උපන් දින අමතක වෙන්නේ නැතිවෙන්න….

ඔයාලා මොනයම්ම දවසක හරි ඔයාලගේ හොඳම යාළුවෙක්ගේ හරි එහෙමත් නැතිනම් දන්න කියන වෙන කෙනෙක්ගේ හරි උපන් දිනයකට සුබ පතන්න අමතක වෙලා එක එක එව්වා අහගෙන තියෙනවද…!

මට නම් මේ ලඟදී ඒ චාන්ස් එක හම්බුනා. ඉතිං ඌටයි මටයි දෙන්නටම දෙන්නටම හරි සන්තෝසයි. ඌ කියන හොඳ වචන දෙක තුනක් මැද්දට මාත් එකක් විතර දාලා, වැරැද්ද මගේ අතේ වුනත් කටින් ගහලා යාන්තං දිනුවා වැඩ වැඩි බව කියලා. ඒත් ඉතිං හැමදාමත් ඒක කරන්න බැහැනේ. ඒක නිසා තමා විකල්ප හිතන්න ගත්තේ.

මතක් වුන හොඳම විකල්පේ තමා මොබයිල් එකේ නෝට් එකක් දාගන්න එක. ඒක හොඳ වුනාට බර්ත් ඩේ එක ඇලට් වෙද්දි ඒක නවත්තලා වෙන වැඩක් කරන්න ගිහිං ආයෙම අමතක වෙන එකට විකල්පයක් හම්බුනේ නෑ. ඉතිං ඒක හොඳ වුනත් වැඩිය සාර්ථක නෑ. ඒ පාර නෙට් එකේ හොයද්දි එක එක ජාතියේ එව්වා තිබුනා. සමහර ඒවා ඩෙක්ස්ටොප් සොෆ්ට් වෙයා, සමහර එව්වා ඔන් ලයින් ඒවා. ඔන් ලයින් ඒවා නම් ඕනේ තරම් තියෙනවා ෆ්‍රී එව්වා. ඒත් ඉතිං ඒක නිකං සාමාන්‍ය දෙයක් වෙලානේ දැන්. ඩෙස්ක් ටොප් සොෆ්ට් වෙයාත් ඕනේ තරම් තිබුනට ෆ්‍රී එව්වා නම් ලැබුනේ නෑ.

ඉතිං ඔහොම හොයාගෙන යද්දි එකද එක සොෆ්ට් වෙයා එකක් හම්බුනා. ඒකේ නම Active Birthday. වැඩිය බර නැති පොඩි ඇප්ලිකේෂන් එකක්. ඒකෙන් කරන්නේ දීලා තියෙන උපන් දින ලිස්ට් එකකින් අද දවසට තියෙන උපන් දින තෝරලා ඒ අයගේ ඊමේල් වලට හා මොබිටෙල්, ඩයලොග් දුරකතන වලට ඒ ඊමේල් එකම mms එකක් විදියට යනවා.

ඔය උඩ ලින්ක් එකෙන් ඩවුන් කරගන්න පුළුවන්. වැඩ කරන්නේ මෙහෙමයි. ‍

  • මුලින්ම Quick ගිහිං Enable table කමාන්ඩ් එක දීලා ඔයාලගේ යාළුවන්ගේ විස්තර ඇතුලත් කරන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ. ඒ දත්ත දෙන්න තියෙන්නෙත් ඉස්සරහටම පේන ටේබල් එකේ. ඒක එහෙම ටේබල් එකේම කරන්න සෙට් කලේ එහෙම කරන එක යූසර්ලට ලේසිවෙයි කියලා හිතලලු. අනේ මන්දා අයිතිකාරයා තමා කියන්නේ.

උපන් දිනය දෙන්න ඕනේ yyyy-mm-dd පිළිවෙලට.

  • ඊට පස්සේ අවශ්‍ය කරන දත්ත දීලා ඉවර වුනාම ආයෙම Quick ගිහිං Disable table දීලා ටේබල් එක ඩිඇක්ටිව් කරන්න ඕනේ. නැත්තං ඔයාලගේ අතින් ටේබල් එක ඇතුලේ මොනා  හරි ටයිප් වුනොත් වගකීම ඔයාලටම ගන්න වෙනවා.

ඊට පස්සේ තමා මූලික සැකසුම් තියෙන්නේ.

  • Settings -> Email -> Change email ගිහිං ඔයාලා දැනට භාවිතා කරන හරි, එහෙම නැත්තං අළුතින් හදාගන්න හරි ජීමේල් ඇඩ්රස් එකේ යූසර් නේම් එක විතරක් දෙන්න. @gmail.com කෑල්ල ඕනේ නැතිලු. (ජී මේල් ඔන්ලි) ඊට පස්සේ පාස් වර්ඩ් එහෙම දීලා හරියට කන්ෆිගර් කරගන්න. මේ වැඩේට තමන්ගේ පෞද්ගලික ජී මේල් එක භාවිත නොකර වෙන ජී මේල් එකවුන්ට් එකක් හදාගන්නවා නම් තමා වැඩිය හොඳ.
  • ඊට පස්සේ  Settings -> Sender info කියන එකෙන් ඔයාල යවන ඊ මේල් වල අඩංගු වෙන්න ඕනේ මූලික දත්ත ටික දෙන්න.
  • ඊට පස්සේ Settings -> Attachment වලින් පුළුවන් ඊමේල් එකට මොකක් හරි ෆයිල් එකක් ඇටෑච් කරලා යවන්න. හරියටම පාත් එක දෙන්න වග බලාගන්න ඕනේ. ඒක කෙලින්ම සම්බන්ධයි, මුලින්ම පේන ටේබල් එකේ අන්තිමටම තියෙන රිලේෂන් ෂිප් කියන එකට. මොකද, හිතන්න ඔයාලා යාළුවෙක්ගේ නමක් දීලා රිලේෂන් ෂිප් එක friend කියලා දුන්නා කියලා. එතකොට ඔයාලා ඇටෑච්මන්ට් සෙට් කරන ෆෝල්ඩර් එකේ friend.gif කියලා ඉමේජ් එකක් තියන්න ඕනේ. මේල් එකට ඇටෑච් වෙන්නේ ඔයාලා දීලා තියෙන රිලේෂන් ෂිප් එකට අදාල ෆයිල් එක. අනිත් විශේෂම දේ… ඔයාලා මොන රිලේෂන් එක දුන්නත් ඒක එක වචනයක් විදියටම දෙන්න. ඒ ගමන්ම අදාල රිලේෂන් ෂිප් එකේ නමින්ම ඉමේජ් ෆයිල් එකක් .gif ෆෝමැට් එකෙන් ඇටෑච්මන්ට් ෆෝල්ඩරේ සේව් කරන්න. ගොඩක් බර ෆයිල් නම් දාන්න එපා.

ඊට පස්සේ ඉතිං එකක් දෙකක් සිලෙක්ට් කරලා ප්‍රීවිව් කරලා බලන්න පුළුවන් යාළුවන්ට යන ඊමේල් එක.

  • ඔයාලට කවුරු හරි විශේෂ යාළුවෙක්ට විශේෂ පණිවිඩයක් යවන්න තියෙනවා නම් Custom message කියන එකේ අවශ්‍ය කරන මැසේජ් එක ලියලා තියන්න. එතකොට එයාගේ උපන් දිනේ දාට ලේසියෙන්ම ඔයාට පුළුවන් ඊමේල් එක යවන්න. කස්ටම් මැසේජ් එකක් නැතිනම්, උපන් දිනය දවසට ඒ කෙනාට යන්නේ ඔයාලා දෙන උපන් දිනය අනුව අද දවසට වයස  ගනනය කරලා යන ඊ මේල් එකක්. උපන් අවුරුද්ද දන්නේ නැත්තං අවුරුද්ද වෙනුවට බිංදු හතරක් (0000) දෙන්න.
  • ඊට පස්සේ ඔය Active Birthday ෆයිල් එකේ ෂෝට් කට් එකක් දාගන්න ස්ටාර්ට් අප් ෆෝල්ඩර් එකට. එතකොට හැමදාමත් උදේට ඔයාලා පී.සී එක ඔන් කරපු ගමන් Active Birthday ඕපන් වෙයි. ඊට වම් පැත්තේ පහල තියෙන Check / Send බට්න් එක ක්ලික් කරාම අදාල දවසට යෙදිලා තියෙන බර්ත්ඩේ හොයාලා එක එක් කෙනාට වෙන වෙනම ඊ මේල් හා mms යවාවි. වැරදි තියෙනවනම් ඒවත් පෙන්නයි. ඒ ගමන්ම Log -> Status ගියාම බලාගන්න පුළුවන් මැසේජ් එක ගියදා නැත්තං මොකක් හරි වැරැද්දක් නිසා නොගියාද කියලත්.

ඉතිං මේක පොඩි සොෆ්ට් වෙයා එකක්නේ. අනික හදපු අළුතලු. නඩුකාරිට කියලා හෙල්ප් ෆයිල් එකේ හරි වැරදි බලාගන්න බැරි වෙච්ච නිසා නෝ හේල්ප් ෆයිල්ලු. තව පොඩි පොඩි වැරදිත් ඇතුලු. ඔය ඔක්කොම මට කිව්වේ මේක හදපු එකා. ඉතිං ඒ ගමන්ම මෑන්ස් මට කිව්වා ඔයාලට මොනා හරි ප්‍රශ්න ආවොත් මටම ඒ ප්‍රශ්න ටිකත් අහගෙන එයාට යොමු කරන්න කියලා. මොකද මෑන්ස් බලාපොරොත්තු වෙනවලු මේක .Net වලින් තව දුරටත් ඩිවොලොප් කරලා මීටත් වැඩිය යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට බර්ත් වලට විතරක් සීමා නොවී අනෙකුත් ඉවෙන්ට් වලටත් ගැලපෙන්න හදන්න. ඒක නිසා ඉතිං මේක පාවිච්චි කරන අයගේ ෆීඩ් බැක් හා අදහස් මාර වටිනවලු. ඩේටා බේස් ෆයිල් එකයි ඇප්ලිකේෂන් ෆයිල් එකයි දෙකම එක තැන තියන්න, ඩේටා බේස් එක වෙන තැනක තියලා වැඩ කරන්න පුළුවන් වර්ෂන් එක තාම නැවේලු. අනිත් එක තමා එක දවසක් ඇතුලත දෙපාරක් සුභ පැතුම් නොයවන්න ඔය ගොල්ලෝ කල්පනාකාරී ​වෙන්න ඕනේ. ඒ වගේම mms නැති මොබයිල් වලට mms එන්නේ නැති බවත් සලකන්න ඕනේ…

ඊළඟ වර්ෂන් එක මේක හදාගෙන යන එකාගෙන් ඉල්ලලා ෆ්‍රී ලබාදෙනකං උපන් දින ටික අමතක නොවී තියාගන්න මේක උදවුවේවි..!

ඉතිං මේක මං ෂෙයාර් කලේ මේ මගේ 400 වෙනි පෝස්ට් එක නිසාලු….!

මීයගේ තුන හා කරන්න පුළුවන් “අමතර” වැඩ…

මේ ගැන නම් ඉතිං පිරිමි ළමයි හොඳටම දන්නවානේ.  ගැහැණු ළමයිනුත් දන්නේ නෑ වගේ හිටියට, අපි දන්නවා එයාල දන්න බව. ඒ විතරක් නෙවෙයි එයලාත් මීයාගේ තුන මරාගෙන කන බව. ඉතිං ඔය මීයා ඉන්නවනේ. ඌ හෙන හුරතලා. අපේ සමහරු ඔෆිස් වල ඇතිවෙන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වගේ දේවල් කල්පනා කරන්නෙත් මීයාව අතගගා. දෙක මාරුවෙන් මාරුවට අතගානවා, අනිත් එක හිමීට එහාට මෙහොට කරනවා. ගෑණු ළමයින්ට නම් මියාගේ පාටේ විශේෂයක් නැති වුනාට, සමීක්ෂකයෝ කියන්නේ සුදු පාට ,රෝස පාට හා ලා කොල පාට මීයන්ට තමාලු වැඩියෙන් ගෑණු ළමයි ආසා. කරන්නම දෙයක් නැත්තං කළු මීයත් අවුලක් නැතිලු. හැබැයි රතු පාටට නම් ටිකක් විතර අකමැතිලු. කොල්ලෝ වෙච්චි අපිට ඉතිං කොහොමත් එකයිනේ.

ඉතිං දැන් ඔය සද්ගුණවත් හිත් වලින් වල් දේවල් හිතලා හිත් කිලිටි කරගෙන ඉන්නේ බබාලට කියන්නේ, මේක ‍වැල මෙව්වා එකක් නෙවෙයි කියලා මං කිව්ව ගමන් මට බැනගෙන බැනගෙන යනවා එහෙම නෙවයි… “අපේ බලාපොරොත්තු සුනුවිසුනු කලා” කලා කියලා… මං මේ කියන්න ගියේ ඇත්තටම මීයා ගැනම තමා. මීයා කිව්වට වයර් එකෙන් හරි වයර් නැතුව රේඩි‍යෝ සිග්නල් වලින් කොම්පූටරේ එල්ලිලා ඉන්න එකා ගැන. ඉතිං මූට මුලින්ම තිබිලා තියෙන්නේ එකයි. ඊට පස්සේ තමා බට්න් දෙකක් වෙලා, දැන් වෙනකොට ස්ටෑන්ඩර්ඩ් මවුස් එකක් නම් ලෙෆ්ට්, රයිට් හා මිඩ්ල් කියන බට්න් තුනයි ස්ක්‍රොල් එකයි තියෙන්න ඕනේ වෙලා තියෙන්නේ.

ඉතිං මවුස් එකේ ලෙෆ්ට් එකෙන් සාමාන‍්‍යයෙන් කරන්නේ යම් විධානයක් හෝ අයිකන් එකක් හෝ තේරීම. එතකොට රයිට් බට්න් එකෙන් කරන්නේ මෙනු එකක් මතු කරගැනීම තමා හැමතැනකදීම වගේ. මිඩ්ල් බට්න් එක නම් ක්‍රියාත්මක වෙන්නේ විශේෂිත මෘදුකාංග වල තමා. ‍ගොඩක් වෙලාවට ස්ක්‍රොල් ලොක් එකක් විදියට තමා පාවිච්චි කරන්නේ. මිඩ්ල් බට්න් එක තියෙන්නෙත් ස්ක්‍රොලර් එකටම සම්බන්ධවමයි. ස්ක්‍රොල් එක කියන්නේ පිටුවක් ඉහල පහල ගෙනියන්න තියෙන තවත් ලේසි උපක්‍රමයක්. මෙව්වා ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ කොහොමත්.

එතකොට මොනාද මීයගේ තුනෙන් කරන්න පුළුවන් අමතර වැඩ…?

හිතන්න ගෙදරදී ඔයාලා මොකක් හරි ලස්සන ඉමේජ් හරි වීඩියෝ එකක් බල බල ඉන්නවා. එත‍කොටම මල්ලි, නංගි, අයිය, අක්කා, අම්මා, තාත්තා වගේ, වගේ කෙනෙක් එනවා. ඉතිං අර ඉමේජ් එක හරි වීඩියෝ එක හරි පවුලේ සැමට එකට සිට නරඹන්න බැරිනම් මොකද වෙන්නේ..? වහාම ක්‍රියාත්මත වෙන පරිදි ස්ථාන මාරුවක් ‍හෝ කනේ පාරක් ෂුවර්නේ. ඉතිං ඒ වගේ වෙලාවට කව්ද අකමැති එක මවුස් ක්ලික් එකකින් තමන් කොර කොර හිටිය වැඩේ ගැන චූටි හෝඩුවාවක්වත් නැති වෙන්න අපරාධය යට ගහන්න. එහෙමත් නැත්තං තමන්ගේ හරි අනුන්ගේ හරි කොලුවෙක් එවපු ඊමේල් බල බල ඉන්න ගෑණු ළමයෙක්ගේ කාමරේට අම්ම එනවා… එතකොට පුංචි කාලේ වගේම “අම්මගේ හොඳ දුව” වෙන්න මේකෙන් පුළුවන්…

වැඩිය ඕනේ නෑ, බ්ලොග් එකක් බලනවා කියමුකෝ. ඔයාලා අකමැතියි ඒක වෙන කෙනෙක් දකිනවට. ඉතිං එහෙම වෙලාවට මිඩිල් බට්න් එක ක්ලික් කරලා බ්ලොග් එකේ අන්තර්ගතය ට්‍රාන්ස්පේරන්ට් කරලා ඊට යටින් තියෙන වැදගත් ඩොකියුමන්ට් එකක් ඉස්සරට දාලා පෙන්වන්න තියේනම් කොයිතරම් දෙයක්ද. ඒත් මදිනම් බ්‍රවුසර් එක ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා සිස්ටම් ට්‍රේ එකේ හංගන්න පුළුවන්නම්… !

හ්ම්… එහෙම කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. “වින් රෝල්” කියන මේ පුංචි සොෆ්ට් වෙයාඑක ක්ෂණිකව වෙන්න පුළුවන් මාරන්තික ඒ වගේ අතුරු ආන්තරා වලින් අපිව ආරක්ෂා කරනවා. මට මේක හම්බුනේ අවුරුදු කීපයකට කලින් ඇක්ස්.පී තියෙද්දී දාපු ඇපල් ට්‍රාන්ස්ෆෝමේෂන් පැක් එකක තිබිලා. එදා ඉඳන් මොනා නැතත් මේක නම් මගේ ලැපීගේ වගේම ඔ‍ෆිස් පී.සී එකෙත් ලැගගෙන ඉන්නවා. ඇපල් වල නම් ඩිෆෝල්ට් එනවා. අර කව්ද කියනවා වගේ… වින්රෝල් තමා මාව රජෙක් කලේ. නැත්තං කොහොමද ඔ‍ෆිස් එකේ ඉඳන් බ්ලොග් ලියන්නේ, කියවන්නේ, ඩවුන් ලෝඩින් දාන්නේ.

බලන්න, ඔයාලත් මේක ඩවුන් කරගනෙ පාවිච්චි කරලා. ෆයිල් සයිස් එක කිලෝබයිට් බරගානක් ඇති නේද කියල හිතෙනවා ඇති නේද…. මුළු සොෆ්ට් වෙයා එකම කිලෝබයිට් 89 යි. ඒ වගේම මේක රන් වුනා කියලා රැම් එකට දැනෙන්නෙවත් නෑ….! ඔයාලට හොඳ හොරෙක් වෙන්න තියෙන හොඳම සොෆ්ට් වෙයා එකක් තමා මේ. මෘදුකාංග සීමිත ප්‍රමාණයකට විතරක් සහයෝගය නොදක්වන බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක විවෘත හා නිදහස් මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, පැච් ගැන වදවෙන්න ඕනේ නෑ…

ඇත්තටම හොරෙක් වෙන්නම නෙමේ තමන්ගේ පෞද්ගලිත්වය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්…! කොහොමද මීයගේ අමතර වැඩ…!

මගේ ඇපල් ආදරේ….

ඇපල් කියන්නේ මාර රස පලතුරක් කියලා දන්නවා ඇතිනේ. ඉතිං ඇපල් කනවා කියන්නේ ඒ රස පලතුර කන එකටම විතරක් නෙවේ. ඔය ක්ලාස් යන වයසේ කෙල්ලෝ කොල්ලෝ එහෙම පඳුරු අස්සේ හැංගිලා කට කන එකට ශිෂ්ඨ සම්පන්න විදියට කියන්නෙත් ඇපල් කනවා කියලා. ඉතිං මට ඒ ඇපල් කන්න තාම අවස්ථාවක් නොලැබුනාට මාත් හෙන ඇපල් ලෝලියෙක්…

ඒ ඇපල් ආදරේ පටන් ගත්තේ 2006 ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පටන් ගත්තා දවසේ ඉඳන්. එදා තමා මට අමතක නොවෙනම දවස මේ අවුරුදු කීපය තුල කොම්පියුටර් ආශ්‍රිතව ලැබුන. මුලින්ම අපිට ගිහිං ඉඳගන්න කිව්වා කම්පියුටර් ඉස්සරහින්… ඒ අපේ පළවෙනි ප්‍රැක්ටිකල් එක සඳහා. මුලින්ම ඉගැන්නුවේ පේජ් මේකර් නිසා මුල්ම ප්‍රැක්ටිකල් එකත් පේජ් මේකර් වලින්.

අපේ බැච් එකේ හිටිය දොලහක් විතර දෙනා ලඟ ලඟ තිබ්බ වීව් සොනික් මොනිටර දාලා තිබුන, ස්ක්‍රොල් මවුස් තිබුන පී.සී ලඟින් වාඩිවුනා, අන්තිමේ මට ඉතුරු වුනේ එකම එක මවුස් බටන් එක්ක තියෙන, හද්ද පරන මොනිටර් එකක් තියෙන මහ අමුතු හැඩේක පී.සී එකක්. පස්සේ ඉතිං අපේ සර් කිව්වා දැන් ඉතිං පී.සී ඔන් කරගෙන වැඩ පටන් ගන්න කියලා.

අනිත් හැම එකාම, කොම්පියුටරයක් ගෙවල් වල නැති අය හිටන් සී.පී.යූ එකේ පවර් බටන් එක ඔබලා මැෂින් ඔන් කරගෙන ලොගින් ස්ක්‍රීන් එකට එනකනුත්… මම මගේ අමුතු පී.සී එකේ පවර් බටන් එක හොයනවා…! පස්සේ සර් ඇවිල්ලා…. මේකට සී.පී.යූ බටන් එකක් නෑ, කීබෝඩ් එකේ තමා පවර් බටන් එකත් තියෙන්නේ කියලා එබුවේ නැතෑ හතරැස් කීස් වලට උඩින් තියෙන ඕවල් හැඩේ බටන් එකක්.

දැං ඉතිං මං බලන් ඉන්නවා එක්ස්.පී බූට් ස්ක්‍රීන් එනකං. අනිත් අය පේජ් මේකර් ලෝඩ් කරගන වැඩ පටන් අරගෙන මං තමා අන්තිමයා. පස්සේ ඉතිං වට පිට බලලා මගේ මොනිටරේ දිහා බලද්දී, මොකද්දෝ මන්දා අමුතු එකෙක් නිකං කින්ඩියට වගේ හිනාවේගෙන ඉන්නවා මට. බැලින්නම් ඒ ඇපල් මැක් ලෝඩර් එක. හප්පේ මට දාඩිය දාන්න ගත්තා. කවද දැකපුවද දෙයියනේ….!

පස්සේ ඉතිං තව ටිකකින් ‍මෙන්න එනවා නෝමල් ස්ක්‍රීන් එකට. ඉස්සර ඉඳන්ම ඉතිං කම්පියුටරේ ගත්ත ගමන් කරන්නේ මවුස් එක රයිට් ක්ලික් කරලා  රී-ෆ්‍රෙෂ් එකක් දෙන එකනේ… මල මගුලයි මේකේ රයිට් බටන් එකක් නෑ… ඔක්කොටම තියෙන්නේ එක බටන් එකයි. පස්සෙ ඉතිං යාන්තං පේජ් මේකර් ෂෝට් කට් එක ඩබල් ක්ලික් කරලා වැඩේ පටන් ගත්තා. ටිකක් කරගෙන යන කොට රයිට් ක්ලික් මෙනු එක ගන්න ඕනේම තැනකදී මං ආයෙම හිරවුනා. ඊට පස්සේ තමා අපේ සර් ඇවිත් මාව කැරකෙන පුටුව පිටින්ම ටිකක් එහාට තල්ලු කරලා මගේ මැසිමේ මොනිටරේ අනිත් ළමයින්ටත් පේන්න ඒ පැත්තට හරවලා මගේ අමුතු කම්පියුටර් එක ගැන කියලා දෙන්න ගත්තේ.

ඒකේ මවුස් එකට තියෙන්නේ එක බටන් එකයි….! රයිට් ක්ලික් මෙනු එක ඕනේ නම් තව කී එකක් ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ඩිෆෝලට් තියෙන්නෙත් වෙනස්ම ඕඩර් එකකට. ඒ වගේම ග්‍රැෆික්ස් වලට හොඳටම හොඳ යන්තරේත් ඇපල් මැක් මැසිමක් කියලා කිවුව හැටි එදා වගේ තාමත් මතකයි.

පස්සේ ඉතිං අනිත් අය හැමදාමත් අයි.බී.එම් පීසි වල වාඩි වෙද්දී මං හැමදාමත් වාඩි වුනේ මගේ අමුතු මැසිමේ. වින්ඩෝස් වල එක එක විකාර කරපු මට ඇපල් කියන්නේ මහා ලොකු තෑග්ගක් වගේ වුනා. ඇපල් මොනිටරෙන් මං දැක්ක මිදි ගෙඩි වල දම් පාට, දේදුන්නේ පාට හත, වැඩිය ඕනේ නෑ සිංහ කොඩියේ කහ පාට පවා මං අනිත් මොනිටර් වල, අනිත් පී.සී වල දැක්කේ මහාම මහ අලුගුත්තේරු පාටවල් විදියට. ඇත්තටම මං කෙල්ලෙකුට වඩා ඇපල් මැක් වලට ආදරය කරන්න ඇති…!

ඒත් ඉතිං කොයි තරම් හිතින් ලව් කරත් ඇපල් මැක් මැසිමක් නම් ගන්න බැරිවුනා තවම. එක පාරක් හල් කම්පියුටර්ස් එකට කෝල් එකක් දීලා ගාන ඇහුවම, මට හාට් ඇටෑක් හැදෙන්නත් ගියාද කොහෙද… සී.පී.යු එක රුපියල් ලක්ෂ එකාමාරයි මොනිටරේ ලක්ෂයයි. ඒ දැනට අවුරුදු ගානකට කලින් තත්තවය. දැන් නම් ගාන අඩු ඇති. ඉතිං කොහොම කොහොම හරි කට්ට කාගෙන තද කරගෙන හිටිය මේ ආසව ආයේ වැඩිවුනා රස්සාවක් කරන්න ගත්තම. ඊට පස්සේ කොහොම හරි ඇපල් එකක් ගන්නවා කියලා හිත හිත උන්නට වෙන වෙන එව්වාට හිත ගිය නිසා ඒ අදහසත් නිකංම නැතිවෙලා ගියා.

පස්සේ ඉතිං මගේ අළුත් ලැපී කුමාරිව ගත්තට පස්සෙ තමා පරණ ආසාවල් ආයෙමත් මෝදු වෙන්න ගත්තේ. මං දැනගෙන හිටියා ඇපල් මැක් පරන වර්ෂන් එකක ලයිව් සී.ඩී එකක් තිබ්බ වග. මං ඒක මගේ පරන ලැපීත් එක්ක ට්‍රයි කලත් ඒ වැඩේ හබක් වුනා රැම් එක මදි නිසා. ඊට පස්සේ ඉතිං අළුත් එක එක්ක ට්‍රයි කරන්න බලද්දී ඒ ලයිව් ඉමේජ් එක නෑ. ඊට පස්සේ අමාරුවෙන් නෙට් එකෙන් හොයාගෙන බා ගත්තා ලෙපර්ඩ් එක. ඒක රන් වෙන්නේ වර්චුවල් මැෂින් එක්ක විදියට. ඒක නම් ගොඩක් වටින දෙයක්. මොකද මට කවදාවත් එච්.පී ලැප් එක මැක් ඇන්ඩ් වින් දෙකම රන් කරන්න පුළුවන් වෙන්න ඩුවල් බූට් කරන්න බැරි වුනත් මේ වී.එම් වෙයාර් නිසා ඒ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වුනා…!

දැන් ඉතිං වින් වල ඉඳන්ම මැක් වලින් තමා වැඩ. වෙලාවට මගේ ඩොන්ගල් එකත් ඇපල් එකට ගහපු ගමන් ස්ටාට්..! දැන් ඉතිං සිංහල එහෙම දාගෙන ආයෙමත් පරන ආදරේ හොයාගෙන යන්න ඕනේ….! ඒත් ඇපල් මොනිටර් එකක් නැති කම නම් ලොකු අඩුවක් වෙනවා. බලමුකෝ ඒකටත් මොකක් හරි කොරගන්න….!

මේ පෝස්ට් එක නම් ඇපල් මැසිමක් ජීවිතේට ඇහැකටවත් දැකලා නැති කෙනෙකුට කිසිම හරයක් නැති වෙයි. ඒත් ඇපල් එක්ක එක පාරක් හැප්පිලා තියෙන කෙනෙකුට නම් ඇපල් මොනිටරේ මැවුන ලස්සන පාට එක්කම මතකය අළුත් වෙයි….!

දැන් හොයන්න ඕනේ අළුත්ම ලයන් වර්ෂන් එකේ වර්චුවල් මැෂින් ඉමේජ් එකක්….!

ගැජ මැටික් ටික බේරගමු….!

කොම්පූටර් ඉස්සරහා ඉන්න අපිට තියෙන වැදගත්ම දේවල් මොනාද… කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි… හැබැයි මං නම් කියන්නේ අපිට වැදගත් වෙන්නේ අපිට ගොඩක්ම ‍ෆැමිලියර් වෙච්ච ගැජ මැටික් ටික‍‍‍…

දැන් ඉතිං බලන්න එපා අද මොකාටද එන්නේ මූ කියලා… අද මේ දෙසන්න යන්නේ අපිට නිතර වුවමනා වෙන වටිනා කියන සොෆ්ට් වෙයාර් කෑලි ටික ‍හොර හතුරන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් බේරගන්න හැටියක් ගැන. මේ ක්‍රමේ අනිත් අය දන්නව වුනාට අනුගමනය කරනවද නැද්ද නං මං දන්නේ නෑ. හැබැයි මං නම් මගේ ෆ්ලෑෂ් එකේ තිබ්බ සොෆ්ට් වෙයා ටිකට කෙල වෙච්චි දා ඉඳන් අනුගමනය කරන නොවරදින ක්‍රමයක්. නොවරදින කියන්නේ 85%ක් විතර තමා ඉතිං.

සොෆ්ට් වෙයාර් එක්ක වැඩ කරන… ඒ කියන්නේ ඔය ඔෆිස් පැකේජ් එකෙන් එහාට ගිය දේවල් කරන සහ තමන්ගේ පරිගණකය ඇරෙන්න අනිත් අයගේ පරිගණක වලත් වැඩ කරන අය ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය වෙන සොෆ්ට් වෙයා කෑලි ටික තියා ගෙන ඉන්නේ ෆ්ලෑෂ් එකේ තමා. එහෙමත් කෙනෙක් තමා ඩීවීඩී බැකප් තියාගෙන ඉන්නේ… ඉතිං අපි කොයිතරම් හිතුවත් වයිරස් ගාඩ් තියෙන පරිගණක ආරක්ෂිතයි කියලා, මගේ නම් අදහස ඒ කියන තරම් ආරක්ෂිත නෑ කියලා තමා. ඉතිං ඕනේ වෙලාවක අපි අනාරක්ෂිත වෙන්න පුළුවන්. එත‍කොට ඉතිං අර ෆ්ලෑෂ් එකේ තිබ්බ වටින මෘදුකාංග ටිකට කෙල වෙන්නේ ඇස් පනාපිටම.

කවුරු හරි දැකලා තියේද වයිරස් එකක් විසින් exe ෆයිල්ස් ඔක්කොම ටිකට ආසාදනය වෙමින් එව්වා විනාස කරන හැටි…? ඒ සිද්ධිය දකින්න නම් මං පිං කලා. ඒ ස්කෝලේ යන කාලෙදී… ටිකක් ස්ලෝ මැෂින් එකක…. වයිරස් එකක් විසින් exe ෆයිල්ස් වලට ආසාදනය වෙද්දී එව්වයේ අයිකන් ටික වෙනස් වෙලා යනවා… අනේ ඉතිං මාත් කට ඇරං බලං හිටියා. පස්සේ බලද්දී මගේ වටිනා ගැජ මැටික් ටික අහවරයි. ඒ දවස් වල ඉතිං දැං වගේ ජංජාලේ එක්ක වැඩිය යාළු කම් නෑනේ…. ඒක නිසා ඒ සොෆ්ට් වෙයාර් කෑලි ටික හෙනම වටිනවා… කැස්පර්ස්කි තිබ්බත් කෙල වුන අපූරුව….!

ඉතිං මේකට උපක්‍රම හෙව්වට හම්බුනේ නෑ… පස්සේ ඉතිං මං ලැපීව ගත්තට පස්සේ එයාටත් දැම්මා වයිරස් ගාඩ් එකක්. ඒත් කැස්පර්. ලයිසන් කී එක ඔෆිස් එකෙන් ඉස්සුවා. එතකොට මගෙ එකත් ලයිසන්ඩ් එකක්නේ… ඉතිං සතියකට පාරක් විතර අප්ඩේට් කරනවා… ඒ අස්සේ ආයෙමත් මට කෙලවුනා. පස්සේ ආයෙමත් අර සොෆ්ට් වෙයා රැක ගැනීමේ මෙහෙයුම අරඹන්න වුනා.

ඊට පස්සේ ජංජාලෙම හෙව්වත් හොයාගන්න බැරි වුනා. ඊට පස්සෙ ඉතිං ඔහොම යද්දී ආයෙමත් දවසක් අර කෙලවීම එහෙම්ම වුනා. ඒ තුන් වෙනි පාර. මට ඉතිං මල අතේ… ඒත් පොඩි සහනයක් තිබ්බා. ඒ තමා මං හෙන ලවෙන් ඉන්න ෆොටෝ ෂොප් එක සිප් කරලා තිබ්බ නිසා බේරිච්ච එකට. පස්සේ ඉතිං මං මගෙ ෆ්ලෑෂ් එකට දාගන්න හැම රෙද්දම සිප් කරලා දාගත්තා. අන්තිමේ ඉතිං කොච්චර වයිරස් තියෙන මැසිමකට ගැහුවත් මගේ ගැජමැටික් ටික ගොඩ. ඇත්තට මං හිතුවේ නෑ ඒක විසඳුමක් කියලා… ඒත් බලාගෙන යද්දී ඒක තමා තියෙන සිම්පල්ම ප්ලෑන් එක…

මං දන්න තරමින් නම් සිප් ෆයිල් කියන්නේ ෆයිල් එකේ ප්‍රමාණය අඩු කරලා කැපෑසිටි අඩු ෆයිල් එකක් හදාගෙන මෘදුකාංගයක්. ඉස්සර වින්ඩෝස් 98 තියෙද්දී නම් අපි රට වටේ ඇවිදිනවා වින් සිප් තියෙන කලෙක්ෂන් සීඩී හොයන්න. සමහර එව්වයේ කවරෙ තිබුනට සිප් තියෙනවා කියලා ගෙනැල්ල බලද්දී වින් සිප් නෑ….

ඒත් ඉතිං දැන් එහෙම නෑනේ… වින්ඩෝස් එක්කම සිප් එන නිසා ප්‍රශ්නයක් නෑ… ඒ වගේම නෙට් එකේ හොයලා බැලුවම සිප් වලට ආසාදනය වෙන වයිරස් තියෙනවද කියලා, දෙක තුනක් ඇරෙන්න මහ ගොඩක් නම් හම්බුනේ නෑ…. හැබැයි නැත්තෙම නෑ… ඉතිං මං හිතන්නේ වයිරස් වලින් ගැජ මැටික් ටික රැක ගන්න තියෙන හොඳම ලේසිම ක්‍රමේ තමා ඒ ටික සිප් කරන එක…. ඉඩත් අඩුයි… ආරක්ෂාවත් වැඩියි…!

දැන් නම් ඉතිං සොෆ්ට් වෙයා ටිකට කෙල වුනාම ආයෙම ඩවුන් කරගන්න පුළුවන්… ඒත් අවුරුදු කීපයකට කලින් නම් මේ ක්‍රමේ මට හෙනටම අල්ලලා ගියා. දැනටත් ඉතිං වෙනසක් නෑ…. මගේ නම් ඔක්කොම ගැජ මැටික් ටික සිප් කරගෙන තමා ඉන්නේ… සිප් කරන විදිය දන්නේ නැති අය නැතුව ඇති…. ඒත් කමක් නෑ,.. ෆයිල් එකක් සිප් කරන්නේ ඒ ෆයිල් එක රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් send to තෝරලා ඒකෙනුත් එන මෙනු එකෙන් compressed zip folder කියන එක ක්ලික් කිරීමෙන් තමයි…

ඇත්තෙන්ම මේක වටින්නේ ගෙදර නෙට් නැති හා ෆ්ලෑෂ් එක විවිධ පරිගණක වල පාවිච්චි කරන අයට. මොකද ඒ අය කොහෙන් හරි ඩවුන් කර ගන්න සොෆ්ට් වෙයා ටික තියාගන්නේ ෆ්ලෑෂ් වල නිසා….

ඉතිං ඔය විදියට සිප් කරලා පාස් වර්ඩ් එකකුත් දාගත්තනම් සාමාන්‍ය කෙනෙකුට ඒ ගැජ මැටික් වලින් වැඩ ගන්නත් බෑ… හැබැයි මතක තියාගන්න සිප් පාස් වර්ඩ් කඩන්නත් ඕනේ තරම් බඩු තියෙනවා… මොනා වුනත් සාමාන්‍ය ආරක්ෂාවක් වෙනුවෙන් නම් සිප් නියමයි…. අත්දැකීමෙන් කියන්නේ….!

නරියට කියලා ඇනගත්ත අයට….

හ්ම්… පරන එක පාවිච්චි කරන්න දුන්නෙම නෑ… හැම තිස්සෙම බාගෙට දාගෙන යද්දී මග හිරවෙනවා. එක්කේ එක පාර යන්න ඕනේ. එහෙමත් නෑ….  ඒ වෙලාවට ඉතිං ආතල් එක කනවයි කියන එක කියන්න දෙයක් නෙමේනේ… ඒක නිසා ඉතිං අළුත් එකට මාරු‍වෙන්න කිය කිය හිත හිත උන්නත්, පරන එකේ රස දන්න නිසා අළුත් එකට යන්න හිත දුන්නෙම නෑ… කොහොම කොහොම හරි අන්තිමේ වෙන එකකට යන්න වුනා. කොහොමත් පරණ වෙද්දී ලෙඩ දෙනවලුනේ…. ඊටත් වෙන එකකට යන්නත් බෑ, මොකද මේකට ලයිසන් ඕනෙත් නැහැනේ…. ෆ්‍රී ෆන් එකනේ….

කො‍හොම හරි අන්තිමේ ඉතිං පරන එක අතෑරලා අළුත් එකට ගියාම තමා මටත් තේරුනේ, අනේ මං කලින් තියන් හිටිය එක හොඳයි නේද කියලා. පරන එකේ කරපු ගොඩක් ‍දේවල් අළුත් එකේ කරන්න බෑ. කොහොමත් මං පරණ එකේ ෆිගර් එකේ ඉඳන්ම හැම ගැජට් එකක්ම මට ඕනේ විදියට හදාගෙන තිබුනේ.  ඉතිං මොනා කරන්නද ආපහු ඔක්කොම දාලා පරන එක හෙව්වත් ඒකත් නෑ… ඒ පාර ඉතිං මං තීරණයක් ගත්තා අළුත් එකටම හුරු වෙනවා කියලා. ඒකත් මට ඕනේ විදියට හදාගන්න බැරියෑ….

ඉතිං මේ කියන්න යන්නේ ඒ කතාව තමා. දැං කටවල් ඇරගෙන මේක කියවන්න ගත්ත අය කටවල් වහගන්නලා. ෆයර් ෆොක්ස් 4 ටික කාලෙකට කලින් අපි වගේ ජංජාලෙම ඉන්න එවුන්ට හම්බුනානේ. ඉතිං මාත් නිකං දෙන එකනේ කියලා බාගත්තා. එත‍කොටත් ඉතිං පොඩි පොඩි පස්න තිවුනා. එව්වා කාලෙත් එක්කම ඇරිලා ගියා. නමුත් මගේ ලැපී ගෙයි, ඔෆිස් එකේ උන්නැහේගෙයි… දෙකේම ෆයර් ෆොක්ස් අම්බානෙට ස්ලෝ වෙලා ගියා එකපාරම. පස්සේ කරන්න පුළුවන් ඔක්කොම බේත් කරලා බැළුවා… ම්හු… හරියන්නේ නෑ…  ඒ අස්සේ සැරින් සැරේට එනවා මැසේජ් එකක් එනවා ෆයර් ෆොක්ස් 5 බීටා එලියට දාලය… අරගෙන ට්‍රයි කරලා බලන්නය කියලා. මං කොහොමත් ඔය අළුතෙන් එන එව්වයෑ ෆයිනල් වර්ෂන් එක එනකං ඩවුන් කරගන්නේ නෑ… ෆයර් ෆොක්ස් 4 බීට එකත් අහම්බෙන් දාගෙන මං හෙන කට්ටක් කෑවා…

සමහර අයට මතක ඇති ෆයර් ෆොක්ස් 4 බීටා එකේ සිංහල අකුරු හරියට රෙන්ඩර් වෙලා පෙන්නුවේ නෑ… කොම්බු ඉස්පිලි පාපිලි එහෙම වෙන වෙනම පෙන්නුවේ. ඒක නිසා 4 බීටා ගත්ත ගමන් මං ආපස්සට මගේ ගාව තිබුන 3 යි දශම ගානේ එකම දාගත්තා. ඒත් ඉතිං මගේ මැසින් දෙකම හිරවෙන නිසා මං තීරණය කොල ඕනේ වෙඩිමක් කියලා ෆයර් ‍ෆොක්ස් 5ට රට බාර දෙන්න කතිරෙ ගහනවා කියලා මේ පාරනම්…

ඉතිං නිතරම වගේ බ්ලොග් කියවන ෆේස් බුක් යන … වගේම සිංහලෙන් ගොඩක් වැඩ කරන මට නම් qsfox addon එක නැතුවම බැරි තරම්…. ඒත් මගේ පරණ වර්ෂන් එකේ තිබ්බ qsfox ෆයර් ෆොක්ස් 5ට වැඩ කරන්නේ නැතුව ගියා. දැන් ඉතිං මං නරියාගේ අහවල් එකෙන්යෑ සිංහල කොටන්නේ…? ඒ පාර ගූගල් කරා qsfox එකේ අළුත් වර්ෂන් එකක්… ම්හු… ඒකත් නැහැ. තියෙන අළුත්ම එක නරියා 5ට සපෝට් කරන්නේ නෑ. ඒ පාර මට නිකමට වගේ මතක් වුනා කාගේ හරි බ්ලොග් එකක තිබුනා qsfox එක වින් රාර් වලින් ඔපන් කරලා ඒකෙ තියෙන ෆයිල් එකක් වෙනස් කරලා වැඩ කරවගන්න පුළුවන් කියලා. (මට මතක නෑ කාගේ බ්ලොග් එකේද කියලා… පුළුවන්නම් ඒ ලින්ක් එක අදාලා කෙනා හරි වෙන කවුරු හරි දාන්න) පස්සේ ඉතිං ඒ වැ‍ඩේ කරාම භාන්ඩේ වැඩ.

ඒ වෙනස් කම කරේ… මුලින්ම වින් රාර් වලින් qsfox.xpi කියන ෆයර් ෆොක්ස් ඇඩ් ඔන් එක ඕපන් කරගෙන ඒකෙ තියෙන install.rdf කියන ‍file එක notepad වලින් ඕපන් කරලා… පස්සේ ඒකේ තියෙනවා එක තැනක් …. MAX VERSION කියලා… එතෙන තියෙන්නේ 4 කියන අගය. මං ඉතිං ඒක 6 කොරගත්තම භාන්ඩේ වැඩ කරන්න ගත්තා. ඊට පස්සේ සිංහල කෙටිල්ලනම් හරි. (මේ පිළිබඳ සියලූම ස්තූතිය අර පෝස්ට් එක දාපු කෙනාට හා qsfox හදපු ඉසුරුට හා පහන්ට … උඹලා නැත්තං අපි කම්මුතුයි බං. ඉක්මනට අළුත් එකක් දාපං)

පස්සේ ඉතිං මගෙ තවත් වටිනා කියන ඇඩ් ඔන් දෙකක් විතරක් යන්තං බේරිලා. ඒ තමා ඔය වැදගත් වීඩියෝ එහෙම ගෙදර ගිහිං බලන්න කියලා හිතාගෙන ඩවුන් කරගන්න උදවුවෙන net video hunter  හා down them all කියන දෙක. ඒ දෙකේ නම් අළුත් සංස්කරන මේ වෙන කොටම පිටවෙලා. ඒත් ඉතිං තව ටිකක් අතපත ගාලා බලද්දී,.. මල මගුලයි… මගේ බුක් මාක් ටික නෑ… ඒ ටික මං දාගෙන උන්නේ ගූගල් ටූල් බාර් එකේ බුක්මාක් වල.

ඒත් කරුමේ කියන්නේ ෆයර් ෆොක්ස් 5ට හරියන්න ගූගල් ටූල් බාර් එක තාම අප්ඩේට් කරලා නෑ… ඉතිං මක්කෙයි කොරන්නේ… වෙන එකෙක්ගේ තියා ම‍ෙග් ටැංකියේ ලොගින් ලින්ක් එකවත් මයෙ ගාව නෑ… ඒ පාර ඉතිං සියළුම වැඩ ‍කටයුතු ටික වෙලාවකට පැත්තකට දාලා පටන් ගත්තා ගූගල් ටූල් බාර් එක දාගන්ක විදියක් හොයන්න… ඉතිං ඔහොම හොයාගෙන හොයාගෙන යද්දී එක තැනක හම්බු‍නා අර qsfox එකේ වගේ කෝඩින් එක ටිකක් වෙනස් කරලා වැඩේ කොරගන්න පුළුවන් ක්‍රමයක්. ඒත් ඒක හෙන සංකීර්ණ නිසා වැඩේ අතෑරලා දැම්මා. පස්සේ තව ටිකක් හොයනකොට හමුබනා එලම භාන්ඩේ… උම්මා… මගේ වස්තුව….

මේකේ නම ­Add-on Compatibility Reporter. මේක දාගත්තම පරන ෆයර් ෆොක්ස් වල දුවපු ඇඩ් ඔන් ගොඩක් අළුත් එව්වයේ දුවවන්න පුළුවන් කියලා තිබුනා. ඒත් ඉතිං මට නම් සත පහක විශ්වාසයක් තිබුනේ නෑ…. පස්සේ ඉතිං ඒ තුත්තිරි ගහෙත් එල්ලුවා. අප්පට සිරි ඒක වැඩ ලෙසටම. ­Add-on Compatibility Reporter දාලා ගූගල් ටූල් බාර් එක දැම්මා විතරයි එරර්ස් මුකුත් නෑ බබා වගේ වැඩ…. ෆයර් ෆොක්ස් අළුත් වර්ෂන් එක නිසා ස්පීඩ් එ‍කේ කිසිම අවුලක් නෑ….  ඒ වගේම මේකෙ අර බීටා 4 වගේ සිංහල අකුරු වල අවුලත් නෑ… ඒක නිසා ඉතිං කොහොමත් හිසේ ඇම්මක් නෑ… දැන් ඉතිං ගොඩක් ස්මූත්ව වැඩේ කෙරීගෙන යනවා…

ඒත් ඉතිං තාම බීටා නිසා ටිකක් සැකයි. ‍කවදා ස්ථායි සංස්කරණයක් එයිද කියලා. ඒක ආපු ගමන්නම් ඒක දාගන්නවා අනිවා. එතකන් ඉතිං මේ මදෑ… කොහොමත් උන්න හැටියට මලා මදෑ….

ඉතිං මේ කිව්වේ නරියාට කියලා ඇනගත්ත තව කට්ටිය ඉන්නවා නම් ­Add-on Compatibility Reporter දාගෙන අවුලක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. qsfox එකත් වැඩ කරනවා. ඒක නිසා වෙන වෙන මගෝඩි කරන්න ඕනේ නෑ… අර අහවල් එක දාගත්තනම් ගොඩ….

දැන් ඉතිං තියෙන්නේ අළුත් උන්දගේ ෆිගර් එක හදලා ගන්න එක තමා. දැන් නම් ඉස්සර වගේ නෙමේ කොහොමත් හෙන හැඩයි. ඒ වගේම තමා පර්ෆෝමන්ස්…. තිබ්බ ගමන් යනවා….