ආසා හිතෙන දඩුවම

මේ ඳඟ වැඩේ කලේ gold fish ස්කෝලේ A/L class එකට ගිය අලුත. කොහොමත් ඉතින් A/L class වල වැඩ හරියටම පිලිවෙලට පටන් ගන්න මාස දෙකක් විතර යනවනේ. අළුත් යාළුවෝ ඇවිල්ල කට්ටිය අඳුර ගන්නේ ඒ කාලෙදි තමා. මේ කියන කතාවටත් එහෙම අලුතෙන්  අපේ ස්කෝලෙට ආපු යාළුවෙක් සම්බන්දයි. ඒකයි පොඩි පේලි 2ක 3ක් ගියේ.

හරි මෙන්න කතාව, gold fish ඉස්සර ඉඳන්ම ඔය දන්නැති වැඩ කොරන්න, අනිත් අයට කොරන්න බැහැයි කියන වැඩ කොරන්න හරි ආසයි. කට්ටිය දන්නව ඇතිනේ windows 98, 2000, XP එන්න කලින් තිබුන DOS operating system එක? දන්නව වුනත් කැමති නෑනේ ගොඩක් අය. Command line interface නිසා. ඒ වුනාට gold fish නම් ආසම os එකක් තමා DOS. අදටත් gold fish සමහර දේවල් වලට (තිරිකිස් වැඩ වලටම තමා) පාවිච්චි කරනවා. කතාවෙන් ගොඩාක් දුර ගිහින් අව්ලක් නෑ…

ඉස්සර free period එකක් ලැබුන ගමන් gold fish ඉන්නේ ස්කෝලේ computer lab එකට දුවන්න බලගෙන. ඉතින් ඔන්න ඔය (අ)වාසනවන්ත දවසෙත් බලාගෙන හිටියා වගේම double period off. ඒකත් උදේ පන්දරම. සතුටේ බෑ. දුවගෙන ගියා  computer lab එකට. දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති මූ හිතෙන හිතෙන සැරේට මේක  අස්සට දුවන්නේ, මේකෙ ඉන්නේ මුගේ තාත්තද කියලා. තාත්තා නෙමේ ඒත් gold fish කියන්නේ මොකෙද්ද කියල හොඳට තේරුම් ගත්ත සර් කෙනෙක් තමා හිටියේ.

ඔන්න චන්ඩියා ගියා මුලු ස්කෝලෙන්ම ආසම තැනට. ඒ පස්සෙන් අර අලුතෙන් ආපු යලුවෙකුත් දුවගෙන ආවා. Gold fish එක්ක යන ඕනෙ එකෙකුට lab එකට යන්න permission තිබුන නිසා අවුලක් නැහැ. ඉතින් දැන් දෙන්න ගිහින් හෝ ගාලා වැඩ. සර්ත් එනවා සැරින් සැරේට, ඇවිත් අහනවා ” මොකද gold fish කරන්නේ ” කියලා. ඉතින් gold fish හොර බොරු වංචා නැතුව ඇත්තම කියනවා. සර්ත් ඒ වැඩේ මොන හරි අවුලක් තිබුනොත් ඒක හදලා දීල යනවා. (ඔන්න ඔහොමයි අපේ සර්) එදත් ඒ විදියටම වුනා. ඒ දවස් වල gold fish කර  කර හිටියේ අමුතු සෙල්ලමක්. ඒ තමා floppy disk වලින් පැතිරෙන autorun වයිරස් වලට virus guard එකක හදන එක.(දැන්  නම් floppy disk එකක් දකින්නත් ආසයි )   ඒ දවස් වල ඉතින් දැන් වගේ VB, Java, Python අනං මනං දන්නේ නෑ. දන්න එකම දේ dos වලින් batch file ලියන්න විතරයි. ඔන්න  ඉතින් දන්න සිල්ප ඔක්කොම දාලා ලිව්වා එකක්. මේකෙන් කරේ autorun.inf එකේ අග අකුරු තුන (extention) එක mp3 කරන එක.

දැන් ඉතින් වැඩේ හරි, ඒත් ඉතින් ඔක්කොටම් කලින් test කොරලා බලන්න එපැයි. එහෙම හිතපු gold fish හා අනිත් යාළු මාලුවා නම් කීපයකින්  ෆයිල් හදලා (bla.exe, ui.inf, chike.dat, cat.doc වගේ) එක folder 1ක් අතුලට දාල batch file එකත් ඒ විදියට වෙනස් කරගෙන testing එකට ලෑස්ති වුනා. Gold fish ට පොඩි වැරදීමක් වුනා ඔතෙනදි.  මොකද්ද බලන්නකො වැරැද්ද.

ren c:\windows\system\*.*  *.mp3 (මේ ඒකේ තිබුන එකමයි, තාම file එක තියෙනවා )

මේක හරි විදියට මෙහෙමයි.

ren a:\*.inf  *.mp3
පේනවනේ පුංචි වෙනසයි.
windows\system  කිහන්නේ මාලු දෙන්න හදපු folder එක තීයෙන තැනින් මග තියෙන කෑල්ලක්. මේ ඔක්කොම වරදින්න ගියේ පොඩි වෙලාවයි.

මේ ඔක්කොම අස්සෙ අපි දන්නෙත් නැතුවම period දෙකම ඉවර වෙලා. මෙන්න අපේ තව මාලුවෙක් පීනන් ඇවිත් කියනවා “අන්න දෙන්නටම physics මිස් එන්න කිව්වා ” කියලා. ඊට පස්සේ මගේ යාලු මාලු කිව්වා මෙන්න මේක run කරලම යමන් කියලා. මමත් ඉතින් හා කියලා  run කරා, බලද්දී floppy 1ක් දාලා නැහැ. ඊට පස්සේ “දැන් යමන්, interval එකට බලමු ” කියාගෙන අපි අපේ පන්තිය කරා ගියා.

මෙන්න විනාඩි 10කින් විතර අපේ සර් එනවා මන්දකට අහුවුන ඌරෙක් වගේ. අපේ මිස්ගෙවත් අවසර නැතුව “තමුසෙලා දෙන්නා එන්වා මාත් එක්ක” කියාගෙන අපිවත් ඇදගෙන යද්දී කට්ටිය බලන් ඉන්නව මොකෝ මේ කියලා. බලද්දි වෙල තියෙන්නේ computer එකේ system files ඔක්කොම mp3 වෙලා. හික්ස්… දැන් මෙලෝදෙයක් කරන්න බෑ. කරන්න ඉතින් programs නැහැනේ. ඔක්කොම සින්දුනේ.

ඔන්න ඊට පස්සේ පටන් ගත්තා නඩුව.

සර් : මොකද්ද කරේ මේකට? (මල උපරිමයී)
gold fish : Batch file එකක් run කරා. (කිව්වා නෙමේ auto කියවුනා)
සර් : codes මතකද?
gold fish : ඔව් සර්.
සර් : ලියනව බලන්න.(කොලේකුත් දුන්නා, පෑනක් එක්ක )
gold fish : තිබුන විදියටම ලිව්වා (ඒ දවස් වල මතකේ හොඳයි )

සර් : දැන් වෙනදේ පැහැදිලි කරනවා බලන්න.
gold fish : අම්මට හුඩු. කෙලියා නේද තාප්පෙට.

මල් හතයි. code එකෙන් වෙන්නේ system files ඔක්කොම rename වෙන එක. වෙන එක නෙවේ වෙලා ඉවර එක. (ඉස්සර 98 වලදී, system files , rename  කරන්න දැන් xp, vista, 7 වල වගේ තහනම් නෑ)

එතකොට ඒ PC එකේ තිබුනෙත් 98. Xp ආපු අළුත . දැන් දෙන්න නලියනවා. කන හරහා 4 පාරක් කොයිවෙලේද කිය කියා.

ඔහොම ඉද්දි සර් කියනවා, ” ආ මෙන්න CD එක, මේකටයි, (තව pc එකක් පෙන්නලා ) අරකටයි දානවා XP” කියලා. වතුර ටික ලේ වුනා, ලේ ටික රත් වුනා. දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නවා. වෙන මොනා කරන්නද ඉතින් xp දාන්න තියා හිතලවත් නෑ ඒ දවස් වල. දන්නවානේ 98 වගේ සෙල්ලම් නෑ. කොයිතරම් වේගවත් pc එකක වුනත් විනාඩි 39ක් පෙන්නනවනේ(හික්ස්), පාර්ටිෂන් හදන්නයි, අරකයි මේකයි වැඩ ගොඩයිනේ. දැන් මොනා කරන්නද කරපු වැරැද්දට දඩුවමනේ. විඳින්නත් එපැයි, නැත්තන් ඉතින් මේ පැත්තේ ඇවිල්ලත් ඉවරයිනේ. කොහොමහරි අමාරුවෙන් වැඩිය නැහැ 6 පාරක් විතර reboot කර  කර xp දාන කොට සර් ඇවිල්ලා මුල ඉඳන්ම කියලා දුන්නා ආපහු. (දැන් මතක් වෙද්දී කඳුලුත් එනවා) ඇත්තටම එදා අපිට කනට 2ක් ගහලා අපිව එලෝලා දැම්මා නම් ? අද අපිට මෙහෙම blogging  කරන්නේ නැති වෙයි. මොනා  කරනවද දන්නෙත් නැහැ. ඇත්තටම ඒ දීපු දඩුවම මම තාම විඳිනවා, තරහෙන් නෙවේ බොහොම ආසාවෙන්.

7 Responses to “ආසා හිතෙන දඩුවම”

  1. රනා Says:

    නියම පෝස්ට් 1.
    මග නතර කරන්නේ නැතුව දිගටම ලියන්න.
    කොම්පියුටර් ලෝකේ කෙලවෙච්ච තැන් ලියනවනම් බොහොම අගෙයි…

    ජය වේවා…

  2. LishWish Says:

    හරි ආසයි මේ වගේ ගුරුවරු දකින්න..! අපේ ඉස්කෝලෙත් හිටියා ඉලෙක්ට්‍රෝනික් සර් කෙනෙක් ඔය වගේ..! අපි ආදරේට මිනිහට කිව්වේ R2D2 කියලා..!
    ඒත් දැන් ඉගෙන ගන්න ඉන්න ළමයිට මේ වගේ ගුරුවරු නැති එකනම් දුකයි. තාක්ෂණය දියුණුවෙත්දී මනුස්සකම මැකෙනවද මංදා

  3. tharindu Says:

    මැරත් ඉස්කොලෙ අයි.ටී රැම් එක ඔය විදිහට හොල්ලගෙන තමයි හිටියේ මිස් සමහර වැඩ කරෙත් මගෙන් අහල..කොට්න්ම කියනවනම් ඉස්කොලේ පෙපර් ට්යිප් කරපු මැෂින් පවා මට පාවිච්චි කරන්න බලතල තිබුනා…….එත් දැන්………. තව එකක් සහො මමත් එතන පොපියුලර් වුනෙ ඔය වේබ් ඩිසයිනින් නිසා..එත් මම හදපු එක දැක්කනම් උබල බඩ අල්ලගෙන හිනා වෙනවා……

  4. රසිකයා Says:

    නියමයි බං… කියලා වැඩක් නෑ…. මේක හොද පාඩමක් පොගැමින් කරද්දී එක අකුරක් ඈති තියෙන හැමදේටම කෙලවෙලා යන්න… හික්ට නියම පොස්ට් එක බං


tharindu වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: