නෑනෝ…

 

ගෝල්ඩ් fish අද නම් මේ කියන්න යන්නේ පොඩි වෙනස් සීන් එකක්. ඔය කාට කාටත් වගේම ගෝල්ඩ් fishටත් ඉන්නවානේ ආසම කරන පුද්ගලයෙක් කියලා කෙනෙක්. ඒක ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයටත් වෙනස් වෙනවා. ඉතිං මේ කියන්නේ ගෝල්ඩ් fishගේ සංගීත ක්ෂේත්‍රයේ සුපිරිම මාළු යාළුවෝ ගැන.

සමහරුනම් මේ දෙන්නට අම්බානෙට පලුයන්න බනිනවා ශ්‍රි ලාංකීය සංගීතය කෑවා කියලා. ඒක නිසා තමා ගොඩක් දෙනා මෙයාලට කැමති. හි හී තමන්ගේ තත්ත්වේ පහල බහිද්දි ඒක උඩට ගන්නේ නැතුව එක එකාට බනින එක හරි නැහැ කියලයි ගෝල්ඩ් fish හිතන්නේ.

හරි දැන් ඒ ඇතිනේ හැඳින්වීම… ඒත් තව චුට්ටක් තියෙනවා. ඒක නොදැ​ම්මොත් ලොකු අඩුවක්. මේ දෙන්න තමා ලංකාවේ තිබුන rap style එක වෙනුවට පිටරට rap style එක ලංකාවට ගෙනවේ. දැන් නම් දන්නවත් ඇති සමහරු. ඔය කව්රු මොනා කිව්වත් ගෝල්ඩ් fish නම් මේ දෙන්නට පන ඇරලා. මේ දෙන්න තමා භාතිය සහ සංතුෂ්. සිංහලෙන් කියන්නේ BnS කියලා. කටිටිය දන්නවනේ ඉතිං මේ දෙන්නා ගැන. මාර එකමුතුවක්. ගෝල්ඩ් fish හිතන්නේ වැඩියෙන්ම ලස්සන මේ දෙන්න එකතුවෙලා සිංදු කියද්දී කියලයි. යාළු මාළුවන්ට මතකයි නේද, අර සිරා සිංදු set 1ක් ආවේ… උන්මාදිනි හැංගුනා, පිනිබිඳුවක්, චාන්දනී පායලා වගේ ආ… අමතක වුනා අර කෙල්ලෝ වැඩි යෙන්ම ආසා කිරි කෝඩු හිතට ආල නුඹේ… අම්මා කොහොමද ඒ සිංදු වල තියෙන අපූර්වත්වය. මාරම ලස්සනයිනේ. දැන් මේ ඩබල අළුත් album එකක් out කරලා. නම දාලා තියෙන්නේ සරා සිහින කියලා. ඒකේ තියෙනවානේ නෑනාට කියන සිරා සිංදුවක්.

මෙන්න මෙහෙම…

කට තිබුනට මූන පුරා.නෑනෝ….

කියවන්නට එන්න එපා… නෑනෝ…

ඔන්න ඔහොම සිංදුව යනකොට තියෙනවා කොටසක් මෙන්න මෙහෙ​ම…

පතිවෘත්තා රකින්න යන්නේ… කැන්දං යන්නේ මං මයි ලන්දේ.. කියලා භාතිය කියද්දී, වෙන ගැහැණු කෙනෙක් කියනවා…

රස්තියාදු කම් අරන් එනවා නම්…වන්නම් දහඅට මං පෙන්නන්නම්… දස බිම්බර සෙනග ​ගෙනැල්ලා මං නම් බය වෙන්නෑ….

ඊට පස්සේ ආයේ තියෙනවා….අර පතිවෘත්තා කෑල්ල… පස්සේ අර නෑනා කියනවා ….

ඒක කොරන කං බලා ඉඳී මං…. පෝරිසාද කම් දෙව්ලොව යනකම්…මං අහ????? වෙන කෙනාව හොයලා… පිට ගං යනවා මං….

ගෝල්ඩ් fish ආසාම කෑල්ල තමා ඒ… හි හි… පෝරිසාද කම් දෙව්ලොව යනකං… පට්ටයි… සිරා චවන සෙට් එක… හැමදාමත් වගේ මුන් දෙන්නා මේ පාරත් ටිකක් අළුත් දෙයක් කරලා… ලස්සන සිංදු සෙට් එක… ගෝල්ඩ් fish ඔන්න පහලින් දානවා මේකට කැමති අයට බාගන්න ලින්ක් එකක්. තව එකක් කියන්න ඕනේ මේ දෙන්ා ගෝල්ඩ් fish දන්න විදියට සංගීතය කරන්නේ පරීක්ෂන කරන ගමන්, ඉතිං මේ පරීක්ෂන අතර තුරේදී සිරා සිංදු බිහිවෙන එක ගැන ගෝල්ඩ් fishට නං පුදුමයක් නෑ. ඇත්තටම අර කලිං කිව්වා වගේ ගෝල්ඩ් fish ආසම පුද්ගලයන් අතරේ උඩින්ම ඉන්නේ ගොඩක් අයගෙන් බැනුම් අහන, මේ සොඳුරු සංගීත ශිල්පියෝ දෙන්න තමයි සෑහෙන කාලෙක ඉඳන්. ඒ කියන්නේ අර මල් පැන් පොදක් සිංදුව release කරපු දා ඉඳන්ම. මේක මේ කාටවත් ප්‍රචාරයක් දෙන්න කරපු දෙයක් නෙමේ ඇත්තටම ලස්සන දෙයක් අගය කිරීමක්. ​ ගෝල්ඩ් fish හිතන්නේ හැමෝගෙන්ම බැනුම් අහන කෙනෙක් දිහා ඒ අය බලන විදියට වඩා ටිකක් හරි වෙනස් විදියට බලන්න පුළුවන්නම් ඒක තමා ඒ මිනිස්සුන්ට කරන කරන්න පුළුවන් ලොකුම උදව්ව කියලා. මමත් ඉතිං ඔය පම්පෝරි ගැහුවට සමහර සිංදු වලටනම් ආස නෑ. ඒත් ඉතිං 90% ක් විතර ලස්සනයිනේ. වැරදි ඉතිං හැමෝගෙම තියෙන එකනේ. පුරුදු වෙන්න ඕනේ අනවශ්‍ය දේ ඉවත් කරලා අපිට අවශ්‍ය දේ ගන්නනේ. ඒක තමා මේ කරලා තියෙන්නේ. එක යාළු මාලුවෙක්වත් ඉතිං තරහා වෙන එකක් නෑ කියලා හිතනවා මේ දෙන්නටත් පොඩි sup එකක් දුන්නට. ගෝල්ඩ් fish කරන්න පුළුවන් උපරිම දේ තමා ඔය. ආ තව දෙයක් ඕනෙනම් ඉතිං sup එකක් විදියට එයාලගේ audio CD එකක් මිලදී ගන්නත් පුළුවන් ඒත් ඉතිං ඒවා මේ කපේ කෙරෙන්නේ නෑහැනේ… ඔක්කොම හොරෙන් තමා. ගෝල්ඩ් fishගේ කියලා වෙනසකුත් නැහැ. ඌත් එහෙමම තමා. හිහී…:) 🙂

හරි මෙන්න ලින්ක් එක…. කටිටිය අහලා බලන්නකෝ… විශේෂයෙන් නෑනෝ අහලා බලන්න. කවද හරි මේ වගේ ඒවා අහගන්න වෙන්නත් පුළුවන්නේ….

මේ කියන්න අමතක වුනා මේක torrent file එකක් ඈ….

http://isohunt.com/download/216410889/Bathiya+N+Santhush+Sara+Sihina+The+5th+Element+2010+160Kbps+iSleepwalker.torrent

මෙන්න parent location එක.

http://isohunt.com/torrent_details/216410889/Bathiya+N+Santhush+Sara+Sihina+The+5th+Element+2010+160Kbps+iSleepwalker?tab=summary

Virtual හීන…

ම්….ම්…. ඉතිං අද කට්ටියට පොඩි අළුත් වෙනස් සීන් එකක් ගැන තමා කියන්න යන්නේ. සමහරවිට මාළු මාළුවන්ටත් මේ අත්දැකීම ඇති. මේක මේ රෑට දකින හීන ගැන තමා. (සමහරුන්ට නම් ඉතිං දවල්ටත් පේනවනේ) ආයේ අහන්න දෙයක් නැහැනේ කව්ද හීන දැකලා නැත්තේ කියලා නේද? ඕකට ඉතිං ඔව් කියලා කට පුරා හිනා වෙලා කියන්න බැරි කව්රු හරි ඉන්නවනම් ඉතිං ඒ තමන්ගේ මතකය අහිමි වුන කෙනෙක් වෙන්න ඕනේ.

හරි මෙන්න කතාව. ඇත්තටම කතාවකටත් වැඩිය අත්දැකීමක්. ගෝල්ඩ් fish ඉන්නවනේ, එයා නිදාගන්න ටිකක් විතර හොරයි. ඒ කියන්නේ ඉරිදා දවස් වලට එහෙම පාන්දර 10.00, 11.00 විතර වෙනකන් දොයියනවා. පව්නේ තාම චූටි පැටියනේ කියලා ගෝල්ඩ් fishගේ අම්මත් කිරි එකක් එහෙම ගෙනැල්ලා දෙනවා පාන්දර 9.00ට විතර. හරියට නිදාගන්න හම්බුවෙන්නේ ඉරිදාට විතරක් නිසා ඇති වෙන්න දොයි ගත්තට අම්මා මුකුත් කියන්නෙත් නෑ. ආ…. ඒක නෙමේනේ කතාව. sorry ඈ. ඔය විදියට මේ ලඟදී
දවසක ගෝල්ඩ් fish දොයියන් ඉද්දී එක පාරටම ගෝල්ඩ් fish ගේ angel ඉන්නවනේ …  එයා ඇවිල්ලා මෙන්න බොලේ අතින් අල්ලගෙන මොනාද මොනාද කියලා සිරා උණුසුමකුත් එක්ක පපුවට තුරූලු වෙලා තවත් මොනාදෝ කියවනවා. ගෝල්ඩ් fishට හිතුනා අනේ හොඳට හිටිය angel ට මක්ක වුනේ කියලා. ඇයි දෙයියෝ මීට සති දෙකකට විතර කලිනුත් බැනුම් ඇහුවනේ. ගෝල්ඩ් fish ට රිදෙන්න බනින්න තරම් හොඳ සිහියෙන් හිටි angel ට පිස්සු හැදිලා වත්ද කියලා හිතුනා. ඊට පස්සේ මෙන්න මේකි ගාවින් සිරා perfume ගඳකුත් එනවා. ටිකක් මතක් කොරලා බලද්දී ගෝල්ඩ් fish angel ගේ අපන් දිනේකට දීපු perfume එකේ නහය ගලෝගෙන යන පුසුඹ තමා එන්නේ. ඒ කියන්නේ කොයිතරම් තරහෙන් හිටියත් angel, perfume එකත් එක්ක තරහා වෙලා නෑ. හි හි. ඊට පස්සේ ඔන්න එක පාරටම ගෝල්ඩ් fishගේ සුමුදු අත්දෙකින් එක අතක එල්ලිලා තව තව මොනාදෝ කියවනවා.

අනේ දෙයියනේ මේ මොකෑ වෙන්නේ කියලා හිතුන වාර ගණන අනන්තයි. පස්සේ ඉතිං ගෝල්ඩ් fish ගේ වල් කමට angel ගේ සුදු කම්මුලට උම්මා එකකුත් දුන්නා. වල් කමට කිව්වට එහෙමම නෙවේ ඉතිං ආදරේටනේ. ඔන්න දැන් ගෝල්ඩ් fish ඉතිං ලේසියෙන් දෙයක් අතාරින්නේත් නැහැනේ. ඊටත් angel ට එක කම්මුලයේ තියෙන්නේ. අනිත් එකටත් එකක් නොදී තියන්නේ වෙන කාට දෙන්නද කියලා දෙන්න හදද්දිම…..

කෙලියානෙ තාප්පෙට. ගෝල්ඩ් fish අම්මගේ කටහඩ ඇහෙනවා. angel කියනවා අයියේ අම්මා එනවා නේද කියලා. ඒ අස්සේ ගෝල්ඩ් fishට ඇහෙනවා නෙතු ළඟ දඟ කරනා…ආඩම්බරකාරී සින්දුවත්. ඒ කියන්නේ angel ගේ ගෙදරින් call එකක්. ඉතිං angel කියනවා අයියේ බලන්න අපේ අම්මා වෙන්න ඇති කියලා. ඔන්න ගෝල්ඩ් fish උගේ, mobile එක ගන්න හදද්දිම ගෝල්ඩ් fishගේ අම්මා කියනවා පුතේ නැගිටින්න නැගිටින්න මෙන්න call එකක් කියලා. ඈ බොල මේ මොනවාද වෙන්නේ කියලා හිතා  ගන්න බැරුව ගෝල්ඩ් fish දඩි බිඩි ගාලා බැළුවා ඉන්නේ කොහෙද කියාලා. ආබාදයක් නෑ ඉන්නේ ගෙදර ඇඳ උඩ. එතකොට angel…? ආපු call එක…? මාර ප්‍රශ්නේ. තාමත් angel අතින් අල්ලගෙන හිටපු අත රස්නෙයි වගේ දැනෙනවා. මේක මාර වැඩක්නේ. ඇත්තටම එවෙලේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරිවුනා.

Angel ව දැකලා තියෙන්නේ හීනෙන්, call එක ඇත්තටම ඇවිත් තිබුනේ angel ගේ ගෙදරින්. එතකොට අම්මා කතා කරපුවා ගෝල්ඩ් fishටයි angelටයි දෙන්නටම  ඇහුනත් එක්කනේ. ඔවි ගෝල්ඩ් fishගේ අම්මා සුපුරුදු විදියට කිරි එක ගෙනැල්ලා ගෝල්ඩ් fishගේ මේසේ පොඩ්ඩක් අස්කර ගන්න කිය කිය ගෝල්ඩ් fish ඇඳුම් ටික අස්කර කර කර ඉඳලා තියෙන්නේ. එතකොට අර perfume සුවඳ තාමත් නිකන් නහයට දැනෙනවා දැනෙනවා වගේනේ. අනේ මට පිත්තු හැදී ගෙන එනවද මන්දා…? ඔක්කොම රූයිතෙටනේ. ඒ අස්සේ angel අතින් අල්ලන් හිටපු තැන ඒ දැනුන ස්පර්ශය එහෙම හොඳට මතකයි. අර කරපු වල් වැඩේ. ඒකත් දැනෙනවා.

ඇත්තටම මොකද්ද වුනේ කියලා තාම හිතා ගන්න බැහැ. ඊට පස්සෙත් ඒ වගේ දේවල් දෙතුන් පාරක්ම වුනා. සමහර ඒවයේ හිටියේ ගෝල්ඩ් fishගේ පරණ fit බුවාලා, තවත් සමහර  ඒවායේ අර ඈමේසන් කේස් එකේ වගේ වීර චරිත. කොහොම හරි මේ  ඔක්කොම හීන. කේස් එක කියන්නේ මේ ඔක්කොම ගෝල්ඩ් fish දැනෙන්නේ ඇත්තටම ඇත්තම  ලෝකෙ  ඒවෙලාවේ වෙන ඒවා වගේනේ. මොකෙක් හරි අතින් ඇල්ලුවොත් ඒ ස්පර්ශය හොඳට  දැනෙනවා. ඔලුව අතගෑවොත් ඒත් එහෙමයි. හැබැයි මේ වෙනකම් නම් ඔය වෙඩි fight තියෙන තැන් වල, accident හැප්පෙන තැන් වල එහෙම හීනෙන් ගිහින් නෑ. ඒ වගේ කේස් එකක් පෙනුනොත් මොනා වෙයිද මන්දා ? නින්දෙන්ම වීසා හම්බුවෙයිද දන්නේ නෑ? ඇත්තටම මේක සාමාන්‍ය දෙයක්ද ? එහෙම නැත්තං ලෙඩක්ද? තාම ගෝල්ඩ් fishට නම් හිතා ගන්න බෑ. ඇත්ත ලෝකේ වෙන දේවල් වලට ඒ වෙලාවේ දකින හීනේ ඉන්න අයත් මාර විදියට ප්‍රතිචාර දක්වන්නේ. උන් හිතන් ඉන්නේ ඒවා හීන ලෝකේ වෙන සීන් කියලා. ඒත් බැලින්නං භාගෙට භාගයක් වෙලා තියෙන්නේ හැබෑ ලෝකේ. ඒත් කොහොමද මේ ලෝක් දෙක එකට සම්බන්ද වෙන්නේ. එක්කෝ  ගෝල්ඩ් fish දොයියන්නේ භාගෙට, එහෙම නැත්තං හීන පේන්නේ භාගෙට. අනේ  මන්දා? මට නම් තේරෙන්නේ නැහැ මේ කිසි දෙයක්. මේ…. මේ…. ඔය මොනා වුනත්  angel ඉන්න හීන වලටනම් ඉතිං ගෝල්ඩ් fish පන ඇරලා. ආයෙ හීනෙම ඉන්න තමා හිතෙන්නේ. ඇහැරෙන්න හිතෙන්නෙම නෑ. ගිය ඉරිදා උදේත් 8.30 ට විතර angel එක්ක ගෝල්ඩ් fish ගියානේ කළුතර බෝධි. ඔන්න ටික වෙලාවකින් angel කියනවා අයියේ ඔන්න අම්මා එනවා මම ගිහින් එන්නම් කියලා. මෙන්න angel ගියා විතරයි පුතා මේ කිරි එක බොන්න කිව්වේ නැතෑ ගෝල්ඩ් fishගේ මව් තුමිය. අනේ මෙහෙමත් හීන. වෙලාවකටනම් හරි ෂෝක් අප්පා.

මේ ඇත්තටම කියන්නේ මේ සීන් එක කියවන යාළු මාළුවොන්ටත් මේ වගේ නම් හරි මේ වගේ දේවල් ගැන දන්නවා නම් හරි ගෝල්ඩ් fishව පොඩ්ඩක් දැනුවත් කරන්න මේ ගැන. මොකද මේ ලෙඩක්ද දන්නේත් නැහැනේ. ඒකයි.

ඇමේසන්ද? ගෙදරද?

ගෝල්ඩ් fishට අද ඉතිං මල් හතයි. ඇයි ඊයේ හොඳ වැඩක් කරලා සතුටු වුනානේ. මේ දැන් දාන ඈමේසන්ද? ගෙදරද? ලිපිය දාන්න හිටියේ ඊයේ. අර හොඳ වැඩේ නිසා ඒක ටිකක් පස්සට ගියා. කමක් නෑ දැන් දානවනේ…!

හරි ඔය අහේ මෙහේ යන යාළු මාළුවෝ ටික මතක්කර ගන්න බලන්න කටිටිය එක්ක ඉස්සර ආසාවෙන් බලපු TV series. දැන් ඉතිං එක හැල්මේ කියයි, මායා බන්ධන, රොබින්සන් අන්දරය, බෲම්, රොබින් හුඩ්, ටාසන්…. තව මහා ගොඩකුත් එක්ක හෙන දිග ලෑස්තුවක්.

ඔය ඔක්කොම අතරේ කාට හරි එක මාළුවෙකුටවත් මතකද ITN එකේ සෙනසුරාදා හවස 6.00ට ගියා ඈමේසන් කියලා සිරා කතාවක්.

අර ප්ලේන් එකක් බ්‍රසීලේ ඇමේසන් කියන මහ කැලේට කඩා වැටුනට පස්සේ ඒක ඉන්න කට්ටිය බේරිලා ඇවිත් කැලේ ඇතුලේ ඉන්න එක එක වර්ගවල ගෝත්‍රවල මිනිස්සු සත්තු එක්ක ජීවත් වෙන්න දත කන හැටි තියෙන්නේ. හරි කමක් නෑ මතක අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතිනේ…

ඉතිං ඒ දවස් වල ගෝල්ඩ් fishත් හරි ආසයි ඔය කතාවට. ඒකෙ ලස්සන අක්ක කෙනෙකුත් හිටියා. නම නම් දැන් මතක නෑ. ඒ කාලේ ගෝල්ඩ් fish පංති ගිහින් සෙනසුරාදා හවසට ගෙදර දුවගෙන එන්නේ ඇමේසන් බලන්න. ඇමේසන් කිව්වට ඉතිං අර අ…අක්කා… අන්න එයා බලන්න තමා ඉතිං. කොහොම උනත් හරි ෂෝයි කතාව. ඒ දවස් වල ඉතිං ගෝල්ඩ් fish ඔය කතාව බලද්දී ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ ගෝල්ඩ් fish ළඟින් හෙල්ලෙන්නේ නෑ. (තාත්තට බය හිතෙන්න ඇති ගෝල්ඩ් fish අර අක්කලා එක්ක ඇමේසන් යයි කියලා) ඒ කතාවේ ඉන්නවා ඒ දවස් වල ගෝල්ඩ් fishගේ වයසේ විතර පොඩි පිරිමි ළමයෙක්. එයාගේ නමත් මතක නැහැ. හැබැයි එයාව අල්ල ගත්ත ගෝත්‍රිකයෝ කට්ටියක් එයාට කිව්වේ තෝරාගත් පුද්ගලයා කියලා. ඒ දවස් වල ඉතිං ඕවා තේරෙන්නේ නෑ. ඔක්කොම බොරු ටික කට ඈරං බලං ඉන්නවා මිසක්. 😀 ඉතිං මේ බ්ලොග් කතාවට අදාල සීන් එක දවසෙත් ගෝල්ඩ් fishයි සුපුරුදු පරිදි පියාණන් වහන්සෙයි ස්ටෝරිය බලනවා. ඔය චොකලට් වල ටොෆී වල වෙළඳ දැන්වීම් දෙක තුනක් එහෙම දාලා තමා පටන් ගන්නේ. එතකොට ඉතිං 6.05 විතර වෙනවා. කොහොම හරි කතාව පටන් අරං ගිය සතියේ අන්තිම සීන් එකේ පොඩි කෑල්ලකුත් පෙන්නලා පටන් ගත්තා අද කතාව. (අද කිව්වේ එදා හො​​​​​​දෙයි) දැන් ඉතිං කතාව යනවා. ගෝල්ඩ් fish අර කලින් කිව්වේ….. මතකද…..? අක්කලා ගැන නෙමේ හලෝ…(ඔක්කොටම අක්කලාම තමා මතක් වෙන්නේ…. )ෂිහ්…. අර අර තෝරාගත් ළමයා. අන්න ඌට කැලේදී මොකද්ද සද්දයක් ඇහිලා , නිකං කොල පොඩි වෙනවා වගේ… මෑන් යනවා කව්ද ඒ කොල පොඩි කරේ බලන්න. දෑන් ඔන්න ඉතිං ගෝල්ඩ් fishත් නිකං වර්චුවල් විදියට ඉන්නේ ඈමේසන් වනාන්තරයේ අර තෝරාගත් ළමයට පිටිපස්සෙන් වගේ කියලා තමා හිතුනේ. ඒ තරමට බැහැලා බලන්නේ කතාව.

ගෝල්ඩ් fish ඇමේසන් වල එහෙම හිටියට මේ ශ්‍රී ලංකාවේ තමන්ගේ ටැංකියා පියාණන් වහන්සේ එක්ක හිටියේ… කකුල් හතරේ පුටුවක කකුල් දෙකෙන්. ඒ කිව්වේ ගෝල්ඩ් fishගේ කකුල් දෙක ඉස්සරහා තිබ්බ පුටුවක් උඩින් තියාගෙන වාඩිවෙලා හිටපු පුටුවේ පිටි පස්සට බර වෙලා ඉස්සරහ කකුල් දෙක උස්සගෙන. හරි දැන් කතාව යනවා… ඔන්න අර තෝරා ගත්ත ළමයා අර සද්දේ ආපු තැනට කිට්ටු කරනවා ටික ටික, පොඩි කෝටු කෑල්ලකින් තට්ටුවක් එහෙම දදා. ඔය අස්සේ ගෝල්ඩ් fish ඉන්නේ අර ළමයාගේ පිටිපස්සෙන්.. දැන් ඉතිං තෝරා ගත්ත එකා දන්නේ නැති වුනාට ගෝල්ඩ් fishත් මෙහෙයුමේ. දැන් තව අඩි 4ක් විතර තමා තිබ්බේ සද්දේ ආපු පඳුර ගාවට. (ඒ දවස් වල ඉතිං අඩිය චූටියිනේ, දැන් නම් අඩි 2ක් විතර) ඔන්න දැන් තෝරාගත් ළමයා තව චූටි අඩියක් තියලා ළංවෙනවා… හම්මෝ මෙන්න එතකොටම …. මොනාද සීනි බෝල වගයක් කන්දක් අස්සෙන් ගිහින් සීනි තැවරිලා , දේදුන්නකින් පාට වෙලා එන සීන් එකක් යනවා. කෑවා කෑවා …. හොඳම හරිය… මේ චැනල් එකේ එවුන් මොන මගුලක් කරනවද මන්දා?

මේ ඈමේසන් වල කොහෙද ඕයි සීනි බෝල. ඊටත් වැදගත් මෙහෙයුමක් අස්සේ මොන සීනිබෝලද? කතාවට අදාල දෙයක් දානවා මිසක්. අර දැන් යන කතා වල කොල්ලයි කෙල්ලයි තරහා වෙන සීන් එක යද්දී ටීවී එකේ පහලින් දාන්නේ වශී ගුරුකම් කියලා. ඒ වගේ. හි හී.

හරි ඊට පස්සේ දැන් ඒ මගුලේ සීනි බෝලෙත් ඉවර වෙලා ආයෙත් කතාව… මේ තිබ්බ ඇට්ට්‍රේක්ෂන් එක කොයි තරම්ද කියන්න කතාව පටන් ගත්ත ගමන් ගෝල්ඩ් fish ආයෙත් අර තෝරාගත්ත කොල්ලා පස්සේ වැටුනේ නැතෑ. සුළු මොහොතයි. ඊට පස්සේ ආයෙත් තව චූට්ටං අඩි2ක් තිබ්බා. කලිං 1කුත් තිබ්බනේ… එතකොට මේ තුන්වෙනි එක. එතකොට ඉතුරු එක? ආ… ඒක තමා මේ… දැන් අන්තිම එක තියද්දීම මහා විශාල සද්දෙකුත් එක්ක පැන්නේ නැතෑ තඩි කිබුලෙක් ගෝල්ඩ් fishගෙයි අර තෝරා ගත්තා ළමයගෙයි ඉස්සරහට. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ තාත්තත් ඊට පිටිපස්සෙන් ඈවිල්ලා තිබුනේ නැත්තං ගෝල්ඩ් fishගේ ඔලුව පැලිල ඉප්පිරිතාලෙත් යන්න වෙනවා කියලා පියාණන් වහන්සේ කිව්වා. කිබුලා පැන්න පැනිල්ලට තෝරාගත්ත ළමයයි ගෝල්ඩ් fishයි දෙන්නම පිටිපස්සට පැනලා. අර කොල්ලට නං ගානක් නෑ ඌ දඩි බිඩි ගාලා නැගිට ගත්තා. අනේ ඉතිං පුටුවේ කකුල් දෙකෙන් හිටිපු ගෝල්ඩ් fish අගල් 12හේ අඩි 4ක් විතර පස්සට විසික් වෙලා තාත්තගේ කකුලේ වැදිලා තමා බේරිලා තියෙන්නේ. ඒ එක්කම ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සෙගේ රැජින(ඒ කියන්නේ ගෝල්ඩ් fishගේ මව් තොමෝ හරිද) ඇවිත් අහනවා මොකෝ පුතේ කියලා. අනේ ඉතිං මං මොනා කියන්නද? මටත් මුකුත් හිතා ගන්න බැරුවනේ හිටියේ. ඈයි දෙයියනේ ඈමේසන් වනාන්තරේ සිරා මෙහෙයුමක හිටපු මම එක පාරට කොහොමද මේ පුටුවකුත් පෙරළ ගෙන තාත්තගේ කකුල් දෙක ළඟ ඉන්නේ කියලා. වැඩේ කියන්​නේ ගෝල්ඩ් fish ගේ තාත්ත හොඳටම හිනා වෙනවා, මව් තොමෝ තාත්තට බනිනවා, මම මේ දුවගෙන ආවේ පුටු පෙරළෙන සද්දේ ඈහිලා මොකද වුනේ කියලා බලන්න. දැන් දෙන්නම කතා නෑ කියලා. කොහොමද දෙයියනේ අම්මට කියන්නේ මම ඇමේසන් ගියා කියලා… තාත්තටත් හිනා යන්න ඇත්තේ තාත්තත් මට හොරෙන් පිටිපස්සෙන් ආපු නිසා වෙන්න ඇති. එදා ඉදන් ඉතිං ගෝල්ඩ් fish ඔයා වගේ කතා බලනවනම් බැළුවේ බිමිං ඉඳං බිත්තියකට හේත්තු වෙලා. ඇයි කියන්න බෑනේ තව මොක්කු මොක්කු හරි පැන්නොත් කොහේ නවතියිද කව්ද දන්නේ?

දැන් නම් මතක් වෙද්දීත් හිනා යනවා. හැබැයි එදා නම් ඇමේසන් ගිහින් බේරුනේ 99න්. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ හොරෙන් හරි ඇමේසන් ඈවිත් තිබ්බේ, නැත්තං ඉතිං ඔලුව කොමඩු වෙනවා. හි හී.

ඔය කව්රු හරි ගාව තියේනම් හරි දන්නවනම් හරි ඇමේසන් බාගන්න ලින්ක් එකක් දෙනවද ගෝල්ඩ් fishට. ආයෙමත් පාරක් ඇමේසන් ගිහින් එන්න ආ….සයි අප්පා. (අර අක්කව බලලා එන්න)

ගෝල්ඩ් fishඒවුනාට ඇත්ත ලෝකේ ගෝල්ඩ් fish හිටියේ කකුල් හතරේ පුටුවක් උඩ කකුල් දෙකෙන්. ඒ කියන්නේ පිටුපස කකුල් දෙකෙන් තමා… ගෝල්ඩ් fishගේ කකුල් දෙක ස්ටූල් එකට තියලා පිටිපස්සට බර වෙලා පුටුවේ කකුල් දෙක උස්සන් තමා හිටියේ. ඔන්න දැන් ගෝල්ඩ් fish මේ ලෝකේ එහෙම උනාට ඈමේසන් වල ඉන්නේ මහා ලොකු චන්ඩියා වගේ. දැන් ඔන්න අර තෝරාගත්ත ළමයා පස්සෙන් ගෝල්ඩ් fishත් කිට්ටු කරනවා අර සද්දෙ ආපු ප්ලේස් එකට…

ගෝල්ඩ් fish ට අද මාර සන්තෝසයි.

යාළු මාලුවෝ දන්නවද හෙඩිමට අනුව ඈයි එහෙම වුනේ කියලා? නැතුව ඇති මම හිතින්නේ… ඒ ගෝල්ඩ් fishට කාගෙන් හරි තෑග්ගත් ලැබුන හින්දවත්, එහෙම නැත්තං ප්‍රමෝෂන් එකක් ලැබුන හින්දවත්, එහෙම නැත්තං රස කෑමක් හමිබුන හින්දවත් නෙමේ. ගෝල්ඩ් fishට ඇත්තටම අද සන්තෝස හිතුනේ පහල තියෙන අති සුන්දර දර්ශනේ දැකල.

