පොටේටෝ චිප්ස් හා අලිගැටපේර බීම

මේ වර්ග දෙක නොදන්න කෙනෙක් නැහැනේ මේ මිහිපිට නේද? මේවට සිංහලෙන් කියන්නේ මෙහෙම potato chips & avocado juice. මේ දෙක තමා ගෝල්ඩ් fish ගේ ආසාම වෙනත් කෑම. ආසාම ප්‍රධාන කෑම ඉතිං බත් තමා.

හරි දැන් කට්ටිය බලයි ඇයි මූ මේවා ගැන ලියන්න හදන්නේ කියලා නේද? කිසිම කේස් එකෙක් නෑ… පරන මතකයක් අළුත් වුනා ඒකයි. හරි හරි මෙන්න සීන් එක…

ගෝල්ඩ් fish ගේ angel නේනවනේ. දැනට අවුරුදු 4කට විතර කලිං දෙන්න එක්ක දවසක් රංඩු වුනා. මහ ලොකු දේකට නෙවේ පුංචි සුළු දේකට. ඒත් වැඩි සෙනේ දබරෙටයි කියලා ටිකක් කල් දෙන්න එක්ක කතා නොකර හිටියා. ඒකෙත් එනවානේ උච්චම අවස්ථාවක් ඒ කියන්නේ., දෙන්නට කතා නොකර සිටීම ඇති වෙන දවසක්. ඔන්න ඉතිං අමාරුවෙන් අමාරුවෙන් හිතේ තද කරගෙන හිටිය දුක බෙදා ගන්න දවස ආවා. ඒත් ගෝල්ඩ් fish වත් angel වත් , දෙන්නගෙන් එකෙක්වත් සුදානම් නෑ වැරැද්දක් වුනා නම් ඒකට අනිත් එක්කෙනාගෙන් සමාව ගන්න. දෙන්නම ඒ දවස් වල හිටියේ හරි ඔළුවෙන්. හී හී.. ඒවුනාට දෙන්නම රෑට හීනෙන් දෙන්න එක්කම කතා කරනවා. ඒවා දැනගත්තේ පස්සේ. ගෝල්ඩ් fish හිතුවේ ගෝල්ඩ් fish ගේ හීනවලට විතරයි ඒ ටිකේ angel ඔළුව දැම්මේ කියලා . බැලින්නම් angel ගේ හීන වලට ගෝල්ඩ් fish ත් ඔළුව දාලා. දැන් ඉතිං ඔය තරහ නිවා ගන්න දවසේ දෙන්නටම හිතා ගන්න බැහැ කොහොමද සමාව කටින් ඉල්ලන්නේ නැතුව වෙන විදියකට ප්‍රකාශ කරන්නේ කියලා. ගෝල්ඩ් fish ත් ඉතිං වෙන කරන්න දෙයක් නැති තැන angelගේ ගෙදර දාලා තිබුන TV එක බල බල හිටියා. මේ කෙල්ල කොයි වෙලා මොනා කියයිද කිය කිය හිත හිත. මෙන්න එක පාරටම angel නැගිටලා ගේ ඇතුලට ගියා. හරිනේ දැන්…. ආයෙත් තරහ වුනාද කොහෙද? ඇයි දෙයියනේ ඇවිල්ල පැයක් විතර වෙනවා නිකමට එක වචනයක් වත් කතා කලේ නැහැනේ. ඒක නිසා ආයෙමත් තරහ වෙලා තමා angel ගෙට ගියේ කියලා ගෝල්ඩ් fish හිතුනා. ආයෙ මොනාද ඉතිං ඇස් දොක රතු වෙලා… නහයෙන් හොටුත් එන ගානට ගෝල්ඩ් fish දුකයි. මෙන්න ටික වෙලාවකින් angel එනවා දීසියකට මොනාද මන්දා බෙදාගෙන දුම් දදා. ගෝල්ඩ් fish හිතුවේ angel තාම උදේට කාලත් නැති නිසා උදේට කන්න හදනවා කියලා. ඒත් ඉතිං එහෙම නෙමේ වෙලා තියෙන්නේ angel ගෙට ගිහින් තියෙන්නේ ගෝල්ඩ් fish ට දෙන්න අල පෙති බැදගෙන එන්න. ඒ කියන්නේ පොටේටෝ චිප්ස් හදං එන්න. කොහොමද මගේ angel ගේ මොලේ… ඒකිට කටින් සමාව ඉල්ලන්න බැරි පාර පොටේටෝ චිප්ස් වලින් සමාව ඉල්ලන්න. ගෝල්ඩ් fish අහුවෙයි ඕවට?… හ්ම්.. දැන් එහෙම කිව්වට අහුවුනා නේ එවෙලේ… ඊට පස්සේ ඒ දීසිය අරං ඇවිත් “ආ…අරගන්න” කිව්වම ඉතිං ගෝල්ඩ් fish දීසයම ගත්තා. මෙන්න ඊට පස්සේ කියනවා “ඔක්කොම නොව් මෝඩයෝ ටිකක්” කියලා. හරි දැන් නම් හරි. angelගේ තරහා නිවිලා ගිහින්. නැත්තං මට මෝඩයා කියන්නේ නෑ. අනිත් අය වෙන කෙනෙකුට මෝඩ​යා කියන්නේ තරහට වුනාට angel , ගෝල්ඩ් fish ට මෝඩයා කියන්නේ ආදරේට. ආදරේ වැඩි වුනාම මෝඩ පැටියා කියලත් කියනවා. ඒ වෙලාවට ඉතිං ගෝල්ඩ් fish ත් බබා වගේ තමා. හරි හරි මෙන්න ඉතුරු ටික. දැන් අර ඔක්කොම නෙමේ ටිකක් කිව්වම, ගෝල්ඩ් fish කලේ…හා… ඉතුරු ටික ඔයාටද කියලා අහපු එක. එතකොට වහාම angel ගේ කටින් පිටවුනේ “ඔව්” කියලා තමා. පෙරේත කෙල්ලෙක්. ඊට පස්සේ අර දීසිය ආපහු දෙන ගමන් ගෝල්ඩ් fish angelට කිව්වා “sorry පැටියෝ ” කියලා. එතකොට ඉතිං ආයේ සුදූ මුනේ හඳ පෑව්වා වගේ තමා. අම්මේ ලස්සන. පස්සේ ආයෙමත් කාලයක් අපි සතුටින් හිටියා.

ඊට පස්සේ ආයෙමත් වතාවක් අර වගේ පුංචි දේකට දෙන්න රංඩු වුනා. පස්සේ ආයෙමත් ඔන්න ටික වසක් තරහා වෙලා හිටියා. ඒ පාර නම් දවස් දෙකක් විතර තමා දරාගෙන ඉන්න පුළුවන් වුනේ. ඊට පස්සේ ආයෙමත් ගෝල්ඩ් fish ගියා angelව බලන්න. එදා නම් ගියේ හවස් වරුවක. ඔන්න එදාත් අර කලින් දවසේ සිද්ධියටම දෙන්න මුහණ දුන්නා. ඒ කියන්නේ සමාව ගන්න සීන් එකට. ඒ පාරත් ඉතිං වෙනදා වගේම angel ඉස්සර වුනා. පව් කෙල්ල , අලිගැටපේර ගෙඩි වගයක් තිබිලා, ඒ ටික blend කරලා රසම රසට අලිගැට පේර බීම වීදරුවක් හදාගෙන ආවා. ෂා ඒක නම් මාර රසයි. ඊට පස්සේ කොයි තරම් juice world වලින් බ්ව්වත් ඒ තරම් රසක් නම් මට දැනිලම නෑ. සමහරවිට, angel ආදරේ බිංදුවකුත් දාන්න ඇති ඒකට. ඒක තමා ඒ තරම් රස. ඊට පස්සේ ඉතිං ගෝල්ඩ් fish සුපුරුදු පරිදි sorry පැටියෝ කිව්වම, angle කිව්වා… “ඔව් ඉතිං හැම දාම හිත රිද්දලා sorry කිව්වම හරිනේ ” කියලා. ඇත්ත තමා හැම තිස්සෙම විහිළුවට වුනත් හිත රිද්දන එක හොඳ නෑ කියලා ගෝල්ඩ් fish එදා තේරුම් ගත්තා. ඊට පස්සේ නම් එහෙම කලේ නෑ. ඒත් දැන්නං හිතෙනවා ආයෙත් පොඩ්ඩක් තරහා වුනානම් හොඳයි කියලා. එතකොට මට ආයෙමත් මොනා හරි රස කෑමක් කන්න පුළුවන්නේ. 🙂 කොහොමද මගේ මොලේ. නෑ නෑ එහෙම කරන්න ඕනේ නෑ… ඉක්මනටම angel මට රස කෑම හදලා දෙයි. එතකන් ඉවසන් ඉන්නවා.

%d bloggers like this: