Gold fish මත්වෙලා.

කතාව බලන්න ගත්ත ගමන් හිතන්න එපා මාලු කොහොමද මත්වෙන්නේ කියලා. Gold fish කියන්නේ මම, මෙතන ඉඳන්. ඒ නම හැදුන හැටි පස්සේ කියන්නම්. දැන් කතාව.

ඒ 2004 හරි 2005 හරි මට මතක විදියට. අපි A/L කරන දවස් වල තමා මේ නොසන්ඩාලකම කරේ. මගේ යාලුවෙක්ගේ ඥතියෙක්ගේ (ආච්චි හරි සීයා හරී ) මලකෙලියකදී තමා මේක උනේ. ඒ දවස්වල අනිත් ඉබ්බෝ , පිස්සෝ, පුසෝ වගේම gold fish ගේ set එකත් ඔය වගේ දේවල් අතහරින්නෙම නෑ. කොහොමත් මග අරින්නත් බැහැනේ එක ටැංකියේ මාලුවෙක්ගේ මලගෙයක්නේ. ඔන්න ඉතින් හවස 7.00 ට විතර මලුවො ටික ගියා කියමුකෝ මලකෙලියට, මෙන්න ඊට ක්ලින් තව දන්න කියන මාලු ටිකක් ඇවිල්ලා. Gold fish හිටියේ මාලු ටැංකියේ කෙලවරේ. ඒ කියන්නේ අනිත් මාලුන්ට වඩා ප්‍රාන්තේ ටිකක් විතර දුරින්, ඒක නිසා තමා පරක්කු උනේ.

කොහොම කොහොම හරි මාලු ටික සෙට් උනා. ඒ කියන්නේ connect උනා. වෙනා මොනාටවත් නෙමේ …
…..

drinkal එකකට
….
නෑ නෑ පිස්සුද? මලගෙදර කොඩි දාන්න වගේ පොඩි වැඩ දෙක තුනකට. අනේ යාන්තං රෑ 10.30 ට විතර වැඩේ completed successfully. ඒ කිව්ව දේ තේරුනානෙ. (නැති අය ඔය මොකක් හරි software එකක් install කරලා බලන්නකෝ ) දැන් ඉතින් කට්ටියට මාර මහන්සියි. කෝපි බිව්වා sandwiches කෑවා (4ක්,5ක්) හරි යන්නේ නෑ.

ඒ අතරේ තමා මාලු පොකුරේ එක මලුවෙකුට ගණදෙවියෝ ටොක්කක් ඇන්නේ. ඒ මාලුව කියපි නිදිමතයි මහන්සියයි යන්න “ඕමි” ගහමු කියලා. මෙන්න මාලු  වන්ට ඉන්න තැන අමතක වුනා. කට්ටිය වටේ පීනනවා card pack හොයන්න. කොහෙන් හරි 1ක් හොයාගෙන ආවා. දැන් ඉතින් වැඩේ පටන් අරගෙන සෙලලම යනවා. කියන්න කනගාටුයි gold fish දන්නේ නැහැ   card සෙල්ලම් එකක් වත්, අඩුම ගනේ කොල හතර අඳුරන්නෙත් නැහැ අදටත්. (ඒ මොනා වුනත් free cell, solitaire වගේ games නම් දිනලා මිසක් නවත්තන්නෙ නෑ cheat කරල හරී ) කොහොම හරි gold fish ට වුනේ කෝපි බීලා sandwiches කකා යාළු මාලුවෝ ටික කඩදාසි කොල එක්ක මරාගන්න හැටි බලගෙන ඉන්න. ඔය ඉන්න ගමන් කලින් ටොක්ක ඇන්න මාලුවටම ආයෙත් ටොක්කක් ඇනලා. ඒ පාරා මූ gold fish දිහා බලලා කියපි, “යකෝ sandwiches කකා ඉන්නෙ, බුලත් විටක් කාපිය” කියලා.  ඇත්ත නේනන්ම් ඔක්කොටම තියෙන sandwiches කනවට වැඩිය කොයිතරම් හොඳද ඒක කියල බුලත් හෙප්පුව අරගෙන දැන් කන්න ලෑස්තිය. ජීවිතේ කවදාවත් බුලත් නොකාපු gold fish  තදයා වෙන්න හදද්දිම ටොකු මාලුවා ඔතලා දුන්නා වැඩි ආදරේට දුම්කොල නැතුව බුලත් කොලයයි, පුවක් කෑලල්යි, හුනු ජුන්ඩ්කුයි දාලා රසම රස කට පුපුරු ගහන බුලත් විටක්. ඒ එක්කම අනිත් අයත් විට කෑවා හැබැයි වෙනස් විදියට. ඒ කිව්වේ දුම්කොල එක්ක. කවුරු හරි දෙයක් කලොත් ඒ දේ කරන එක අපේ හැටිනේ. ඒක ඉතින් ඒ විදියටම මෙතෙනත් සිද්දවුනා. Gold fish ගත්තා දුම්කොල ඉරුවෙන් 1/5ක් විතර මෙන්න කනවා අනිත් මලුවෝ බලාගෙන ඉන්නවා. විනාඩි 10ක් විතර ගියා අවුලක් නැහැ. පස්සේ ආපහු ඕමි අත බලනවා, gold fish බලා ගෙන ඉන්නවා. තවත් විනාඩි 10ක් විතර යද්දී මෙන්න බොලේ මලුවෝ ටිකයි, මේස පුටුයි, ටෙන්ට් කොඩිවැල් ඔක්කොම පාවෙනවා. මාර case එක. gold ෆිෂ් නෙමේ සැලුනේ gold ෆිෂ් අහලා තියෙනවා ටොකු මාලුවගෙන් “මොකෝ උබ ඇඹරෙන්නේ” කියලා.

Gold fish ට ඇරෙන්න අනිත් ඔක්කොම මාලුවන්ට වැඩේ තේරිලා. (කට්ටියම Gold fish ට කලින් ලොකේ කරකවගත්ත පුරුදු කාරයෝ) ඊට පස්සේ මෙන්න කට්ටිය cool වතුර පොවනවා, පිට අතගානවා,… cool වතුර පොවනවා, පිට අතගානවා,… ඒ අස්සේ තව විනාඩි 5කින් විතර Gold fish කියනවලු toi…let,, toil…et කියලා. (මට මතක නැහැ කිව්වද කියලා ඒත් නොකියන්න හේතුවකුත් නැහැ. කියන්න ඇති තමා එහෙම ) පස්සෙ කට්ටිය ටිකක් මත යනකං ඉඳලා එක්කගෙන ගියා gold fish ව අදාල තැනට. පස්සේ තමා දැනගත්තේ මුලින්ම බුලත් කාලා මත් උනාම එහෙම වෙනවා කියලා. මොනා වුනත් gold fish ව බයිට් කලේ නම් නැහැ කවදාවත්, ඒත් අදටත් මගදී හම්බුනාම ටොකු මාලුවානම් අහනවා බුලත් විටක් කමුද කියලා. කවදා කාපු බුලත්ද… ඊට පස්සේ නම් අද වෙනකං දුම්කොල සමග බුලත් කෑවේ නෑ gold fish .

ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: