Trip එක ඉවරයි…

ගෝල්ඩ් fish ගේ trip එක සාර්ථකවම නෙමේ ටිකක් සාර්ථකව නිමාවට පත්වුනා. මෙන්න විස්තර ඔක්කොම ටික මතක විදියට.

ඇත්තටම trip එක යන්න ගත්ත දවසෙත් වෙනදා වගේම මේක ලංකාවනේ කියලා අපි පිටත් වුනේ 7.30ට. කියන්නේ අපි යන්න හිටියේ 6.30ට. කට්ටිය එකම වර්ගයේ t shirts ඇඳලා එහෙම තමා හිටියේ. ගෝල්ඩ් fish නම් ඇන්දේ නෑ. ඇයි කියන්නේ, ඔක්කොම හිරෙන් පැන්න වුන් වගේ එකම කිට් එක ඇඳන් යද්දී වුන්ව බලා ගන්නත් කව්රූහරි ඉන්න එපැයි. ඒකයි. අනේ බස් එකට නැගල බලද්දී ඒ වගේ තව අය හිටියා. අවුලක් නෑ. හරි මෙන්න මෙහෙමයි ගමන් විස්තරය…

අපි උදේ 7.40ට විතර තමා පිටත් වුනේ. ඔහොම පිටත් වෙලා වැඩි දුරක් යන්න හම්බුනේ නෑ…. වාහන දෙක හැප්පුනා… නෑ නෑ… එහෙනං රෝදෙක හළං ගියා… නෑ නෑ…. මෙහෙමයි වුනේ.ගෝල්ඩ් fish තව අයියා කෙනෙක් ගාව වාඩි වෙලා යද්දී, ඒ කියන්නේ ගමන පටන් අරං විනාඩි 10ක් විතර ඇති හරිද. එක පාරට මඩ වතුර පාරකින් ගෝල්ඩ් fish වයි අර අයියවයි නෑ වුනානේ. අපි හිතුවේ අපේ කට්ටියගේ වැඩක් කියලා. බලද්දී බස් එකේ ඩ්‍රයිවර්ගෙයි කොන්දගෙයි වැඩක්. සීන් එක මේකයි. ඩ්‍රයිවරුයි කොන්දයි උදේ බස් එක හෝදලා ඒ ගමන් බස් එකේ ඇතුලත් පිරිසිදු කරලා, වතුර පාරක් ​එහෙම අල්ලලා. මේ යෝදයෝ දෙන්නා බස් එකේ ලයිටුත් හෝදලා. ඒවා cover කරලා තියෙන plastic පෙට්ටි අස්සේ වතුර රැඳිලා. අනේ ඉතිං ඒ පිරිසිදු වතුර වලින් නාලා තමා ගෝල්ඩ් fish ගමන පටන් ගත්තේ. ඊට පස්සේ ඉතිං යනවා යනවා ඉවරයක් නෑ. ගෝල්ඩ් fish ගිය බස් එකයි තව බස් තුනකුයි ගියා. ගෝල්ඩ් fish ගිය බස් එකේ තමා කිරි බද්දෝ වැඩියෙන්ම හිටියේ. ඒ කියන්නේ බේබද්දෝ අඩුවෙන්ම. ඒත් අපේ බස් එක පිටිපස්සේත් 15ක් විතර දෙනා සිංදු කිය කිය බිව්වා. ගෝල්ඩ් fish නම් නෑ ඕං. පස්සේ අපි අර කලිං ලිපියේ කිව්ව විදියටම 12.30 විතර වෙද්දී ඉබ්බන්කටුව වැවට ආවා. නාන්නයි කන්නයි. එතෙන් තමා සිරා. අම්මෝ හුළං පාර. ආයේ මොකටද හැම දාම shower වලින් නානා එකේ වැවකින් නාන්න බැහැ කියන්නේ කව්ද ඉතිං? ගෝල්ඩ් fish ත් නෑවා ඇතිවෙන්න. ආ… ඔන්න සිරා පින්තූර ටිකකුත් ගත්තා.

1.

2.

3.

4.

පස්සේ ඉතිං ඒ වැඩ ඉවර වෙලා එතනින් පිටත් වුනා. ඒ කියන්නේ මුල් දවසේ නාවතැන් පොල වන පොළොන්නරුව ගජබා රිසෝට් එකට. එතෙනනම් වුනේ කැත වැඩේ. මේ ටික මුලින් නොකිව්වේ ගෝල්ඩ් fish ටම ලැජ්ජා හින්දයි. අපි ඔක්කොමලා ගියේ 170ක් විතර තමා. එයිනුත් අපිට නවතින්න සෙට් කරලා තිබ්බේ කාණ්ඩ 2ක් විදියට. ගෝල්ඩ් fish හා තවත් යාලු මාලුවෙක් ඇතුළු 60 විතර දෙනා ඉක්මනට ගිහින් AC rooms වලට සෙට් වුනා. අනිත් අයට වෙන තැනක තමා නවතින්න තිබුනේ.​ ඒ අපි පොළොන්නරුවට යද්දී ඇති හවස 4.30ට විතර. ඉතිං වෙලා තිබුන නිසා ගෝල්ඩ් fishයි තවත් ​මාලුවෙකුයි ගියා ගෝල්ඩ් fish ගේ ලොකු මාමාව බලලා එන්න. එයා ඉන්නේ ජයන්තිපුර. පස්සේ එයාව බලලා ඇවිත් ආයෙමත් තව අයිය කෙනෙක් එකක් පරාක්‍රම සමුද්‍රයේ නාන්න ගියා.

5.

6.

ඒ වෙලාවෙදි ටිකක් රෑ වුනා එදා ඉතින් පෝය දව​සනේ. හදත් සිරාවට පායලා තිබ්බේ. ඉතිං ගෝල්ඩ් fish ටත් හඳ අතට ගන්න බැරුව ඉන්නම බැරිවුනා බොලව්. මේ තියෙන්නේ ඒක.

7.

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි නාන්න යද්දී දැක්කා සිරා සීන් එකක්. අර හෙන කාෂ්ටක අව්​වේ හැදෙන තල් ගස් දෙකක් පරාක්‍රම සමුද්‍රේ වතුර මැද්දේ. මේව​ෙ ඉතිං වටිනා කියන දේවල්නේ. එහෙම ඒවා දාලා ඇවිල්ලා වැඩක් නෑනේ. ඔන්න ඒකත් ගෙනාවා.

8.

9.

මේ ඔක්කොම පිස්සු කෙලිද්දී අපේ නවාතැනේ හිටපු මාළුවෙක් call එකක් දීලා කියනවා “ඉක්මනට වරෙන් යකෝ, අපි ආපහු කොළඹ යන්න හදන්නේ” කියලා. ඇත්තටම ඒ වෙලා ති​බුනේ අර අනිත් නවාතැන් පොළට ගිය අයට එතෙන පහසුකම් නැහැ කියලා ගෝරියක් දාගෙන. ඒ කතා වැඩක් නැහැ. ඇත්තටම ඒ වැඩේ නිසා ගෝල්ඩ් fish ආසාවෙන් යන්න හිටිය කෝනේශ්වරම් කොවිලට යන්න වුනේ නෑ. දවස් තුනේ ගමන දෙකක් වුනා. ඇත්තම දුකයි. මොනා කරන්නද පරිපාලනේ වැරදි තමා. එව්වා වැඩක් නෑ. අපි සතුටුදායක ටික විතරක් බලමු.

ආ… මෙන්න ඉතුරු ටික. එදා, ඒ කියන්නේ පළවෙනි දවසේ රැ අපිට තිබ්බනේ පැදුරු සාජ්ජයක්… ඒ අස්සෙදී අපේ කට්ටයගේ try ක ගෝල්ඩ් fish උදේ ඉඳන් beer උගුරක්වත් නොබී හිටපු ගෝල්ඩ් fish ට අරක්කු පොවන්න. එහෙම කරන්න දෙන්න බැහැනේ සහෝදරවරුනි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. නැද්ද? ඉතිං එහෙම කියලා මුං ටික පොවන්න හදද්දිම ගෝල්ඩ් fish පැන්නා පැත්තකට. අනේ වාසනාවන් කියන්නේ පැනලා තියෙන්නේ කාණුවකට. ගෝල්ඩ් fish ගේ කක්‍රල් දෙකම තුවාල ව්‍රනා. පස්ස​ේ පොවන්න ආපු කට්ටියම උස්සලා අරන් බේත් දැම්​මා. හොඳ වැඩේ අන්ට වුනේ… මාව උස්සන් ගිහින් බේත් දාන්නත් උනානේ… ඒ වුනාට බොලව් කකුල මගෙනේ. මටනේ රිදෙන්නේ.. තාමත් සපත්තු දාන්න බැරි සයිස් එකක් තියෙන්නේ බලමුකෝ තව ටික දවසක්.ඇත්තටම තව කියන්න දෙයක් තියෙනවා, ගෝල්ඩ් fish ට මේ පාරනම් trip එක බාගෙට ගියාට දුක වුනාට ඊට වැඩිය සන්තෝස වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මුළු දවස් දෙක පුරාවටම ඇල්කොහොල් වලින් තොරවී සිටීම. හුරේ මම දින්නා…

එදා ඒ රෑ වැටුනට පස්සේ ඒ සිද්දිය ඉවර වුනා. වැඩේ කියන්නේ ඊට පස්සෙන්දත් නැගෙනහිරින් ඉර පෑව්වනේ… කමක් නෑ නිකන් තියෙන ඉරනේ. ඊට පස්සේ උදේම ඒ කියන්නේ පාන්නර 7.30ට විතර ගෝල්ඩ් fish යි තවත් මාලු දෙන්නෙකුයි ගියා පරාක්‍රම සමුද්‍රේ වැව් බැම්මේ ඇවිදින්න. ඒ යන ගමනුත් ඉතිං ගෝල්ඩ් fish ගේ කැමරාව වැඩ කලා. ​ඔය පහලින් තියෙන්නේ….

10.

11.

12.

13.

ඊට පස්සේ උදේට කාලා එහෙම අපි ගියා… යන්න හිටියේ ත්‍රිකුණාමලේනේ, එත් ගියේ පාසිකුඩා වෙරළට. එතෙනත් නරකම නෑ. ​ඒත් ගෝල්ඩ් fish එතෙන නම් නෑවේ නෑ. ඇත්තටම නාන්න හිතුනේ නෑ. උදේම නාලා ආපු නිසා වෙන්න ඇති. ඒත් ඉතිං ඒ වෙනුවට නාන අයගෙයි අවට ලස්සනයි පින්තූර ටිකකට ගත්තා.

14.

15.

16.

17.

ඉතිං ඔය ලස්සන වැල්ලට ගිහින් ගෝල්ඩ් fish ගේ පින්තූරයක් නොගත්තොත් ඒක පාසිකුඩා වෙරළට කරන ලොකු අවමානයක් නිසා,ගෝල්ඩ් fish ඒ වෙරළේ ඉදන් ගත්තා පින්තුරයක්, ඔය තියෙන්නේ අගේට.

18.


ඔන්න එහෙනම් ගෝල්ඩ් fish කිව්ව විදියට යාළු මාලුවන්ට තෑගිත් අරගෙන ආවා.. හරිනේ.. ඔය images ඔක්කොම හොඳට ලොකුවට තියෙනවා. කට්ටියම ඒවා උඩ click එකක් දාලා බලන එකයි තියෙන්නේ.

මෙන්න ඔක්කොම පින්තූර ටික තියෙනවා, මෙතෙන.

ගෝල්ඩ් fish ටැංකියේ නැතෝ…

ඔන්න ඉතිං අද ඉඳන් දවස් තුනක් ගෝල්ඩ් fish ටැංකියේ නැහැ. අද ඉඳන් කිව්වට ඉතින් හෙට ඉඳන් තමා. ඔය ටැංකි​යේ උඩ Status එකේ දාලා තියෙන්නේ. හරිනේ.

කියන්න දෙයක් නෑ ගොඩ දෙනෙක් දන්නවා, ගෝල්ඩ් fishට මොකද වෙන්නේ කියලා. ඌ යනවානේ මේ පාරත් බෝතල් ටිකක් හිස් කරලා එන්න. කොහොමත් අපේ අය trip යන්නේ ඕකටනේ. ඇයි ඉතින් ගෙවල් වල ඉඳන් බොන්න දෙන්නේ නැහැනේ. හි හි 😀 . හරි හරි මෙන්න ඉතිං ගෝල්ඩ් fishගේ trip එකේ විස්තර. මේවා ඉතිං කියලා යන එක යුතුකම්නේ. මාසයක් දෙකක් වුනත් ගෝල්ඩ් fishගේ ටැංකියට ඇවිල්ලා සුව දුක් බැලුවනේ.

ඉතිං මෙන්න මෙහෙමයි ගමන් මග වැටිලා තියෙන්නේ. උදේ 6.30ට office එකෙන් පිටත් වීම. ඊට පස්සේ පැපිලියාන නුගේගොඩ පැත්තෙන් නුවර පාරට ගිහින් ….බ්ලා බ්ලා බ්ලා.. අපේ HR manager තව කිව්වා මතක නෑ හො​දේ. ඔන්න ඊට පස්සේ දවල් 12.0 ට විතර දඹුල්ලේ ඉබ්බන්කටුව වැව ගාවින් දවල් කෑම කනවා කිව්වා. නාන්නත් තියෙනවා. එල තමා. ඊට පස්සේ නාලා කාලා (බීලා) හවහ 4.30-5.30 වෙද්දී පොළොන්නරුවේ. අපි නවතින්නේ ගජබා නිවාඩු නිකේතනයේ. ඒකත් මම හිතන්නේ කලින් පාර වගේම හමුදාවෙන් පාලනය කරන එකක්. අවුලක් නෑ අපේ එවුන් බිව්වම හමුදාවෙන් නෙමේ මාර සෙනග ආවත් උන්ව නවත්තනවා බොරු. බලමුකෝ මේ පාර සිරා සීන් මොනාද කියලා ගිහින් ඇවිල්ලා. ඔන්න පළවෙනි දවසේ රෑ නවතින්නේ එ​තෙන. අපිට රෑට පැදුරු සාජ්ජෙකුත් set කරලා තියෙන්නේ. හොඳ fun එකක් ගත්තෑකි. ඊට පස්සේ දෙවැනි දවසේ උදේම අපි ත්‍රිකුණාමලේ යනවා. කෝනේෂ්වරම් කෝවිලයි, නිලා​වැලි වෙරළයි බලන්න. ගෝල්ඩ් fish හරි ආසයි කෝනේෂ්වරම් කෝවිල ගාවින් මුහුද බලන්න. අර හෙන ප්‍රපාතයක් වගේ තැනකින්. තාම ගිහින් නෑ ගිහිල්ලාම බලමුකෝ. පස්සේ එදා දවල්ට කන්​නේ නිලාවැලි beach එකේදී. ආයෙමත් රෑ පොළොන්නරුවට එනවා. ගජබා එකටම තමා. පස්සෙන්දා උදේ පොලොන්නරුවේ නටඹුන් බලලා හවස් වෙලා තමා ආයෙමත් එන්නේ.

ඔන්න ඔහොමයි ගමන් විස්තරය. ඉතිං මේ දවස් දෙක තුනේදී ගෝල්ඩ් fishගේ ටැංකිය බලා ගන්න යාලු මාළුවෝ ටික. මකුලු දැල් කඩලා… ආ වැරදුනා… දිය සෙ​වෙල අයින් කරලා… ඔක්සිජන් දාලා… එහෙම සිරාවට තියගන්න ඕනේ. ඒ අතරෙදි ඉතින් කම්මැලි නම් ගෝල්ඩ් fishගේ තියෙනවානේ ටැංකියෙන් එහා ලෝකය ඒකට වටයක් පීනුවැකි. එහෙමත් නැත්තං ආසාවෙන් කියවන්න පුලුවන් දේවල් වගේකුත් තියෙනවා ඒවත් බලන්න පුලුවන් කට්ටියට. එහෙමත් නැත්තං ගෝල්ඩ් fish ගේ face book එකේ wall එක හැඩි කරපල්ලා. හි හි. අර කව්ද …. මේ.. මේ…… මොන හිතද?…. ආ.. අකීකරු හිතට පුළුවන් ගෝල්ඩ් fishගේ නිසදැස් ටික කියවලා බලන්න මෙතනින්. එයාට ගෝල්ඩ් fish ටිකක් special නේ. හි හි. 🙂 🙂 . මොකද එයා හිතන් ඉන්නේ එයා තමා එකම නිසදැස් කාරයා කියලා. හි හි.. ​නෑ නෑ සහෝදරී විහිළුවක් කලේ.

ගෝල්ඩ් fish හිනත් ඉන්නවා යන යන හැම මගුලෙම පින්තූර ටිකකුත් අරගෙන එන්න කියලා. ඒකටම කියලා වෙනමම 2GB Micro SD මෙමරියකුත් ගත්තා. බලමු බලමු හොඳ සීන් ටිකකින් මෙමරිය පුරෝගන්න. වෙනදා නම් ඒවා වැඩක් වුනේ නෑ. නිකං බොරුවට මෙමරිය up වෙනවා විතරයි. ඒත් දැන් එහෙම නෑනේ ඔක්කොම බෙදා හදා ගන්න හොඳ යාළු මාලුවෝ ටිකක් ගෝල්ඩ් fishට ඉන්නවනේ දැන්. ඒක නිසා ටිකක් ඕනේ කමින් මේ පාර වැඩේ කොරන්න ඕනේ. එහෙනම් හරිනේ කට්ටියට පාළු දැනෙයිද මන්දා… මේ පිස්සු ගෝල්ඩ් fish නැතුව. කමක් නෑ ආයේ එන්නේ ඉතිං සෑහෙන වටිනා කියනා දේවල් ටිකකුත් අරගෙනනේ. තෑගි තෑගි…. එහෙනම් මම ගිහින් එන්නම් යාළුවනේ…

ආ ඔන්න අර වචන 100 blog එකේ ගෝල්ඩ් fishගේ අලුත්ම වචන 100 දාලා. කට්ටියම බැලුවනම් ඔය පුංචි සුරංගනාවි කියලා තියෙන්නේ.

කකුල වැදුනේ නෑ බං… හෙවත් 8 feet

යාළු මාළුවන්ට මතකද කලින් පෝස්ට් එකේදී කිව්වා ගෝල්ඩ් fish ලා ගිය විනෝද චාරිකාවක් ගැන.  පළවෙනි එක නෙවේ දෙවැනි එක. අර එක දවසේ බෝතල් 75 ක් ඉවර කලේ. ආන්න ඒ චාරිකාව තමා. ඔය බෝතල් 75ක් ඉවර කරන එක මහ ලොකු දෙයක් නෙමේනේ ඉතිං ඒක සාමාන්‍ය දෙයක්. ගෝල්ඩ් fishට නෙමේ කන බොන කට්ටියට.

හරි මෙන්න අද කතාව…

මුලින්ම මේකේ කතා නායක මාළුවට variable එකක් call කරලා නමක් assign කර ගන්න ඕනේ. මොකද තව ඉස්සරහට කතා වලදිත් මෙයා ඉන්න නිසා. ඇත්තටම මේ කරන්න යන මඩ වැඩේ ඊයේ මේ මාළුවට කිව්වා. නිකං නෙමේ කිව්වේ බැදපු මඥ්ඥොක්කා මුලකුත් අරන් දීලා තමා කිව්වේ. නැතුව බැහැනේ ඉතිං. වෙලාවට එක පයින් කැමති වුනේ. නැත්තං ඔය සෝයා අයිස් ක්‍රීම් අරවා මේවාත් අරන් දෙන්න වෙනවා. මෙයා තමයි ගෝල්ඩ් fish ගේ mango fish. මොනා වුනත් එල මාළුවා. මු ගැන මෙච්චර කියෙව්වේ පොඩි හැඳින්වීමක් අත්‍යවශ්‍ය නිසයි. හරි හරි මෙන්න කරගෙන ආපු වැඩේ… අර නමක් දාගන්න එක. අපි මෙහෙම දාගමු…

ගෝල්ඩ් fish ගේ mango friend = “රතු (මාළුවා)”

මින් ඉදිරියට භාවිතා වෙන්නේ රතු කියලා හරිනේ. මේ නම දාන්න කිව්වෙත් රතුම තමා. මූට රතු කිව්වට ගෝල්ඩ් fishට වැඩිය චුට්ටයි සුදු. හරි මෙන්න සීන් එක. අර කුකුලේඟග trip එකේදී වැඩිම බෝතල් ගානක් බීපු එක ටිකක් මතක හිටින කේස් එකක් වුනාට, ඊට වැඩිය ලස්සනම මතක හිටිනම සීන් එක තමා මේ රතුගේ සීන් එක.

මේ කුකුලේඟග නිවාඩු නිකේතනයේ තියෙන වනේ swimming pool කියලා එකක්. ස්වාභාවික එකකුත් තියෙනවා. ඒක නෙමේ මේ අනිත් එක. ඒ කියන්නේ කෘතිම එක. මේකට ඉතිං ඔය නිකං කලිසං කෑලි ගහගෙන බහින්න තියා මූනවත් හෝදන්න දෙන්නේ නෑ. ඔක්කොම කරන්නේ ප්‍රමිතියකටනේ. ඒකයි. මේකට කකුලක්වත් දානව නම් ඉතිං swimming short එකක් හරි silk ඈඳුමක් හරි වෙන්න ඕනේ. ඔය ඔක්කොම දන්නේ ඉතිං එතෙන්ට ගියාට පස්සේ. ඇත්තටම ගෝල්ඩ් fish වත් වෙනින් එකෙක්වත් මේ ඉලවි මුකුත් අරං ගියේ නෑ. ඒත් සමහරු ගෙනැත් තිබුනා. හි හි. දැන් ඉතිං කට්ටිය බීලා කරලා සනීපෙට pool එකේ බැහැලා ඉද්දී ගෝල්ඩ් fishටයි රතුටයි වුනේ ගොඩට වෙලා බලාගෙන ඉන්න. ඇයි ඉතිං බහින්න තරං සුදුසු ඇඳුමක් නැහැනේ. දැන් ඉතිං දෙන්න එක්ක pool එක වටේ කැරකි කැරකි ඉද්දි එක පාරටම pool එකේ හිටිය ගෝල්ඩ් fishලාගේ office ලොක්කෙක් ගෝල්ඩ් fishට කතාකරලා, ගෝල්ඩ් fish අර coke එක ගේන්න කිව්වා. ගෝල්ඩ් fishත් ඉතිං අරන් ගියා. ඇයි ඉතිං ලොක්කෙක්නේ. ගෙනිහිල්ලා ආ… සර් කියලා දෙන්න හම්බුනේ නෑ… ගෝල්ඩ් fishගේ ඇස් දෙක ඉස්සරහා නිකං අර උත්තර ධ්‍රවයේ වගේ උතුරු එලි  වගේ ඒවා පේන්නයි, බ්ලුග්… බ්ලුග් … බ්ලුග් ….ගගා නිකං අමුතු විකාර සද්දෙකුයි… සිරා සීතලකුයි දැනෙන්න ගත්තා. මෙන්න බොලේ coke එක අරන් ආපු ගෝල්ඩ් fish pool එකේ. අපේ ලොක්කා ගෝල්ඩ් fishව pool එකට ඇදලා අරගෙන අර එලියට වෙලා හෙම්බත් වෙවී ඉන්නව දැකලා. ගෝල්ඩ් fishගේ ඇඳුම් ඔක්කොම ටික තෙතයි. ඒ අස්සේ අර ලොක්කා අහනවා පුතා phone එක එහෙම සාක්කුවෙද කියලා? අනේ අම්මපා ඒ වෙලාවේ අර galle face අයිනේ තියෙනවා වගේ මලකඩ කාපු කාල තුවක්ක්වක් තිබ්බනම් ගෝල්ඩ් fish දනී කොරන දේ. මොනවා වුනත් වෙලාවට ගෝල්ඩ් fish සියළු දේ උගේ බෑග් එකට දාලා ගියේ. සන්තකේට තිබ්බේ ඇඳන් හිටිය ඇඳුම් ටික විතරයි. ඒක නිසා ගානක් නෑ. පස්සේ අර pool එක බලාගන්න අයියකෙනෙක් ඇව්ල්ලා ගෝල්ඩ් fishට කියනවා ගොඩ වෙන්න … ගොඩ වෙන්න… කියලා. ඇයි ඕයි ගොඩ වෙන්න මේක ප්‍රයිවෙට් බස් එකද්ද කියලා අහන්න හිතුනත් ඉතිං ඇහුවේ නෑ. හොඳ නෑනේ අනුන්ගේ තැනක්නේ කියලා. දැන් මේ ඔක්කොම සීන් වෙනකම් ගෝල්ඩ් fishගේ mango බලාගෙන ඉන්නවා. අනේ අම්මපා ඕකව…

ඊට පස්සේ ගෝල්ඩ් fish ගොඩ වුනාම, බස් එකට නෙමේ හලෝ…. pool එකෙන් ගොඩට, රතු ඇවිල්ලා අහනවා මොකෝ බං කියලා. මු මුකුත් දන්නේ නෑ. තොත්ත බබා. පස්සේ අපි දෙන්න කතා කර කර ඉන්න අස්සේ අර බෝතල් 75ට සම්මමාදන් ​වුන තවත් ලොක්කෙක් ඇවිල්ලා ගෝල්ඩ් fishට දෙනවා කලිසමක්… ආ පුතා මේක ඇඳගෙන දැන් නාගන්න කියලා. බොහෝම ස්තූතියි සර් උදව්වට. ඒත් කොහොමද සෑර් මේක් මම තනියම අඳින්නේ. ඇයි හත් දෙයියනේ ඒ ලොක්කගේ ඉන ගෝල්ඩ් fishගේ ඉන වගේ 6ක් විතර ඇති. ඒ පාර නං ගෝල්ඩ් fishගේ කටට බ්රේක් නැති වුනා. ගෝල්ඩ් fish කියපි අප්පට සිට සර් මේක මට තනියම අඳින්න බැහැ, මටයි රතුටයි දෙන්නටම තමා අඳින්න වෙන්නේ කියලා. ඊට පස්සේ අර ලොක්කා කරේ ආ… ඔව්නේ කෝ දෙන්න එහෙනම් කියලා කයියම අරගෙන ගියා. ආපහු පානයට සෙට් වෙන්න.

දෑන් ඉතිං ගෝල්ඩ් fish ගොඩට වෙලා ඉන්නත් බැහැ. නාලානේ ඉන්නේ. ඊටත් වැඩිය අමාරු mangoට ඇයි ඉතිං ගෝල්ඩ් fish නම් කොහොම හරි කරලා වතුරේ රහ බැළුවනේ. මූට එහෙමවත් බැරිවුනානේ. පස්සේ දෙන්නා එක්ක ගිහින් ඒ නිකේතනය ඇතුලෙම තියෙන කඩේකින් පුංචිම පුංචි අඟල් 5ක විතර සුට්ටං short කෑලි දෙකක් අරගෙන ඇඳගත්තා. ඇඳගත්තා නෙමේ ඇඳගැනුනා ඒවායේ ගාන අහපුවම. අර චුට්ටි කලිසං කෑල්ල රුපියල් 400ක්. මොනා කරන්නද ගත්තා. ඇඳගත්තා. දැන් ඉතිං හරි. දෙන්නම රෙඩි පිට ඉන්නේ ඕනෑම ජල ප්‍රහාරයකට. ඔන්න දැන් තමා සිරා කතාව. ගෝල්ඩ් fishගේ mango, රතු ඉන්නවානේ… මූ ටිකක් පීනන්න දන්නවා. ඒකත් මේ චුට්ටයි. ඌ හිතං ඉඳලා තියෙන්නේ පීනනවා කියන්නේ දනහිස හරියට වතුරේ බැහැලා ලඟ ඉන්න එවුන්ට වතුර ගගහා සෙල්ලං කරන එකට කියලා. ඔහොම දැන් දෙන්න එක්ක ලෑස්ති වෙලා ඇවිල්ලා pool එකට බහින්න තැනක් හොයනවා. වතුර ටිකත් ලස්සනේ බෑ. නිල්ම නිල් පාටයි. මේ වතුර කිව්වට වතුරම නෙමේ හො​දේ. ඊට පහලින් පතුලේ තියෙන ටයිල් ටික. එක පැත්තක සෙනග ටිකක් වැඩි, 12ක් විතර හිටියා. ඒ පැත්ත මේ පැත්ත බලා බලා දෙන්න එක්ක ඉඳලා mango ඇහුවා මෙතනින් බහිමුද කියලා. අනේ ඌ ඇහුවා විතරයි ගෝල්ඩ් fish උත්තරේ දෙන්න බලද්දී මිනිහා නෑ… එක පාරට ජබොස් ගාලා සද්දයක් ඇහුනා. එච්චරයි. ඒ කියන්නේ mango ගෝල්ඩ් fishට හොරෙන් pool එකට පැනලා. පේනවනේ එකට හිටියට අර මොකද්ද එකක් වෙනස් කියනවනේ. අවුලක් නෑ mangoනේ. පස්සේ වෙලාවක අල්ල ගන්න බැරියෑ කියලා ගෝල්ඩ් fish  මුගේ දිය කෙලි බලන්න  ආසවෙන් ඉන්නවා. මහ ලොකුවට පීනන්න දන්න මිනිහනේ. බලමුකො වැඩ කියලා ඇහිපිය ගහන්නේ නැතුව ඒ පැත්ත බලාගෙන හිටිය ගෝල්ඩ් fishට  බලන්න වෙන්නේ තව පොඩ්ඩෙන් මල කෙලි. මෙන්න තත්ත්පර 10කින් විතර මූ උඩ එනවා … අත් දෙක උස්සනවා.. ආයෙත් යට යනවා… ගෝල්ඩ් fish ඇත්තටම හිතුවේ ගෝල්ඩ් fishටත් මෙහෙවර යකෝ කියලා කතා කරනවා කියලයි. තව පාරක් බැලුවා ඒකම වුනා. මෙන්න පස්සේ ලඟ හිටපු life guard අයියා කෙනෙක් බුක් ගාලා වතුරට පැනලා mango ව වත්තං කරගෙන ගොඩට පීනනවා. අම්මට සිරි මූ ගෝල්ඩ් fishට එන්න කියල නෙමේ කතා කරලා තියෙන්නේ ඌව ගිලෙන්න යනවා කියලා කියලා තියෙන්නේ. මාර සීන් එක. මේක විශ්වාස කරන්න බෑ. මේකා මට කිවිවනේ ඌට හොඳට පීනන්න පුළුවන් කියලා. ඉතිං එහෙනම් මේ මොකෝ? කොහොම හරි mango ගොඩට ආවම ගෝල්ඩ් fish ගිහින් ඇහුවා මොකද බං වුනේ කියලා. මූ දුන්න මරු උත්තරයක්… කකුල වැදුනේ නෑ බං පතුලේ… කිව්වා. mango ට පීනන්න පුළුවන් උගේ කකුල බිම වැදෙනවානම් විතරයි. හි හී. ඕක ඉතිං ඕන අතදරුවෙකුට බැරියෑ. ඔය පොඩිවුන් ෂෝයි එකට වතුර බේසම් වල බැහැලා පීනන්නේ. හී හී.මං කලිංම කිව්වේ මූ පීනනවා කියලා හිතං ඉඳලා තියෙන්නේ පොඩි වතුර වලකට බැහැලා වතුර ගහගන්නවට කියලා. පේනවනේ දැන්. හැබැයි ගෝල්ඩ් fishට වැඩිය නම් මූට ටිකක් පීනන්න පුළුවන්. දැන් ඉතිං ගෝල්ඩ් fishගේ පීනුම් හැකියාවත් හිතාගන්න පුළුවන්නේ. හි හී…

ආයෙත් තව ටිකකින් තමා ගෝල්ඩ් fishගේ දෙලොව රත්වුනේ. ඇයි ඉතිං වරෙන් කියන්න වගේ අත්දෙක උස්සාගෙන දඟලද්දී ගෝල්ඩ් fishත් පැන්නනම්…. ආයෙ පාරක් බ්ලුග්…. බුලුග්… තමා.අනිත් එක මුලින් ගෝල්ඩ් fishව pool එකට ඈදලා අරන් තිබුනේ pool එකේ ගැඹුරු නැති හරියෙන්. ඒ කියන්නේ අඩි 4 හරියෙන්. කට්ටිය දන්නවනේ pool එකක් අඩි 4 කෑල්ලයි, ඒක ටිකක් ගැඹූරු වේගෙන ගිහින් අඩි 8 කෑල්ලකුයි තියෙනවනේ. ගෝල්ඩ් fish ගේ mango සෙනග අඩු නිසා pool එකට පැනලා තිබ්බේ අර අඩි 8 හරියෙන්. කට්ටියට කියන්න දෙන්නගෙන් එකෙක්වත් දැක්කේ නැති වුනාට රතු පැනපු තැන බිම ටයිල් එකක ගහලා තිබුනා 8 Ft කියලා. ඉතිං ඔය සීන් එක මතක් වෙන්න ගෝල්ඩ් fish උගේ mangoට register කලා eight feet කියලා card එකක්. Mango මෙච්චර කල් හිතන් හිටියේ ඒ card එක දැම්මේ වෙන කෙනෙක් කියලා. නෑ බොල නෑ මේ ගෝල්ඩ් fishම තමා ඒ card එක දැම්මේ. හි හි. හොඳ වැඩේ වුනේ mangoට. මේකා, ගෝල්ඩ් fishව  pool එකට ඇදලා අරන් නාවපු වෙලා පැත්තකට වෙලා හිනා වුනා … ඒකටත් එක්ක දැන් ඉතිං හරිනේ උඹටත් කියලා එවේලේ ගෝල්ඩ් fishට හිතුනා.

අද ඉඳන් මඤ්ඤොක්කා කන්නයි, රටකජු කන්නයි, සෝයි අයිස් ක්‍රීම් කන්නයි වෙන එකෙක් හොයා ගන්න වෙයිද මන්දා? කමක් නෑ සහෝ උඹ මාත් එක්ක තරහ වුනාට කෑම එක්ක තරහ නෑනේ.

බොනවනම් මෙන්න මෙහෙම…

මේ පළවෙනි වතාවට තමා ගෝල්ඩ් fish ගේ blog ටැංකියේ ඇල්කොහොල් සීන් එකක් දාන්නේ. මේක දැන් ටික දවසකට කලින් තමා දාන්න හිටියේ. කොහොම හරි අමතක වෙවී ඇවිල්ලා අද තමා මතක් වුනේ. මේ සීන් එකක් නෙමේ දෙකක් ගැන සංසනදනයක්. හරිද? මුලින්ම කියන්න එපැයි අදාල අවස්ථාව, නැත්තං ඉතිං කට්ටිය මඥ්ඥං වෙනවනේ. මේ සිද්ධින් වඅනේ ගෝල්ඩ් fish ලාගේ වාර්ෂික විනෝද චාරිකාවෙදී. ඒ කියන්නේ ගෝල්ඩ් fishගේ office එකෙන් යන චාරිකාව. මේක ගොඩක් වෙලාවට වැටෙන්නේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මාස වල. දැන් ගෝල්ඩ් fish ඔය වගේ එව්වා දෙකකට සහභාගි වුනා. මුල්ම එක ගියේ නුවර එළියේ. දවස් තුනක ගමනක්. මුල්ම දවස,අර ගලක් හාරලා උමගක් එහෙම හැදුවේ. ආ…හා.. නෑ… නෑ… කඩුගන්නාව නෙමේ හලෝ… රම්බොඩ. එඵවෙනි දවසේ නැවතුනේ රම්බොඩ හෝටලයේ. එ​තෙනත් හෙන හෙන සීන් වුනා ඒවා පස්සට දාන්නම්කෝ. එදා රෑ ඉතිං බීපු නොබීපු එකෙක් හොයා ගන්න බෑ. ඒ කියන්නේ නොබොන එවුනුත් බීලා. තේරෙනවනේ ගෝල්ඩ් fishත් චුට්ටක් විතර…. ඔය ලොකු ලොකු ඒවා නෙමේ beer චුට්ටක්. චුට්ටක් කියන්නේ ඇත්තටම ටිකක්. අපෝ ඒ ටිකට හරි යන්න අනිත් එවුන් බිවුවා ඇති වෙන්න. ඊට පස්සේ දවසේ නුවර එළියේ. එදානම් මාර සීතලක් තිබුනේ. අපේ ඉතිං ඔය ලොකු අයියලාට ඕනේ වුනා ගිනි මැලයක් ගහලා, ඒක වටේ ඉඳගෙන පොඩි ජොලියක් දාන්න. හැබැයි ගින්න පොඩියට අවුලලත් බැහැ. ඇයි දෙයියනේ 150 විතර චුට්ටං ගිනි ගොඩක් මොනා කරන්නද? ඒක නිසා කට්ටියම කොහෙන්ද මන්ද දර වගයක් හොයා ගෙන ඇවිල්ලා ගැහැවා හෙන තඩි ගිනි ගොඩක්. ඒ කියන්නේ දෙසීයකට විතර ඇතිවෙන්න. දැන් ඉතිං කට්ටිය නටනවා, සිංදු කියනවා… එක විකාරයයි. ඒ ඔක්කොම කලේ ගෝල්ඩ් fishල නැවතිලා හිටිය හෝටලයේ මිදුලේ. වැඩේ කියන්නේ ​ඒ මිදුලේ වැලි වෙනුවට තිබුනේ තාර. මාර කේස් එක. උදේ තමා දන්නේ මේ ඔක්කොම. පස්සේ ඒ තාර පිචිචුනාටත් ගෙවන්න වුනා.පස්සේ තුන්වෙනි දවසේ එන ගමන් කිතුල් ගල එහෙම ගිහින් නාලා කාලා , එතෙනත් බීලා තමා ආවේ. ඔන්න යාළුවනේ ඒ දවස් තුනේ ගමනට අරක්කු බෝතල් 80ක් වැය වෙලා කියලා තමා සතියකට විතර පස්සේ ආරංචි වුනේ. ඒකනම් ඉතිං ඒ තරම් අවුලක් නෑ මොකද දවසකට බෝතල් 27ක් විතරනේ. 150ට 27ක් කියන්නේ බෝතලේකින් 1/5ක් විතර තමා ආසන්න වශයෙන්. හැබැයි විශ්වාස කරන්න ටිකක් අමාරුයි. අපේ කට්ටියට ඒ තරම් බොන්න බැයිද කොහෙද? හි හි… කොහොම හරි ඒ තමා සංඛ්‍යා ලේඛන. හරිනේ…

මෙන්න ගෝල්ඩ් fish සහභාගී වුන දෙවැනි චාරිකාව. ඒක එක දවසයි. අපි ගියේ කුකුලේගඟ නිවාඩු නිකේතනය බලන්න. බලන්න නෙමේ ඒ ගියෙත් කන්න. කන්න කිව්වට ඒත් බොන්න. හරිනේ. ඒකටනම් අර තරම් පිරිසක් ආවේ නෑ. ආවේ 120ක් 100ක් වගේ පිරිසක් තමා. එතෙන අපිට DJ එකක් එහෙම සෙටි කොරලා තිබ්බා. කෑම ටිකත් එලකිරි. ඒක පාලනය කරන්නේ හමුදාවෙන් කියලා තමා කිව්වේ. හරි ඔය රෙද්දවල් වැඩක් නෑනේ. එතෙනදීත් කට්ටිය කරටි කැඩෙන්න ගැහුවා. ගෝල්ඩ් fish නෑ හරි. ඌත් ඉස්සර යස අගේට beer දෙකක් විතර බිව්වා. පස්සේ ඔය angelම දැකලා එපා කිව්වට පස්සේ නෑ. එදා එක දවසට නිසා ඉතිං දවසක average බලන්න ඕනේ නැහැනේ. ඉතිං යාළු මාළුවන්ට කියන්න එදා අපේ 120ක් විතර පිරිස අරක්කු බෝතල් 75ක් විතර පානය කරලා.අනේ අප්පේ මෙහෙම රටත් ගිය වතාවේ දවස් තුනට 150 දෙනාටම බෝතල් 80යි. ​කුකුලේගඟදී එක දවසට 120 දෙනාට බෝතල් 75යි. පව් වැඩේ නේද? තව 5ක් දාගත්තනම් ගිය පාර රෙකෝඩ් එක කැඩෙනවා. කොහොමත් දැනටත් ඉතිං කැඩිලානේ. හී හී… හිතා ගන්න පුලුවන්නේ අපේ අයියලාගේ බීම. ඇත්තටම එදා නම් සමහර කට්ටිය ගෙදර ගිහිල්ලාත් නැහැ. office එකේම ඉඳලා පහුවෙනිදා තමා ගිහින් තියෙන්නේ. මේ කතාව කිව්​වේ මේ පාර සංඛ්‍යා ලේඛන කොහොම වෙයිද කියලා ගෝල්ඩ් fishට හිතා ගන්න බැරි නිසයි. අපි මේ පාර යන්නේ පොළොන්නරු, ත්‍රිකුණාමලේ. තව ටික දවසයි තියෙන්නේ. ඒ ගමනේ සංඛ්‍යා ලේඛන ටිකත් බලමුකෝ පස්සේ.

මෙන්න විශේෂ අනාවැකියක්…

මේ පාර බෝතල් 300ක් විතර අපතේ යන සයිස් එකක්තු තියෙන්නේ. කටිටිය ඔක්කොම 250ක් විතර යනවලු, දැනටම බෝතල 300ක් විතර order කරලලු. බලමුකෝ ඉතිං ඒකෙත් හැටි. මට පේන්නේ මේ පාර තමා විඩිම බේබද්දෝ ප්‍රමාණයක් චාරිකාව යන්නේ. බලමු බලමු… ගිහින් ඇවිල්ලාම. හි හි….

ඇත්තටම දැන් තත්ත්වය ගැන නම් කනගාටුයි. එහෙමය කියලා මුන්ට කියවනවට වැඩිය හොඳයි කිසිදෙයක් නොකියා බීලා පිස්සු නටන හැටි බල බල හිනාවෙන එක. අපිට අනිත් වන් හදන්න බෑනේ.

F1…F1..F1….

දැන් කට්ටිය හිතයිද දන්නේ නෑ මේ ගෝල්ඩ් fish ට අද උදේ පාන්දරම මො​කෝ වුනේ කියාලා. ඊයේ ෆාතිමා ගැන කිව්ව නිසාද දන්නේ නේ F1 පෝලිමක් දාලා තියෙන්නේ කියලත් හිතෙනවා ඇති. හරි මේකයි හේතුව. ඇත්තටම යාළු මාළුවෝ කාටවත් ඔඵවට එන්නේ නැද්ද එකපාරටම මොකද්ද මේ F1 කියන්නේ කියලා. නෑහැ නේ. හි හි ඔළුවක් තියෙන්න එපැයි ඔළුවට එන්න. 😀 හරි හරි F1 කියන්නේ ඔය ඉස්සරහ තියෙන key board එකේ තියෙන function keys වල පළවෙනි එකනේ. ඒකෙන් කරන දේ දන්නවනේ. නෑත්තං ඕං ගෝල්ඩ් fishම කියන්නම්. F1 වලින් කොරන්නේ අදාල මෘදුකාංගයට ආදාල උදව්වක් ලබාගැනීම. අදාල මෘදුකාංගය කිව්වේ ඒ වෙලාවේ active වෙලා තියෙන එක. දැන් කට්ටිය බලයි මොකාටද මූ එන්නේ කියලා.

ඔව් යාළු මාළුවනේ මේ අවස්ථාවේනම් ගෝල්ඩ් fishටත් ලොකුම ලොකු උදව්වක් ඕනේ. කාසි වලින් අහේ මෙහේ නෙමේ. පුංචි සිංදු කෑල්ලක් හොයාගන්න ඕනේ වෙලා තියෙනවා ගෝල්ඩ් fishට. මේක මුලින්ම ගෝල්ඩ් fish ඇහුවේ අර angelට sms කර කර පාඩම් කරන්න ගිය දවස් වල. ඒ කියන්නේ ගෝල්ඩ් fish A/L කරද්දී. යාළුමාලුවෙක්ගේ ගෙදරදී CD එකකින් තමා මේ සිංදුව ඈහුවේ. මුලින්ම සහ අවසන් වතාවට. දැන් ආයෙමත් මේ සිංදුව ඇසීමට ඇති ආසාව නිසා ගෝල්ඩ් fishට මේ දවස් වල කන්නත් බෑ. ඔය කිව්වට කනවා. ඒත් ඇඟට දැනෙන්නේ නෑ.

හරි මෙන්න මේකයි සිංදුව. මේක කියන්නේ ජය ශ්‍රී කට්ටිය තමා.

ඇසුරේ වෙලී එදා මා… ඔබ හා ගෙවු සැ​දෑවෝ

සඳ සීතලේ මෙදා… කඳුලක් වුනා අනන්තේ…

ඇත්තටම සිංදුවේ කෑලි මතක තිබුනට මේ වගේ හොඳට මතක තිබ්බේ නෑ. ඒ පාර ගෝල්ඩ් fish අර පරන mangoට call කරාම, මාලුවා හිටියේ කොඹළ. හරිනේ කොඹළ. පස්සේ කිව්වා ගෙදර ගිහින් call කරන්නම් කියලා. ඒත් ඉතිං 8.30 වෙනකනුත් නෑ. පස්සේ මෙන්න මූ ගෙදරටම ආපි. ඇවිල්ලා ඉතිං ටිකක් වෙලා chat එකක් දාලා සිංදුවේ පද ටික කියලා ගියා. ඔය උඩින් දැම්මේ ඒ පද පේලි ටික තමා. ඇත්තටම මේ සිංදුවට ගෝල්ඩ් fish මාර ආසයි. පුළුවන් කව්රු හරි ඉන්නවා නම් ඔය සිංදුව තියෙන තැනක් ගෝල්ඩ් fish ට දැනුම් දෙන්න. නැත්තම් කාග​ෙ ගාව හරි තියේ නම් media fire හරි 4shared , 2shared , rapid share හරි upload කරලා ගෝල්ඩ් fish පොඩි දැනුම් දීමක් කරන්න පුළුවන් නම්, ගෝල්ඩ් fish මුළු හද පත්ලෙන්ම ඒ කියන්නේ බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා. ආ.. ගෝල්ඩ් fishගේ පරන mangoටත් බොහොම ස්තුතියි ඊයේ රෑ ගෙදරටම ඇවිල්ලා මේකේ මතක පද පේලි ටික හරි කියල ගියාට.

එහෙනම් කට්ටි​යගෙන් මේ අවස්ථාවේ උදව්වක් ඕනේ හරිනේ. ඇත්තටම මේ පෝස්ට් එක දාන්න කලින් ගෝල්ඩ් fish මුළු ජංජාලෙම බැලුවා. හොයා ගන්න බැරිවුනා අප්පා. ඒකයි F1 ඉල්ලන්න හිතුනේ. කට්ටිය දන්න තරමින් උදව්වක් කරයි කියලා ගෝල්ඩ් fish බලාපොරොත්තු වෙනවා. එහෙනම් කට්ටියටම සුභ දවසක්. (අනේ කොහොම හරි හොයලා දියල්ලා සිංදුව හොදේ)

ගෝල්ඩ් fish ගේ ෆාතිමා

මේ මගුල ලියන්නේ වෙන ලියන්න දෙයක් ගෝල්ඩ් fish ගේ හිත් පොජ්ජට මන්දු කො​රපු නැති නිසා. හරිද? මුලින්ම මගේ පුංචි සුදු සුකිරි angel පැටියාට කියන්න ඕනේ, අනේ වස්තුවේ මේ දඟ වැඩේ ක​ලේ ඔයාව හම්බුවෙන්න කලින් හො​දේ. නැත්තං ඉතිං බලපු දාට විසුමක් වෙන්නේ නෑ. බටර් ටිකකුත් ගෑවේ ඒ නිසා.

හරි මෙන්න story ය. ඒ දවස් වල ගෝල්ඩ් fish ස්කෝලේ හිටියේ 9 වසරේ. ගෝල්ඩ් fishගේ මල්ලී හිටයේ 4 වසරේ. අපේ ස්කෝලේ ම්ශ්‍ර එකක්. ගෝල්ඩ් fishට මතක විදියට ඒ ස්කෝලේ වාර අවසාන විභාග දවස්. ගෝල්ඩ් fishගේ මල්ලී ඒ දවස් වල 4 වසරේ නිසා එයාලගේ පන්ති ඇරුනේ 12.30 ද කොහොද. කොහොමහරි වෙනදට වඩා කලින් ඒ දවස් ටිකේ class වල වැඩ කටයුතු ඉවර වෙනවා. අපි වගේ ලොකු අයියලා අක්කලාට විභාගේ නිසා.ඉතිං ගෝල්ඩ් fishගේ මල්ලීත් ගෝල්ඩ් fish එනකම් ඉන්නවා යාළුවෝ ටිකත් එක්ක සෙලල්ම් කර කර. ගෝල්ඩ් fishත් මල්ලිගේ පංතියේ යාළුවෝ ටික හොඳට දන්නවා. විශේෂයෙන් පුංචි කෙල්ලොටික ගැන. ඕං වැරදියට හිතන්න එපා. කොහොම හරි ඉතිං මෙහෙම විභාග දවස් වලදී මල්ලිගේ පංතියේ පුංචි නංගි කෙනෙක් ඇවිල්ලා පංතිය වටේට ගහලා තිබුන දැලේ එල්ලිලා ගෝල්ඩ් fish දිහා බලන් ඉන්නවා දැකපු යාළුවෙක් ගෝල්ඩ් fishට මේ බව කිව්වා. හැබෑ නේන්නම් බොලේ පුංචි ලස්සන ඇස් දෙකක් ගෝල්ඩ් fish දිහා ඇහි පිය ගහන්නෙත් නැතුව බලාගෙන ඉන්නවා. ඕවා බල බල ඉඳලා හරි යන්නේ නෑනේ විභාගෙ ලියන්න එපැයි.

ඒ අස්සේ ගෝල්ඩ් fishට වතුර තිබහකුත් හැදිලා. බෝතලේ තිබ්බ වතුර ටිකත් ඔක්කොම ඉවරයි. ආ කියන්න ඕනේ.. මේ ස්කෝලේ විභාග දවස් වලට අනිත් ස්කෝල වල තරම් තදබල නීති රීති නෑ. වතුර ටිකක් බීලා එන්න, එතකොට ඒකෙ අනිත් පැත්ත කරලා එන්න එහෙම ගුරුවරුන්ගෙන් අවුලක් තිබුනේ නෑ. මොකද ඉතිං ගුරුවරු දන්නවා මේකේ හොඳට වැඩ කරන එවුන් පාස් වෙනවා අනිත් එවුන් කොයිතරම් කොපි තරත් ෆේල් වෙනවා කියලා. හරි දැන් ඉතිං ගෝල්ඩ් fish වතුර ටිකක් බීලා එන්න අවසර ගන්න කියලා පුටුවෙන් නැගිටිද්දීම ආපහු ගෝල්ඩ් fishට අර ප්ංචි ඇස් දෙක එයා දිහා බලන් ඉන්නවා දැක්කා. ඔය තරම් ආදරෙන් බලන් ඉද්දී ඉතිං වතුර එකක් ගෙනත් දෙන්න කිව්වම, ගෙනත් නොදී ඉන්න එකක් නෑ කියලා ගෝල්ඩ් fish හිත කිව්ව නිසා ගෝල්ඩ් fish පංතියේ ඒ වෙලාවේ හිටපු ගුරුවරයාගෙන් අවසර අරන් එලියට ගිහිල්ලා… නංගි මේකට වතුර එකක් ගෙනත් දෙනවද කියලා අහලා ඉවර කරන්න වුනේ නෑ. මෙන්න මේකි බෝතලෙත් අරන් දිව්වා. පස්සේ වතුර එකක් පුරවගෙන කාගෙන්වත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පංතියට ඇවිත් ගෝල්ඩ් fishට බෝතලේ දීලා ආපහු ගිහින් කම්බි දැලේ එල්ලිලා බලන් ඉන්නවා. ගෝල්ඩ් fishටත් දැන් ඉවසුමක් නෑ මේ රෙද්දේ විභාගේ ඉවර වෙනකම්. කොල්ලො ටිකත් අනං මනං කියනවා වගේ ඇහුනා. අප්පේ ඒකට කෙල්ලෝ ටික, මූනු රතු කරගෙන, දාඩිය පෙරාගෙන් මාර ඊරිසියාවෙන් අර පුංචි කෙල්ල දිහා බලන් ඉන්නවා. පස්සේ කොහොම හරි විභාගේ ඉවර වුනා. දැන් එලියට යන්න බයයි කොයිතරම් කියෙව්වත්. පස්සේ කොල්ලෝ ටික ගෝල්ඩ් fishව ඇදගෙන පන්තියෙන් එලියට අරන් ගිහින් අර නංගි ගාවට තල්ලු කරලා, ටිකක් ඈතට වෙලා බලං ඉන්නවා සීන් එක. මෙන්න ය​කෝ මේකිත් ගෝල්ඩ් fish දිහා බලාගෙන ඉන්නවා. පස්සේ බැරිම තැන මම ඇහුවා ඇයි නංගි කියලා. නිකං කියලා හරි හුරතල් විදියට කිව්වා. ඊට පස්සේ ගෝල්ඩ් fish කිව්වා ඔයා යන්න දැන් ස්කෝලේ අරින්නත් කිට්ටුයිනේ කියලා. හා කියලා මගට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා මම යනවා අයියෝ කියලා දුවලා ගියා.

ඉතිං කතාව එච්චරයි.

මොකටද හංගන්නේ තව ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ නංගි ගෝල්ඩ් fish එයාගේ මල්ලිත් එක්ක උදේට ස්කෝලේ එනකං ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා. හවසට විභාගේ තියෙන දවස් වල නම් පංතිය ගාවට එනවා. ඔය වගේ කොහොම හරි ඒ වාරේ ඉවර වුනා. ඊට පස්සේ ගෝල්ඩ් fish 10 වසරේ. ටිකක් advance ඉතිං ඒ දවස් වල. ඊට පස්සේ නංගිගේ පැමීනීමක් තිබුනේ නෑ. නිවාඩු කාලේ නිසා ඒවා අමතක වෙන්න ඇති. ගෝල්ඩ් fishටත් ඒතරම් මතකයක් නෑ ඒ දවස් වල.

කොහොම හරි ඔහොම අවුරුදු දෙකක් ගියා. ඒ කියන්නේ ගෝල්ඩ් fish, O/L කරලා ​ඉවර වුනාම මෙන්න ඊළඟ අවුරුද්දේ sport meet එක බලන්න ගෝල්ඩ් fishත් ගියා. සිරා ඩෙනිමකුයි, t-shirt එකකුයි තමා ඇඳන් ගියේ. ඉතිං අර පුංචි නංගිලා දැන් ලොකුයි. ගෝල්ඩ් fishගේ මල්ලිත් අපේ ස්කෝලේ හිටියේ නෑ. ඌත් සිස්සස්සේ පාස් වෙලා වෙන ස්කෝලෙකට ගිහින්. ගෝල්ඩ් fish යාළු මාළුවෝ ටිකත් එක්ක chat එකක් දාන් ඉද්දි එකෙක් කියනවා අන්න ගෝල්ඩ් fish උඹේ වතුර බෝතලේ ආයෙත් ඇව්ල්ලා උඹ දිහා බල බල යනවා කියලා.

කාලෙකට පස්සේ කන් දෙකට මී පැණි දැම්මා වගේ. බැලුවා නංගි දිහා. අම්මෝ කෙල්ල ලස්සන වෙලා, ඒ මදිවට ෆර්දාවකින් ඔලුවත් වහගෙන. පස්සේ ලැජ්ජා බය පැත්තකින් තියලා ගෝල්ඩ් fish ගියා නංගි ගාවට. ගිහිල්ලා ගෝල්ඩ් fish කිව්වා නංගිට … ම් .. දැන් ලස්සනවෙලානේ කියලා. මෙන්න මේකි එයත් එකක් ආපු යාළුවගේ අතේ එල්ලීගෙන ඇඹරෙනවා. අපේ උන් ටික මට විසිල් ගහනවා. පස්සේ අර නංගි මගෙන් අහනවා, දැන් ස්කෝලේ පැත්තෙවත් එන්නේ නෑ නේද කියලා. ගෝල්ඩ් fishටත් කටට බ්රේක නෑනේ… ගත් තටටම ඇහුවා කාව බලන්නද කියලා. අර නංගි බිම බලගත්තා, එයාගේ යාලුවා කියනවා ඇයි මෙයාව බලන්න කියලා. එතකොට නංගි එයාගේ යාළුවගේ අත කොනිත්තලා බොරුවට රවනවා. දැන් වැඩේ අපේ උන්ට මීටර්. පස්සේ ඉතිං ගෝල්ඩ් fish හිමීට යාළු මාළු සෙට් එක ගාවට ඇදුනා. මෙන්න ආපු වෙලා මුන් අහනවා, ඇහුවද? ඇහුවද? මොකද කිව්වේ? කේක් කවදද? ප්‍රශ්න කෝටියයි. යකෝ මම එහෙම මගුලක් හිතලවත් නෑ මුන් අපි දෙන්නව බන්දලා පොඩි එකාව ස්කෝලේ දාලත් ඉවරයි. අර කේක් ඉල්ලුවේ පොඩි එකා සිස්සස්සේ පාස් වුනාටද කෙහෙද. ගෝල්ඩ් fish යකා නැග්ගා ඉතිං.. මොනාද යකෝ කියන්නේ මම අහපු රෙද්දක් නැහැ. පස්සේ මාලු ටික අහනවා එහෙනම් යකෝ මොනාද එතෙන්ට ගිහින් ඇඹරී ඇඹරී කලේ කියාලා. ඈ බොල මම ඇඹරුනා… නැ තෝ එතෙන වන්නම් 18ම නැටුවා අපි බලාගෙන හිටියේ කියලා කිව්වේ නැතෑ එකෙක්. සමහරවිට හහෙම වුනාද දන්නේ නෑ කුළුඳුල් සීන් එකනේ. කොහොම හරි ගෝල්ඩ් fishගේ යාළුවෝ සෙට් එක් දැන් කියන්නෙම, මෝඩයෝ ඔච්චර ලකුණු තියාගෙන අහන් නැතුව ඉන්න එපා යකෝ බැයිනම් කියපං අපි අහන්නම් කියලා. වදෙන් පොරෙන් මුන් ටික කොහොම හරි ගෝල්ඩ් fish ව කැමති කරගත්තා. ඇත්තටම කිසිම හැඟීමකින් නෙවේ … හා ගිහින් අහපන්… කියන වචන ටික ගෝල්ඩ් fish කටෙන් පිට වුනේ. ලස්සන ඇස් දෙක දැක්කමනම් ගෝල්ඩ් fishව චුට්ටක් විතර ගැස්සිලා ගියා. ඒත් ඒ සුළු මෙහොතකට විතරයි. පස්සේ මුන් ටික අර නංගිගෙන් සීන් එක ඇහුවා. නංගිගෙන් කිව්වට චන්ඩි ටික ගිහින් අහලා තියෙන්නේ නංගිගේ යාළුවාගෙන් තමා අරයට කැමතිද කියලා ගෝල්ඩ් fish අහනවා කියලා. කොහොම හරි ඒ නංගි ඇවිත් කියනවා හෙට ස්කෝලෙට එන්න උත්තරේ දෙන්නම් කියලා. අද ඉතිං sport meet නේ. ඒක තිබුනේ ස්කෝලේ නෙමේ. වෙන පිට්ටනියක.

ගෝල්ඩ් fishත් හා කියලා ගෙදර ගියා. ආ.. යන්න කලින් හෙට එන්න මාලු ටිකවත් පොරොන්දු කරගනෙ ගියේ. හැබැයි ආවේ තුන් දෙනයි. හරි අවුලක් නෑ දැන්. නෑ කිව්වට එහෙමමත් නෙමේ මේ නංගි මුස්ලිම්. නම ෆාතිමා ??????. ඉතුරු කෑල්ල මතක නෑ. ඒක කියවන්නත් ටිකක් අමාරුයි. ඒ හින්දා මතක හිටියේ නෑ. දැන් ගෝල්ඩ් fishට මාර අවුල්. ඇයි දෙයියනේ මුන් කියන කතා. උත්තරේ දෙන්න එන්න කිව්වම තමා ඔක්කොම කියන්නේ. එකෙක් කියනවා උඹ ඒකිව බඳිනවා නම් උඹට අන්ගේ ආගමට යන්න වෙනවා කියලා. තව එකෙක් කියනවා ආගමට ගන්​නේ අහවල් එක කැපුවොත් කියලා. කොහොමද යකෝ ඒක කරන්නේ. පොඩි කාලේ ඉඳන් තිබුන එක. ඊටත් සන්තකේටම තියෙන්නේ ඔච්චරයිනේ. වැඩිපුර ​නෑනේ. එතකොට නම් හිතුනා මොකටද අහපන් කිව්වේ කියලා.

දැන් ඉතින් කොරන්න දෙයක් නෑ. එන විදියකට මුන දෙනවා කියලා හිතා ගෙන ඉද්දීම. ෆාතිමාගේ යාලුවා ඇවිත් කියනවා ගෝල්ඩ් fish අයියේ ඔයාට ෆාතිමා පුස්තකාලේ ගාවට එන්න කිව්වා කියලා. යාලුවෝ තුන් දෙනාවත් ඇදගේන ගෝල්ඩ් fish ගියා ඉතිං කොච්චර මුකුළු පෑවත් බැහැ කියන උත්තරය ලබන්න ලෑස්ති වෙලා. පස්සේ මගේ මාලුවෝ ටික කියනවා උඹ පලයන් අපි මෙහෙන් ඉන්නම් ඔනෙකමක් අනොත් අපි එන්නම් කියලා. ඉතිං ගෝල්ඩ් fish ගියා. මෙන්න ෆාතිමාත් ඇවිල්ලා. එයා කිව්වා, නෑ නෑ කිව්වේ නෑ මූන දිහා බලන් හිටියා. පස්සේ ගෝල්ඩ් fish ඇහුවා මොකද කියලා. ෆාතිමා කිව්වා…. අයියේ මං කැමතියි කියලා.හුටා දැන් ඉතිං අරකට බඩු හරිනේ. අනේ දෙයියනේ පොඩි කාලේ ඉඳන් මගේත එක්ක හිටපු එකා.

කොහෙමෙ හරි ඒක කොරන්නේ පස්සෙනේ. ඒක් නිසා අවුලක් නෑ. ඊට පස්සේ ගෙදරට බොරූ ලොරියක් විතර කියලා සති දෙකකට විතර පාරක් ස්කෝලේ යනවා. ගිහින් දෙන්න එක්ක මූනට මූන බලන් ඉන්නවා කතා කරන්න දෙයක් දන්නේ නෑ. ගෝල්ඩ් fish ෆාතිමාගන් ස්කෝලේ වැඩ ගැන අහනවා. ෆාතිමා ගෝල්ඩ් fish ගෙන් අහනවා කොහොමද අයියේ සැප සනීප කියලා. ඔය ටික තමා ඉතිං දෙන්නා අතරේ හුවමාරු වුනේ. මෙන්න තව සති දෙකකින් ගෝල්ඩ් fish එනකොටම ෆාතිමාගේ යාලුවා දුවන් ඇවිත් ගෝල්ඩ් fish ට කියනවා, අනේ අයියේ ෆාතිමාව එයාලගේ තාත්තා කොළඹ එක්කන් ගියා. එයා ඔයාව අමතක කරන්නේ නැහැ කිව්වා කියලා කියන්න කිව්වයි කියලා. ඇත්තටම ඒ වෙලාවේ දුකක් ඇතිවුනේ නැද්ද කොහොද. සන්තෝස නම් හිතුනා ඇයි ඉතිං අරක බේරෙනවානේ. නැත්තං ඉතිං කපන්න වෙනවානේත හි හී. පස්සේ ටික දවසක් යද්දී නම් ගෝල්ඩ් fish ට දුක හිතුනා කෙල්ල ගැන. පුංචි කාලේ ඉඳන් ගෝල්ඩ් fish ගැන සෙනෙහෙ වඩා ගෙන හිටිය පුංචි ඇස් තියෙන කෙල්ලනේ කියලා. ගෝල්ඩ් fish ට තාමත් ඒ මූනයි ඇස් දෙකයි මතකයි. ගෝල්ඩ් fish ෆාතිමාව හොයන්න උත්සාහ කලෙත් නැහැ. තේරුමක් නැහැනේ කියලා. අවුලක් නැහැ ඔන්න ඔහොමයි ගෝල්ඩ් fish ගේ ෆාතිමා ගැන සීන් එක ඉවර වුනේ. මම හිතන්නේ මාස 2ක් විතර සීන් එක තියෙන්න ඇති. දැන්නම් මතකත් නෑ අප්පා. කෙල්ලත් දැන් marry කරලා ඇති. මේ අන්තිමටත් දෙයක් කියන්න ඕනේ angel තරම් වෙන කිසිම කෙල්ලෙක් ගෝල්ඩ් fish ගේ හිතට ලංවෙලා නෑ තාමත්. වෙන එකකුත් නෑ. දන්නවානේ angelව දන්නනේ නැති යාලු මාළුවෝ මෙතනින් ගිහින් බලන්න.

අසම්මත රස්සාව…

මුලින්ම කියන්නේ යාළු මාලුවෝ ඔක්කොටම, මේ පෝස්ට් එක කියවද්දී හිතන්න එපා ගෝල්ඩ් fish කොහොමද මේ තරම් හොඳට දන්නේ? මූත් මේවට සම්බන්ධ ඇති කියලා. හරිය. මේ ඔක්කොම ගෝල්ඩ් fish විසින් අවට සමාජයෙන්ම උකහා ගත්ත දේවල්.

හරි මෙන්න කතාව. කට්ටියම දන්නවනේ ​වෛශ්‍යා වෘත්තිය කියල එකක් නේද? මේක අද ඊයේ ආරම්භ වුන දෙයක් නෙමේ. බුදුදහම පැතිරෙන්නට කලින ඉඳන්ම තිබ්බ දෙයක්. හොරෙන් තමා මේක කරන්නේ. ඒත රැකියාවක්. දැන් නම් සමහර රටවල මේක නීති ගත කරලා තියෙනවා. මේකට තියෙන්න ඕනෙ එකම සුදුසු කම තමා… අධ්‍යාපනය? නෑ… එහෙනම්… උස අඩි 5යි අඟල් 4ක් වීම…. නෑ….. තියෙන්න ඕනේ එකම සුදුසු කම තමා ගැහැණියෙක් වීම.

මේක කියවන අක්කලා, නංගිලා, ගුරුවරියෝ, දොස්තරවරියෝ ඇතුළු කාන්තා පාර්ශවයේ හැම කෙනෙක්ටම කියන්නේ, මේ කාන්ත ජාතිය ගැන අවතක්සේරු කරනවා නෙමේ. ගෝල්ඩ් fishට කවදාවත් එහෙම කරන්න බැහැ. මොකද ගෝල්ඩ් fish ඉපදුනෙත් ආදරනීය මව් කෙනෙක්ගෙ කුසින් නිසා. මේ කියන්න යන්නේ ගෝල්ඩ් fish, ​වෛශ්‍යා වෘත්තිය දකින කෝණය ගැන තමා. අනිත් අය බලනවට වඩා ටිකක් වෙනස්, නොදකින පැත්තක් තමා ගෝල්ඩ් fish මේ ඉලව් වෘත්තියේ දකින්නේ.

ඇත්තටම කියන්න මේ වෘත්තිය කෙරෙන්නේ ගෝල්ඩ් fishට හිතිනෙ විදියට ක්‍රම දෙකකට. එකක් තමා තම කැමැත්තෙන්, තම ආසාවන් මුසපත් කර ගැනීමට මුදල් ඇතිව හෝ නැතිව මේ වෘත්තියේ යෙදීම. (ඒකට වෘත්තිය කියන්න බෑ, වෙන වචනයක් තමා පාව්ච්චි කරන්න වෙන්නේ ඒ කියන්නේ ​වෛශය කම වගේ) අනිත් ක්‍රමය තමා අතට කීයක් හරි හම්බු කරගන්න මුදල් බලාපොරොත්තුවෙන් මේ වෘත්තියේ නියැලීම.

පළමු ක්‍රමයේදී වෙන්නේ ගොඩක් වෙලාවට විවාහ වුන කාන්තාවන් පවා තම සහකරුගෙන් සතුටු විය නොහැකි තත්ත්වයට පත්වී වෙනත් පිරිමින් කරා යෑමක්. ඒක ඇත්තටම වෙන්නේ රාගික සිතුවිලි නිසා. කියන්න දෙයක් නෑ සමහර පිරිමිත් එහෙම තමා. ​ඇත්තටම ගොඩක් වෙලාවට පිරිමි අය තමා ඒ තත්ත්වෙට පත්වෙන්නේ. සෑහෙන දුරට මේ වගේ සීන් වලට වැටෙන්නේ ධනවත්, සමාජශීලී, සැමියා රට රැකියා කරන වගේ කාන්තාවන් තමා. කියන්න කනගායි යාළු මාලුවනේ රෑට සැමියා ගෙදර ඉන්න කාන්තාවනුත් මේ ගොඩේ සුලු ප්‍රමාණයක් හරි ඉන්නවා. ඒක නිසා ඒ වගේ ඉල්ලන් කන ජරා ගෑනු ගැන තව දුරටත් ගෝල්ඩ් fish කතා කරන්න යන්නේ නෑ. ඒ කාන්තාවන්ට හා පිරිමින්ට සොභාදහමෙන් දඩුවම් ලැබෙයි.

මේ තමා දෙවැනි ක්‍රමය අනුගමනය කරන කාන්තාවන්. ඇත්තටම ගෝල්ඩ් fishටත් අම්මා කෙනෙක් ඉන්න හින්දා මේ ගැන හිතන්නත් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ, හිතන්න වෙනවා. මේ ක්‍රමයට ගොඩක් වෙලාවට හැඩ ගැහිලා තියෙන්නේ දුප්පත් කමෙන් හෙම්බත් වුන, ගම්බද ඉඳන් නගරයට පැමිණ විවිධ පුද්ගලයින්ගේ උගුල් වලට හසුවුන අහිංසක කාන්තාවන්. ඇත්තටම ඔවුන් අතර පුංචි අවුරුදු 14, 15 වයසේ ගැහැනු ළමයි පවා ඉන්නවා. ඇත්තටම ගෝල්ඩ් fish දුක් වෙනවා ඒ ගැන ඒ හැම දෙයක්ම වෙන්න ඇත්තෙ මවුපියන්ගේ වැරැද්දෙන් වෙන්න ඕනා. හරි කොහොම හරි… මේ දෙවැනි කාන්ඩේ ගැන තමා මුළු මහත් සාමාජයම දන්නේ අඳුනන්නේ. ඇත්තම කියන්න ඔවුන් මේ දේ කරන්නේ තමන්ට වෙන දෙයක් කරන්න තරම් උගත් කමක් නැති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං තමාගේ ආබාධිත සැමියා හා දරුවෝ රැක ගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං ඈත ගමේ ඉන්න දෙමාපියන්ට කියක් හරි හම්බු කරලා යවන්න වෙන්න පුළුවන්. ඒත් නැත්තං ගමෙන් නගරයට ඇවිත් අතරමං වෙලා තමාගේ නොදැනුවත් කම් නිසා වෙච්ච අතපසුවීම් වලට වන්දි ගෙවීමක් විදියට වෙන්නත් පුළුවන්.

දැන් ගෝල්ඩ් fishට මේතරම් මේ ගෑනු ගැන තියෙන රුදාව මොකද්ද කියලා අහන්න දත මැද ගෙන ඉන්න එවුන් ඉන්නවා නම් මගේ ටැංකිය අතෑරලා ගියාට කමක් නෑ. කිසිම දුකක් නෑ. ඒ වගේම ගෝල්ඩ් fishට මඩ පහරවල් වදින්නත් පුළුවන් මින් ඉදිරියට. ඒත් කමක් නැහැ… ඇත්ත කියපු නිසානේ. ආ තව එකක් ගෝල්ඩ් fishට මේවගේ දෙයක් පෝස්ට් කරන්න හිතුන හේතු කීපයක් තියෙනවා. ඒවා අන්තිමට කියන්නම්.

දන්නවද? ගෝල්ඩ් fish ස්කෝලේ යද්දී ඒ කියන්නේ 2002,2003 විතර ගෝල්ඩ් fishලාගේ sport meet එක තිබ්බේ පානදුර පැත්තේ මහජන ක්‍රීඩාංගනයක. ඉතින් ඒ අතරේ ගෝල්ඩ් fish ඇතුළු තවත් මාලු කීපදෙනෙකුට වතුර වැඩිපුර බිව්වම හැදෙන ලෙඩේ හැදුනා. ඉතිං කට්ටියම ගියේ අර ක්‍රීඩාංගනේ තාප්පේ පිටිපස්සට. අපි ඔක්කොම කරලා ඉවර වෙලා වට පිට බලද්දී (කොහොමත් එහෙමනේ හැමදේම ඉවර වෙලානේ වටපිට බලන්නේ) හිටයේ පුංචි කෙලි පැට්ටෙක්ව තුරුළු කරගත්ත තාත්ත​ කෙනෙක්, එයාට ඇවිදින්න බැහැ, කකුලක් තිබුනේ නැහැ. අන්නවද ජීවත් වුනේ කොහොමද කියලා? ඒ පොඩි දරුවගේ අම්ම තමන්ගේ ශරීරය මිලකරලා තමා ඒ තුන්දෙනමෙ ජීවත් වෙන්නේ.

තව තියෙනවා, සමහර ගෑනු ළමයි ගොඩක් වෙලාවට අවුරුදු 25,26 වගේ අක්කලා සම්භාහන මධ්‍යස්ථාන කියන ඒවායේ ටිකක් ඉහල මිලකට විකිණෙනවා. ඒත් ඒ අය ඒ දේ කරන්නේ හිත හිතුලේ මහා ලොකු දුකක් හංගගෙන, තමන්ගේ දුර ඈත ගම්වල ඉන්න දෙමාපියන්වව, සහෝදර සහෝදරියන්ව ජීවත් කරවන්න. ඒ අයගේ ගෙවල් වල අය දන්නේ ඒ අක්කලා නංගිලා නගරයේ වැදගත් රස්සා කරලා උපයන ආදායමෙන් කොටසක් තමා මේ එවන්නේ කියලා. ඒත් එහෙම කරන්නේ කීයෙන් කීදෙනාද?

ගෝල්ඩ් fish මේ සීන් එකක් වත් සාධාරණිකරනය කරනවා නෙමේ, ඒත් අර පළමු පන්තියේ ගෑනුන්ට වඩා දෙවැනි වර්ගේ කාන්තාවන් උසස් කියලා තමා ගෝල්ඩ් fish හිතන්නේ. තමන්ගෙන් යැපෙන්නන් ජීවත් කරවන්න ඔවුන් තම ශරීරය නෙමේ ආත්මය මිල කරනවා කිව්වොත් නිවැරදියි. අපි කරන්න ඕනේ ඒ අයට support එක දීලා ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටුවන එක නෙමේ, ඒ වැඩ වෙනුවට ඔවුන්ට කරන්න පුළුවන් දේවල් කියලා දීලා, සමාජයට පිලිලයක් නොවන වැදගත් මාරග වලට යොමු කිරීමයි. ඇත්තටම ගෝල්ඩ් fish හිතන්නේ මේ දෙවැනි වර්ගයේ කාන්තාවන් තමන්ගේ ආත්මය විකුණන රස්සා​ වලින් මුදවලා අඩුම ගානේ කොහොට හරි වෙලා ලියුම් කවර අලවලා විකුණන්න කියලා දුන්නත් ඒකත් ලොකු දෙයක් කියලයි. මේ දෙවැනි වර්ගයේ කාන්තාවන් පුනරුත්තාපනය කල යුතුයි. ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඇත්තටම හොඳින් ජීවත් වෙන්න ක්‍රම සලස දිය යුතුයි. මේ හැම දෙයක්ම ඔවුන් කරන්නේ ජීවත් වීම පිණිසම මිසක් පළවෙනි වර්ගයේ ගෑනු වගේ තමන්ගේ ජරා ආශාවන් ඉෂ්ට කරගන්න නෙමේ කියලත් මතක තියාගන්න වෙයි යාලු මාලුවන්ට. ගෝල්ඩ් fish මේවා කියන්නේ ඇත්තටම කාන්තාවන් යම් කොටසක් ගැන හිතට දැනුන දුක නිසා උනාට, අද මේ සමාජයේ ජීවත් වෙන ගොඩක් ගැහැණු හරි කපටි බවත් ගෝල්ඩ් fish හොඳින්ම දන්නවා. ඔවුන් පිරියෙක්ට ලංවෙන්නේ පිරිමියාගේ ආදර​ය දිනා ගෙන තම මුදල් අවශ්‍යතා ආදිය ලබා ගැනීමටයි. හැම මාළුවෙක්ටම කියන්නේ ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න තමන් දැන ගන්න ඕනේ. ඒත් ඔය මුකුත් නැහැනේ ගෝල්ඩ් fishට angel වගේ තමන්ට කියලා හොඳින් ආදරය කරන ගැහැනු දරුවෙක් හොයාගත්තනම්. එහෙම නේද?

හරි දැන් කියන්නම් මේ පෝස්ට් එක දාන්න හේතු වුන කාරනා… මුල්ම එක දවසක් ගෝල්ඩ් fish office එකේ වැඩකරන ගමන් office එකේ ම සගයෙක් අහනවා … ගෝල්ඩ් fish උඹ දන්නවද ​වෛශ්‍යා වෘත්තියේ යෙදෙන ගෑනු වැඩියෙන්ම ඉන්නේ කොහෙද කියලා? කියලා. ඕක ඉතිං නොදන්න බබෙක් ඉන්නවයෑ කියලා… ගෝල්ඩ් fish කිව්වා කොළඹනේ බං කියලා. පස්සේ අර මාළුව කියපි, නෑ යකෝ උඹලගේ පූජනීය නගරේ… අන්න එහේ කියලා… ඒ කියන්නේ අනුරාධපුරේ. ඒක නෙමේ විශේෂත්වය මූ මුස්ලිම් එකෙක්. ඒ මාලුවා ඇත්තටම හිත හොඳ එකෙක්. ඒත් ගෝල්ඩ් fish ට කිව්වේ.. උඹලගේ පූජනීය නගරේ… අන්න එහේ කියලා. ඒකයි ගෝල්ඩ් fishට දුක. අන්‍ය ආගමිකයෙක් අතින් තම ආගමට විශාල කැලලක් ඇතිවුනා. දැන් කරන්න දෙයක් නැහැ ඉතිං. ගෝල්ඩ් fish ඈහුවේ .. අඩෝ ඇත්තද බං? මං හිතුවේ කොළඹ කියලනේ කියලා. පස්සේ ගෝල්ඩ් fish මුස්ලිම් සගයා කිව්වා එහෙම වෙලා තියෙන්නේ හමුදාවේ අයගේ වුවමනාවට කියලා. ගෝල්ඩ් fish හොයලා බලද්දී ඒක ඇත්ත. ඒ තැන් වල ඉන්නේත් දෙවැනි වර්ගේ අයම තමා. දුකයි ඒත් ගෝල්ඩ් fishට කියලා කරන්න දෙයක් නැහැ මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් දානවා ඇරෙන්න. හම්… තව එකක් තියෙනවා අපේ බ්ලොග් ගඩොල් ලියලා තිබුනා එයාලගේ ස්කෝලෝ ඇන්ටි කෙනෙකුට ආදරේ කරපු යාළුවෙක් ගැන කතාවක්. ඒ ගමන්ම එයා දාලා තිබුනා malena කියලා සිරා movie එකක් තියෙනවා. ඒක ලස්සනයි බලන්න කියලා. ගෝල්ඩ් fish ඉතිං ඔය වගේ දේවල් අතහරින්නේ නැහැනේ. download කරගෙන බැළුවා. ඒක් ඇත්තටම ලස්සන කතාව, ඒත් ඒකෙත් කියවෙන්නේ ​සමාජය නිසා වෛශ්‍යාවක් වෙන කෙනෙක් ගැන. කොහොම හරි ඒ මලීනාගේ සැමියා එක්ක අන්තිමේ සතුටින් ගතකරන ආවසානයකුත් එක්ක තමා කතාව ඉවර වෙන්නේ. ඒක නිසා ගෝල්ඩ් fish දුක නෑ ඒක ගැන නම්.

ඒත් අපේ රටේ සිදුවෙන මේ අපරාධයට, අපේ ධර්මද්වීපයට මේකේ පාලකයෝ වග කියන්න ඕනේ. ඒ අයට පුළුවන් දෙවැනි වර්ගේ කාන්තාවන්ට සෙතක් කරන්න. ඇත්තටම එහෙම වෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්.

පළවෙනි වර්ගේ ජරාව ගැනනම් කියන්න ඔනේ නැහැ. උන් ඕනේ දෙයක් කරගත්තාවේ. ඉතිං ආයෙත් කියන්නේ මේක කියවපු අක්කලා නංගිලා නැන්දලා ඇතුළු සමස්ත කාන්තාවන් සියළු දෙනාම ගෝල්ඩ් fish එක්ක තරහක් ​වෛරයක් තියාගන්න එපා. මේක ලිව්වේ ඔයාලා වගේම , දුක් විඳින ගැහැනු පිරිසක් වෙනුවෙන්. ඒ එක්කම පිරිමි කට්ටියට, මේ වගේ දුක් විඳින කාන්තාවන්ට තවත් දුක් දීලා ඔවුන්ගේ ආත්මයට තවත් ගින්දර එකතු කරන්න හිතන්නවත් එපා. ඒක බොහොම නරක දෙයක්. අනිත් දේ තමා පිරිමි අපි කරන්න ඕනේ කාන්තාවන්ව වනසන එක නෙවේ ඔවුන්ව ආරක්ෂා කරන එකයි.

%d bloggers like this: