්ඩ් fish and the crew Vs. නලින් ද සිල්වා(Prof.)”

  1. /බිඟුවා...! Says:

    අනේ අම්මප…

  2. හිස් අහස Says:

    අපේ පලාතේ වගේ නම් ඉස්ටේජ් එක උඩට ගෙනෙල්ලා ගහනවා ..***. යන්න .
    එල සෙට් එකක්නේ ඉඳලා තියෙන්නේ .

    ජයවේවා !!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: