විශේෂ ස්තුතිය.

මේ සටහන එක් කරන්නේ මගේ blog ආගමනයට හේතු පාදක වුන, blog කරනයට හිත ඇතුලේ ආසවක් ඇති කල විශේෂ පුද්ගලයෙකුට ස්තුති කරන්න. ඒ තමා මගේ blog teacher . මෙයා දන්නේ නැති වුනාට, මම මෙයා ගෙන් තමා blog කරනය ඉගෙන ගත්තේ. Copycat ම නෙමෙයි, ඒත් එහෙම නෙවෙමත් නෙමෙයි. මේ පුද්ගලයව මම කවදාවත් (අද 2010-09-09 වෙනකං ) ඇහැකින්වත් දැකල නැහැ.

ඒත් ඉතින් මේ සහෘදයා ගැන නොකියම බැහැ. ඒ තමා කාගෙත් හිතවත් ඉබ්බා.

http://ibikatha.wordpress.com/

ඉබ්බයියාගෙන් තමා ගොඩක් දේවල් අහගත්තේ. මේ තියෙන්නේ අපි අතර හුවමාරු උන email එකක කෑල්ලක්. ඉබ්බයියා තරහා ගන්න එපා.

——————————————————–>>>

මට තේරුන විදිය හරි නම් උඹට ඕනෙ හදපු බ්ලොග් එක සින්ඩිකේටරේකට දාන්නද.මම මගේ බ්ලොග් සින්ඩිකේටර් දෙකක ඉතර දාලා තියනවා.ඒකට ඔය පහළ ලින්ක් වලින් සින්ඩිකේටර් වලට යන්න.
http://blogs.sinhalabloggers.com/
http://syndi.lankeeya.lk/

ගිහිං ඒ සයිට් එකේ තියනවා ඔබේ බ්ලොග් අඩවිය එකතු කරන්න කියලා තැනක්.ඒකට ගිහිං ඩීටේල්ස් දෙන්න.එක තැනකදි අහයි ඔබේ සයිට් එකේ ෆීඩ් එක මොකක්ද කියලා.සාමාන්‍යයෙන් වර්ඩ්ප්‍රෙස්ස් බ්ලොග් එකක් නං අපේ නම ස්ලෑෂ් ෆීඩ් කියලා තමා යෙදෙන්නෙ.
උදා. https://prasanna86k.wordpress.com/feed

එහෙම කළාම අපි පබ්ලිෂ් කරන ආටිකල් ඒ සින්ඩිකේටරේ මුල් පිටුවේ සාරාංශයක් හැටියට පෙන්නනවා.එතනට එන කට්ටිය තමං කැමති ලිපි එතන ක්ලික් කරලා යනවා.

මේ ඔටෝ අප්ඩේට් එක යන්නෙ නිශ්චිත වෙලාවකට පස්සෙ.එච්චර වෙලා බලං ඉන්න බැරි නං සමහර සින්ඩි වල තියනවා අපේ බ්ලොග් එක තෝරලා සින්ඩියට කියන්න අළුත් ලිපිය ගන්න කියලා ෆීචර් එකක්.එහෙම කළාම අළුත් ලිපිය ඒ වෙලාවෙම එතන පෙන්නනවා.ඔය ටිකක් අත පත ගාන කොට තේරෙයි.

උඹට දැනගන්න ඕනෙ වුනේ මේක කියලා මම හිතනවා.ප්‍රශ්නෙ ටිකක් පැහැදිළි නෑ 🙂

මචෝ, මේ දවස් වල මට ඔෆිස් එකේ අම්බානක් වැඩ.බ්ලොග් ලිවිල්ලයි කියවිල්ලයි සෑහෙන පහළ අඩියකට වැටිලා තියෙන්නෙ.මට වෙලාවක් ලැබුන ගමන් උඹේ බ්ලොග් එකටත් ඇවිත් යන්නං.උඩින් උඩින් නම් බැළුවා. දිගු බ්ලොග් ගමනකට මගෙන් උණුසුම් සුභ පැතුම්!

——————————————————————<<<

ඉබ්බයීයා ඇත්තටම මේ කියල දුන්න දේවල් ටිකක් වුනත් මහ ගොඩක් වටිනවා. Thank you very, very much. ඉස්සරහටත් උදව්වක් ඔනේ උනොත් ඉතින් මුලින්ම මතක් වෙන්නේ කට්ටක් නැති ඉබ්බවම තමා. විශ්වාසයි මට උදව් කරයි කියලා. ඉබ්බයියගෙයි මගෙයි සංවාදයේ අන්තිමට මම bold කරලා තියෙන ටික මහා හයියක් වුනා මට.

Thank you very much, again, dear friend.

One Response to “විශේෂ ස්තුතිය.”


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: