Gold fish ගේ කතා වස්තුව


මේ වගේම mobile එකක් තමා යාලු මාලුවට තිබුනේ. Color dispaly, Bt, Mp3 අරවා මේවා මුකුත් නෑ නිකම් normal mobile 1ක්.

එකෝමත් එක කාලෙක, ඒ කියන්නේ මීට අවුරුදු 6කට විතර ඉස්සර ගෝල්ඩ් fishටත් ඔය අනිත් අයට වගේ නැතුව ටිකක් වෙනස් විදියට ලැබුන නංගි බබෙක් හිටියා.(වෙනස් විදිය පස්සේ කියන්නම්) තාමත් ඉන්නවා ඒත් ඉතිං හෙවනැල්ල වගේ. ඒ කියන්නේ වෙලාවකට ඉන්නවා වෙලාවකට නෑ. (කොහොමවුනත් ඉතිං ලගින්ම තමා ඉන්නේ.) ඒ දවස් වල ගෝල්ඩ් fish ඈතුළු මාලු set එක ​​A/L කරන කාලේ. (ඕං ඉතිං දැන් අහන්න එපා මාලු කවද්ද විභාග කොරන්නේ කියලා? මේ මාලු A/L කොලා හරිනේ) ඒ දවස් වල ඉතිං එක එක විකාර. ඒ කියන්නේ මළ ගෙවල්, මගුල් ගෙවල් එහෙම පේන්න බෑ. ​දන්නේ නැති එකෙග්ගේ වුනත් මගුලකට, අවමගුලකට රිංගනවා. ඈයි ඉතිං පාඩම් කරලා කරලා මාර පීඩනේකින්නේ හිටියේ. 😀 ඉතිං මේ යාලු මාළුවෝ ටික පාඩම් කරන්න ​set වුනේ තවත් යාලු මාලුවෙක්ගේ ටැංකියක. (ටෑංකි කියන්නේ ඉතිං ගෙවල් තමා, මොකද මාලුන්ට තියෙන්නේ ටැංකිනේ) ඒ දවස් වල සාමාන්‍යයෙන් රෑ 11, 12 විතර වෙනකන් කට්ටිය පාඩම් කරනවා, ගණන් හදනවා. තව එකේක ඒව කරනවා.


හරි හරි ඒ ඈති පසුබිම. මෙන්න මෙහෙම කාලයක් පාඩම් කරගෙන ඉද්දී තමා ගෝල්ඩ් fishට එයාගේ රත්තරං වටින නංගි බබා හම්බවුනේ. ඒ ඉතිං නංගි කෙනෙක් විදියට. එහෙම වුනත් ඒ දවස් වල ඒක මාර ලොකුයි. නංගි බබාගේ ගෙදර කටිටියත් ගෝල්ඩ් fishට හරි ආදරෙයි. ඈයි ඉතිං ඒ දවස්වල ගෝල්ඩ් fish එල පොරනේ. දැනුත් ඉතිං ඔය පොඩි පොඩි සීන් දාගත්තට එහෙම තමා. ඈත්තම කියන්න ඒ දවස් වල ගෝල්ඩ් fishටවත් අනිත් මාලුවන්ටත් mobile phones තිබුනේ නැහැ. එක මාලුවෙකුට ඇරෙන්න. එයාට කියන්නේ බලයා කියලා. ඒ තමා එයාගේ ඇත්තම කාඩ් එක. (වෙලාවට බලයා කියලා කිව්වේ නැත්තං ඉතිං ​ගෝල්ඩ් fishට නමක් දාන්න වෙනවානේ) දැන් ඔන්න කට්ටිය එකතු වෙනවා රෑ 7.00, 7.30 විතර වෙද්දී අර යාලු මාළුවගේ ගෙදරට. ඊට පස්සේ එදාට කරන වැඩ ටික ලෑස්ති කරගෙන වැඩේ පටන් ගන්නවා. අර කලින් කිව්ව නංගි බබා හම්බුන අලුත නම් ඉතිං ගෝල්ඩ් fishට ඒතරම් ගාණක් වුනේ නැහැ ඔය පාඩම් කරන වැඩේට. ඒත් පස්සේ පස්සේ වැඩේ අබ්ලික් වුනේ. දන්නවානේ ඉතිං ඒ කොහොමද කියලා.

ඈත්තම කියන්න ටික දවසක් යද්දී ගෝල්ඩ් fish පාඩම් කලේ ස්කෝලේ විෂයන් නෙමේ. ඔය ලස්සන නිසදැස්, කවි වගේ සෞන්දර්යාත්මක සීන් තමා. ඒ අතරේ බලයාගේ mobile phone එකෙන් නංගි බබාට sms යවන සෙල්ලමකුත් පටන් ගත්තා. නංගි බබයි අම්මයි ඒවට පිළිතුරුත් එව්වා. මහ ලොකු දෙයක් යැව්වේ නැහැ ඉතිං, පාඩම් කරන්න කලින් good night dear sister හරි  good night nango කියලා හරි තමා යැව්වේ. ඒවට ඉතිං reply ආවේ නම්  Gööd niģht Aŷŷa කියලා ඉංග්‍රීසි භාෂාවේ නැති වෙන මොකකද මන්දා තියෙන සංකේත වගේ සිරාම වැඩ තියෙන අකුරු වගේකින්. ඉතිං ගෝල්ඩ් fishගේ ඒ වෙලාවට මුණේ තියෙන සන්තෝසේ…. ඊට පස්සේ  sms එක යවලා පිළිතුරු ආපු ගමන් වැඩ ටික පටන් ගන්නවා.

ඒක තමා සුපුරුදු දින චරියාව. මහෙම යනකොට දවසක් ගෝල්ඩ් fishට හිතුනා හැමදාම යවන sms එක වෙනුවට ටිකක් වෙනස් යවන්න. මොකද නංගි බබාල ආස​යිනේ වෙනස් දෙයක් හම්බුවෙනවට. ඒක නිසා ඉතිං ගෝල්ඩ් fish කලේ යාලු මාළුවගේ ගෙදර තිබූන dictionary එක පෙරල පෙරල … නිකන් ආදරේ හිතෙන විදියේ, ඒ කියන්නේ සිංහලෙන් කියනවානම් ​romantic වචන හොයන එක. මහ ගොඩක් හම්බුනාට එකක් වත් හිතට වදින්නේ නෑ වගේ. අන්තිමේ ඉතිං ​ගෝල්ඩ් fish තීරණය කලා වැඩි වැඩ නැතුව නිකං ලාවට ආදරේ දැනෙන විදියට sms එකක් යවන්න. ඒ කිව්වේ  මෙන්න මෙහෙම ​Good night my dear angel කියලා. ඇත්තටම ඉතිං ගෝල්ඩ් fishගේ පුංචි සුරංගනාවිනේ. ආයේ ඉතිං හිත හිත ඉන්න දෙයක් නෑ. කෙටුවා යැව්වා. දැන් කට්ටිය බලන් ඉන්නවා ​reply ඈවිල්ලා ඒ වැඩේ ඉවර කරලා පාඩම් වැඩ පටන් ගන්න.

මෙන්න බොලේ බලාපොරොත්තු වුනාට වැඩිය ඉක්මනට ​බලය​ගේ mobile එක alert වුනා. ​තව හිතන්න දෙයක් නැහැනේ ඉතිං මේ වෙලාවට එන මගුලක් එන්නේ ගෝල්ඩ් fishටනේ කියලා බලයාත් දුන්නා mobile එක ගෝල්ඩ් fishට. එතකොට තමා ගෝල්ඩ් fish ට උඩ තියෙන වහලත් විනිවිද ගිහින් අහසේ තරු ඔක්කොම පෙනුනේ. බලාපොරොත්තු වුන මගුල නම් ඈවිල්ලා… ඒත් ඉතිං Aŷŷa කෑල්ල නෑ… වෙන එකක් තිබුනේ. ගෝල්ඩ් fish මේ සීන් එක කටිටයට පෙන්නුවා, දැන් හැම මාලුවටම මාර ගැටළුව මේක, මේ මොකෝ වුනේ කියලා. ඇයි දෙයියනේ අපි වැරදි දෙයක් යැව්වේ  නැහැනේ. දැන් ඉතිං කට්ටියම පොත් තැන් තැන් වල තියලා මේ අවුල ලෙහාගන්න හදනවා. ටිකක් වෙලා කල්පනා කරල කරල ගෝල්ඩ් fish ආයෙත් ගත්තා dic එක, අරගෙන බැලුවා අර කලින් වෙනස් කරපු වචනේ ඒ කියන්නේ dear sister වෙනුවට දාපු අලුත් කෑල්ල dear angel කියන එකට තියෙන තේරුම් මොනවද කියලා. ආ මේ තියෙන්නේ බඩු. මේකනේ වෙලා තියෙන්නේ කියලා අවුල ලෙහා ගත්තා. අම්මෝ ඒ වෙලාවේ නංගි බබා ගැන ඈති වෙච්ච ආදරේ….

මල හත්තිලව්වයි…යකෝ මම මෙච්චර වෙලා මට ආපු sms එක මොකද්ද කියලා කිව්වේ නැහැ නේද? ඔන්න කට්ටියම සොරි වෙන්න ඕනා ඒ වෙච්ච සීන් එකට. හරි මෙන්න ආපු sms එක ​
Gööd niģht Gőld fiŝh.

දැන් වෙලා තියෙන දේ හිතගන්න පුළුවන් කාටද? ආ හොදයි හොදයි… හැමෝටම පුළුවන්නේ… කමක් නෑ මමත් කියන්නම්…. ගෝල්ඩ් fish නංගි බබාට යැවුවේ ​ ​Good night my dear angel කියලනේ. ඈයි දෙයියනේ angel කියන්නේ සුරංගනාවියන්ට විතරක් නෙමෙනේ. අර ලස්සන මාළු වර්ගෙකුත් ඉන්නේ… දන්නවනේ… මගේ සූටි නංගි බබා හිතලා තියෙන්නේ එයාට මම මාලුවෙක්ගේ නම කියලා wish කලා කියලා. ඉතිං ඒ පාර නංගි බබයි, එයාගේ අම්මයි එකතු වෙලා තමා Gööd niģht Gőld fiŝh කියලා ​reply  කරලා තියෙන්නේ. අර ගෝල්ඩ් fish බලපු dic එකෙන් තමා දැනගත්තේ angel කියලා මාළු වර්ගෙකුත් ඉන්න බව. නෑ නෑ එහෙමම නෙවෙයි ගෝල්ඩ් fish ඊට කලිනුත් දන්නවා ඔය angel  මාලු ගැන. ඒත් ඉතිං නංගි බබාට එහෙම කියලා අපහස කරන්න හිතුවේ නැහැනේ. කමක් නැහැ කොහොම හරි ගෝල්ඩ් fish ට ලැබුන හොදම  ​reply එක තමා ඒ. නංගි බබා දන්නේ නැති වුනාට තාමත් මට එයා angel ම තමා. (මොකද දන්නේ නැත්තේ ඈයි හැමදාම wish කරන්නේ) ඉතිං යාලු මාළුවනේ ඔන්න ඔහොම තමා මේ ගෝල්ඩ් fishගේ උප්පත්තිය සිද්ධ වුනේ…. ඇත්තටම ගෝල්ඩ් fishට වැදුන නම්බු නාම වලින් වැදගත්ම එක තමා ගෝල්ඩ් fish තියන්නේ. අදටත් ගෝල්ඩ් fish ඒ කාඩ් එකට තරම් වෙන එකකටවත් ආස නැහැ. පේනවා නේද එදා නංගි බබාගේ ​reply එක හිතට වැදිල තියෙන තරම. හි හි…… 🙂 🙂 🙂

හ​ෆෝයි මට ​වෙන දේවල් (සිංහල පැටලිලා)

මේක නම් gold fish ට ඉතාම මෑතක ඒ කියන්නේ ඊයේ පෙරේදා, එහෙමත් නැත්නම් blog ටැංකිය පටන් ගත්තට පස්සේ වෙච්ච සම්පූර්ණ සත්‍ය සිද්ධියක්. (අනිත් ඒවත් ඇත්තම තමා, පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කම් කලා, ඇයි ඉතින් යාළුවන්ගේ privacy ආරක්ෂා කොරන්න එපෑයි)

මුලින්ම මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා කියලත් ප්‍රාර්ථනා කරනවා. දැන් කට්ටිය හිතනවා ඇති gold fish ට මාලු කෑල්ලක් boot එකක් වත් තියලද දන්නේ නෑ කියලා. අනේ ඉතින් gold fish ට ඒවෑයින් නම් අඩුවක් නෑ. 😦

ඇති ඇති දැන් කතාව. යාළු මාලුවන්ට මතක ඇති නේ gold fish ගේ blog ටැංකිය පටන් අරන් ටික කාලයයි කියලා. ඉතිං මේ යාළු මාලුවන්ගේ කතා, ඳඟවැඩ වගේ කතා ඔක්කොම post කරලා තියෙන්නේ unicode පාවිච්චි කරල තමා. Unicode නම් gold fish ට අමුතු දෙයක් නෙවේ, ස්කෝලේ යන කාලේ ඉදලම පාවිච්චි කරනවනේ ඉතින්. ඒත් එක්කම මේවා type කරන්න ඕනෙනේ blog ටැංකියට දාන්න කලින්. Gold fish පුරුදු වෙලා තිබුනේ සිංහල විජේසේකර key layout එකට. ඒත් ඉතිං මේ විදියට type කරන්න ලේසි විදියක් හොයද්දී හම්බුනේ වෙන ක්‍රමයක්. ඒකට කියන නමක් නම් gold fish දන්නේ නැහැ. ඒකෙන් type කරන්නේ මේ විදියට. (මේ විදියට කියද්දී එහෙ මෙහෙ බලන්න ඕනේ නෑ, ඔය පල්ලෙහා තියෙන්නේ)

අපිට “අම්මා” කියලා type කරන්න ඕනෙ වුනා කියමුකෝ… විජේසේකර layout එකේදී මෙහෙමයි ඒක කරන්නේ “wuaud”. මේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු type වෙන විදිය. දැන් බලන්න අර නමක් නොදන්න ක්‍රමයට අම්මා කියන විදිය. “ammaa” . බැලු බැල්මට වැඩේ ලේසියි වගේ නේද? ඔව් ඔව් ලේසියි තමා. ඇයි ඉතින් ශබ්ද කරන විදියටමනේ type කරන්න තියෙන්නෙත්. එහෙමම හිතලා තමා  gold fish ඒ ක්‍රමයට අනුගත වුනේ. කොහොම හරි ඉතින් මේ blog ලිවිල්ල අතරේ gold fish නිසදැසුත් ලියනවා. දෙක තුනක් blog ටැංකියෙත් දාලා තියෙනවා. ඒ නිසදැස් ලිවිල්ල කරන්නේ නම් unicode වලින් නෙමේ, නිකං normal font වලින්. ඒ ඔක්කොම තියෙන්නේ විජේසේකර ක්‍රමයට. දැන් තමා සිරා කතාව. ඔය විදියට blog ටැංකිය ලස්සන කර කර ඉන්න ගමන් gold fish ට නිසදැසක් ලිවීමේ ආසාවක් පහල වුනා. පරන පුරුද්දනේ ඉතිං. ටැංකි මාරු වුනාට මාලුන්ගේ වරල් මාරු වෙන්නේ නැහැනේ. 🙂 .

ඔන්න දැන් gold fish හිතලා හිතලා අදහස් ටික ඔලුවේ ගොඩ ගහගෙන වැඩේට අත ගැහුවා. මුල්ම පේලිය තමා, “ය්ා් චමා්ිමබ් ්ඉසහ්ි් චමා්ාැබ්” ආ මේ මොකෝ කට්ටිය හොල්මන් වෙලා? කියවන්න බෑ? බෑ තමා. ඔය දේම තමා මේ අසරණ gold fish ටත් වුනේ. නිසදැසේ ලියන්න ඕනේ දේ ලිව්වට ලියවිලා තියෙන්නේ වෙන මොනාද වගයක්.

හේතුව දන්නවද? මතකයි නේද කලින් කිව්වා නමක් නොදන්න අක්ෂර ක්‍රමයක් ගැන. ඒ විදියට ලේසිය තකා gold fish ඒකට අනුගත උනානේ. මේ ඒකේ ප්‍රතිපල තමා. සාමන්‍යයෙන් gold fish නිසදැසක් ලියන්න ගත්තම ඒකේ පේලි 4ක් වත් ලියලා තමා ආයේ ඔලුව උස්සලා බලන්නේ, ඒකේ හරි වැරදි මොනාද කියලා. මෙතෙන තියෙන්නේ එක පේලිය වුනාට ඇත්තටම ලිව්ව වෙලේ ඒක එහෙමම වුනා. ඒ කිව්වේ පේලි හතරම type කලා. ඊට පස්සේ ඔලුව උස්සලා බලද්දී තියෙන්නේ කුණුහරුප වගයක්. දැන් ඉතිං gold fish ට බඩ සුද්ද වෙන්න බේත් දීලා වගේ. මල අතේ. දහඅතේ කල්පනා කරනවා මේ මොකද දෙයියනේ කවදාවත් නැතුව මේ වුනේ කියලා. ටිකක් වෙලා කල්පනා කරද්දී තමා කල්පනා වුනේ case එක මොකද්ද කියලා.

ඇත්තටම gold fish ටත් නොදැනිම මතකය වෙනස් වෙලා. ඈත්තටම මටම හරි පුදුමයි, කොහෙමද මෙහෙම වුනේ කියලා. සිංහල වචන type කරද්දී අත් දෙක වැඩ කරන්නේ විජේසේකරගේ විදියට නෙමේ අර නමක් නැති එකේ විදියට. කවදාවත් මට මෙහෙම දෙයක් වෙලා නෑ. ඊටත් අවුරුදු ගානක් හොඳටම දන්න විජේසේකර ක්‍රමය දවස් දෙක තුනකින් අමතක වුනා කියන්නේ… පිස්සු හැදිලා ආයෙත් හැදෙනවානේ. ඇත්තම කියන්න gold fish පැය දෙකක් විතර shoke වෙලා හිටියා වැඩක් කරන්න බැරුව.

Gold fish ඊට පස්සේ ආයෙමත් නමක් නැති ක්‍රමය විසිකරලා දාලා පරන විදියට හැඩ ගැහෙන්න උත්සාහ කලා. 80% ක් විතර සාර්ථක වුනා. ඒ එක්කම unicode වලින් විජේසේකර විදියට type කරන්න පුළුවන් firefox app එකකුත් හොයාගන්න පුළුවන් වුනා. ඒ app එකෙත් ක්‍රම දෙකම තියෙනවා. ඒකෙනම් අර අමුතු ක්‍රමයට නමකුත් තිබ්බා. ඒ තමා “සිංglish”. ඒ app එ​කේ down link එක gold fish පහලින් දාලා ඈති ඕනේ අය ඉන්නවා නම් අරගන්න.

ඇත්තටම මේ blog එක ලියද්දීත් විටෙන් විට ඔක්කොම ඇඟිලි දුවන විදිය අබ්ලික් වෙනවා. මේ වෙනකන් මට හිතාගන්න බෑ කොහොමද මේ තරම් ඉක්මනට අවුරුදු ගානක් පුරුදු වුන දේ අමතක වුනේ කියලා.
වෙන්න ඕනේ හැම මගුලම වෙන්නේ gold fish ට විතරද මන්දා…?

අර උඩින් තියෙන කුණුහරුප වාක්‍යයේ තියෙන්නේ “හද පුදසුන අබියස පුදදෙන” කියලයි.

ආ මෙන්න link එක http”//qsfox.mozdev.org. නැත්තම් firefox addons වලට ගිහින් sinhala කියලා type කරත් හොයාගන්න පුළුවන් වෙයි.

ගෝල්ඩ් fish ටත් හිතෙන ඒවා…

මුලින්ම කට්ටියට කියන්නේ, මේක කියවලා බනින්න නම් එපා. මං මොනා කරන්නද මගේ පරම පිවිතුරු හිතට මෙහෙම ඒවා හිතුනට. ලින්ක් එකෙන් ගිහින්ම බලන්න.

ලින්ක් එක කිව්වේ ඔය වම් පැත්තේ පේන ගෑනු ළමයාගේ පින්තුරෙට.

මෙව්වා තමා වැඩ.

මේක ටිකක් පුංචි කරලා දැම්මේ ... දන්නවනේ ඉතින් මේ මොකක code කෑල්ලක්ද කියලා.

මේ post  එකෙන් පස්සේ ,ඒ කියන්නේ මේක දැක්කොත් gold fish ගේ  office  එකේ ලොක්කෙක් , gold fish ඇතුලුව දෙන්නෙකුට ගෙවල් බලා පියාසර කරන්න වෙනවා. Visa free, passport free.

මේකයි අලුත්ම ඳඟ වැඩේ. අලුත්ම කිව්වට දැන් මේක වෙලා මාස 6ක් විතර ඇති.

හඳුන්වාදිම ඇති, මේං කතාව.

මේක නම් එසේ මෙසේ එකක් නෙමේ. බොහොම බරපතල එකක්. කට්ටිය අහලා ඇති නේද VB කියල computer language එකක්. Gold fish මේක ටිකක් දන්නවා. (ටිකක් කිව්වට  බලන්නකෝ කොයිතරම් ටිකයිද කියලා) ඔය VB වලම තියෙනවා VBS කියලා වර්ගෙකුත්, ඒකෙන් කරන්නේ නිකං  VB වල වගේ button, text box වගේ ඒවා නැතුව coding කරන වැඩේ තමා. ටිකක් විතර අමාරුයි, මේ වගේ coding වලදී වැරදි හොයන්න මාර ගේමක් දෙන්න ඕනා. (ඔය උඩින් තියෙන්නේ gold fish ගෙම coding කෑල්ලක්) ඉතිං මෙන්න සිද්ධිය. Gold fish ට දවසක් හම්බුනා ඔය කලිං කියපු ජාතිය පාවිච්චි කොරලා හදපු  computer virus එකක්. ඉතිං දන්නවනේ මේ Gold fish ගේ හැටි. ඉගෙනීමටනේ හොරකම් කරන්නේ. මේකත් සුපුරුදු පරිදි ඉස්සුවා. ඒ කියන්නේ හොරකම් කරා.

හොරකම් කරලා නිකං හිටියෙත් නෑ. ඒක decode කරගත්තා. (notepad තිබ්බ හින්දම හොඳා) decode කියන්නේ කවුරු හරි හදපු එකා, අමාරුවෙන් එකතු කරපු ටික ආපහු කෑලි වලට ගලවනවට. දැන් ඉතින් ඔහොම කෑලි කරගෙන office එකෙනුත් දවස් 1 එකාමාරක් නිවාඩු  අරගෙන ඔන්න දැන් study කොරනවා අරක. අම්මෝ බලන්න ඔනේ ඒ දවස් වල කෑම කන්නෙත් නෑ, නාන්නෙත් නෑ, කොහෙවත් යන්නෙත් නෑ… computer එක ඉස්සරහම තමා . කොහොම කොහොම  හරි ඔක්කොම ටික තේරුම් අරගෙන, හා හා පුරා කියලා  අලුත්ම … අලුත්ම …අලුත්ම …අලුත් computer virus එකක් හදනවා. මහා ලොකු විනාසයක් කොරන්න නෙමේ, අහිංසක ආසාවට ඉඩදීමක් වශයෙන් විතරක් විදියට. සති තුනක විතර සුලු කාලයක් කටු බුක්ති විඳීමෙන් පස්සේ (එතකොට තම වැඩියෙන් රහ) යාන්තං කිලෝ බයිට් 12කට සීමා කරගත්තු file 2ක් හදා ගත්තා. ඒවා නම් කරෙත් goldfish , angel කියලා. දැන් තමා මරුම වැඩේ මේක check කරන්න තැනක් නැහැ. ඔහොම කල්පනා කර කර ඉද්දි තමා ගණ දෙවියෝ  ටොක්ක ඇන්නේ. gold fish ගේ මල්ලිගේ pc එක තියෙද්දී ඉතින් වෙන මොකටද? ගියා පෙන් එකට දගෙන මාලු දෙන්නව, නිදහස් කොරා. ඊට පස්සේ ඉතින් සන්තෝසේ බෑ. gold fish ගේ computer එකේ වැඩ කරාට වැඩිය හොඳට මේකෙ වැඩ. (එදා රෑ මල්ලිව එක්කන් ගිහින් කොත්තුවකුත් අරං දුන්නා) එතනින් ඔක්කොම ඉවර කරන්නේ කොහොමද? මහන්සි වෙලා හදපු එකනේ කියලා, ගෙනත් දැම්මා office එකේ pc එකකටත්. ඒකේ තමා attendance අනං මනං ඔක්කොම තිබුනේ. Gold fish හොඳට හිතලා බලලා තමා ඒකටම දැම්මේ. අර කලින් කිව්ව අනං මනං , ඒවා බෙදා හදා ගත්තේ HR එකේ තිබුන standalone (ඒ කිව්වේ network නැති ) pc එකෙන් තමා. ඒකයි ඉතිං ඒ pc එකම තොරගත්තේ. හැබැයි උනේ නොහිතපු දෙයක් (හීනෙන් වත්). කව්ද එකෙක් HR එකේ pc එකට plug කරපු පෙන් එකක් account එකටත් ගෙනිහින්. හිතගන්න පුලුවන්නේ ඉතුරු ටික. දැන් කට්ටිය රත් වෙලා හොඳට තිබුන Pc ඔක්කොගෙම drives open වෙන්නෙත් නෑ, තත්පර 20න් 20ට , “Owrner is ??????” කියල message එකකුත් එනවා. කට්ටිය මේක් කිව්වා අපේ IT manager ට. සර් කියනව එක වෙන්න බැහැනේ K…. S.y දාලානේ තියෙන්නේ කියලා. ඒ වුනාට ඉතින් ඒ වෙනකොටත් වැඩේ වෙලා. දැන්ලොක්කත් රත් වෙලා, ඇයි ඉතින් එයා එපැයි අනිත් ලොක්කන්ට උත්තර දෙන්න.

හැබැයි gold fish ටත් සන්තෝසයි, ඇයි අහන්නේ… ඉස් ඉස්සෙල්ලම හදපු එක daily update වෙන virus guard එකට

අහුවෙන්නේ නෑ කියන්නේ මොන තරම් දෙයක්ද..! කොහොම හරි මොකද්ද මන්දා portable , virus guard එකක් දාලා මාලු දෙන්නව අයින් කලා, අපේ (දක්ෂ ) IT manager මහත්තයා.ඊට පස්සේ ඒ සිද්ධිය ඉවර වෙලා මාස 2ක් විතර යද්දී gold fish සර්ට විස්තරේ කිව්වා. නැත්තං නිකන් හොඳ නෑ වගේ කියලා හිතුන හින්දා තමා කිව්වේ. අනේ මෙන්න ඊට පස්සේ සතියෙම මාලු දෙන්න අපේ server එකේ පීනනවා කියලා ආරංචි උනා.

දැන් ඉතින් කාටද කියන්නේ, IT manager ආවා, කිසිම තරහකින් නෙවේ වෙනදා වගේම සුහදශීලී විදියට තමා ආවේ. ඇවිත් ” gold fish, මාර case එකනේ… ඔයාගේ මාලු දෙන්න අපේ server එකෙයි තව pc දෙකකයි පීනනවා” කිව්වා. ඊට පස්සේ “අනේ gold fish, මේක අයින් කරගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න” කිව්වා. Gold fish චන්ඩියා වගේ හරි සර් කියලා, දෙන්න එක්කම server room  එකට ගිහින්, මාලු දෙන්නව මාලු ලෑල්ලට යැව්වා. හැබැයි gold fish ට දුකයි. මේ තරම් සාර්ථක වෙයි කියලා හිතලා නෙමේනේ මේක පටන් ගත්තේ. කමක් නැහැ කියලා හිත හදාගත්තා. ඊට පස්සේ දවසේ IT manager කතා කරලා කිව්වා, “gold fish, මගේ කටින් මේ ගැන  කෙළ  බිඳක් පිටවෙන්නේ නෑ, ආයේ ඔය වගේ වැඩ කරන්න නම් එපා” කියලා. gold fish , හරි සර් කියල ආවා.

මේ ඔන්න gold fish රහසක් කියනවා කටවත් කියන්න එපා හොඳද..!

ආයේ ඔය වගේ වැඩ කරන්න නම් එපා කියලා කිව්වට ඉතින් එහෙමම කරන්න බැහැනේ. ඒක නිසා  ඊට පස්සේ තව 1ක් පටන් ගත්තා, ඒක නම් තාම ඉවර නෑ … ඒක පොකුණු ගත කරන්න හිතන් ඉන්නේ gold fish ගේ උපන් දිනේට සතියක් කලින්. උපන් දිනේ දාට තමා හරි හරි වැඩ වෙන්නේ එතකොට.

තව එකක් අපේ IT manager මාලු දෙන්නගේ අයිතිකාරයා gold fish  කියලා ලොක්කන්ට කිව්වනම්..? අද gold fish ගෙදර, එහෙනම් ඉතින් මොන blog ද? කොච්චර මාට්ටු උනත් හැදෙන්නේ නැති එකට කියන නමක් කවුරු හරි දන්නවානම් අනිවාර්යෙන් ඒක gold fish ට ගැලපෙනවා. හි හි 🙂

තව පොඩ්ඩෙන් sorry.com

මේ දඟ වැඩේ කලේ A/L වෙලා ඊට පස්සේ කරන්න ගත්ත graphic designing course එක අතරතුර. කලින් කිව්ව ස්කෝලෙ case එකේදි වගේම මේ වැඩෙන් පස්සෙත් අපිට  උගන්නපු සර් gold fish එක්ක හොඳටම fit උනා. හැබැයි මේ පාර නම් කන්දෙක පිරෙන්න යාළු මාලුවෝ  ගොඩක් ඉස්සරහා අහගත්තා ඇතිවෙන්න. මාස දෙකක් විතර සර් කතා නොකරත් හිටියා.

හරි හරි මෙන්න කතාව.

ඒ මට මතක විදියට 2005 අවුරුද්ද. gold fish, course එක කරන්න ගිහින් මාස 2ක් විතර ඇති. එක පාරටම උගන්නපු සර්ලගෙන් එක් කෙනෙක් එන්නේ නෑ. දැන් සති දෙකක් විතර ගියා. එතකොට  gold fish ඇතුලු අනිත් මාලුවෝ කවුරුත් උගන්නපු සර්ලා මිස්ලා එක්ක fit වෙලා හිටියේ නෑ. ඉතින් එහෙම එකේ අහවල් සර් එන්නේ නැත්තේ ඇයි කියලා අහන්න බැහැනේ. ඉතින් ඒ සර් කරන පාඩම් වෙන සර් කෙනෙක් කලා නම් තමා ඒ වුනාට අර සර් කරනවා වගේ ගතියක් නැහැ.

කොහොම හරි දෙවැනි සතියේ මැද හරියේ සර් ආව. ඒ මනුස්සයා ඇවිල්ලා නැත්තේ මිනිහා බැඳලා. ඉතින් ඇයි දෙයියනේ අපිට නොකියම බැන්දේ කියලා අහන්න එකෙක්ගෙවත් කටවල් ඇරුනේ නෑ. ඒකත් හොඳයි. නැත්තම් ඉතින් කට්ටියම ගෙදරනේ.

හරි ඊට පස්සේ සුපුරුදු පරිදි පාඩම් ටික උගන්නගෙන හොඳින් පන්තිය කෙරීගෙන යන අතරතුර, දවසක් උදේ වරුවක ආවා සර්ගේ පරණ ගෝලයෙක්. ඉතින් මෑන්ස් ගෙනාපු එයා කරපු designs වගයක් එහෙම පෙන්නලා, එයාගේ පෙන් ඩ්‍රයිව් එක මට දීලා සර් කිව්වා “gold fish ඔයාගේ pc එකේ තියෙන font ටික ඔය පෙන් එකට දාන්න” කියලා. කිව්ව විතරයි පෙන් එක අරගෙන gold fish ගැහුවා usb එකට, මෙන්න බොලේ ඒකෙ ඇතුලේ ලස්සන ලස්සන images ගොඩයි. කව්ද ඉතින් ඔවා අතහරින්නේ ඒ දවස් වල. (ඒ දවස් වල විතරක් නෙමේ තාමත් එහෙමම තමා) දඩ බඩ ගාලා copy කර ගත්තා folder එකකට.

ඒ වැඩේ එතනින් ඉවරයි. ඊට පස්සේ ආයෙත් ඊලඟ සඳුඳා ගිහින් අර folder එක open කරද්දිම හිතුනා වැරදි වැඩක්නේ කලේ කියලා. ඒක නිසා ඒක ඇතුලේ තිබුන ඔක්කොම පින්තූර ටික delete කලා. එකක් ඉතුරු වුනා. ඒක් ඉතින් පස්සේ delete කරනවා කියලා වැඩ ටික පටන් ගත්තා. මෙන්න ටික වෙලාවකින් සර් ඇවිත් “gold fish එන්නකෝ බඩුවක් පෙන්නන්න” කියලා ලඟ තිබ්බ පුටුවෙන් වාඩිවෙලා සර් දැන් මගේ folder එක open කරලා, මගෙන් අහනවා “කෝ මේකේ තිබුන photos කියලා” දැන් ඉතින් දීපන්කෝ උත්තර. මොනා කියන්නද, කට වහගෙන ඉද්දී තිබුන එකම එක image එක open කලා. හත්තිලව්වයි, සර්ගේ wedding photos වල contact sheet එක. කව්ද දන්නේ ඉතින් ඔහොම එකක් තියෙයි කියලා. දැන් බනිනවා පලු යන්න. සර්ගේ අතත් එහෙන් මෙහෙන් gold fish ගේ කන අයිනෙන් යනවා යනවා වගෙත් දැනෙනවා. යනතං පිටිය හරහා වේගවත් 6 පාරක් නොකා 99න් බේරුනා. ටික වේලාවක් යද්දී shape වෙලා ගියා. හම්මෝ ඇති යන්තං. ඒත් ඉතිං shape කිව්වට shape ම නෑ. එදා දවසම සර්ට මතක් වෙන වෙන වෙලාවට කරේ gold fishට බැන්න එක තමා. අනේ ඉතින් gold fish ගේ යාලුවන්ටත් සෑහෙන්න දුකයි. ඊටත් වැඩිය gold fish ට දුකයි. ඇයි යකෝ මොන මගුලටද එක  image 1ක් විතරක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම මැකුවේ. කම්මැලි කම නැතුව මේකත් delete කලානම් ඉවරයිනේ. දැන් ඉතින් මොනා කරන්නද, එන දේකට මුහුන දෙනවා කියලා හිතාගෙන gold fish ඉන්නවා. අවුලක් උනේ නැහැ වගේ ඉන්න දෙන්නම සෑහෙන්න උත්සාහ කලා. මාස දෙකක් විතර class එකේ සර්ගේ වෙලාවට දෙන්නම අවුල්.

පස්සේ ටික ටික case එක සමනය වෙලා ගියා. ඊට පස්සේ දවසක සර්ම කිව්ව, ඊට කලින් සෙනසුරදා තිබ්බ class එකේ කෙල්ලෙක් තමා මේ සොයගැනීම කරල තියෙන්නේ කියලා. ඒ ගෑනි මොන මගුලට මගේ folder එකටම රින්ගුවද මන්දා. එදා වුන දෙයින් පස්සේ නම් කරන කිසිම හොරකමක හෙවනැල්ලක්වත් හිටින්නේ නැතීවෙන්න තරම්  gold fish පරිස්සම් උනා. හැබැයි ඊට පස්සේ සර් තේරුම් අරගෙන තිබුනා gold fish ඒ හොරකම් කරේ gold fish ට දෙයක් ඉගෙන ගන්න තියෙන ආසාවට මිසක් කාවවත් අමාරුවේ දාන්න නෙමේ කියලා. එදා ඉඳන් සර් gold fish එක්ක බුදු fit අනිත් හැම කෙනෙක් එක්කටම  වඩා. අද වෙනකම්මත් ඒක එහෙමමයි. නියමයි නේද?

(නියමයි තමා වැරදිලා හරී, ගෙදරින් කාව හරි එක්ක එන්න කිව්වනම්? gold fish ට ඉතින් sorry.com වෙන්න තිබුනා. දැන් තමා ඔය ඔක්කොම හිතෙන්නේ. )

ආසා හිතෙන දඩුවම

මේ ඳඟ වැඩේ කලේ gold fish ස්කෝලේ A/L class එකට ගිය අලුත. කොහොමත් ඉතින් A/L class වල වැඩ හරියටම පිලිවෙලට පටන් ගන්න මාස දෙකක් විතර යනවනේ. අළුත් යාළුවෝ ඇවිල්ල කට්ටිය අඳුර ගන්නේ ඒ කාලෙදි තමා. මේ කියන කතාවටත් එහෙම අලුතෙන්  අපේ ස්කෝලෙට ආපු යාළුවෙක් සම්බන්දයි. ඒකයි පොඩි පේලි 2ක 3ක් ගියේ.

හරි මෙන්න කතාව, gold fish ඉස්සර ඉඳන්ම ඔය දන්නැති වැඩ කොරන්න, අනිත් අයට කොරන්න බැහැයි කියන වැඩ කොරන්න හරි ආසයි. කට්ටිය දන්නව ඇතිනේ windows 98, 2000, XP එන්න කලින් තිබුන DOS operating system එක? දන්නව වුනත් කැමති නෑනේ ගොඩක් අය. Command line interface නිසා. ඒ වුනාට gold fish නම් ආසම os එකක් තමා DOS. අදටත් gold fish සමහර දේවල් වලට (තිරිකිස් වැඩ වලටම තමා) පාවිච්චි කරනවා. කතාවෙන් ගොඩාක් දුර ගිහින් අව්ලක් නෑ…

ඉස්සර free period එකක් ලැබුන ගමන් gold fish ඉන්නේ ස්කෝලේ computer lab එකට දුවන්න බලගෙන. ඉතින් ඔන්න ඔය (අ)වාසනවන්ත දවසෙත් බලාගෙන හිටියා වගේම double period off. ඒකත් උදේ පන්දරම. සතුටේ බෑ. දුවගෙන ගියා  computer lab එකට. දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති මූ හිතෙන හිතෙන සැරේට මේක  අස්සට දුවන්නේ, මේකෙ ඉන්නේ මුගේ තාත්තද කියලා. තාත්තා නෙමේ ඒත් gold fish කියන්නේ මොකෙද්ද කියල හොඳට තේරුම් ගත්ත සර් කෙනෙක් තමා හිටියේ.

ඔන්න චන්ඩියා ගියා මුලු ස්කෝලෙන්ම ආසම තැනට. ඒ පස්සෙන් අර අලුතෙන් ආපු යලුවෙකුත් දුවගෙන ආවා. Gold fish එක්ක යන ඕනෙ එකෙකුට lab එකට යන්න permission තිබුන නිසා අවුලක් නැහැ. ඉතින් දැන් දෙන්න ගිහින් හෝ ගාලා වැඩ. සර්ත් එනවා සැරින් සැරේට, ඇවිත් අහනවා ” මොකද gold fish කරන්නේ ” කියලා. ඉතින් gold fish හොර බොරු වංචා නැතුව ඇත්තම කියනවා. සර්ත් ඒ වැඩේ මොන හරි අවුලක් තිබුනොත් ඒක හදලා දීල යනවා. (ඔන්න ඔහොමයි අපේ සර්) එදත් ඒ විදියටම වුනා. ඒ දවස් වල gold fish කර  කර හිටියේ අමුතු සෙල්ලමක්. ඒ තමා floppy disk වලින් පැතිරෙන autorun වයිරස් වලට virus guard එකක හදන එක.(දැන්  නම් floppy disk එකක් දකින්නත් ආසයි )   ඒ දවස් වල ඉතින් දැන් වගේ VB, Java, Python අනං මනං දන්නේ නෑ. දන්න එකම දේ dos වලින් batch file ලියන්න විතරයි. ඔන්න  ඉතින් දන්න සිල්ප ඔක්කොම දාලා ලිව්වා එකක්. මේකෙන් කරේ autorun.inf එකේ අග අකුරු තුන (extention) එක mp3 කරන එක.

දැන් ඉතින් වැඩේ හරි, ඒත් ඉතින් ඔක්කොටම් කලින් test කොරලා බලන්න එපැයි. එහෙම හිතපු gold fish හා අනිත් යාළු මාලුවා නම් කීපයකින්  ෆයිල් හදලා (bla.exe, ui.inf, chike.dat, cat.doc වගේ) එක folder 1ක් අතුලට දාල batch file එකත් ඒ විදියට වෙනස් කරගෙන testing එකට ලෑස්ති වුනා. Gold fish ට පොඩි වැරදීමක් වුනා ඔතෙනදි.  මොකද්ද බලන්නකො වැරැද්ද.

ren c:\windows\system\*.*  *.mp3 (මේ ඒකේ තිබුන එකමයි, තාම file එක තියෙනවා )

මේක හරි විදියට මෙහෙමයි.

ren a:\*.inf  *.mp3
පේනවනේ පුංචි වෙනසයි.
windows\system  කිහන්නේ මාලු දෙන්න හදපු folder එක තීයෙන තැනින් මග තියෙන කෑල්ලක්. මේ ඔක්කොම වරදින්න ගියේ පොඩි වෙලාවයි.

මේ ඔක්කොම අස්සෙ අපි දන්නෙත් නැතුවම period දෙකම ඉවර වෙලා. මෙන්න අපේ තව මාලුවෙක් පීනන් ඇවිත් කියනවා “අන්න දෙන්නටම physics මිස් එන්න කිව්වා ” කියලා. ඊට පස්සේ මගේ යාලු මාලු කිව්වා මෙන්න මේක run කරලම යමන් කියලා. මමත් ඉතින් හා කියලා  run කරා, බලද්දී floppy 1ක් දාලා නැහැ. ඊට පස්සේ “දැන් යමන්, interval එකට බලමු ” කියාගෙන අපි අපේ පන්තිය කරා ගියා.

මෙන්න විනාඩි 10කින් විතර අපේ සර් එනවා මන්දකට අහුවුන ඌරෙක් වගේ. අපේ මිස්ගෙවත් අවසර නැතුව “තමුසෙලා දෙන්නා එන්වා මාත් එක්ක” කියාගෙන අපිවත් ඇදගෙන යද්දී කට්ටිය බලන් ඉන්නව මොකෝ මේ කියලා. බලද්දි වෙල තියෙන්නේ computer එකේ system files ඔක්කොම mp3 වෙලා. හික්ස්… දැන් මෙලෝදෙයක් කරන්න බෑ. කරන්න ඉතින් programs නැහැනේ. ඔක්කොම සින්දුනේ.

ඔන්න ඊට පස්සේ පටන් ගත්තා නඩුව.

සර් : මොකද්ද කරේ මේකට? (මල උපරිමයී)
gold fish : Batch file එකක් run කරා. (කිව්වා නෙමේ auto කියවුනා)
සර් : codes මතකද?
gold fish : ඔව් සර්.
සර් : ලියනව බලන්න.(කොලේකුත් දුන්නා, පෑනක් එක්ක )
gold fish : තිබුන විදියටම ලිව්වා (ඒ දවස් වල මතකේ හොඳයි )

සර් : දැන් වෙනදේ පැහැදිලි කරනවා බලන්න.
gold fish : අම්මට හුඩු. කෙලියා නේද තාප්පෙට.

මල් හතයි. code එකෙන් වෙන්නේ system files ඔක්කොම rename වෙන එක. වෙන එක නෙවේ වෙලා ඉවර එක. (ඉස්සර 98 වලදී, system files , rename  කරන්න දැන් xp, vista, 7 වල වගේ තහනම් නෑ)

එතකොට ඒ PC එකේ තිබුනෙත් 98. Xp ආපු අළුත . දැන් දෙන්න නලියනවා. කන හරහා 4 පාරක් කොයිවෙලේද කිය කියා.

ඔහොම ඉද්දි සර් කියනවා, ” ආ මෙන්න CD එක, මේකටයි, (තව pc එකක් පෙන්නලා ) අරකටයි දානවා XP” කියලා. වතුර ටික ලේ වුනා, ලේ ටික රත් වුනා. දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නවා. වෙන මොනා කරන්නද ඉතින් xp දාන්න තියා හිතලවත් නෑ ඒ දවස් වල. දන්නවානේ 98 වගේ සෙල්ලම් නෑ. කොයිතරම් වේගවත් pc එකක වුනත් විනාඩි 39ක් පෙන්නනවනේ(හික්ස්), පාර්ටිෂන් හදන්නයි, අරකයි මේකයි වැඩ ගොඩයිනේ. දැන් මොනා කරන්නද කරපු වැරැද්දට දඩුවමනේ. විඳින්නත් එපැයි, නැත්තන් ඉතින් මේ පැත්තේ ඇවිල්ලත් ඉවරයිනේ. කොහොමහරි අමාරුවෙන් වැඩිය නැහැ 6 පාරක් විතර reboot කර  කර xp දාන කොට සර් ඇවිල්ලා මුල ඉඳන්ම කියලා දුන්නා ආපහු. (දැන් මතක් වෙද්දී කඳුලුත් එනවා) ඇත්තටම එදා අපිට කනට 2ක් ගහලා අපිව එලෝලා දැම්මා නම් ? අද අපිට මෙහෙම blogging  කරන්නේ නැති වෙයි. මොනා  කරනවද දන්නෙත් නැහැ. ඇත්තටම ඒ දීපු දඩුවම මම තාම විඳිනවා, තරහෙන් නෙවේ බොහොම ආසාවෙන්.

මගේ පුංචි සුන්දර රන්කඳ

හිතට හිතෙන දේවල් අස්සේ මේ වගේ පුංචි අහිංසක හීනත් නැතුවම නෙවෙයි.

කට්ටිය මොනිටරේට එබී ගෙන කියවන්න ඕනේ නෑ image එක උඩ click කරානම් හරි.

%d bloggers like this: