ඔයාලා මොනයම්ම දවසක හරි ඔයාලගේ හොඳම යාළුවෙක්ගේ හරි එහෙමත් නැතිනම් දන්න කියන වෙන කෙනෙක්ගේ හරි උපන් දිනයකට සුබ පතන්න අමතක වෙලා එක එක එව්වා අහගෙන තියෙනවද…!
මට නම් මේ ලඟදී ඒ චාන්ස් එක හම්බුනා. ඉතිං ඌටයි මටයි දෙන්නටම දෙන්නටම හරි සන්තෝසයි. ඌ කියන හොඳ වචන දෙක තුනක් මැද්දට මාත් එකක් විතර දාලා, වැරැද්ද මගේ අතේ වුනත් කටින් ගහලා යාන්තං දිනුවා වැඩ වැඩි බව කියලා. ඒත් ඉතිං හැමදාමත් ඒක කරන්න බැහැනේ. ඒක නිසා තමා විකල්ප හිතන්න ගත්තේ.
මතක් වුන හොඳම විකල්පේ තමා මොබයිල් එකේ නෝට් එකක් දාගන්න එක. ඒක හොඳ වුනාට බර්ත් ඩේ එක ඇලට් වෙද්දි ඒක නවත්තලා වෙන වැඩක් කරන්න ගිහිං ආයෙම අමතක වෙන එකට විකල්පයක් හම්බුනේ නෑ. ඉතිං ඒක හොඳ වුනත් වැඩිය සාර්ථක නෑ. ඒ පාර නෙට් එකේ හොයද්දි එක එක ජාතියේ එව්වා තිබුනා. සමහර ඒවා ඩෙක්ස්ටොප් සොෆ්ට් වෙයා, සමහර එව්වා ඔන් ලයින් ඒවා. ඔන් ලයින් ඒවා නම් ඕනේ තරම් තියෙනවා ෆ්‍රී එව්වා. ඒත් ඉතිං ඒක නිකං සාමාන්‍ය දෙයක් වෙලානේ දැන්. ඩෙස්ක් ටොප් සොෆ්ට් වෙයාත් ඕනේ තරම් තිබුනට ෆ්‍රී එව්වා නම් ලැබුනේ නෑ.
ඉතිං ඔහොම හොයාගෙන යද්දි එකද එක සොෆ්ට් වෙයා එකක් හම්බුනා. ඒකේ නම Active Birthday. වැඩිය බර නැති පොඩි ඇප්ලිකේෂන් එකක්. ඒකෙන් කරන්නේ දීලා තියෙන උපන් දින ලිස්ට් එකකින් අද දවසට තියෙන උපන් දින තෝරලා ඒ අයගේ ඊමේල් වලට හා මොබිටෙල්, ඩයලොග් දුරකතන වලට ඒ ඊමේල් එකම mms එකක් විදියට යනවා.
ඔය උඩ ලින්ක් එකෙන් ඩවුන් කරගන්න පුළුවන්. වැඩ කරන්නේ මෙහෙමයි.
- මුලින්ම Quick ගිහිං Enable table කමාන්ඩ් එක දීලා ඔයාලගේ යාළුවන්ගේ විස්තර ඇතුලත් කරන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ. ඒ දත්ත දෙන්න තියෙන්නෙත් ඉස්සරහටම පේන ටේබල් එකේ. ඒක එහෙම ටේබල් එකේම කරන්න සෙට් කලේ එහෙම කරන එක යූසර්ලට ලේසිවෙයි කියලා හිතලලු. අනේ මන්දා අයිතිකාරයා තමා කියන්නේ.
උපන් දිනය දෙන්න ඕනේ yyyy-mm-dd පිළිවෙලට.
- ඊට පස්සේ අවශ්‍ය කරන දත්ත දීලා ඉවර වුනාම ආයෙම Quick ගිහිං Disable table දීලා ටේබල් එක ඩිඇක්ටිව් කරන්න ඕනේ. නැත්තං ඔයාලගේ අතින් ටේබල් එක ඇතුලේ මොනා හරි ටයිප් වුනොත් වගකීම ඔයාලටම ගන්න වෙනවා.
ඊට පස්සේ තමා මූලික සැකසුම් තියෙන්නේ.
- Settings -> Email -> Change email ගිහිං ඔයාලා දැනට භාවිතා කරන හරි, එහෙම නැත්තං අළුතින් හදාගන්න හරි ජීමේල් ඇඩ්රස් එකේ යූසර් නේම් එක විතරක් දෙන්න. @gmail.com කෑල්ල ඕනේ නැතිලු. (ජී මේල් ඔන්ලි) ඊට පස්සේ පාස් වර්ඩ් එහෙම දීලා හරියට කන්ෆිගර් කරගන්න. මේ වැඩේට තමන්ගේ පෞද්ගලික ජී මේල් එක භාවිත නොකර වෙන ජී මේල් එකවුන්ට් එකක් හදාගන්නවා නම් තමා වැඩිය හොඳ.
- ඊට පස්සේ Settings -> Sender info කියන එකෙන් ඔයාල යවන ඊ මේල් වල අඩංගු වෙන්න ඕනේ මූලික දත්ත ටික දෙන්න.
- ඊට පස්සේ Settings -> Attachment වලින් පුළුවන් ඊමේල් එකට මොකක් හරි ෆයිල් එකක් ඇටෑච් කරලා යවන්න. හරියටම පාත් එක දෙන්න වග බලාගන්න ඕනේ. ඒක කෙලින්ම සම්බන්ධයි, මුලින්ම පේන ටේබල් එකේ අන්තිමටම තියෙන රිලේෂන් ෂිප් කියන එකට. මොකද, හිතන්න ඔයාලා යාළුවෙක්ගේ නමක් දීලා රිලේෂන් ෂිප් එක friend කියලා දුන්නා කියලා. එතකොට ඔයාලා ඇටෑච්මන්ට් සෙට් කරන ෆෝල්ඩර් එකේ friend.gif කියලා ඉමේජ් එකක් තියන්න ඕනේ. මේල් එකට ඇටෑච් වෙන්නේ ඔයාලා දීලා තියෙන රිලේෂන් ෂිප් එකට අදාල ෆයිල් එක. අනිත් විශේෂම දේ… ඔයාලා මොන රිලේෂන් එක දුන්නත් ඒක එක වචනයක් විදියටම දෙන්න. ඒ ගමන්ම අදාල රිලේෂන් ෂිප් එකේ නමින්ම ඉමේජ් ෆයිල් එකක් .gif ෆෝමැට් එකෙන් ඇටෑච්මන්ට් ෆෝල්ඩරේ සේව් කරන්න. ගොඩක් බර ෆයිල් නම් දාන්න එපා.
ඊට පස්සේ ඉතිං එකක් දෙකක් සිලෙක්ට් කරලා ප්‍රීවිව් කරලා බලන්න පුළුවන් යාළුවන්ට යන ඊමේල් එක.
- ඔයාලට කවුරු හරි විශේෂ යාළුවෙක්ට විශේෂ පණිවිඩයක් යවන්න තියෙනවා නම් Custom message කියන එකේ අවශ්‍ය කරන මැසේජ් එක ලියලා තියන්න. එතකොට එයාගේ උපන් දිනේ දාට ලේසියෙන්ම ඔයාට පුළුවන් ඊමේල් එක යවන්න. කස්ටම් මැසේජ් එකක් නැතිනම්, උපන් දිනය දවසට ඒ කෙනාට යන්නේ ඔයාලා දෙන උපන් දිනය අනුව අද දවසට වයස ගනනය කරලා යන ඊ මේල් එකක්. උපන් අවුරුද්ද දන්නේ නැත්තං අවුරුද්ද වෙනුවට බිංදු හතරක් (0000) දෙන්න.
- ඊට පස්සේ ඔය Active Birthday ෆයිල් එකේ ෂෝට් කට් එකක් දාගන්න ස්ටාර්ට් අප් ෆෝල්ඩර් එකට. එතකොට හැමදාමත් උදේට ඔයාලා පී.සී එක ඔන් කරපු ගමන් Active Birthday ඕපන් වෙයි. ඊට වම් පැත්තේ පහල තියෙන Check / Send බට්න් එක ක්ලික් කරාම අදාල දවසට යෙදිලා තියෙන බර්ත්ඩේ හොයාලා එක එක් කෙනාට වෙන වෙනම ඊ මේල් හා mms යවාවි. වැරදි තියෙනවනම් ඒවත් පෙන්නයි. ඒ ගමන්ම Log -> Status ගියාම බලාගන්න පුළුවන් මැසේජ් එක ගියදා නැත්තං මොකක් හරි වැරැද්දක් නිසා නොගියාද කියලත්.
ඉතිං මේක පොඩි සොෆ්ට් වෙයා එකක්නේ. අනික හදපු අළුතලු. නඩුකාරිට කියලා හෙල්ප් ෆයිල් එකේ හරි වැරදි බලාගන්න බැරි වෙච්ච නිසා නෝ හේල්ප් ෆයිල්ලු. තව පොඩි පොඩි වැරදිත් ඇතුලු. ඔය ඔක්කොම මට කිව්වේ මේක හදපු එකා. ඉතිං ඒ ගමන්ම මෑන්ස් මට කිව්වා ඔයාලට මොනා හරි ප්‍රශ්න ආවොත් මටම ඒ ප්‍රශ්න ටිකත් අහගෙන එයාට යොමු කරන්න කියලා. මොකද මෑන්ස් බලාපොරොත්තු වෙනවලු මේක .Net වලින් තව දුරටත් ඩිවොලොප් කරලා මීටත් වැඩිය යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට බර්ත් වලට විතරක් සීමා නොවී අනෙකුත් ඉවෙන්ට් වලටත් ගැලපෙන්න හදන්න. ඒක නිසා ඉතිං මේක පාවිච්චි කරන අයගේ ෆීඩ් බැක් හා අදහස් මාර වටිනවලු. ඩේටා බේස් ෆයිල් එකයි ඇප්ලිකේෂන් ෆයිල් එකයි දෙකම එක තැන තියන්න, ඩේටා බේස් එක වෙන තැනක තියලා වැඩ කරන්න පුළුවන් වර්ෂන් එක තාම නැවේලු. අනිත් එක තමා එක දවසක් ඇතුලත දෙපාරක් සුභ පැතුම් නොයවන්න ඔය ගොල්ලෝ කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේම mms නැති මොබයිල් වලට mms එන්නේ නැති බවත් සලකන්න ඕනේ…

ඊළඟ වර්ෂන් එක මේක හදාගෙන යන එකාගෙන් ඉල්ලලා ෆ්‍රී ලබාදෙනකං උපන් දින ටික අමතක නොවී තියාගන්න මේක උදවුවේවි..!
ඉතිං මේක මං ෂෙයාර් කලේ මේ මගේ 400 වෙනි පෝස්ට් එක නිසාලු….!