දැන් කට්ටිය බලයි මේ මොකා මේ කියලා. මේ තමා මම අද දවසේ ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 9 වැනි සෙනසුරාදා උදෙන්ම දැකපු ලස්සනම දෙවැනි දර්ශනේ. පළවෙනි එක ගැන තව චුට්ටකින් කියන්නම්. යාළු මාළුවන්ට පේනවා නේද ඔය pirnt screen image එකේ තියෙනවා “Clicks” කියලා ඒක යටතේ 37යි කියලා. ඒ ඉස්සරහින්ම තියෙන්නේ තව බ්ලොග් ටැංකියක ලිපියනකුත්. පේනවනේ කට්ටියට?(නැත්තං ඉති ඇස් වාට්ටු යන බස් එක විනාඩි 10න් 10 පිටත් වෙනවා කොල්ලුපිට්යෙන්) ඔය තියෙන්නේ ගෝල්ඩ් fishගේ බ්ලොග් ටැංකියේ blog stat එක. ඒ ලිපිනයට අදාල බ්ලොග් ටැංකියට ගෝල්ඩ් fish ඊයේ වැරදීමකින් වගේ ගියා. ඇත්තටම නිකමට ගියේ. මොන විකාරයක්ද තියෙන්නේ බලන්න. ඇත්තටම විකාරයක් තමා. ඒ වුනාට ඒකෙ තිබුන හදවතට සමීප ගතිය, දැනුන සුපුරුදු ගතිය ඉස්සරහා ගෝල්ඩ් fishගේ ඈස් වලටත් කඳුළු ඉනුවා. ඇත්තටම කඳුළු ආවා. අකීකරු හිතගේ යාළුවෙක් කිව්වා වගේ කොල්ලන්ට ලේසියෙන් ඇඩුම් එන්නේ නෑ තමා, ඒත් ගෝල්ඩ් fishට නම් කඳුළු ආවා. ගෝල්ඩ් fish හිතන්නේ ඒ ගෝල්ඩ් fishගේ බොළඳ කම නිසා නෙවේ සංවේදී ගතිය නිසා කියලයි. (ඕන කෙනෙක් ඕනෙ විදියකට හිතා ගන්න පුළුවන්) ඊට පස්සේ අකීකරු හිත ටික ටික කියවගෙන යද්දී තේරුනා ඒකේ අමුත්තක්. ඒ කිව්වේ ඒ බ්ලොග් එකට වැඩිය කව්රුත් ඈවිල්ලා නැහැ වගේ. ඉතිං දෙයියනේ කොහොමද මේ වගේ සංවේදී සිරා දෙයක් අපේ බ්ලොග් සාග​රේ තනි වෙන්න දෙන්නේ. කරන්න බැහැනේ ඒක කොහොමටත්. ඒක නිසා ගෝල්ඩ් fishකලේ ඊයේ ලියන්න හිටිය ලිපිය පැත්තක දාලා අකීකරු හිතට පොඩි සපෝර්ට් එකක් දුන්න එක. ඇත්තටම ඒ ඊයේ කරපු දේ ප්‍රතිපල දැක්කේ අද උදේ අකීකරු හිත කියවන්න ගිය වෙලාවේ තමා. අකීකරු හිත කියවන්න ටික දෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඇත්තටම ඒ වෙලාවේ සංතෝස හිතුනේ තනි වෙන්න ගිය ටැංකියට මාලුන්ගේ බැල්ම වැටිල තිබ්බ නිසා.

ඒ අතරේ යාළු මාලුවෝ කීප දෙනෙක් ගෝල්ඩ් fishටත් ස්තූති කරලා තිබුනා. ඊට පස්සේ තමා ගෝල්ඩ් fishගේblog stat බැලුවේ. අඩෙ අප්පා ගෙඩි පිටින් 37 දෙනෙක් ගිහින් අකීකරු හිත කියවන්න. හරිම සන්තෝසයි. කවදත් වෙන්නේ ගෝල්ඩ් fish හීනෙන් වත් හිතන දේවල් නෙවේනේ. ඒක ඉතිං සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඒත් මේක ටිකක් විශේෂයි. හේතුව ගෝල්ඩ් fishගේ ඒ අකීකරු හිත ගැන දාපු පෝස්ට් එකටත් කමෙන්ට් වැටිලා තිබ්බා මහ ගොඩක් නෙවේ 3ක්. ඒත් ඒවා කියවද්දී ඈති වුන ච්ත්තප්‍රීතිය කියා නිම කරන්න බැහැ. ඒක තමා අද ගෝල්ඩ් fishට මේ තරම් සන්තෝස. දැන් හරිනේද?

ආ කට්ටියට තව දෙයක් කියන්න ඕනේ, ගෝල්ඩ් fish මුලින් කිව්වේ තව චුට්ටකින් කියන්නම් කියලා දෙයක්. මතක නැතුවත් ඇති සමහරවිට. කමක් නෑ අද දවසේ මම මුලින්ම ගියේ ගේ බ්ලොග් ටැංකියට නෙමේ. දැන් කට්ටිය හිතයි මූට මොනා වෙලාද මේ, තමන්ගේ ටැංකියට වඩා වටිනා ඒවා තියෙනවද කියලා . එහෙම නෙමේ ඒත් මම මුලින්ම ගියේ අකීකරු හිත කියවන්න. තවත් අළුත් අකීකරු සිතුවිල්ලක් පහල වෙලාද බලන්න. ඒත් තිබුනේ නෑ. තිබුනේ අකීකරු හිත කියවන්න ආපු අය දාපු කමෙන්ට් වගයක්. ගෝල්ඩ් fishගේ නමත් ඒ අතරේ ගෑවිලා තිබ්බා. ඇත්තටම බ්ලොග් සයුරේ යාළු මාළුවෝ කීප දෙනෙක් ගිහිල්ලා. ඒ අයට ගොඩක් ස්තූතියි, තනි වෙන්න ගිය ටැංකියක් තනිවෙන්න නොදී රැකගත්තාට. දැන්නම් ඉතිං ආයේ අකීකරු හිත තනිවෙන එකක් නෑ මයෙ හිතේ.

…….ඉතිං මේ තමා ආත්ම තෘප්තිය කියන්නේ. ගෝල්ඩ් fish අද ඒක හොඳට වින්දා. සෑහෙන්න. තමන් කරපු දෙයක් නිසා වෙනින් කෙනෙක් සතුටින් ඉන්නවා බලන්​න ලැබෙන්නේ අර යාළු මාළුවෙක් කමෙන්ට් කරලා තිබ්බ විදියටම පින් කරපු කෙනෙකුට තමා.

තවත් මේ ලිපිය කියවන අකීකරු හිත කියවපු නැති අය ඉන්නවා නම් මෙන්න ලින්ක් එක http://akikaruhitha.blogspot.com. ගිහිල්ලම බලන්නකෝ. ආ… ඔන්න මේ දැන් තව සිතුවිල්ලක් පහල වෙලා. මේ දැන් ​ගෝල්ඩ් fish ගිහින් කියවලා ආවේ.

කොහොමින් කොහොම හරි ඊයේ දාන්න හටපු පෝස්ට් එක ඊයෙත් බැරිවුනා , අදත් බැරිවුනා.. හි හි… 🙂 🙂 🙂 අවුලක් නෑ ඒක වෙන දවසක දාන්න බැරියෑ. මේක ගෝල්ඩ් fishට ඊට වඩා වටිනවා. ඒ කියන්නේ තෑගි බෝග වලට වඩා, රස කෑමකට වඩා, ප්‍රමෝෂන් එකකට වඩා ආත්ම තෘප්තිය සෑහෙන්න වටිනවා. එහෙනම් කට්ටියටම සුභ දවසක්.

පුංචි උදව්වක්…

මේක නම් මේ ​ගෝල්ඩ් fish ගේ පිස්සු වැඩක් නෙමේ. හොඳම හොඳ වැඩක්. වැඩි දෙනෙක් දන්නේ නැති නියම කතා කාරියක් ඉන්නවා. අර ගෝල්ඩ් fish කලින් කිව්ව වචන 100යේ ටැංකියෙන් තමා හොයාගත්තේ. මෙයත් සිරා චවන 100ක් දාලා තිබුනා. ඇඩෙනවා මාර ලස්සනයි. ගෝල්ඩ් fish ඉතින් ටිකක් විතර සංවේදියනේ. ඒක් නිසා වචන 100යේ අයිතිකාරයා හොයාගෙන එයාගේ බ්ලොග් එක ටිකක් කියෙව්වා (ටිකක් කියන්නේ ඔක්කොම). ඒ නිසදැස් කොයිතරම් ලස්සන වුනත් ඒවා කියවන්න වැඩි දෙනෙක් ඇවිල්ලා හිටියේ නෑ. හේතුව එයා සින්ඩියේ නැති එක. ඉතිං තව මාලුවෙක් කියලා තිබුනා සිංඩියට ඈතුල් වෙන්න කියලා. ගෝල්ඩ් fish ත් කිව්වා. ඉතිං ගෝල්ඩ් fish ට හිතුනා ගෝල්ඩ් fish ගේ බ්ලොග් ටැංකියට දවසකට දෙන්නෙක් තුන් දෙනෙක් හරි එන නිසා මේ අළුත් යෙහෙළියගේ අකීකරු සිතුවිලි වලට පොඩි support එකක් දෙන්න ඕනේ කියලා. ඉතිං ලියන්න හිතේ තියං හිටපු කතාව නවත්තලා දාලා මේ පෝස්ට් එක දැම්මා. ඉතිං යාළු මාළුවන්ට කියන්නේ පොඩ්ඩක් අකීකරු සිතුවිලි ටික කියවලා කමෙන්ට් පාරක් දාලා ආවානම්, නියමයි නේද? (කෙල්ලගේ හිත හැදෙන්නත් එක්කම – විහිළුවට) ඇත්තටම කට්ටිය ගිහින් බලන්නකෝ මාර ලස්සනයි.

මෙන්න ලින්ක් එක http://akikaruhitha.blogspot.com/

ටික දවසකට කලින්…

ඔන්න ටික දවසකට පස්සේ ආයෙමත් පෝස්ට් 1ක් දාන්න හිතුනා. මේ දවස් ටිකේම ​ගෝල්ඩ් fishට වැඩ කෝටියයි. එහෙන් ගෝල්ඩ් fishගේ ඔෆිස් එකේ තියෙන palm topයන්තරේ පොඩි පොඩි සීන් දානවා ගෝල්ඩ් fishට. ඒවත් අදාල අයට කතා කොරල බේරුමක් කරලා ඉවර කර ගත්ත යන්තං. ඔය මොන මොන වැඩ තිබ්බත් ගෝල්ඩ් fish බ්ලොග් සයුරේ පීනන එක නවත්තන්නේ නම් නැහැ. දවසගානේ තමන්ගේ එකේම නොවුනත් අනුන්ගේ ඒවාට හරි පීනලා බලනවා. ආ කියන්න අමතක වුනානේ ​අනිත් අයට බ්ලොග් අවකාශේ වුනාට ගෝල්ඩ් fishට බ්ලොග් සාගරේ. හිතා තන්න පුළුවන්නේ ඈයි කියලා…!

හරි හරි මෙන්න අද කතාව. ඔය කලින් කිව්ව විදියට ගෝල්ඩ් fish පහුගිය දවස්වල සාගරේ පීනද්දී ගෝල්ඩ් fishට හම්බුනා සිරා බිලොග් එකක්. ​එකේ තියෙන සිරාව තමා… ඒකේ තියෙන්නේ නිසදැස් වගේ ඒවා. නිසදැස් තියෙන ඒවා ඕන තරම් තියෙන එක හරි මෙයා, ඒ වුනාට මේක ටිකක් විශේෂයි, හේතුව තමා මේකෙ තියෙන ඔක්කොම නිසදැස් ලියලා තියෙන්නේ වචන 100කට සීමා කරලා වීමයි. ඇත්තටම වචන දාස් ගාණකින් කියන්න ඕනේ ඒවා චවන 100කට කම්ප්‍රෙස් කරලා. මාරයි නේ? ඉතින් ඒවා කියවද්දී ඒවායේ අර්ථයක් ගැන එක පාරටම තේරෙන්නේ නැහැ. හොඳට හිතද්දී තමා තේරෙන්නේ ආ.. මේ .. කියන්නේ මේකයි කියලා. ඉතිං ඔය වගේ දෙයක් හම්බුනාම ගෝල්ඩ් fishටත් නිකං කිචි කිචි වගේ. දැන් අහන්න එපා මාළුන්ට කිචි තියෙනවද කියලා. කිචි තියෙනව​ා. බොරුනම් ඔය ටැංකියක ඉන්න මාලුවෙක් අතට අරගෙන බලන්න වූ හිනා වෙවී ඇඹරෙන හැටි. අන්තිමේ හිනා වෙලා හිනා වෙලා කූරිය ගහනවා. හී හී. හරි හරි….

ඔන්න දැන් මේ බ්ලොග් එකට ගෝල්ඩ් fish ත් දැම්මා නිසදැසක්. පුංචි දුවක් ගෙන අම්ම කෙනෙකුටයි, තාත්තා කෙනෙකුටයි හිතෙන විදිය ගැන තමා දැම්මේ. දැන් කට්ටිය විහිළු කොරන්නේ එහෙම නෑ ගෝල්ඩ් fish ඕවා කියන්නේ අත්දැකීමෙන්ද කියලා හරිද? ඇත්තටම ගෝල්ඩ් fishගේ හොඳම හීනයක් තමා ඒ. ඊට පස්සේ ඒ වෙලාවෙම ඊමේල් එකක් ආවා ඒ බ්ලොග් එකට නිසදැසක් දාලා එහෙම සහභාගී වුනාට ස්තූතියි, අපි මේක බ්ලොග් එකට දාන්නම් කියලා. කොහොම හරි සතියක් විතර ගියා. ඈයි ඉතින් ගෝල්ඩ් fish විතරයේ නිසදැස් ලියන්න දන්නේ? නැහැනේ තව ඉන්නවනේ. ඒ අය ගෝල්ඩ් fishට කලින් එවපුවා තියෙන්න ඈති. ඒවා දාලා තමා ගෝල්ඩ් fishගේ එක දාලා තිබුනේ. ​කොහොම හරි ඉතින් ගෝල්ඩ් fishටත් අම්බානෙට සතුටුයි. ඇයි අප්පා අනුන්ගේ බ්ලොග් එකක ගෝල්ඩ් fishගේ නිසදැසත් දාලා කියන්නේ. ම් ම් ම්… මාර හැපී. ඒ අස්සේ කව්ද මාලුවෙක් සිරා කමෙන්ට් එකකුත් දාලා… ආයි ඉතින් තවත් හැපී. කියලා වැඩක් නැහැ. ඊට පස්සේ ගෝල්ඩ් fishත් කලගුණ සැලකීමක් විදියට අනිත් අයගේ නිසදැස් වලට කමෙන්ට් පාරක් එහෙම දාලා වෙන බ්ලොග් එකකට පීනුවා. මේ තියෙන්නේ ගෝල්ඩ් fish දාපු නිසදැස තමා.

වලාකුළු වියන් තනාලා..ස​​​දේරැස් නිවා දමා..

හා නෑ නෑ ඒක නෙමේ වැරදුනා ඒ වෙන කාගෙද එකක් මේ තියෙන්නේ ගෝල්ඩ් fishගේ ඔරිමජිනල් එක.

මුතු… මුතු…
අනේ කෙල්ලේ තාම තාත්තිගේ පපුව උඩට වෙලා හොඳට නිදි නේද?

ඒ මගේ සදාදර බිරිඳගේ කටහඩයි.
ඒ කතා කලේ,
මගේත් ඈයගේත් එකම ආදර දූ පැටික්කිටයි.
අපේ ජීවිත වලට සතුට අරගෙන,
අපි අතර බැඳීම තවත් වැඩිකරන්නට,
කොහේදෝ ඉඳන් ආ අපේ පුංචි හුරතල් කෙල්ලටයි.
මුතු අපිට වාසනාවකි.
තාත්තිටනම් මුළු ලෝකයකි.
තාත්ති එනකම් අම්මිත් එක්ක,
මග බලන් හිද ආපු ගමන් බෙල්ල බදා ගෙන
ඉඹ ගෙන ඉඹ ගෙන යන
මගේ පුංචි කෙල්ල
ඳඟල ඳඟල ඉඳල නිදිය ගන්නේ
තාත්තිගේ පපුව උඩ
ඉතිං උදේට ඈහැරවන්න ගියාම දුකේ බෑ…
තාත්ති තාත්ති කිය කිය තවත් හයියෙන්
බෙල්ල බදාගෙන නිදා ගන්නවා.

ඉතිං පුංචි මුතු කෙල්ලට ගොඩක් ආදරෙයි මම.

—-

ඉතිං කට්ටියට කියන්න ගෝල්ඩ් fish ආයෙමත් දවස් දෙක තුනකට කලින් ඒ බ්ලොග් එකට පීනලා බලද්දී, තව දෙතුන් දෙනෙකුගේ නිසදැස් තිබුනා. ඒ අතරේ අර කලින් ගෝල්ඩ් fish දාපු නිසදැසට උඩින් තියෙනවා ප්‍රතිචාර – 9යි කියලා. බලන්න ඕනේ එවෙලේ තිබුන සංතෝසේ ගෝල්ඩ් fishට දැ​නුනේ පුංචි පුංචි මාලු රෑන් තමා වටේ සිංදු කිය කියා කැරකෙනවා වගේ. ඊට පස්සේ ඉතිං ආසාවෙන් කියවන්න ගත්තා ප්‍රතිචාර ටික. අම්මෝ බලන්න ඕන තිබුන ඒවා. එක අක්කා කෙනෙක් මෙහෙමත් කියලා තිබ්බා…

ලස්සනයි..
—*
ඔයා ඇත්තටම දැනටත් තාත්තෙක් නම් දුවෙක් විදියට මේ කියන්නේ අනාගතය වෙනුවෙන්.. කොයි තරම් ආදරේ දුන්නත් කුරුළු පැටව් ලොකු උනාම කූඩුවෙන් පියාඹලා යනවාමයි.. එහෙම නොවුනොත් ඒ ලෙඩු කුරුල්ලෙක්.. සදාතනික සත්‍යට දැම්ම ඉදං හිත හදාගන්න.. දුව‍ට ඕන විදියට නටන්න දෙන්න කියනවා නෙවෙයි.. ඒත් නිසි වයස ආවම එයා ඔයාගෙ තුරුලෙන් පොඩ්ඩක් විතර ඇතට යනවා මයි.. හැබැයි දූගේ හිතේ තාත්තට තියන ආදරේ ගෞරවේ නම් නැති වෙන්නේ නෑ.. ඔයා හරියට දූ හැදුවොත්.. ඒක තියෙන්නේ ඔයාගේ අතේ..! (malee)

*—-

තව එක්කෙනෙක් මෙහෙම …

සිරා ලස්සන වචන සීයක් තාත්තා කෙනෙක්ට ආදරේ දැනෙන විදිහ පිටට පෙන්නන රළු බවට වඩා අමුතු දෙයක් කියලා සිරාවට පෙන්නලා තියෙනවා.. (ආගන්තුකයා | Stranger)

දැන් ගෝල්ඩ් fishගේ සන්තෝසේ තරම හිතා ගන්න පුළුවන්නේ. ඈයි හත් දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියලා කව්ද හිතුවේ. කොහොම හරි ඇත්තටම මාර හැපී ගෝල්ඩ් fishට. ඒ ගැම්මෙන් තව එකක් ලියලා දැම්මා. ඒකනම් තාම දාලා නැහැ. අවුලක් නැහැ පස්සේ දායිනේ. ආ කියන්න අමතක වුනානේ, ගෝල්ඩ් fish කියපු වචන සීයේ බ්ලොග් එක ගැන. කට්ටිය දන්නවත් ඇති කමක් නෑ මෙන්න ලින්ක් එක. http://onezerozerowords.blogspot.com/

යාළු මාලුවෝ ටික ගිහිල්ලම බලන්නකෝ. මාරම ගති බ්ලොග් එක.

%d bloggers like this: