පුංචි උදව්වක්…

මේක නම් මේ ​ගෝල්ඩ් fish ගේ පිස්සු වැඩක් නෙමේ. හොඳම හොඳ වැඩක්. වැඩි දෙනෙක් දන්නේ නැති නියම කතා කාරියක් ඉන්නවා. අර ගෝල්ඩ් fish කලින් කිව්ව වචන 100යේ ටැංකියෙන් තමා හොයාගත්තේ. මෙයත් සිරා චවන 100ක් දාලා තිබුනා. ඇඩෙනවා මාර ලස්සනයි. ගෝල්ඩ් fish ඉතින් ටිකක් විතර සංවේදියනේ. ඒක් නිසා වචන 100යේ අයිතිකාරයා හොයාගෙන එයාගේ බ්ලොග් එක ටිකක් කියෙව්වා (ටිකක් කියන්නේ ඔක්කොම). ඒ නිසදැස් කොයිතරම් ලස්සන වුනත් ඒවා කියවන්න වැඩි දෙනෙක් ඇවිල්ලා හිටියේ නෑ. හේතුව එයා සින්ඩියේ නැති එක. ඉතිං තව මාලුවෙක් කියලා තිබුනා සිංඩියට ඈතුල් වෙන්න කියලා. ගෝල්ඩ් fish ත් කිව්වා. ඉතිං ගෝල්ඩ් fish ට හිතුනා ගෝල්ඩ් fish ගේ බ්ලොග් ටැංකියට දවසකට දෙන්නෙක් තුන් දෙනෙක් හරි එන නිසා මේ අළුත් යෙහෙළියගේ අකීකරු සිතුවිලි වලට පොඩි support එකක් දෙන්න ඕනේ කියලා. ඉතිං ලියන්න හිතේ තියං හිටපු කතාව නවත්තලා දාලා මේ පෝස්ට් එක දැම්මා. ඉතිං යාළු මාළුවන්ට කියන්නේ පොඩ්ඩක් අකීකරු සිතුවිලි ටික කියවලා කමෙන්ට් පාරක් දාලා ආවානම්, නියමයි නේද? (කෙල්ලගේ හිත හැදෙන්නත් එක්කම – විහිළුවට) ඇත්තටම කට්ටිය ගිහින් බලන්නකෝ මාර ලස්සනයි.

මෙන්න ලින්ක් එක http://akikaruhitha.blogspot.com/

4 Responses to “පුංචි උදව්වක්…”

  1. රත්ගමයා Says:

    එල එල….මාලුවත් පීනන්නේ සිරා තැන් වලට නෙව

  2. දයියා Says:

    අද ගොඩක් දෙනෙකුට තව කෙනෙකුගෙ හැකියාව දැකල සතුටු වෙන්න බෑ. ඒත් උඹ ඒක හැබෑවටම කළා. මේ රටට බැන බැන ඉන්න වෙලාවට උඹල වගේ එවුන් දැක්කම හිතෙනව මේ රට කොච්චර ලස්සනද කියල. තව කෙනෙක් දිහා බලල සතුටු වෙන්නත් පෙර පින් තියෙන්න ඹ්න. ඒ කෙල්ලගෙ හිත හැදෙන්නත් මොනව හරි ලියන්නං


දයියා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: