බුදු අම්මෝ…

මේක වෙලා තියෙන්නේ මගේ යාළුවෙක්ගේ යාළුවෙකුට. මමත් මෑන්ස්ව  ටිකක් දන්නවා. නම සුරේෂ්. පොරගේ තාත්තාට ඒ දවස් වල හිටියා (සුරේෂ් වගේම ) හරක් සෙට් එකක්. (ඇයි එහෙම කිව්වේ කියලා පස්සේ තේරෙයි) ඔන්න දවසක් යාලුවෝ කට්ටිය කතා කර කර ඉද්දී තමා මේක කියලා තියෙන්නේ. හැබැයි කිව්ව කතාව මීටර් වෙද්දී මෑන්ස් too late කියලා තමා දැනගන්න හම්බුනේ. මේකා කියලා තියෙන්නේ මොකද්ද දන්නවද?

“මචන් අපේ තාත්තා හරකෙකුට ගැහුවා…. ඌ බුදු අම්මෝ ගාගෙන දිව්වා” කියලා   තමා මූ කියලා තියෙන්නේ.

(අපේ කට්ටිය මීට කලිං කවදාවත් මේ වගේ සිංහල කතා කරන කකුල් හතරේ හරකෙක් ගෙන අහලා තිබිලා නැහැ.)

අනේ ඉතින් කට්ටිය නිකන් අරීයේ මේ වගේ එළහරක් පැටියෙක්ව, යාළුවනේ කියලා පැය තුන් කාලක් විතර මඩවල අතෑරලා තියෙනවා. ඊට පස්සේ නම් සුරේෂ්ගේ තාත්තාගේ හරක් පට්ටියේ හරක් පාරක් දෙකක් වදිද්දී “බුදු අම්මෝ” ගෑවද කියන්නනම් දන්නේ නැහැ.

39 Responses to “බුදු අම්මෝ…”

  1. abeetha Says:

    මල්ලි.. අදද බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ…. හොද උත්සහයක්.. නතර කරන්නේ නැතුව ඉස්සරහට යන්න.. ජය පතනවා.. බ්ලොග් අවකාශේ ඉදිරි ගමනට….

  2. ඕනයා (Dulip Sikurajapathy) Says:

    ඇත්තටම මේ මල්ලි ලියල තියන විදියෙංම තේරෙනව මල්ලිට හොඳ ලිවීමේ හැකියාවක් තියනව කියල. පුලුවං තරං ලියන්න මල්ලි . . . ඔයාට පුලුවං වෙයි දවසකට පෝස්ට් දෙක ගානෙ දාන්න . . . . .
    මගෙං සුභ පැතුම්

  3. රංග Says:

    මේ මල්ලි කවද හරි ටැංකියක පීනන ගතියක් මටත් පේනවා. දිගටම ලියමු. අපිත් එක්ක කමු බොමු. මගෙන් සුභ පැතුම්

  4. පූසා Says:

    සුභ පැතුම් මචං දිගටම ලියමු…….

  5. pissa palaamalla Says:

    එළ එළ මල්ලි… දිගටම ලියන් යමු… ඔයාට දිග ගමනක් යන්න පුළුවන් බව පේනවා… මග හිටින්න එපා… ජය. 😀 😀 😀

  6. Says:

    ෆට්ට, සිරා, එළ
    ඔහොම යන් මචන් දිගටම

  7. sdglhm Says:

    මෙන්න අළුත් බ්ලොග් රචකයෙක්. (අපි දන්නේ නැති මාළු පැට්ටා)

  8. madushan1000 Says:

    එල මචං උඹලා වගෙ උං මේ බ්ලොග් අවකාශෙට වටිනවා..දිගටම ලියපං මචං අපි අත දෙන්නම් 😀

  9. Bunny Says:

    උඹට හොඳ අනාගතයක් තියෙනවා බං,, දිගටම ලියපං ඇ !!

  10. පොඩි මෑන් Says:

    බුදු අම්මෝ මම දාපු කමෙන්ට් එක නැතියෝ….

  11. weniwelWeni Says:

    මොකද මෙතන වෙන්නෙ අෆ්ෆා ????? මට තාම ටියුබ් ලයිට් !

  12. පොඩි මෑන් Says:

    ඒ මගේ අදහස් අනුමතකරන්නෙ නැත්තෙ ඇයි.. මගේ ආදහස චාටර්ලුද ?:(

  13. සෝරෝ Says:

    අඩේ නියමයි නේ… නියම බ්ලොගක්… මේක ලියන්නේ ගෝල්ඩ් ෆිෂ් කියල කෙනෙක් ද…?

    උඹට අත දෙන්න කෙනෙක් ඉඳලා නෑ වගේ මෙච්චර කල්…. 😀

  14. අවංක පැට්ටා Says:

    ඔයා වගේ නවක බ්ලොග් කරුවන්ට අත හිත දෙන්න තමා මල්ලි අපි ඉන්නෙ, හොඳ උත්සහයක්, වචන ගැලපීමත් ඉතා හොඳයි දිගටම ලියමු

  15. පිණිබිඳු Says:

    ශැහ් අදනෙ මේ බ්ලොග් එක පැත්තෙ ගොඩ උනේ. මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. තව කාලෙකින් ඔයා යශෝධරාවත කියලා පෝස්ට් ලියන්න පටන් ගන්නවා. තවත් කාලෙකින් ඔයා කම්පීතර පැත්ත ගැන ලියන්න ගන්නවා. එතකොට තවත් කාලෙකින් විරහ ගී කියනවා. බලන්ඩ… ඔයාගෙ අනාගතය පැහැදිලියි මල්ලි.

  16. පැණි දොඩම් Says:

    අඩේ මාත් මේ ආවෙ අත දෙන්ට… යකෝ ඊට කලින් හැම එකාම දීලනෙ… අදයි ආවෙ…

  17. මධුරංග Says:

    අඩඩා මේ මාළු අයියෑ පලවෙනිම පෝස්ටුව නේ. සුබ පැතුම් !!!


pissa palaamalla වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: