අසම්මත රස්සාව…

මුලින්ම කියන්නේ යාළු මාලුවෝ ඔක්කොටම, මේ පෝස්ට් එක කියවද්දී හිතන්න එපා ගෝල්ඩ් fish කොහොමද මේ තරම් හොඳට දන්නේ? මූත් මේවට සම්බන්ධ ඇති කියලා. හරිය. මේ ඔක්කොම ගෝල්ඩ් fish විසින් අවට සමාජයෙන්ම උකහා ගත්ත දේවල්.

හරි මෙන්න කතාව. කට්ටියම දන්නවනේ ​වෛශ්‍යා වෘත්තිය කියල එකක් නේද? මේක අද ඊයේ ආරම්භ වුන දෙයක් නෙමේ. බුදුදහම පැතිරෙන්නට කලින ඉඳන්ම තිබ්බ දෙයක්. හොරෙන් තමා මේක කරන්නේ. ඒත රැකියාවක්. දැන් නම් සමහර රටවල මේක නීති ගත කරලා තියෙනවා. මේකට තියෙන්න ඕනෙ එකම සුදුසු කම තමා… අධ්‍යාපනය? නෑ… එහෙනම්… උස අඩි 5යි අඟල් 4ක් වීම…. නෑ….. තියෙන්න ඕනේ එකම සුදුසු කම තමා ගැහැණියෙක් වීම.

මේක කියවන අක්කලා, නංගිලා, ගුරුවරියෝ, දොස්තරවරියෝ ඇතුළු කාන්තා පාර්ශවයේ හැම කෙනෙක්ටම කියන්නේ, මේ කාන්ත ජාතිය ගැන අවතක්සේරු කරනවා නෙමේ. ගෝල්ඩ් fishට කවදාවත් එහෙම කරන්න බැහැ. මොකද ගෝල්ඩ් fish ඉපදුනෙත් ආදරනීය මව් කෙනෙක්ගෙ කුසින් නිසා. මේ කියන්න යන්නේ ගෝල්ඩ් fish, ​වෛශ්‍යා වෘත්තිය දකින කෝණය ගැන තමා. අනිත් අය බලනවට වඩා ටිකක් වෙනස්, නොදකින පැත්තක් තමා ගෝල්ඩ් fish මේ ඉලව් වෘත්තියේ දකින්නේ.

ඇත්තටම කියන්න මේ වෘත්තිය කෙරෙන්නේ ගෝල්ඩ් fishට හිතිනෙ විදියට ක්‍රම දෙකකට. එකක් තමා තම කැමැත්තෙන්, තම ආසාවන් මුසපත් කර ගැනීමට මුදල් ඇතිව හෝ නැතිව මේ වෘත්තියේ යෙදීම. (ඒකට වෘත්තිය කියන්න බෑ, වෙන වචනයක් තමා පාව්ච්චි කරන්න වෙන්නේ ඒ කියන්නේ ​වෛශය කම වගේ) අනිත් ක්‍රමය තමා අතට කීයක් හරි හම්බු කරගන්න මුදල් බලාපොරොත්තුවෙන් මේ වෘත්තියේ නියැලීම.

පළමු ක්‍රමයේදී වෙන්නේ ගොඩක් වෙලාවට විවාහ වුන කාන්තාවන් පවා තම සහකරුගෙන් සතුටු විය නොහැකි තත්ත්වයට පත්වී වෙනත් පිරිමින් කරා යෑමක්. ඒක ඇත්තටම වෙන්නේ රාගික සිතුවිලි නිසා. කියන්න දෙයක් නෑ සමහර පිරිමිත් එහෙම තමා. ​ඇත්තටම ගොඩක් වෙලාවට පිරිමි අය තමා ඒ තත්ත්වෙට පත්වෙන්නේ. සෑහෙන දුරට මේ වගේ සීන් වලට වැටෙන්නේ ධනවත්, සමාජශීලී, සැමියා රට රැකියා කරන වගේ කාන්තාවන් තමා. කියන්න කනගායි යාළු මාලුවනේ රෑට සැමියා ගෙදර ඉන්න කාන්තාවනුත් මේ ගොඩේ සුලු ප්‍රමාණයක් හරි ඉන්නවා. ඒක නිසා ඒ වගේ ඉල්ලන් කන ජරා ගෑනු ගැන තව දුරටත් ගෝල්ඩ් fish කතා කරන්න යන්නේ නෑ. ඒ කාන්තාවන්ට හා පිරිමින්ට සොභාදහමෙන් දඩුවම් ලැබෙයි.

මේ තමා දෙවැනි ක්‍රමය අනුගමනය කරන කාන්තාවන්. ඇත්තටම ගෝල්ඩ් fishටත් අම්මා කෙනෙක් ඉන්න හින්දා මේ ගැන හිතන්නත් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ, හිතන්න වෙනවා. මේ ක්‍රමයට ගොඩක් වෙලාවට හැඩ ගැහිලා තියෙන්නේ දුප්පත් කමෙන් හෙම්බත් වුන, ගම්බද ඉඳන් නගරයට පැමිණ විවිධ පුද්ගලයින්ගේ උගුල් වලට හසුවුන අහිංසක කාන්තාවන්. ඇත්තටම ඔවුන් අතර පුංචි අවුරුදු 14, 15 වයසේ ගැහැනු ළමයි පවා ඉන්නවා. ඇත්තටම ගෝල්ඩ් fish දුක් වෙනවා ඒ ගැන ඒ හැම දෙයක්ම වෙන්න ඇත්තෙ මවුපියන්ගේ වැරැද්දෙන් වෙන්න ඕනා. හරි කොහොම හරි… මේ දෙවැනි කාන්ඩේ ගැන තමා මුළු මහත් සාමාජයම දන්නේ අඳුනන්නේ. ඇත්තම කියන්න ඔවුන් මේ දේ කරන්නේ තමන්ට වෙන දෙයක් කරන්න තරම් උගත් කමක් නැති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං තමාගේ ආබාධිත සැමියා හා දරුවෝ රැක ගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං ඈත ගමේ ඉන්න දෙමාපියන්ට කියක් හරි හම්බු කරලා යවන්න වෙන්න පුළුවන්. ඒත් නැත්තං ගමෙන් නගරයට ඇවිත් අතරමං වෙලා තමාගේ නොදැනුවත් කම් නිසා වෙච්ච අතපසුවීම් වලට වන්දි ගෙවීමක් විදියට වෙන්නත් පුළුවන්.

දැන් ගෝල්ඩ් fishට මේතරම් මේ ගෑනු ගැන තියෙන රුදාව මොකද්ද කියලා අහන්න දත මැද ගෙන ඉන්න එවුන් ඉන්නවා නම් මගේ ටැංකිය අතෑරලා ගියාට කමක් නෑ. කිසිම දුකක් නෑ. ඒ වගේම ගෝල්ඩ් fishට මඩ පහරවල් වදින්නත් පුළුවන් මින් ඉදිරියට. ඒත් කමක් නැහැ… ඇත්ත කියපු නිසානේ. ආ තව එකක් ගෝල්ඩ් fishට මේවගේ දෙයක් පෝස්ට් කරන්න හිතුන හේතු කීපයක් තියෙනවා. ඒවා අන්තිමට කියන්නම්.

දන්නවද? ගෝල්ඩ් fish ස්කෝලේ යද්දී ඒ කියන්නේ 2002,2003 විතර ගෝල්ඩ් fishලාගේ sport meet එක තිබ්බේ පානදුර පැත්තේ මහජන ක්‍රීඩාංගනයක. ඉතින් ඒ අතරේ ගෝල්ඩ් fish ඇතුළු තවත් මාලු කීපදෙනෙකුට වතුර වැඩිපුර බිව්වම හැදෙන ලෙඩේ හැදුනා. ඉතිං කට්ටියම ගියේ අර ක්‍රීඩාංගනේ තාප්පේ පිටිපස්සට. අපි ඔක්කොම කරලා ඉවර වෙලා වට පිට බලද්දී (කොහොමත් එහෙමනේ හැමදේම ඉවර වෙලානේ වටපිට බලන්නේ) හිටයේ පුංචි කෙලි පැට්ටෙක්ව තුරුළු කරගත්ත තාත්ත​ කෙනෙක්, එයාට ඇවිදින්න බැහැ, කකුලක් තිබුනේ නැහැ. අන්නවද ජීවත් වුනේ කොහොමද කියලා? ඒ පොඩි දරුවගේ අම්ම තමන්ගේ ශරීරය මිලකරලා තමා ඒ තුන්දෙනමෙ ජීවත් වෙන්නේ.

තව තියෙනවා, සමහර ගෑනු ළමයි ගොඩක් වෙලාවට අවුරුදු 25,26 වගේ අක්කලා සම්භාහන මධ්‍යස්ථාන කියන ඒවායේ ටිකක් ඉහල මිලකට විකිණෙනවා. ඒත් ඒ අය ඒ දේ කරන්නේ හිත හිතුලේ මහා ලොකු දුකක් හංගගෙන, තමන්ගේ දුර ඈත ගම්වල ඉන්න දෙමාපියන්වව, සහෝදර සහෝදරියන්ව ජීවත් කරවන්න. ඒ අයගේ ගෙවල් වල අය දන්නේ ඒ අක්කලා නංගිලා නගරයේ වැදගත් රස්සා කරලා උපයන ආදායමෙන් කොටසක් තමා මේ එවන්නේ කියලා. ඒත් එහෙම කරන්නේ කීයෙන් කීදෙනාද?

ගෝල්ඩ් fish මේ සීන් එකක් වත් සාධාරණිකරනය කරනවා නෙමේ, ඒත් අර පළමු පන්තියේ ගෑනුන්ට වඩා දෙවැනි වර්ගේ කාන්තාවන් උසස් කියලා තමා ගෝල්ඩ් fish හිතන්නේ. තමන්ගෙන් යැපෙන්නන් ජීවත් කරවන්න ඔවුන් තම ශරීරය නෙමේ ආත්මය මිල කරනවා කිව්වොත් නිවැරදියි. අපි කරන්න ඕනේ ඒ අයට support එක දීලා ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටුවන එක නෙමේ, ඒ වැඩ වෙනුවට ඔවුන්ට කරන්න පුළුවන් දේවල් කියලා දීලා, සමාජයට පිලිලයක් නොවන වැදගත් මාරග වලට යොමු කිරීමයි. ඇත්තටම ගෝල්ඩ් fish හිතන්නේ මේ දෙවැනි වර්ගයේ කාන්තාවන් තමන්ගේ ආත්මය විකුණන රස්සා​ වලින් මුදවලා අඩුම ගානේ කොහොට හරි වෙලා ලියුම් කවර අලවලා විකුණන්න කියලා දුන්නත් ඒකත් ලොකු දෙයක් කියලයි. මේ දෙවැනි වර්ගයේ කාන්තාවන් පුනරුත්තාපනය කල යුතුයි. ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඇත්තටම හොඳින් ජීවත් වෙන්න ක්‍රම සලස දිය යුතුයි. මේ හැම දෙයක්ම ඔවුන් කරන්නේ ජීවත් වීම පිණිසම මිසක් පළවෙනි වර්ගයේ ගෑනු වගේ තමන්ගේ ජරා ආශාවන් ඉෂ්ට කරගන්න නෙමේ කියලත් මතක තියාගන්න වෙයි යාලු මාලුවන්ට. ගෝල්ඩ් fish මේවා කියන්නේ ඇත්තටම කාන්තාවන් යම් කොටසක් ගැන හිතට දැනුන දුක නිසා උනාට, අද මේ සමාජයේ ජීවත් වෙන ගොඩක් ගැහැණු හරි කපටි බවත් ගෝල්ඩ් fish හොඳින්ම දන්නවා. ඔවුන් පිරියෙක්ට ලංවෙන්නේ පිරිමියාගේ ආදර​ය දිනා ගෙන තම මුදල් අවශ්‍යතා ආදිය ලබා ගැනීමටයි. හැම මාළුවෙක්ටම කියන්නේ ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න තමන් දැන ගන්න ඕනේ. ඒත් ඔය මුකුත් නැහැනේ ගෝල්ඩ් fishට angel වගේ තමන්ට කියලා හොඳින් ආදරය කරන ගැහැනු දරුවෙක් හොයාගත්තනම්. එහෙම නේද?

හරි දැන් කියන්නම් මේ පෝස්ට් එක දාන්න හේතු වුන කාරනා… මුල්ම එක දවසක් ගෝල්ඩ් fish office එකේ වැඩකරන ගමන් office එකේ ම සගයෙක් අහනවා … ගෝල්ඩ් fish උඹ දන්නවද ​වෛශ්‍යා වෘත්තියේ යෙදෙන ගෑනු වැඩියෙන්ම ඉන්නේ කොහෙද කියලා? කියලා. ඕක ඉතිං නොදන්න බබෙක් ඉන්නවයෑ කියලා… ගෝල්ඩ් fish කිව්වා කොළඹනේ බං කියලා. පස්සේ අර මාළුව කියපි, නෑ යකෝ උඹලගේ පූජනීය නගරේ… අන්න එහේ කියලා… ඒ කියන්නේ අනුරාධපුරේ. ඒක නෙමේ විශේෂත්වය මූ මුස්ලිම් එකෙක්. ඒ මාලුවා ඇත්තටම හිත හොඳ එකෙක්. ඒත් ගෝල්ඩ් fish ට කිව්වේ.. උඹලගේ පූජනීය නගරේ… අන්න එහේ කියලා. ඒකයි ගෝල්ඩ් fishට දුක. අන්‍ය ආගමිකයෙක් අතින් තම ආගමට විශාල කැලලක් ඇතිවුනා. දැන් කරන්න දෙයක් නැහැ ඉතිං. ගෝල්ඩ් fish ඈහුවේ .. අඩෝ ඇත්තද බං? මං හිතුවේ කොළඹ කියලනේ කියලා. පස්සේ ගෝල්ඩ් fish මුස්ලිම් සගයා කිව්වා එහෙම වෙලා තියෙන්නේ හමුදාවේ අයගේ වුවමනාවට කියලා. ගෝල්ඩ් fish හොයලා බලද්දී ඒක ඇත්ත. ඒ තැන් වල ඉන්නේත් දෙවැනි වර්ගේ අයම තමා. දුකයි ඒත් ගෝල්ඩ් fishට කියලා කරන්න දෙයක් නැහැ මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් දානවා ඇරෙන්න. හම්… තව එකක් තියෙනවා අපේ බ්ලොග් ගඩොල් ලියලා තිබුනා එයාලගේ ස්කෝලෝ ඇන්ටි කෙනෙකුට ආදරේ කරපු යාළුවෙක් ගැන කතාවක්. ඒ ගමන්ම එයා දාලා තිබුනා malena කියලා සිරා movie එකක් තියෙනවා. ඒක ලස්සනයි බලන්න කියලා. ගෝල්ඩ් fish ඉතිං ඔය වගේ දේවල් අතහරින්නේ නැහැනේ. download කරගෙන බැළුවා. ඒක් ඇත්තටම ලස්සන කතාව, ඒත් ඒකෙත් කියවෙන්නේ ​සමාජය නිසා වෛශ්‍යාවක් වෙන කෙනෙක් ගැන. කොහොම හරි ඒ මලීනාගේ සැමියා එක්ක අන්තිමේ සතුටින් ගතකරන ආවසානයකුත් එක්ක තමා කතාව ඉවර වෙන්නේ. ඒක නිසා ගෝල්ඩ් fish දුක නෑ ඒක ගැන නම්.

ඒත් අපේ රටේ සිදුවෙන මේ අපරාධයට, අපේ ධර්මද්වීපයට මේකේ පාලකයෝ වග කියන්න ඕනේ. ඒ අයට පුළුවන් දෙවැනි වර්ගේ කාන්තාවන්ට සෙතක් කරන්න. ඇත්තටම එහෙම වෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්.

පළවෙනි වර්ගේ ජරාව ගැනනම් කියන්න ඔනේ නැහැ. උන් ඕනේ දෙයක් කරගත්තාවේ. ඉතිං ආයෙත් කියන්නේ මේක කියවපු අක්කලා නංගිලා නැන්දලා ඇතුළු සමස්ත කාන්තාවන් සියළු දෙනාම ගෝල්ඩ් fish එක්ක තරහක් ​වෛරයක් තියාගන්න එපා. මේක ලිව්වේ ඔයාලා වගේම , දුක් විඳින ගැහැනු පිරිසක් වෙනුවෙන්. ඒ එක්කම පිරිමි කට්ටියට, මේ වගේ දුක් විඳින කාන්තාවන්ට තවත් දුක් දීලා ඔවුන්ගේ ආත්මයට තවත් ගින්දර එකතු කරන්න හිතන්නවත් එපා. ඒක බොහොම නරක දෙයක්. අනිත් දේ තමා පිරිමි අපි කරන්න ඕනේ කාන්තාවන්ව වනසන එක නෙවේ ඔවුන්ව ආරක්ෂා කරන එකයි.

%d bloggers like this: