බුදු අම්මෝ…

මේක වෙලා තියෙන්නේ මගේ යාළුවෙක්ගේ යාළුවෙකුට. මමත් මෑන්ස්ව  ටිකක් දන්නවා. නම සුරේෂ්. පොරගේ තාත්තාට ඒ දවස් වල හිටියා (සුරේෂ් වගේම ) හරක් සෙට් එකක්. (ඇයි එහෙම කිව්වේ කියලා පස්සේ තේරෙයි) ඔන්න දවසක් යාලුවෝ කට්ටිය කතා කර කර ඉද්දී තමා මේක කියලා තියෙන්නේ. හැබැයි කිව්ව කතාව මීටර් වෙද්දී මෑන්ස් too late කියලා තමා දැනගන්න හම්බුනේ. මේකා කියලා තියෙන්නේ මොකද්ද දන්නවද?

“මචන් අපේ තාත්තා හරකෙකුට ගැහුවා…. ඌ බුදු අම්මෝ ගාගෙන දිව්වා” කියලා   තමා මූ කියලා තියෙන්නේ.

(අපේ කට්ටිය මීට කලිං කවදාවත් මේ වගේ සිංහල කතා කරන කකුල් හතරේ හරකෙක් ගෙන අහලා තිබිලා නැහැ.)

අනේ ඉතින් කට්ටිය නිකන් අරීයේ මේ වගේ එළහරක් පැටියෙක්ව, යාළුවනේ කියලා පැය තුන් කාලක් විතර මඩවල අතෑරලා තියෙනවා. ඊට පස්සේ නම් සුරේෂ්ගේ තාත්තාගේ හරක් පට්ටියේ හරක් පාරක් දෙකක් වදිද්දී “බුදු අම්මෝ” ගෑවද කියන්නනම් දන්නේ නැහැ.

%d bloggers like this: