ඇමේසන්ද? ගෙදරද?

ගෝල්ඩ් fishට අද ඉතිං මල් හතයි. ඇයි ඊයේ හොඳ වැඩක් කරලා සතුටු වුනානේ. මේ දැන් දාන ඈමේසන්ද? ගෙදරද? ලිපිය දාන්න හිටියේ ඊයේ. අර හොඳ වැඩේ නිසා ඒක ටිකක් පස්සට ගියා. කමක් නෑ දැන් දානවනේ…!

හරි ඔය අහේ මෙහේ යන යාළු මාළුවෝ ටික මතක්කර ගන්න බලන්න කටිටිය එක්ක ඉස්සර ආසාවෙන් බලපු TV series. දැන් ඉතිං එක හැල්මේ කියයි, මායා බන්ධන, රොබින්සන් අන්දරය, බෲම්, රොබින් හුඩ්, ටාසන්…. තව මහා ගොඩකුත් එක්ක හෙන දිග ලෑස්තුවක්.

ඔය ඔක්කොම අතරේ කාට හරි එක මාළුවෙකුටවත් මතකද ITN එකේ සෙනසුරාදා හවස 6.00ට ගියා ඈමේසන් කියලා සිරා කතාවක්.

අර ප්ලේන් එකක් බ්‍රසීලේ ඇමේසන් කියන මහ කැලේට කඩා වැටුනට පස්සේ ඒක ඉන්න කට්ටිය බේරිලා ඇවිත් කැලේ ඇතුලේ ඉන්න එක එක වර්ගවල ගෝත්‍රවල මිනිස්සු සත්තු එක්ක ජීවත් වෙන්න දත කන හැටි තියෙන්නේ. හරි කමක් නෑ මතක අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතිනේ…

ඉතිං ඒ දවස් වල ගෝල්ඩ් fishත් හරි ආසයි ඔය කතාවට. ඒකෙ ලස්සන අක්ක කෙනෙකුත් හිටියා. නම නම් දැන් මතක නෑ. ඒ කාලේ ගෝල්ඩ් fish පංති ගිහින් සෙනසුරාදා හවසට ගෙදර දුවගෙන එන්නේ ඇමේසන් බලන්න. ඇමේසන් කිව්වට ඉතිං අර අ…අක්කා… අන්න එයා බලන්න තමා ඉතිං. කොහොම උනත් හරි ෂෝයි කතාව. ඒ දවස් වල ඉතිං ගෝල්ඩ් fish ඔය කතාව බලද්දී ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ ගෝල්ඩ් fish ළඟින් හෙල්ලෙන්නේ නෑ. (තාත්තට බය හිතෙන්න ඇති ගෝල්ඩ් fish අර අක්කලා එක්ක ඇමේසන් යයි කියලා) ඒ කතාවේ ඉන්නවා ඒ දවස් වල ගෝල්ඩ් fishගේ වයසේ විතර පොඩි පිරිමි ළමයෙක්. එයාගේ නමත් මතක නැහැ. හැබැයි එයාව අල්ල ගත්ත ගෝත්‍රිකයෝ කට්ටියක් එයාට කිව්වේ තෝරාගත් පුද්ගලයා කියලා. ඒ දවස් වල ඉතිං ඕවා තේරෙන්නේ නෑ. ඔක්කොම බොරු ටික කට ඈරං බලං ඉන්නවා මිසක්. 😀 ඉතිං මේ බ්ලොග් කතාවට අදාල සීන් එක දවසෙත් ගෝල්ඩ් fishයි සුපුරුදු පරිදි පියාණන් වහන්සෙයි ස්ටෝරිය බලනවා. ඔය චොකලට් වල ටොෆී වල වෙළඳ දැන්වීම් දෙක තුනක් එහෙම දාලා තමා පටන් ගන්නේ. එතකොට ඉතිං 6.05 විතර වෙනවා. කොහොම හරි කතාව පටන් අරං ගිය සතියේ අන්තිම සීන් එකේ පොඩි කෑල්ලකුත් පෙන්නලා පටන් ගත්තා අද කතාව. (අද කිව්වේ එදා හො​​​​​​දෙයි) දැන් ඉතිං කතාව යනවා. ගෝල්ඩ් fish අර කලින් කිව්වේ….. මතකද…..? අක්කලා ගැන නෙමේ හලෝ…(ඔක්කොටම අක්කලාම තමා මතක් වෙන්නේ…. )ෂිහ්…. අර අර තෝරාගත් ළමයා. අන්න ඌට කැලේදී මොකද්ද සද්දයක් ඇහිලා , නිකං කොල පොඩි වෙනවා වගේ… මෑන් යනවා කව්ද ඒ කොල පොඩි කරේ බලන්න. දෑන් ඔන්න ඉතිං ගෝල්ඩ් fishත් නිකං වර්චුවල් විදියට ඉන්නේ ඈමේසන් වනාන්තරයේ අර තෝරාගත් ළමයට පිටිපස්සෙන් වගේ කියලා තමා හිතුනේ. ඒ තරමට බැහැලා බලන්නේ කතාව.

ගෝල්ඩ් fish ඇමේසන් වල එහෙම හිටියට මේ ශ්‍රී ලංකාවේ තමන්ගේ ටැංකියා පියාණන් වහන්සේ එක්ක හිටියේ… කකුල් හතරේ පුටුවක කකුල් දෙකෙන්. ඒ කිව්වේ ගෝල්ඩ් fishගේ කකුල් දෙක ඉස්සරහා තිබ්බ පුටුවක් උඩින් තියාගෙන වාඩිවෙලා හිටපු පුටුවේ පිටි පස්සට බර වෙලා ඉස්සරහ කකුල් දෙක උස්සගෙන. හරි දැන් කතාව යනවා… ඔන්න අර තෝරා ගත්ත ළමයා අර සද්දේ ආපු තැනට කිට්ටු කරනවා ටික ටික, පොඩි කෝටු කෑල්ලකින් තට්ටුවක් එහෙම දදා. ඔය අස්සේ ගෝල්ඩ් fish ඉන්නේ අර ළමයාගේ පිටිපස්සෙන්.. දැන් ඉතිං තෝරා ගත්ත එකා දන්නේ නැති වුනාට ගෝල්ඩ් fishත් මෙහෙයුමේ. දැන් තව අඩි 4ක් විතර තමා තිබ්බේ සද්දේ ආපු පඳුර ගාවට. (ඒ දවස් වල ඉතිං අඩිය චූටියිනේ, දැන් නම් අඩි 2ක් විතර) ඔන්න දැන් තෝරාගත් ළමයා තව චූටි අඩියක් තියලා ළංවෙනවා… හම්මෝ මෙන්න එතකොටම …. මොනාද සීනි බෝල වගයක් කන්දක් අස්සෙන් ගිහින් සීනි තැවරිලා , දේදුන්නකින් පාට වෙලා එන සීන් එකක් යනවා. කෑවා කෑවා …. හොඳම හරිය… මේ චැනල් එකේ එවුන් මොන මගුලක් කරනවද මන්දා?

මේ ඈමේසන් වල කොහෙද ඕයි සීනි බෝල. ඊටත් වැදගත් මෙහෙයුමක් අස්සේ මොන සීනිබෝලද? කතාවට අදාල දෙයක් දානවා මිසක්. අර දැන් යන කතා වල කොල්ලයි කෙල්ලයි තරහා වෙන සීන් එක යද්දී ටීවී එකේ පහලින් දාන්නේ වශී ගුරුකම් කියලා. ඒ වගේ. හි හී.

හරි ඊට පස්සේ දැන් ඒ මගුලේ සීනි බෝලෙත් ඉවර වෙලා ආයෙත් කතාව… මේ තිබ්බ ඇට්ට්‍රේක්ෂන් එක කොයි තරම්ද කියන්න කතාව පටන් ගත්ත ගමන් ගෝල්ඩ් fish ආයෙත් අර තෝරාගත්ත කොල්ලා පස්සේ වැටුනේ නැතෑ. සුළු මොහොතයි. ඊට පස්සේ ආයෙත් තව චූට්ටං අඩි2ක් තිබ්බා. කලිං 1කුත් තිබ්බනේ… එතකොට මේ තුන්වෙනි එක. එතකොට ඉතුරු එක? ආ… ඒක තමා මේ… දැන් අන්තිම එක තියද්දීම මහා විශාල සද්දෙකුත් එක්ක පැන්නේ නැතෑ තඩි කිබුලෙක් ගෝල්ඩ් fishගෙයි අර තෝරා ගත්තා ළමයගෙයි ඉස්සරහට. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ තාත්තත් ඊට පිටිපස්සෙන් ඈවිල්ලා තිබුනේ නැත්තං ගෝල්ඩ් fishගේ ඔලුව පැලිල ඉප්පිරිතාලෙත් යන්න වෙනවා කියලා පියාණන් වහන්සේ කිව්වා. කිබුලා පැන්න පැනිල්ලට තෝරාගත්ත ළමයයි ගෝල්ඩ් fishයි දෙන්නම පිටිපස්සට පැනලා. අර කොල්ලට නං ගානක් නෑ ඌ දඩි බිඩි ගාලා නැගිට ගත්තා. අනේ ඉතිං පුටුවේ කකුල් දෙකෙන් හිටිපු ගෝල්ඩ් fish අගල් 12හේ අඩි 4ක් විතර පස්සට විසික් වෙලා තාත්තගේ කකුලේ වැදිලා තමා බේරිලා තියෙන්නේ. ඒ එක්කම ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සෙගේ රැජින(ඒ කියන්නේ ගෝල්ඩ් fishගේ මව් තොමෝ හරිද) ඇවිත් අහනවා මොකෝ පුතේ කියලා. අනේ ඉතිං මං මොනා කියන්නද? මටත් මුකුත් හිතා ගන්න බැරුවනේ හිටියේ. ඈයි දෙයියනේ ඈමේසන් වනාන්තරේ සිරා මෙහෙයුමක හිටපු මම එක පාරට කොහොමද මේ පුටුවකුත් පෙරළ ගෙන තාත්තගේ කකුල් දෙක ළඟ ඉන්නේ කියලා. වැඩේ කියන්​නේ ගෝල්ඩ් fish ගේ තාත්ත හොඳටම හිනා වෙනවා, මව් තොමෝ තාත්තට බනිනවා, මම මේ දුවගෙන ආවේ පුටු පෙරළෙන සද්දේ ඈහිලා මොකද වුනේ කියලා බලන්න. දැන් දෙන්නම කතා නෑ කියලා. කොහොමද දෙයියනේ අම්මට කියන්නේ මම ඇමේසන් ගියා කියලා… තාත්තටත් හිනා යන්න ඇත්තේ තාත්තත් මට හොරෙන් පිටිපස්සෙන් ආපු නිසා වෙන්න ඇති. එදා ඉදන් ඉතිං ගෝල්ඩ් fish ඔයා වගේ කතා බලනවනම් බැළුවේ බිමිං ඉඳං බිත්තියකට හේත්තු වෙලා. ඇයි කියන්න බෑනේ තව මොක්කු මොක්කු හරි පැන්නොත් කොහේ නවතියිද කව්ද දන්නේ?

දැන් නම් මතක් වෙද්දීත් හිනා යනවා. හැබැයි එදා නම් ඇමේසන් ගිහින් බේරුනේ 99න්. හොඳ වෙලාවට ගෝල්ඩ් fishගේ පියාණන් වහන්සේ හොරෙන් හරි ඇමේසන් ඈවිත් තිබ්බේ, නැත්තං ඉතිං ඔලුව කොමඩු වෙනවා. හි හී.

ඔය කව්රු හරි ගාව තියේනම් හරි දන්නවනම් හරි ඇමේසන් බාගන්න ලින්ක් එකක් දෙනවද ගෝල්ඩ් fishට. ආයෙමත් පාරක් ඇමේසන් ගිහින් එන්න ආ….සයි අප්පා. (අර අක්කව බලලා එන්න)

ගෝල්ඩ් fishඒවුනාට ඇත්ත ලෝකේ ගෝල්ඩ් fish හිටියේ කකුල් හතරේ පුටුවක් උඩ කකුල් දෙකෙන්. ඒ කියන්නේ පිටුපස කකුල් දෙකෙන් තමා… ගෝල්ඩ් fishගේ කකුල් දෙක ස්ටූල් එකට තියලා පිටිපස්සට බර වෙලා පුටුවේ කකුල් දෙක උස්සන් තමා හිටියේ. ඔන්න දැන් ගෝල්ඩ් fish මේ ලෝකේ එහෙම උනාට ඈමේසන් වල ඉන්නේ මහා ලොකු චන්ඩියා වගේ. දැන් ඔන්න අර තෝරාගත්ත ළමයා පස්සෙන් ගෝල්ඩ් fishත් කිට්ටු කරනවා අර සද්දෙ ආපු ප්ලේස් එකට…

ගෝල්ඩ් fish ට අද මාර සන්තෝසයි.

යාළු මාලුවෝ දන්නවද හෙඩිමට අනුව ඈයි එහෙම වුනේ කියලා? නැතුව ඇති මම හිතින්නේ… ඒ ගෝල්ඩ් fishට කාගෙන් හරි තෑග්ගත් ලැබුන හින්දවත්, එහෙම නැත්තං ප්‍රමෝෂන් එකක් ලැබුන හින්දවත්, එහෙම නැත්තං රස කෑමක් හමිබුන හින්දවත් නෙමේ. ගෝල්ඩ් fishට ඇත්තටම අද සන්තෝස හිතුනේ පහල තියෙන අති සුන්දර දර්ශනේ දැකල.

දැන් කට්ටිය බලයි මේ මොකා මේ කියලා. මේ තමා මම අද දවසේ ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 9 වැනි සෙනසුරාදා උදෙන්ම දැකපු ලස්සනම දෙවැනි දර්ශනේ. පළවෙනි එක ගැන තව චුට්ටකින් කියන්නම්. යාළු මාළුවන්ට පේනවා නේද ඔය pirnt screen image එකේ තියෙනවා “Clicks” කියලා ඒක යටතේ 37යි කියලා. ඒ ඉස්සරහින්ම තියෙන්නේ තව බ්ලොග් ටැංකියක ලිපියනකුත්. පේනවනේ කට්ටියට?(නැත්තං ඉති ඇස් වාට්ටු යන බස් එක විනාඩි 10න් 10 පිටත් වෙනවා කොල්ලුපිට්යෙන්) ඔය තියෙන්නේ ගෝල්ඩ් fishගේ බ්ලොග් ටැංකියේ blog stat එක. ඒ ලිපිනයට අදාල බ්ලොග් ටැංකියට ගෝල්ඩ් fish ඊයේ වැරදීමකින් වගේ ගියා. ඇත්තටම නිකමට ගියේ. මොන විකාරයක්ද තියෙන්නේ බලන්න. ඇත්තටම විකාරයක් තමා. ඒ වුනාට ඒකෙ තිබුන හදවතට සමීප ගතිය, දැනුන සුපුරුදු ගතිය ඉස්සරහා ගෝල්ඩ් fishගේ ඈස් වලටත් කඳුළු ඉනුවා. ඇත්තටම කඳුළු ආවා. අකීකරු හිතගේ යාළුවෙක් කිව්වා වගේ කොල්ලන්ට ලේසියෙන් ඇඩුම් එන්නේ නෑ තමා, ඒත් ගෝල්ඩ් fishට නම් කඳුළු ආවා. ගෝල්ඩ් fish හිතන්නේ ඒ ගෝල්ඩ් fishගේ බොළඳ කම නිසා නෙවේ සංවේදී ගතිය නිසා කියලයි. (ඕන කෙනෙක් ඕනෙ විදියකට හිතා ගන්න පුළුවන්) ඊට පස්සේ අකීකරු හිත ටික ටික කියවගෙන යද්දී තේරුනා ඒකේ අමුත්තක්. ඒ කිව්වේ ඒ බ්ලොග් එකට වැඩිය කව්රුත් ඈවිල්ලා නැහැ වගේ. ඉතිං දෙයියනේ කොහොමද මේ වගේ සංවේදී සිරා දෙයක් අපේ බ්ලොග් සාග​රේ තනි වෙන්න දෙන්නේ. කරන්න බැහැනේ ඒක කොහොමටත්. ඒක නිසා ගෝල්ඩ් fishකලේ ඊයේ ලියන්න හිටිය ලිපිය පැත්තක දාලා අකීකරු හිතට පොඩි සපෝර්ට් එකක් දුන්න එක. ඇත්තටම ඒ ඊයේ කරපු දේ ප්‍රතිපල දැක්කේ අද උදේ අකීකරු හිත කියවන්න ගිය වෙලාවේ තමා. අකීකරු හිත කියවන්න ටික දෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඇත්තටම ඒ වෙලාවේ සංතෝස හිතුනේ තනි වෙන්න ගිය ටැංකියට මාලුන්ගේ බැල්ම වැටිල තිබ්බ නිසා.

ඒ අතරේ යාළු මාලුවෝ කීප දෙනෙක් ගෝල්ඩ් fishටත් ස්තූති කරලා තිබුනා. ඊට පස්සේ තමා ගෝල්ඩ් fishගේblog stat බැලුවේ. අඩෙ අප්පා ගෙඩි පිටින් 37 දෙනෙක් ගිහින් අකීකරු හිත කියවන්න. හරිම සන්තෝසයි. කවදත් වෙන්නේ ගෝල්ඩ් fish හීනෙන් වත් හිතන දේවල් නෙවේනේ. ඒක ඉතිං සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඒත් මේක ටිකක් විශේෂයි. හේතුව ගෝල්ඩ් fishගේ ඒ අකීකරු හිත ගැන දාපු පෝස්ට් එකටත් කමෙන්ට් වැටිලා තිබ්බා මහ ගොඩක් නෙවේ 3ක්. ඒත් ඒවා කියවද්දී ඈති වුන ච්ත්තප්‍රීතිය කියා නිම කරන්න බැහැ. ඒක තමා අද ගෝල්ඩ් fishට මේ තරම් සන්තෝස. දැන් හරිනේද?

ආ කට්ටියට තව දෙයක් කියන්න ඕනේ, ගෝල්ඩ් fish මුලින් කිව්වේ තව චුට්ටකින් කියන්නම් කියලා දෙයක්. මතක නැතුවත් ඇති සමහරවිට. කමක් නෑ අද දවසේ මම මුලින්ම ගියේ ගේ බ්ලොග් ටැංකියට නෙමේ. දැන් කට්ටිය හිතයි මූට මොනා වෙලාද මේ, තමන්ගේ ටැංකියට වඩා වටිනා ඒවා තියෙනවද කියලා . එහෙම නෙමේ ඒත් මම මුලින්ම ගියේ අකීකරු හිත කියවන්න. තවත් අළුත් අකීකරු සිතුවිල්ලක් පහල වෙලාද බලන්න. ඒත් තිබුනේ නෑ. තිබුනේ අකීකරු හිත කියවන්න ආපු අය දාපු කමෙන්ට් වගයක්. ගෝල්ඩ් fishගේ නමත් ඒ අතරේ ගෑවිලා තිබ්බා. ඇත්තටම බ්ලොග් සයුරේ යාළු මාළුවෝ කීප දෙනෙක් ගිහිල්ලා. ඒ අයට ගොඩක් ස්තූතියි, තනි වෙන්න ගිය ටැංකියක් තනිවෙන්න නොදී රැකගත්තාට. දැන්නම් ඉතිං ආයේ අකීකරු හිත තනිවෙන එකක් නෑ මයෙ හිතේ.

…….ඉතිං මේ තමා ආත්ම තෘප්තිය කියන්නේ. ගෝල්ඩ් fish අද ඒක හොඳට වින්දා. සෑහෙන්න. තමන් කරපු දෙයක් නිසා වෙනින් කෙනෙක් සතුටින් ඉන්නවා බලන්​න ලැබෙන්නේ අර යාළු මාළුවෙක් කමෙන්ට් කරලා තිබ්බ විදියටම පින් කරපු කෙනෙකුට තමා.

තවත් මේ ලිපිය කියවන අකීකරු හිත කියවපු නැති අය ඉන්නවා නම් මෙන්න ලින්ක් එක http://akikaruhitha.blogspot.com. ගිහිල්ලම බලන්නකෝ. ආ… ඔන්න මේ දැන් තව සිතුවිල්ලක් පහල වෙලා. මේ දැන් ​ගෝල්ඩ් fish ගිහින් කියවලා ආවේ.

කොහොමින් කොහොම හරි ඊයේ දාන්න හටපු පෝස්ට් එක ඊයෙත් බැරිවුනා , අදත් බැරිවුනා.. හි හි… 🙂 🙂 🙂 අවුලක් නෑ ඒක වෙන දවසක දාන්න බැරියෑ. මේක ගෝල්ඩ් fishට ඊට වඩා වටිනවා. ඒ කියන්නේ තෑගි බෝග වලට වඩා, රස කෑමකට වඩා, ප්‍රමෝෂන් එකකට වඩා ආත්ම තෘප්තිය සෑහෙන්න වටිනවා. එහෙනම් කට්ටියටම සුභ දවසක්.

%d bloggers like this: