ටික දවසකට කලින්…

ඔන්න ටික දවසකට පස්සේ ආයෙමත් පෝස්ට් 1ක් දාන්න හිතුනා. මේ දවස් ටිකේම ​ගෝල්ඩ් fishට වැඩ කෝටියයි. එහෙන් ගෝල්ඩ් fishගේ ඔෆිස් එකේ තියෙන palm topයන්තරේ පොඩි පොඩි සීන් දානවා ගෝල්ඩ් fishට. ඒවත් අදාල අයට කතා කොරල බේරුමක් කරලා ඉවර කර ගත්ත යන්තං. ඔය මොන මොන වැඩ තිබ්බත් ගෝල්ඩ් fish බ්ලොග් සයුරේ පීනන එක නවත්තන්නේ නම් නැහැ. දවසගානේ තමන්ගේ එකේම නොවුනත් අනුන්ගේ ඒවාට හරි පීනලා බලනවා. ආ කියන්න අමතක වුනානේ ​අනිත් අයට බ්ලොග් අවකාශේ වුනාට ගෝල්ඩ් fishට බ්ලොග් සාගරේ. හිතා තන්න පුළුවන්නේ ඈයි කියලා…!

හරි හරි මෙන්න අද කතාව. ඔය කලින් කිව්ව විදියට ගෝල්ඩ් fish පහුගිය දවස්වල සාගරේ පීනද්දී ගෝල්ඩ් fishට හම්බුනා සිරා බිලොග් එකක්. ​එකේ තියෙන සිරාව තමා… ඒකේ තියෙන්නේ නිසදැස් වගේ ඒවා. නිසදැස් තියෙන ඒවා ඕන තරම් තියෙන එක හරි මෙයා, ඒ වුනාට මේක ටිකක් විශේෂයි, හේතුව තමා මේකෙ තියෙන ඔක්කොම නිසදැස් ලියලා තියෙන්නේ වචන 100කට සීමා කරලා වීමයි. ඇත්තටම වචන දාස් ගාණකින් කියන්න ඕනේ ඒවා චවන 100කට කම්ප්‍රෙස් කරලා. මාරයි නේ? ඉතින් ඒවා කියවද්දී ඒවායේ අර්ථයක් ගැන එක පාරටම තේරෙන්නේ නැහැ. හොඳට හිතද්දී තමා තේරෙන්නේ ආ.. මේ .. කියන්නේ මේකයි කියලා. ඉතිං ඔය වගේ දෙයක් හම්බුනාම ගෝල්ඩ් fishටත් නිකං කිචි කිචි වගේ. දැන් අහන්න එපා මාළුන්ට කිචි තියෙනවද කියලා. කිචි තියෙනව​ා. බොරුනම් ඔය ටැංකියක ඉන්න මාලුවෙක් අතට අරගෙන බලන්න වූ හිනා වෙවී ඇඹරෙන හැටි. අන්තිමේ හිනා වෙලා හිනා වෙලා කූරිය ගහනවා. හී හී. හරි හරි….

ඔන්න දැන් මේ බ්ලොග් එකට ගෝල්ඩ් fish ත් දැම්මා නිසදැසක්. පුංචි දුවක් ගෙන අම්ම කෙනෙකුටයි, තාත්තා කෙනෙකුටයි හිතෙන විදිය ගැන තමා දැම්මේ. දැන් කට්ටිය විහිළු කොරන්නේ එහෙම නෑ ගෝල්ඩ් fish ඕවා කියන්නේ අත්දැකීමෙන්ද කියලා හරිද? ඇත්තටම ගෝල්ඩ් fishගේ හොඳම හීනයක් තමා ඒ. ඊට පස්සේ ඒ වෙලාවෙම ඊමේල් එකක් ආවා ඒ බ්ලොග් එකට නිසදැසක් දාලා එහෙම සහභාගී වුනාට ස්තූතියි, අපි මේක බ්ලොග් එකට දාන්නම් කියලා. කොහොම හරි සතියක් විතර ගියා. ඈයි ඉතින් ගෝල්ඩ් fish විතරයේ නිසදැස් ලියන්න දන්නේ? නැහැනේ තව ඉන්නවනේ. ඒ අය ගෝල්ඩ් fishට කලින් එවපුවා තියෙන්න ඈති. ඒවා දාලා තමා ගෝල්ඩ් fishගේ එක දාලා තිබුනේ. ​කොහොම හරි ඉතින් ගෝල්ඩ් fishටත් අම්බානෙට සතුටුයි. ඇයි අප්පා අනුන්ගේ බ්ලොග් එකක ගෝල්ඩ් fishගේ නිසදැසත් දාලා කියන්නේ. ම් ම් ම්… මාර හැපී. ඒ අස්සේ කව්ද මාලුවෙක් සිරා කමෙන්ට් එකකුත් දාලා… ආයි ඉතින් තවත් හැපී. කියලා වැඩක් නැහැ. ඊට පස්සේ ගෝල්ඩ් fishත් කලගුණ සැලකීමක් විදියට අනිත් අයගේ නිසදැස් වලට කමෙන්ට් පාරක් එහෙම දාලා වෙන බ්ලොග් එකකට පීනුවා. මේ තියෙන්නේ ගෝල්ඩ් fish දාපු නිසදැස තමා.

වලාකුළු වියන් තනාලා..ස​​​දේරැස් නිවා දමා..

හා නෑ නෑ ඒක නෙමේ වැරදුනා ඒ වෙන කාගෙද එකක් මේ තියෙන්නේ ගෝල්ඩ් fishගේ ඔරිමජිනල් එක.

මුතු… මුතු…
අනේ කෙල්ලේ තාම තාත්තිගේ පපුව උඩට වෙලා හොඳට නිදි නේද?

ඒ මගේ සදාදර බිරිඳගේ කටහඩයි.
ඒ කතා කලේ,
මගේත් ඈයගේත් එකම ආදර දූ පැටික්කිටයි.
අපේ ජීවිත වලට සතුට අරගෙන,
අපි අතර බැඳීම තවත් වැඩිකරන්නට,
කොහේදෝ ඉඳන් ආ අපේ පුංචි හුරතල් කෙල්ලටයි.
මුතු අපිට වාසනාවකි.
තාත්තිටනම් මුළු ලෝකයකි.
තාත්ති එනකම් අම්මිත් එක්ක,
මග බලන් හිද ආපු ගමන් බෙල්ල බදා ගෙන
ඉඹ ගෙන ඉඹ ගෙන යන
මගේ පුංචි කෙල්ල
ඳඟල ඳඟල ඉඳල නිදිය ගන්නේ
තාත්තිගේ පපුව උඩ
ඉතිං උදේට ඈහැරවන්න ගියාම දුකේ බෑ…
තාත්ති තාත්ති කිය කිය තවත් හයියෙන්
බෙල්ල බදාගෙන නිදා ගන්නවා.

ඉතිං පුංචි මුතු කෙල්ලට ගොඩක් ආදරෙයි මම.

—-

ඉතිං කට්ටියට කියන්න ගෝල්ඩ් fish ආයෙමත් දවස් දෙක තුනකට කලින් ඒ බ්ලොග් එකට පීනලා බලද්දී, තව දෙතුන් දෙනෙකුගේ නිසදැස් තිබුනා. ඒ අතරේ අර කලින් ගෝල්ඩ් fish දාපු නිසදැසට උඩින් තියෙනවා ප්‍රතිචාර – 9යි කියලා. බලන්න ඕනේ එවෙලේ තිබුන සංතෝසේ ගෝල්ඩ් fishට දැ​නුනේ පුංචි පුංචි මාලු රෑන් තමා වටේ සිංදු කිය කියා කැරකෙනවා වගේ. ඊට පස්සේ ඉතිං ආසාවෙන් කියවන්න ගත්තා ප්‍රතිචාර ටික. අම්මෝ බලන්න ඕන තිබුන ඒවා. එක අක්කා කෙනෙක් මෙහෙමත් කියලා තිබ්බා…

ලස්සනයි..
—*
ඔයා ඇත්තටම දැනටත් තාත්තෙක් නම් දුවෙක් විදියට මේ කියන්නේ අනාගතය වෙනුවෙන්.. කොයි තරම් ආදරේ දුන්නත් කුරුළු පැටව් ලොකු උනාම කූඩුවෙන් පියාඹලා යනවාමයි.. එහෙම නොවුනොත් ඒ ලෙඩු කුරුල්ලෙක්.. සදාතනික සත්‍යට දැම්ම ඉදං හිත හදාගන්න.. දුව‍ට ඕන විදියට නටන්න දෙන්න කියනවා නෙවෙයි.. ඒත් නිසි වයස ආවම එයා ඔයාගෙ තුරුලෙන් පොඩ්ඩක් විතර ඇතට යනවා මයි.. හැබැයි දූගේ හිතේ තාත්තට තියන ආදරේ ගෞරවේ නම් නැති වෙන්නේ නෑ.. ඔයා හරියට දූ හැදුවොත්.. ඒක තියෙන්නේ ඔයාගේ අතේ..! (malee)

*—-

තව එක්කෙනෙක් මෙහෙම …

සිරා ලස්සන වචන සීයක් තාත්තා කෙනෙක්ට ආදරේ දැනෙන විදිහ පිටට පෙන්නන රළු බවට වඩා අමුතු දෙයක් කියලා සිරාවට පෙන්නලා තියෙනවා.. (ආගන්තුකයා | Stranger)

දැන් ගෝල්ඩ් fishගේ සන්තෝසේ තරම හිතා ගන්න පුළුවන්නේ. ඈයි හත් දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියලා කව්ද හිතුවේ. කොහොම හරි ඇත්තටම මාර හැපී ගෝල්ඩ් fishට. ඒ ගැම්මෙන් තව එකක් ලියලා දැම්මා. ඒකනම් තාම දාලා නැහැ. අවුලක් නැහැ පස්සේ දායිනේ. ආ කියන්න අමතක වුනානේ, ගෝල්ඩ් fish කියපු වචන සීයේ බ්ලොග් එක ගැන. කට්ටිය දන්නවත් ඇති කමක් නෑ මෙන්න ලින්ක් එක. http://onezerozerowords.blogspot.com/

යාළු මාලුවෝ ටික ගිහිල්ලම බලන්නකෝ. මාරම ගති බ්ලොග් එක.

%d bloggers like this: