තව පොඩ්ඩෙන් sorry.com

මේ දඟ වැඩේ කලේ A/L වෙලා ඊට පස්සේ කරන්න ගත්ත graphic designing course එක අතරතුර. කලින් කිව්ව ස්කෝලෙ case එකේදි වගේම මේ වැඩෙන් පස්සෙත් අපිට  උගන්නපු සර් gold fish එක්ක හොඳටම fit උනා. හැබැයි මේ පාර නම් කන්දෙක පිරෙන්න යාළු මාලුවෝ  ගොඩක් ඉස්සරහා අහගත්තා ඇතිවෙන්න. මාස දෙකක් විතර සර් කතා නොකරත් හිටියා.

හරි හරි මෙන්න කතාව.

ඒ මට මතක විදියට 2005 අවුරුද්ද. gold fish, course එක කරන්න ගිහින් මාස 2ක් විතර ඇති. එක පාරටම උගන්නපු සර්ලගෙන් එක් කෙනෙක් එන්නේ නෑ. දැන් සති දෙකක් විතර ගියා. එතකොට  gold fish ඇතුලු අනිත් මාලුවෝ කවුරුත් උගන්නපු සර්ලා මිස්ලා එක්ක fit වෙලා හිටියේ නෑ. ඉතින් එහෙම එකේ අහවල් සර් එන්නේ නැත්තේ ඇයි කියලා අහන්න බැහැනේ. ඉතින් ඒ සර් කරන පාඩම් වෙන සර් කෙනෙක් කලා නම් තමා ඒ වුනාට අර සර් කරනවා වගේ ගතියක් නැහැ.

කොහොම හරි දෙවැනි සතියේ මැද හරියේ සර් ආව. ඒ මනුස්සයා ඇවිල්ලා නැත්තේ මිනිහා බැඳලා. ඉතින් ඇයි දෙයියනේ අපිට නොකියම බැන්දේ කියලා අහන්න එකෙක්ගෙවත් කටවල් ඇරුනේ නෑ. ඒකත් හොඳයි. නැත්තම් ඉතින් කට්ටියම ගෙදරනේ.

හරි ඊට පස්සේ සුපුරුදු පරිදි පාඩම් ටික උගන්නගෙන හොඳින් පන්තිය කෙරීගෙන යන අතරතුර, දවසක් උදේ වරුවක ආවා සර්ගේ පරණ ගෝලයෙක්. ඉතින් මෑන්ස් ගෙනාපු එයා කරපු designs වගයක් එහෙම පෙන්නලා, එයාගේ පෙන් ඩ්‍රයිව් එක මට දීලා සර් කිව්වා “gold fish ඔයාගේ pc එකේ තියෙන font ටික ඔය පෙන් එකට දාන්න” කියලා. කිව්ව විතරයි පෙන් එක අරගෙන gold fish ගැහුවා usb එකට, මෙන්න බොලේ ඒකෙ ඇතුලේ ලස්සන ලස්සන images ගොඩයි. කව්ද ඉතින් ඔවා අතහරින්නේ ඒ දවස් වල. (ඒ දවස් වල විතරක් නෙමේ තාමත් එහෙමම තමා) දඩ බඩ ගාලා copy කර ගත්තා folder එකකට.

ඒ වැඩේ එතනින් ඉවරයි. ඊට පස්සේ ආයෙත් ඊලඟ සඳුඳා ගිහින් අර folder එක open කරද්දිම හිතුනා වැරදි වැඩක්නේ කලේ කියලා. ඒක නිසා ඒක ඇතුලේ තිබුන ඔක්කොම පින්තූර ටික delete කලා. එකක් ඉතුරු වුනා. ඒක් ඉතින් පස්සේ delete කරනවා කියලා වැඩ ටික පටන් ගත්තා. මෙන්න ටික වෙලාවකින් සර් ඇවිත් “gold fish එන්නකෝ බඩුවක් පෙන්නන්න” කියලා ලඟ තිබ්බ පුටුවෙන් වාඩිවෙලා සර් දැන් මගේ folder එක open කරලා, මගෙන් අහනවා “කෝ මේකේ තිබුන photos කියලා” දැන් ඉතින් දීපන්කෝ උත්තර. මොනා කියන්නද, කට වහගෙන ඉද්දී තිබුන එකම එක image එක open කලා. හත්තිලව්වයි, සර්ගේ wedding photos වල contact sheet එක. කව්ද දන්නේ ඉතින් ඔහොම එකක් තියෙයි කියලා. දැන් බනිනවා පලු යන්න. සර්ගේ අතත් එහෙන් මෙහෙන් gold fish ගේ කන අයිනෙන් යනවා යනවා වගෙත් දැනෙනවා. යනතං පිටිය හරහා වේගවත් 6 පාරක් නොකා 99න් බේරුනා. ටික වේලාවක් යද්දී shape වෙලා ගියා. හම්මෝ ඇති යන්තං. ඒත් ඉතිං shape කිව්වට shape ම නෑ. එදා දවසම සර්ට මතක් වෙන වෙන වෙලාවට කරේ gold fishට බැන්න එක තමා. අනේ ඉතින් gold fish ගේ යාලුවන්ටත් සෑහෙන්න දුකයි. ඊටත් වැඩිය gold fish ට දුකයි. ඇයි යකෝ මොන මගුලටද එක  image 1ක් විතරක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම මැකුවේ. කම්මැලි කම නැතුව මේකත් delete කලානම් ඉවරයිනේ. දැන් ඉතින් මොනා කරන්නද, එන දේකට මුහුන දෙනවා කියලා හිතාගෙන gold fish ඉන්නවා. අවුලක් උනේ නැහැ වගේ ඉන්න දෙන්නම සෑහෙන්න උත්සාහ කලා. මාස දෙකක් විතර class එකේ සර්ගේ වෙලාවට දෙන්නම අවුල්.

පස්සේ ටික ටික case එක සමනය වෙලා ගියා. ඊට පස්සේ දවසක සර්ම කිව්ව, ඊට කලින් සෙනසුරදා තිබ්බ class එකේ කෙල්ලෙක් තමා මේ සොයගැනීම කරල තියෙන්නේ කියලා. ඒ ගෑනි මොන මගුලට මගේ folder එකටම රින්ගුවද මන්දා. එදා වුන දෙයින් පස්සේ නම් කරන කිසිම හොරකමක හෙවනැල්ලක්වත් හිටින්නේ නැතීවෙන්න තරම්  gold fish පරිස්සම් උනා. හැබැයි ඊට පස්සේ සර් තේරුම් අරගෙන තිබුනා gold fish ඒ හොරකම් කරේ gold fish ට දෙයක් ඉගෙන ගන්න තියෙන ආසාවට මිසක් කාවවත් අමාරුවේ දාන්න නෙමේ කියලා. එදා ඉඳන් සර් gold fish එක්ක බුදු fit අනිත් හැම කෙනෙක් එක්කටම  වඩා. අද වෙනකම්මත් ඒක එහෙමමයි. නියමයි නේද?

(නියමයි තමා වැරදිලා හරී, ගෙදරින් කාව හරි එක්ක එන්න කිව්වනම්? gold fish ට ඉතින් sorry.com වෙන්න තිබුනා. දැන් තමා ඔය ඔක්කොම හිතෙන්නේ. )

%d bloggers like this: