Virtual හීන…

ම්….ම්…. ඉතිං අද කට්ටියට පොඩි අළුත් වෙනස් සීන් එකක් ගැන තමා කියන්න යන්නේ. සමහරවිට මාළු මාළුවන්ටත් මේ අත්දැකීම ඇති. මේක මේ රෑට දකින හීන ගැන තමා. (සමහරුන්ට නම් ඉතිං දවල්ටත් පේනවනේ) ආයේ අහන්න දෙයක් නැහැනේ කව්ද හීන දැකලා නැත්තේ කියලා නේද? ඕකට ඉතිං ඔව් කියලා කට පුරා හිනා වෙලා කියන්න බැරි කව්රු හරි ඉන්නවනම් ඉතිං ඒ තමන්ගේ මතකය අහිමි වුන කෙනෙක් වෙන්න ඕනේ.

හරි මෙන්න කතාව. ඇත්තටම කතාවකටත් වැඩිය අත්දැකීමක්. ගෝල්ඩ් fish ඉන්නවනේ, එයා නිදාගන්න ටිකක් විතර හොරයි. ඒ කියන්නේ ඉරිදා දවස් වලට එහෙම පාන්දර 10.00, 11.00 විතර වෙනකන් දොයියනවා. පව්නේ තාම චූටි පැටියනේ කියලා ගෝල්ඩ් fishගේ අම්මත් කිරි එකක් එහෙම ගෙනැල්ලා දෙනවා පාන්දර 9.00ට විතර. හරියට නිදාගන්න හම්බුවෙන්නේ ඉරිදාට විතරක් නිසා ඇති වෙන්න දොයි ගත්තට අම්මා මුකුත් කියන්නෙත් නෑ. ආ…. ඒක නෙමේනේ කතාව. sorry ඈ. ඔය විදියට මේ ලඟදී
දවසක ගෝල්ඩ් fish දොයියන් ඉද්දී එක පාරටම ගෝල්ඩ් fish ගේ angel ඉන්නවනේ …  එයා ඇවිල්ලා මෙන්න බොලේ අතින් අල්ලගෙන මොනාද මොනාද කියලා සිරා උණුසුමකුත් එක්ක පපුවට තුරූලු වෙලා තවත් මොනාදෝ කියවනවා. ගෝල්ඩ් fishට හිතුනා අනේ හොඳට හිටිය angel ට මක්ක වුනේ කියලා. ඇයි දෙයියෝ මීට සති දෙකකට විතර කලිනුත් බැනුම් ඇහුවනේ. ගෝල්ඩ් fish ට රිදෙන්න බනින්න තරම් හොඳ සිහියෙන් හිටි angel ට පිස්සු හැදිලා වත්ද කියලා හිතුනා. ඊට පස්සේ මෙන්න මේකි ගාවින් සිරා perfume ගඳකුත් එනවා. ටිකක් මතක් කොරලා බලද්දී ගෝල්ඩ් fish angel ගේ අපන් දිනේකට දීපු perfume එකේ නහය ගලෝගෙන යන පුසුඹ තමා එන්නේ. ඒ කියන්නේ කොයිතරම් තරහෙන් හිටියත් angel, perfume එකත් එක්ක තරහා වෙලා නෑ. හි හි. ඊට පස්සේ ඔන්න එක පාරටම ගෝල්ඩ් fishගේ සුමුදු අත්දෙකින් එක අතක එල්ලිලා තව තව මොනාදෝ කියවනවා.

අනේ දෙයියනේ මේ මොකෑ වෙන්නේ කියලා හිතුන වාර ගණන අනන්තයි. පස්සේ ඉතිං ගෝල්ඩ් fish ගේ වල් කමට angel ගේ සුදු කම්මුලට උම්මා එකකුත් දුන්නා. වල් කමට කිව්වට එහෙමම නෙවේ ඉතිං ආදරේටනේ. ඔන්න දැන් ගෝල්ඩ් fish ඉතිං ලේසියෙන් දෙයක් අතාරින්නේත් නැහැනේ. ඊටත් angel ට එක කම්මුලයේ තියෙන්නේ. අනිත් එකටත් එකක් නොදී තියන්නේ වෙන කාට දෙන්නද කියලා දෙන්න හදද්දිම…..

කෙලියානෙ තාප්පෙට. ගෝල්ඩ් fish අම්මගේ කටහඩ ඇහෙනවා. angel කියනවා අයියේ අම්මා එනවා නේද කියලා. ඒ අස්සේ ගෝල්ඩ් fishට ඇහෙනවා නෙතු ළඟ දඟ කරනා…ආඩම්බරකාරී සින්දුවත්. ඒ කියන්නේ angel ගේ ගෙදරින් call එකක්. ඉතිං angel කියනවා අයියේ බලන්න අපේ අම්මා වෙන්න ඇති කියලා. ඔන්න ගෝල්ඩ් fish උගේ, mobile එක ගන්න හදද්දිම ගෝල්ඩ් fishගේ අම්මා කියනවා පුතේ නැගිටින්න නැගිටින්න මෙන්න call එකක් කියලා. ඈ බොල මේ මොනවාද වෙන්නේ කියලා හිතා  ගන්න බැරුව ගෝල්ඩ් fish දඩි බිඩි ගාලා බැළුවා ඉන්නේ කොහෙද කියාලා. ආබාදයක් නෑ ඉන්නේ ගෙදර ඇඳ උඩ. එතකොට angel…? ආපු call එක…? මාර ප්‍රශ්නේ. තාමත් angel අතින් අල්ලගෙන හිටපු අත රස්නෙයි වගේ දැනෙනවා. මේක මාර වැඩක්නේ. ඇත්තටම එවෙලේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරිවුනා.

Angel ව දැකලා තියෙන්නේ හීනෙන්, call එක ඇත්තටම ඇවිත් තිබුනේ angel ගේ ගෙදරින්. එතකොට අම්මා කතා කරපුවා ගෝල්ඩ් fishටයි angelටයි දෙන්නටම  ඇහුනත් එක්කනේ. ඔවි ගෝල්ඩ් fishගේ අම්මා සුපුරුදු විදියට කිරි එක ගෙනැල්ලා ගෝල්ඩ් fishගේ මේසේ පොඩ්ඩක් අස්කර ගන්න කිය කිය ගෝල්ඩ් fish ඇඳුම් ටික අස්කර කර කර ඉඳලා තියෙන්නේ. එතකොට අර perfume සුවඳ තාමත් නිකන් නහයට දැනෙනවා දැනෙනවා වගේනේ. අනේ මට පිත්තු හැදී ගෙන එනවද මන්දා…? ඔක්කොම රූයිතෙටනේ. ඒ අස්සේ angel අතින් අල්ලන් හිටපු තැන ඒ දැනුන ස්පර්ශය එහෙම හොඳට මතකයි. අර කරපු වල් වැඩේ. ඒකත් දැනෙනවා.

ඇත්තටම මොකද්ද වුනේ කියලා තාම හිතා ගන්න බැහැ. ඊට පස්සෙත් ඒ වගේ දේවල් දෙතුන් පාරක්ම වුනා. සමහර ඒවයේ හිටියේ ගෝල්ඩ් fishගේ පරණ fit බුවාලා, තවත් සමහර  ඒවායේ අර ඈමේසන් කේස් එකේ වගේ වීර චරිත. කොහොම හරි මේ  ඔක්කොම හීන. කේස් එක කියන්නේ මේ ඔක්කොම ගෝල්ඩ් fish දැනෙන්නේ ඇත්තටම ඇත්තම  ලෝකෙ  ඒවෙලාවේ වෙන ඒවා වගේනේ. මොකෙක් හරි අතින් ඇල්ලුවොත් ඒ ස්පර්ශය හොඳට  දැනෙනවා. ඔලුව අතගෑවොත් ඒත් එහෙමයි. හැබැයි මේ වෙනකම් නම් ඔය වෙඩි fight තියෙන තැන් වල, accident හැප්පෙන තැන් වල එහෙම හීනෙන් ගිහින් නෑ. ඒ වගේ කේස් එකක් පෙනුනොත් මොනා වෙයිද මන්දා ? නින්දෙන්ම වීසා හම්බුවෙයිද දන්නේ නෑ? ඇත්තටම මේක සාමාන්‍ය දෙයක්ද ? එහෙම නැත්තං ලෙඩක්ද? තාම ගෝල්ඩ් fishට නම් හිතා ගන්න බෑ. ඇත්ත ලෝකේ වෙන දේවල් වලට ඒ වෙලාවේ දකින හීනේ ඉන්න අයත් මාර විදියට ප්‍රතිචාර දක්වන්නේ. උන් හිතන් ඉන්නේ ඒවා හීන ලෝකේ වෙන සීන් කියලා. ඒත් බැලින්නං භාගෙට භාගයක් වෙලා තියෙන්නේ හැබෑ ලෝකේ. ඒත් කොහොමද මේ ලෝක් දෙක එකට සම්බන්ද වෙන්නේ. එක්කෝ  ගෝල්ඩ් fish දොයියන්නේ භාගෙට, එහෙම නැත්තං හීන පේන්නේ භාගෙට. අනේ  මන්දා? මට නම් තේරෙන්නේ නැහැ මේ කිසි දෙයක්. මේ…. මේ…. ඔය මොනා වුනත්  angel ඉන්න හීන වලටනම් ඉතිං ගෝල්ඩ් fish පන ඇරලා. ආයෙ හීනෙම ඉන්න තමා හිතෙන්නේ. ඇහැරෙන්න හිතෙන්නෙම නෑ. ගිය ඉරිදා උදේත් 8.30 ට විතර angel එක්ක ගෝල්ඩ් fish ගියානේ කළුතර බෝධි. ඔන්න ටික වෙලාවකින් angel කියනවා අයියේ ඔන්න අම්මා එනවා මම ගිහින් එන්නම් කියලා. මෙන්න angel ගියා විතරයි පුතා මේ කිරි එක බොන්න කිව්වේ නැතෑ ගෝල්ඩ් fishගේ මව් තුමිය. අනේ මෙහෙමත් හීන. වෙලාවකටනම් හරි ෂෝක් අප්පා.

මේ ඇත්තටම කියන්නේ මේ සීන් එක කියවන යාළු මාළුවොන්ටත් මේ වගේ නම් හරි මේ වගේ දේවල් ගැන දන්නවා නම් හරි ගෝල්ඩ් fishව පොඩ්ඩක් දැනුවත් කරන්න මේ ගැන. මොකද මේ ලෙඩක්ද දන්නේත් නැහැනේ. ඒකයි.

%d bloggers like this: