ගෝල්ඩ් fishට අද ඉතිං මල් හතයි. ඇයි ඊයේ හොඳ වැඩක් කරලා සතුටු වුනානේ. මේ දැන් දාන ඈමේසන්ද? ගෙදරද? ලිපිය දාන්න හිටියේ ඊයේ. අර හොඳ වැඩේ නිසා ඒක ටිකක් පස්සට ගියා. කමක් නෑ දැන් දානවනේ…!
හරි ඔය අහේ මෙහේ යන යාළු මාළුවෝ ටික මතක්කර ගන්න බලන්න කටිටිය එක්ක ඉස්සර ආසාවෙන් බලපු TV series. දැන් ඉතිං එක හැල්මේ කියයි, මායා බන්ධන, රොබින්සන් අන්දරය, බෲම්, රොබින් හුඩ්, ටාසන්…. තව මහා ගොඩකුත් එක්ක හෙන දිග ලෑස්තුවක්.
ඔය ඔක්කොම අතරේ කාට හරි එක මාළුවෙකුටවත් මතකද ITN එකේ සෙනසුරාදා හවස 6.00ට ගියා ඈමේසන් කියලා සිරා කතාවක්.
අර ප්ලේන් එකක් බ්රසීලේ ඇමේසන් කියන මහ කැලේට කඩා වැටුනට පස්සේ ඒක ඉන්න කට්ටිය බේරිලා ඇවිත් කැලේ ඇතුලේ ඉන්න එක එක වර්ගවල ගෝත්රවල මිනිස්සු සත්තු එක්ක ජීවත් වෙන්න දත කන හැටි තියෙන්නේ. හරි කමක් නෑ මතක අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතිනේ…
ඉතිං ඒ දවස් වල ගෝල්ඩ් fishත් හරි ආසයි ඔය කතාවට. ඒකෙ ලස්සන අක්ක කෙනෙකුත් හිටියා. නම නම් දැන් මතක නෑ. ඒ කාලේ ගෝල්ඩ් fish පංති ගිහින් සෙනසුරාදා හවසට ගෙදර දුවගෙන එන්නේ ඇමේසන් බලන්න. ඇමේසන් කිව්වට ඉතිං අර අ…අක්කා… අන්න එයා බලන්න තමා ඉතිං. කොහොම උනත් හරි ෂෝයි කතාව. ඒ දවස් වල ඉතිං ගෝල්ඩ් fish ඔය කතාව බලද්දී ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ ගෝල්ඩ් fish ළඟින් හෙල්ලෙන්නේ නෑ. (තාත්තට බය හිතෙන්න ඇති ගෝල්ඩ් fish අර අක්කලා එක්ක ඇමේසන් යයි කියලා) ඒ කතාවේ ඉන්නවා ඒ දවස් වල ගෝල්ඩ් fishගේ වයසේ විතර පොඩි පිරිමි ළමයෙක්. එයාගේ නමත් මතක නැහැ. හැබැයි එයාව අල්ල ගත්ත ගෝත්රිකයෝ කට්ටියක් එයාට කිව්වේ තෝරාගත් පුද්ගලයා කියලා. ඒ දවස් වල ඉතිං ඕවා තේරෙන්නේ නෑ. ඔක්කොම බොරු ටික කට ඈරං බලං ඉන්නවා මිසක්. 😀 ඉතිං මේ බ්ලොග් කතාවට අදාල සීන් එක දවසෙත් ගෝල්ඩ් fishයි සුපුරුදු පරිදි පියාණන් වහන්සෙයි ස්ටෝරිය බලනවා. ඔය චොකලට් වල ටොෆී වල වෙළඳ දැන්වීම් දෙක තුනක් එහෙම දාලා තමා පටන් ගන්නේ. එතකොට ඉතිං 6.05 විතර වෙනවා. කොහොම හරි කතාව පටන් අරං ගිය සතියේ අන්තිම සීන් එකේ පොඩි කෑල්ලකුත් පෙන්නලා පටන් ගත්තා අද කතාව. (අද කිව්වේ එදා හොදෙයි) දැන් ඉතිං කතාව යනවා. ගෝල්ඩ් fish අර කලින් කිව්වේ….. මතකද…..? අක්කලා ගැන නෙමේ හලෝ…(ඔක්කොටම අක්කලාම තමා මතක් වෙන්නේ…. )ෂිහ්…. අර අර තෝරාගත් ළමයා. අන්න ඌට කැලේදී මොකද්ද සද්දයක් ඇහිලා , නිකං කොල පොඩි වෙනවා වගේ… මෑන් යනවා කව්ද ඒ කොල පොඩි කරේ බලන්න. දෑන් ඔන්න ඉතිං ගෝල්ඩ් fishත් නිකං වර්චුවල් විදියට ඉන්නේ ඈමේසන් වනාන්තරයේ අර තෝරාගත් ළමයට පිටිපස්සෙන් වගේ කියලා තමා හිතුනේ. ඒ තරමට බැහැලා බලන්නේ කතාව.
ගෝල්ඩ් fish ඇමේසන් වල එහෙම හිටියට මේ ශ්රී ලංකාවේ තමන්ගේ ටැංකියා පියාණන් වහන්සේ එක්ක හිටියේ… කකුල් හතරේ පුටුවක කකුල් දෙකෙන්. ඒ කිව්වේ ගෝල්ඩ් fishගේ කකුල් දෙක ඉස්සරහා තිබ්බ පුටුවක් උඩින් තියාගෙන වාඩිවෙලා හිටපු පුටුවේ පිටි පස්සට බර වෙලා ඉස්සරහ කකුල් දෙක උස්සගෙන. හරි දැන් කතාව යනවා… ඔන්න අර තෝරා ගත්ත ළමයා අර සද්දේ ආපු තැනට කිට්ටු කරනවා ටික ටික, පොඩි කෝටු කෑල්ලකින් තට්ටුවක් එහෙම දදා. ඔය අස්සේ ගෝල්ඩ් fish ඉන්නේ අර ළමයාගේ පිටිපස්සෙන්.. දැන් ඉතිං තෝරා ගත්ත එකා දන්නේ නැති වුනාට ගෝල්ඩ් fishත් මෙහෙයුමේ. දැන් තව අඩි 4ක් විතර තමා තිබ්බේ සද්දේ ආපු පඳුර ගාවට. (ඒ දවස් වල ඉතිං අඩිය චූටියිනේ, දැන් නම් අඩි 2ක් විතර) ඔන්න දැන් තෝරාගත් ළමයා තව චූටි අඩියක් තියලා ළංවෙනවා… හම්මෝ මෙන්න එතකොටම …. මොනාද සීනි බෝල වගයක් කන්දක් අස්සෙන් ගිහින් සීනි තැවරිලා , දේදුන්නකින් පාට වෙලා එන සීන් එකක් යනවා. කෑවා කෑවා …. හොඳම හරිය… මේ චැනල් එකේ එවුන් මොන මගුලක් කරනවද මන්දා?
මේ ඈමේසන් වල කොහෙද ඕයි සීනි බෝල. ඊටත් වැදගත් මෙහෙයුමක් අස්සේ මොන සීනිබෝලද? කතාවට අදාල දෙයක් දානවා මිසක්. අර දැන් යන කතා වල කොල්ලයි කෙල්ලයි තරහා වෙන සීන් එක යද්දී ටීවී එකේ පහලින් දාන්නේ වශී ගුරුකම් කියලා. ඒ වගේ. හි හී.
හරි ඊට පස්සේ දැන් ඒ මගුලේ සීනි බෝලෙත් ඉවර වෙලා ආයෙත් කතාව… මේ තිබ්බ ඇට්ට්රේක්ෂන් එක කොයි තරම්ද කියන්න කතාව පටන් ගත්ත ගමන් ගෝල්ඩ් fish ආයෙත් අර තෝරාගත්ත කොල්ලා පස්සේ වැටුනේ නැතෑ. සුළු මොහොතයි. ඊට පස්සේ ආයෙත් තව චූට්ටං අඩි2ක් තිබ්බා. කලිං 1කුත් තිබ්බනේ… එතකොට මේ තුන්වෙනි එක. එතකොට ඉතුරු එක? ආ… ඒක තමා මේ… දැන් අන්තිම එක තියද්දීම මහා විශාල සද්දෙකුත් එක්ක පැන්නේ නැතෑ තඩි කිබුලෙක් ගෝල්ඩ් fishගෙයි අර තෝරා ගත්තා ළමයගෙයි ඉස්සරහට. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ තාත්තත් ඊට පිටිපස්සෙන් ඈවිල්ලා තිබුනේ නැත්තං ගෝල්ඩ් fishගේ ඔලුව පැලිල ඉප්පිරිතාලෙත් යන්න වෙනවා කියලා පියාණන් වහන්සේ කිව්වා. කිබුලා පැන්න පැනිල්ලට තෝරාගත්ත ළමයයි ගෝල්ඩ් fishයි දෙන්නම පිටිපස්සට පැනලා. අර කොල්ලට නං ගානක් නෑ ඌ දඩි බිඩි ගාලා නැගිට ගත්තා. අනේ ඉතිං පුටුවේ කකුල් දෙකෙන් හිටිපු ගෝල්ඩ් fish අගල් 12හේ අඩි 4ක් විතර පස්සට විසික් වෙලා තාත්තගේ කකුලේ වැදිලා තමා බේරිලා තියෙන්නේ. ඒ එක්කම ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සෙගේ රැජින(ඒ කියන්නේ ගෝල්ඩ් fishගේ මව් තොමෝ හරිද) ඇවිත් අහනවා මොකෝ පුතේ කියලා. අනේ ඉතිං මං මොනා කියන්නද? මටත් මුකුත් හිතා ගන්න බැරුවනේ හිටියේ. ඈයි දෙයියනේ ඈමේසන් වනාන්තරේ සිරා මෙහෙයුමක හිටපු මම එක පාරට කොහොමද මේ පුටුවකුත් පෙරළ ගෙන තාත්තගේ කකුල් දෙක ළඟ ඉන්නේ කියලා. වැඩේ කියන්නේ ගෝල්ඩ් fish ගේ තාත්ත හොඳටම හිනා වෙනවා, මව් තොමෝ තාත්තට බනිනවා, මම මේ දුවගෙන ආවේ පුටු පෙරළෙන සද්දේ ඈහිලා මොකද වුනේ කියලා බලන්න. දැන් දෙන්නම කතා නෑ කියලා. කොහොමද දෙයියනේ අම්මට කියන්නේ මම ඇමේසන් ගියා කියලා… තාත්තටත් හිනා යන්න ඇත්තේ තාත්තත් මට හොරෙන් පිටිපස්සෙන් ආපු නිසා වෙන්න ඇති. එදා ඉදන් ඉතිං ගෝල්ඩ් fish ඔයා වගේ කතා බලනවනම් බැළුවේ බිමිං ඉඳං බිත්තියකට හේත්තු වෙලා. ඇයි කියන්න බෑනේ තව මොක්කු මොක්කු හරි පැන්නොත් කොහේ නවතියිද කව්ද දන්නේ?
දැන් නම් මතක් වෙද්දීත් හිනා යනවා. හැබැයි එදා නම් ඇමේසන් ගිහින් බේරුනේ 99න්. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ හොරෙන් හරි ඇමේසන් ඈවිත් තිබ්බේ, නැත්තං ඉතිං ඔලුව කොමඩු වෙනවා. හි හී.
ඔය කව්රු හරි ගාව තියේනම් හරි දන්නවනම් හරි ඇමේසන් බාගන්න ලින්ක් එකක් දෙනවද ගෝල්ඩ් fishට. ආයෙමත් පාරක් ඇමේසන් ගිහින් එන්න ආ….සයි අප්පා. (අර අක්කව බලලා එන්න)
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 12:52 ට
හරිම ලස්සනයි…. මට තාමත් හිනා… ඒ අක්කා දැන් නම් වයස ඇති නේද?…..
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 1:20 ට
ඒ දවස් වල ගානට අවුරුදු 10ක් විතර එකතු කලානම් හරි යයි මං හිතන්නේ.
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 2:41 ට
ඇයි “මිස්ෆිට්ස් ඔෆ් සයන්ස්” කියල කතාවකුත් ගියා නේ ද?ඒකනම් ගියෙ 95දි විතර.මම ඇමේසන් එක කොටසක්වත් අතනෑර ඔක්කොම බලල තියනවා.ඒ කාලෙ මගෙ ලයිෆ් එකේ වැදගත් දෙයකුත් සිද්ධ උනා එක සෙනසුරාද දවසක හවස 6.15ට විතර.ඒත් කතාව බලන ගමන් තමා ප්රශ්නෙට මූන දුන්නෙත්.
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 2:59 ට
ඇති යන්තං එක මාළුවෙක් සෙට් වුනා, ඇමේසන් බලපු… තව ඉන්නවාද? අත් උස්සන්නේ මොකටද බොලව් කමෙන්ට් කරන එකනේ තියෙන්නේ.
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 3:06 ට
මාත් බලලා තියෙනවා…………කව් රු හරි කියනවද ඒක බලන්න පුලුවන් ලින්ක් එකක්
2010 ඔක්තෝබර් 9 දින ප.ව. 4:00 ට
අනේ හම්බ උනොත් මටත් ඕන හොඳද?
2010 ඔක්තෝබර් 17 දින පෙ.ව. 7:03 ට
GOLD FISH දන්නවා නම් KYLE XY ONLINE බලන්න පුලුවන් හොද LINK එකක් දෙනවද ? PLEASE……………
TV SERIES ගන්න පුලුවන් PLACE එකක් හරි කියනවද PLEASE………….
2010 ඔක්තෝබර් 18 දින පෙ.ව. 7:14 ට
මෙන්න මචෝ උඹ ඉල්ලපු link එක
http://www.cucirca.com/2007/06/23/watch-kyle-xy-online/
මම ඊමේල් එකකුත් උඹට දාන්නම්.