මේ මගේ රටද?


මේ post එක දාන්නේ ගෝල්ඩ් fish ගේ අත කසනවට නෙමේ. කවුරු හරි යාළුවෙක් මේ අපි ජීවත් වෙන ශ්‍රි ලංකාව ගැන කියවන්න ආසා නැත්තං මේක කියවන එක මෙතනින්ම නවත්තලා යන්න පුළුවන්. ගෝල්ඩ් fish ගෙන් කිසිම ආයාචනා කිරීමක් නෑ, මේක කියවලම යන්න කියලා.

මේකයි සීන් එක. ඇත්තටම මේක කියන්න දුකයි. ඒ නොකියා හිටියොත් වෙනදේ ගැන ඊට වඩා දුකයි. ඒක නිසා අමාරුවෙන් හිත හදාගෙන තමා මේ post එක දාන්නේ. යාළු මාළුවෝ ඔක්කොම දන්නවනේ අපේ රටේ ඉතිහාසය ටිකක් හරි. ඇත්තම කියන්න දැනට වඩා බොහොම සශ්‍රිකව තිබිලා තියෙනවා. ඒ දවස් වල ලංකාවේ ගොඩනැගිලි හදන්න, වැව් හදන්න පිටරටවලින් සල්ලි දිදී එක එක ජාතියේ මිනිස්සු ගෙනාවේ නෑ. ඒ හැම දෙයක්ම කලේ ලංකාවේ අපේ මුතුන්මිත්තන්ගේ ශක්තියෙන්, මොලයෙන්. හැම දෙයක්ම කියන්නනේ හැම දෙයක්ම. සාමාන්‍ය මිනිහා උයා ගෙන කන මැටි හට්ටියේ ඉඳන් මහ රජ්ජුරුවෝ දිය කෙළින ජල උද්‍යානය දක්වාම හැම දෙයක්ම කෙරුනේ අපේ මිනිස්සු අතින්. ඒ කියන්නේ දුකින් උනත් කියන්න වෙනවා මේ රට දැනට වඩා ඉස්සර දියුණුයි කියලා. හැම අතින්ම. පරිගණක තාක්ෂණය අතින් ඇරෙන්න. ඒක ඒ දවස් වල තිබුනේ නැහැ. නැත්තං ඒකටත් මොකක් හරි පොටක් හොයා ගෙන අනං මනං කියයි. එහෙමනේ අපේ මිනිස්සු.

හරි මෙන්න කතාව, කට්ටියට මතකනේ ගෝල්ඩ් fish මීට සති කිහිපයකට උඩදී පොළොන්නරුවේ trip එකක් ගියා. ඒ ගමනේ දී අත් දැකපු බොහොම දුක හිතෙන දෙයක් තමා මේ.

මේ තියෙන්නේ අපේ රටේ ඉස්සර මිනිස්සු අමාරුවෙන් හරි පහසුවෙන් හරි හදපු ලස්සන මොකක් හරි දෙයක නටඹුන්. ඒ කාලේ ගෝල්ඩ් fish හිටියේ නෑ තමා, ඒත් ඒ මිනිස්සු දැන් වගේ වැඩක් නැති වැඩ කලේ නෑ. පාලම් වලට මුල් ගල් තියලා ඒවාට වතුර දදා හිටියේ නෑ, පාලම් හැදුවා. අහස උසට ගෙවල් ගහන්න බොරු පොරොන්දු දුන්නේ නෑ, පුළුවන් තරමින් නිවාස හදල දුන්නා. දැන් කියන්න එපා ගෝල්ඩ් fish මඩ ගහනවා කියලා. ගෝල්ඩ් fish එහෙම කරන්නේ නෑ. ගෝල්ඩ් fishට පේන්නම බැරි දේ තමා දේශපාලනේ කියන්නේ. හරි දැන් කට්ටියටම පේනවා නේද උඩ image එක. ඒ වගේ ඒවා නම් ඕනෙ තරම් දැකල ඇති තමා… ඒත් බලන්න ඒ තියෙන අභීත ගල්කනු බලු වෙලා යන සයිස් එකට දාලා තියෙන කැලි කසල ගොඩ. මේක තියෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු සමුද්‍රයේ දකුණු කෙරවරේ තියෙන හෝටලයකට යන පාරේ. ඒ වගේම ඒ හෝටලයෙත් තියෙනවා මේ වගේම ගල් කනු. ඒත් ඒවා දැන් ගල් වඩුවන්ගේ දෑතින් හදපු ගල් වගේ පේන සිමෙන්ති කනු. ඒ image එක තමා ඔය දාලා තියෙන්නේ.

කෙහොමද දෙකේ වෙනස. නඩත්තුව. මේ පින්තූර ගත් තැන් දෙක අතර දුර මීටර් 100ක් වත් නෑ. ඒත් බලන්න අපේ අතීත උරුමය ගැන බිංදුවක්වත් හිතන්නේ නැතුව වෙළඳාම ගැනම හිතන මිනිස්සු ඉන්න මේ වගේ රටක මේ මිනිස්සු අතර උපදින්න තරම් අපි කොයි තරම් පවු කරලා ඈත්ද? ගෝල්ඩ් fish මේ වෙනකන් වෙන රටකට පීනලා නෑ, හැබැයි ගෝල්ඩ් fish දන්නවා ඒ රටවල් තමන්ගේ උරුමය රැකගන්න ගොඩක් මහන්සි වෙනවා කියලා. ඒ, ඒ මිනිස්සුන්ගේ තියෙන කලගුණ සැලකීම නිසා. ඒ මිනිස්සු දන්නවා ඒ අය දියුණු වුනේ තම අතීත ජනයා නිසා කියලා. ඒත් ලංකාවේ එහෙම නෙවේනේ… ලංකාවේ අපි හිතන්නේ විවෘත ආර්ථිකේ ආවට පස්සේ, පරිගණක ආවට පස්සේ තමා අපි දියුණු වුනේ කියලා. ගෝල්ඩ් fish මේ කෑ ගහන්නේ හැමෝටම නෙමේ. ඒකනිසා මේ post එක කියවන හැමෝම අහසේ පාවෙන තොප්පි ඈදලා අරං තමන්ගේ ඔළුවල දාගන්න හදන්න එපා.

ගෝල්ඩ් fish හිතන්නේ මේ වගේ දේවලට වගකිව යුත්තේ, ඒ ස්ථාන බලන්න යන අයමයි කියලා. අනිත් එක ඒ ස්ථාන වල කැලි කසල දමන්න භාජන තිබුනට ඒවයේ පතුල නෑ. දිරල ගිහින්, ඒ වගේම සමහර තැන් වල එහෙම භාජනයක් වත්, අඩුම ගානේ “මෙතෙන කුණු දමන්න එපා” කියලා පුවරුවක් වත් නෑ. මේවට ඉතිං ගෝල්ඩ් fish කරන්න දෙයක් නෑ. පුළුවන් උපරිම දේ තමා මේ. ඇත්තමයි එහෙම හැකියාවක් තිබුනනම්… මෙහෙම වෙන්න දෙන්නේ නෑ. ඇත්තටම ගෝල්ඩ් fishට ගොඩක් කණගාටුයි මේ සිද්ධිය දැක්කම. පරන දේවල් බල්ලට ගිහින් අළුත් වැඩක් නැති හිස් දේවල් දෙයියට ගිහින්. මේ ගෝල්ඩ් fish ට දකින්න හම්බුන තැනක් විතරයි. මේ වගේ තැන් තව කොච්චරක් මේ ලංකාවේ ඈත්ද? මේ post එක කියවන පොළොන්නරුවේ මාළුවෙක් ඉන්නවා නම් එයාට පුළුවන් විදියට පුළුවන් දෙයක් කරන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ ප්‍රාදේශිය සභාවට දැනුම් දෙන්න වගේ දෙයක්. එහෙම බැරිනම් අඩුම ගානේ book shop එකකින් කාඩ් බෝඩ් කෑල්ලක් අරං ගෝල්ඩ් fish කියපු තැන “මෙතෙන කුණු දමන්න එපා” කියලා හරි ගහන්න පුළුවන්නම් ලොකුම ලොකු දෙයක්. ඒත් ඒක කවදාවත් කෙරෙන්නේ නැති වෙයි. ඒත් ඉතිං ගෝල්ඩ් fish චෝදනාවක් නගලා ඒකට පිළියමකුත් මේ පුංචි මොලෙන් හිතලා කිව්වා. කව්රු හරි ඒකට ප්‍රතිචාර දක්වනකම් ආසාවෙන් බලං ඉන්නවා මේ ගෝල්ඩ් fish. හේතුව මේ මාළුවා මේ රටට ආදරෙයි. මගේ අම්මට වගේම ආදරෙයි. අපි ජීවත් වෙන්නේ මේ රටේ, අපි ගොඩ නැගුනේ නිකන්ම නෙවේ. අපි එකපාරට අම්මගේ බඩෙන් එලියට ඇවිල්ලා ඇවිදින්න ගත්තේ නෑ… අපි වැටුනා, දනගෑවා, තුවාල කරගත්තා, බැනුම් ඇහුවා…. මේ ඔක්කොම අපි කලේ පුංචි කාලේ. අපි එහෙම කලේ නොදැනුවත්ව හරි අපිට ඔළුව කෙලින් තියන් අනාගතේ ඉන්න ඕන නිසා. අපි නොදන්නව වුනාට අපේ මුතුන් මිත්තොත් එහෙම තමා… අනන්ත දුක් විඳින්න ඇති අපිව, අද අපි මේ ඉන්න තැනට උස්සලා තියන්න. ඉතිං ඒ මිනිස්සුන්ට අපි මේ විදියට සලකන එක වැරදියි. අපි ඒ මිනිස්සුන්ගෙන් ලැබුන දේවල් අපේ පුතාල දූලට බලන්නත් රැකගන්න ඕනේ. ඒ විතරක් නෙමේ… තව සියවස් ගණනාවක් ආරක්ෂා කරගන්න ඕනේ. මොකද ඒ අපේ ජීවිත වල අත්තිවාරම නිසා. අත්තිවාරම බිඳුන දාට හදපු ගේ වැඩක් නැති වෙනවා. මෙහෙම ගියොත් ඒ දවස වැඩි ඈතක නෙවෙයි. ඒකයි ඇත්ත.

%d bloggers like this: