Gold fish ගේ කතා වස්තුව


මේ වගේම mobile එකක් තමා යාලු මාලුවට තිබුනේ. Color dispaly, Bt, Mp3 අරවා මේවා මුකුත් නෑ නිකම් normal mobile 1ක්.

එකෝමත් එක කාලෙක, ඒ කියන්නේ මීට අවුරුදු 6කට විතර ඉස්සර ගෝල්ඩ් fishටත් ඔය අනිත් අයට වගේ නැතුව ටිකක් වෙනස් විදියට ලැබුන නංගි බබෙක් හිටියා.(වෙනස් විදිය පස්සේ කියන්නම්) තාමත් ඉන්නවා ඒත් ඉතිං හෙවනැල්ල වගේ. ඒ කියන්නේ වෙලාවකට ඉන්නවා වෙලාවකට නෑ. (කොහොමවුනත් ඉතිං ලගින්ම තමා ඉන්නේ.) ඒ දවස් වල ගෝල්ඩ් fish ඈතුළු මාලු set එක ​​A/L කරන කාලේ. (ඕං ඉතිං දැන් අහන්න එපා මාලු කවද්ද විභාග කොරන්නේ කියලා? මේ මාලු A/L කොලා හරිනේ) ඒ දවස් වල ඉතිං එක එක විකාර. ඒ කියන්නේ මළ ගෙවල්, මගුල් ගෙවල් එහෙම පේන්න බෑ. ​දන්නේ නැති එකෙග්ගේ වුනත් මගුලකට, අවමගුලකට රිංගනවා. ඈයි ඉතිං පාඩම් කරලා කරලා මාර පීඩනේකින්නේ හිටියේ. 😀 ඉතිං මේ යාලු මාළුවෝ ටික පාඩම් කරන්න ​set වුනේ තවත් යාලු මාලුවෙක්ගේ ටැංකියක. (ටෑංකි කියන්නේ ඉතිං ගෙවල් තමා, මොකද මාලුන්ට තියෙන්නේ ටැංකිනේ) ඒ දවස් වල සාමාන්‍යයෙන් රෑ 11, 12 විතර වෙනකන් කට්ටිය පාඩම් කරනවා, ගණන් හදනවා. තව එකේක ඒව කරනවා.


හරි හරි ඒ ඈති පසුබිම. මෙන්න මෙහෙම කාලයක් පාඩම් කරගෙන ඉද්දී තමා ගෝල්ඩ් fishට එයාගේ රත්තරං වටින නංගි බබා හම්බවුනේ. ඒ ඉතිං නංගි කෙනෙක් විදියට. එහෙම වුනත් ඒ දවස් වල ඒක මාර ලොකුයි. නංගි බබාගේ ගෙදර කටිටියත් ගෝල්ඩ් fishට හරි ආදරෙයි. ඈයි ඉතිං ඒ දවස්වල ගෝල්ඩ් fish එල පොරනේ. දැනුත් ඉතිං ඔය පොඩි පොඩි සීන් දාගත්තට එහෙම තමා. ඈත්තම කියන්න ඒ දවස් වල ගෝල්ඩ් fishටවත් අනිත් මාලුවන්ටත් mobile phones තිබුනේ නැහැ. එක මාලුවෙකුට ඇරෙන්න. එයාට කියන්නේ බලයා කියලා. ඒ තමා එයාගේ ඇත්තම කාඩ් එක. (වෙලාවට බලයා කියලා කිව්වේ නැත්තං ඉතිං ​ගෝල්ඩ් fishට නමක් දාන්න වෙනවානේ) දැන් ඔන්න කට්ටිය එකතු වෙනවා රෑ 7.00, 7.30 විතර වෙද්දී අර යාලු මාළුවගේ ගෙදරට. ඊට පස්සේ එදාට කරන වැඩ ටික ලෑස්ති කරගෙන වැඩේ පටන් ගන්නවා. අර කලින් කිව්ව නංගි බබා හම්බුන අලුත නම් ඉතිං ගෝල්ඩ් fishට ඒතරම් ගාණක් වුනේ නැහැ ඔය පාඩම් කරන වැඩේට. ඒත් පස්සේ පස්සේ වැඩේ අබ්ලික් වුනේ. දන්නවානේ ඉතිං ඒ කොහොමද කියලා.

ඈත්තම කියන්න ටික දවසක් යද්දී ගෝල්ඩ් fish පාඩම් කලේ ස්කෝලේ විෂයන් නෙමේ. ඔය ලස්සන නිසදැස්, කවි වගේ සෞන්දර්යාත්මක සීන් තමා. ඒ අතරේ බලයාගේ mobile phone එකෙන් නංගි බබාට sms යවන සෙල්ලමකුත් පටන් ගත්තා. නංගි බබයි අම්මයි ඒවට පිළිතුරුත් එව්වා. මහ ලොකු දෙයක් යැව්වේ නැහැ ඉතිං, පාඩම් කරන්න කලින් good night dear sister හරි  good night nango කියලා හරි තමා යැව්වේ. ඒවට ඉතිං reply ආවේ නම්  Gööd niģht Aŷŷa කියලා ඉංග්‍රීසි භාෂාවේ නැති වෙන මොකකද මන්දා තියෙන සංකේත වගේ සිරාම වැඩ තියෙන අකුරු වගේකින්. ඉතිං ගෝල්ඩ් fishගේ ඒ වෙලාවට මුණේ තියෙන සන්තෝසේ…. ඊට පස්සේ  sms එක යවලා පිළිතුරු ආපු ගමන් වැඩ ටික පටන් ගන්නවා.

ඒක තමා සුපුරුදු දින චරියාව. මහෙම යනකොට දවසක් ගෝල්ඩ් fishට හිතුනා හැමදාම යවන sms එක වෙනුවට ටිකක් වෙනස් යවන්න. මොකද නංගි බබාල ආස​යිනේ වෙනස් දෙයක් හම්බුවෙනවට. ඒක නිසා ඉතිං ගෝල්ඩ් fish කලේ යාලු මාළුවගේ ගෙදර තිබූන dictionary එක පෙරල පෙරල … නිකන් ආදරේ හිතෙන විදියේ, ඒ කියන්නේ සිංහලෙන් කියනවානම් ​romantic වචන හොයන එක. මහ ගොඩක් හම්බුනාට එකක් වත් හිතට වදින්නේ නෑ වගේ. අන්තිමේ ඉතිං ​ගෝල්ඩ් fish තීරණය කලා වැඩි වැඩ නැතුව නිකං ලාවට ආදරේ දැනෙන විදියට sms එකක් යවන්න. ඒ කිව්වේ  මෙන්න මෙහෙම ​Good night my dear angel කියලා. ඇත්තටම ඉතිං ගෝල්ඩ් fishගේ පුංචි සුරංගනාවිනේ. ආයේ ඉතිං හිත හිත ඉන්න දෙයක් නෑ. කෙටුවා යැව්වා. දැන් කට්ටිය බලන් ඉන්නවා ​reply ඈවිල්ලා ඒ වැඩේ ඉවර කරලා පාඩම් වැඩ පටන් ගන්න.

මෙන්න බොලේ බලාපොරොත්තු වුනාට වැඩිය ඉක්මනට ​බලය​ගේ mobile එක alert වුනා. ​තව හිතන්න දෙයක් නැහැනේ ඉතිං මේ වෙලාවට එන මගුලක් එන්නේ ගෝල්ඩ් fishටනේ කියලා බලයාත් දුන්නා mobile එක ගෝල්ඩ් fishට. එතකොට තමා ගෝල්ඩ් fish ට උඩ තියෙන වහලත් විනිවිද ගිහින් අහසේ තරු ඔක්කොම පෙනුනේ. බලාපොරොත්තු වුන මගුල නම් ඈවිල්ලා… ඒත් ඉතිං Aŷŷa කෑල්ල නෑ… වෙන එකක් තිබුනේ. ගෝල්ඩ් fish මේ සීන් එක කටිටයට පෙන්නුවා, දැන් හැම මාලුවටම මාර ගැටළුව මේක, මේ මොකෝ වුනේ කියලා. ඇයි දෙයියනේ අපි වැරදි දෙයක් යැව්වේ  නැහැනේ. දැන් ඉතිං කට්ටියම පොත් තැන් තැන් වල තියලා මේ අවුල ලෙහාගන්න හදනවා. ටිකක් වෙලා කල්පනා කරල කරල ගෝල්ඩ් fish ආයෙත් ගත්තා dic එක, අරගෙන බැලුවා අර කලින් වෙනස් කරපු වචනේ ඒ කියන්නේ dear sister වෙනුවට දාපු අලුත් කෑල්ල dear angel කියන එකට තියෙන තේරුම් මොනවද කියලා. ආ මේ තියෙන්නේ බඩු. මේකනේ වෙලා තියෙන්නේ කියලා අවුල ලෙහා ගත්තා. අම්මෝ ඒ වෙලාවේ නංගි බබා ගැන ඈති වෙච්ච ආදරේ….

මල හත්තිලව්වයි…යකෝ මම මෙච්චර වෙලා මට ආපු sms එක මොකද්ද කියලා කිව්වේ නැහැ නේද? ඔන්න කට්ටියම සොරි වෙන්න ඕනා ඒ වෙච්ච සීන් එකට. හරි මෙන්න ආපු sms එක ​
Gööd niģht Gőld fiŝh.

දැන් වෙලා තියෙන දේ හිතගන්න පුළුවන් කාටද? ආ හොදයි හොදයි… හැමෝටම පුළුවන්නේ… කමක් නෑ මමත් කියන්නම්…. ගෝල්ඩ් fish නංගි බබාට යැවුවේ ​ ​Good night my dear angel කියලනේ. ඈයි දෙයියනේ angel කියන්නේ සුරංගනාවියන්ට විතරක් නෙමෙනේ. අර ලස්සන මාළු වර්ගෙකුත් ඉන්නේ… දන්නවනේ… මගේ සූටි නංගි බබා හිතලා තියෙන්නේ එයාට මම මාලුවෙක්ගේ නම කියලා wish කලා කියලා. ඉතිං ඒ පාර නංගි බබයි, එයාගේ අම්මයි එකතු වෙලා තමා Gööd niģht Gőld fiŝh කියලා ​reply  කරලා තියෙන්නේ. අර ගෝල්ඩ් fish බලපු dic එකෙන් තමා දැනගත්තේ angel කියලා මාළු වර්ගෙකුත් ඉන්න බව. නෑ නෑ එහෙමම නෙවෙයි ගෝල්ඩ් fish ඊට කලිනුත් දන්නවා ඔය angel  මාලු ගැන. ඒත් ඉතිං නංගි බබාට එහෙම කියලා අපහස කරන්න හිතුවේ නැහැනේ. කමක් නැහැ කොහොම හරි ගෝල්ඩ් fish ට ලැබුන හොදම  ​reply එක තමා ඒ. නංගි බබා දන්නේ නැති වුනාට තාමත් මට එයා angel ම තමා. (මොකද දන්නේ නැත්තේ ඈයි හැමදාම wish කරන්නේ) ඉතිං යාලු මාළුවනේ ඔන්න ඔහොම තමා මේ ගෝල්ඩ් fishගේ උප්පත්තිය සිද්ධ වුනේ…. ඇත්තටම ගෝල්ඩ් fishට වැදුන නම්බු නාම වලින් වැදගත්ම එක තමා ගෝල්ඩ් fish තියන්නේ. අදටත් ගෝල්ඩ් fish ඒ කාඩ් එකට තරම් වෙන එකකටවත් ආස නැහැ. පේනවා නේද එදා නංගි බබාගේ ​reply එක හිතට වැදිල තියෙන තරම. හි හි…… 🙂 🙂 🙂

Advertisements

6 Responses to “Gold fish ගේ කතා වස්තුව”

  1. හසී Says:

    නම්බු නාමයක් නේ ලැබිලා තියෙන්නේ.. ඉතින් නංගි බබා සනීපෙන් ඉන්නවාද?

  2. අකීකරු හිත Says:

    ඔයා හරි ලකීනේ….. ලස්සන නම්බු නාමයක් ලැබිලා තියෙන්නේ

  3. සාතන් Says:

    නන්ගියා අම්මත් එක්ක එකතු වෙලාද රිප්ලයි කලේ ????……….

  4. රාජ් Says:

    උඹේ පෝස්ට් කිවවගෙන යනව. දැන් ඔන්න ජාතකේ හොයාගත්ත! 🙂

  5. දන්නෑ Says:

    කිසිම දෙයක් තේරුන්නෑනේ බං


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: