මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්
තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.
ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.
වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,
බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.
මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.
මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.
මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික
රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.
ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.
ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.
නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….


දැං ටික දවසක ඉඳන් අපේ ගෙවල් පැත්තේ දහම් පාසල් වහලා. ඉතිං මේ වැඩෙන් කොටස් දෙකකට පට්ටම වාසියි. පළවෙනි කොටස තමා දහම් පාසල් යන්න ඕනේ නිසා ඉරිදා නිවාඩු දවසටත් හරියට නිදාගන්නේ නැතුව නැගිටින දහම් පාසල් යන ළමයි. අනිත් කට්ටිය තමා දහම් පාසල් වල උගන්නවන ගුරුවරු.
මගේ මෝඩ මොලේට තේරෙන විදියට කියනවනම්… කරන්න ඕනේ දහම් පාසල් වහලා දාන එක නෙමෙයි. පුළුවන්නම් සෙනසුරාදත් දහම් පාසලක් දාලා තවත් දහමු දැනුමින් පෝසත් කරන එක. මොකද බොන එකා සුරා සැල ලඟ පාතක තිබුනත් දුරක තිබුනත් මොන ක්‍රමෙන් හරි බොනවාමයි. හරි විදියට කරන්න ඕන් සුරා සැල් ඇරගත්තදෙන් කියලා පොඩි එවුන්ව බොන්නෙ නැති, යහපත් කල් ක්‍රියාවකට හැඩගස්සන එක. ඒත් මුං කරන්නේ ඒකෙ අනිත් පැත්ත.
ඉතිං රම්බොඩ ඇල්ල දැකලා තියෙන්නේ කව්ද….? මං හිතන විදියට ගොඩ දෙනෙක් රම්බොඩ ඇල්ල සජීවීව නොදැක්කත් ෆොටෝ එකකින් හරි දැකලා ඇති. මං නම් රම්බොඩ ඇල්ලට ගියා. ඒ 2008 විතර. අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාව යන ගමන් තමා ඒ ගියේ. දැන් බලමු රම්බොඩ ඇල්ලේ විස්තර ටිකක්. කවදහරි යන්න කලින් මෙව්වා දැන ගෙන ගියාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ….
ඒ වගේම තමා ආහාර පානත්. කිසිම අඩුවක් කියන්න නෑ. ඉතිං ඔය කව්රු හරි කෙනෙකුත් රම්බොඩ ඇල්ල බලන්න ගිහිං හෝටලයේ රැයක් දෙකක් ඉදලා එන්න හිතාගෙන ඉන්නවා නම් රම්බොඩ ඇල්ල හෝටලයේ වෙබ් අඩවියෙන් කාමර වෙන් කීරීම් වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂ අඩු ගාස්තු යටතේ කාමර වෙන්කරගනීම් සහ වෙනත් පහසුකම් සපයා ගැනීමක් කරගන්න අවශ්‍ය නම් අපේ
ඊට පස්සේ දිය ඇල්ලෙන් නාලා කරලා එහෙම රාත්‍රි කෑම සුදානම් වෙන තුරු අපි නම් කලේ වටේ පිටේ ඇවිද්ද එක. උමග ඇතුලෙන් දෙතුන් පාරක්ම එහාට මෙහාට යන එකත් නියම වැඩක්. ඊට පස්සේ ඒ පාර දිගේ අනිත් පැත්තට කෙලින්ම ගියාම හම්බුවෙනවා පොඩි පොඩි කඩ තියෙන පුංචි කඩපිලක්. ඔයාලට අවශ්‍ය කරන ශීත හිස් වැසුම් එහෙමත් එතෙන තියෙනවා. ඊට අමතරව බහුලම දේ තමා විවිධ වර්ගයේ මල් පැල. වැඩියෙන්ම තිබුනේ පුංචි පුංචි පාට පාට මල් පිපිච්ච කපුර පැල. එතකොට අලිගැට පේර වගේ පලතුරු වර්ගත් ඒ කඩ පිල්වලින් ලබාගන්න පුළුවන්. ඒ පලතුරු නිකංම ගස් වල හැදෙන ඒවා මිසක් නගරාශ්‍රිත අපිට කන්න හම්බුවෙන ගස් වල හදවලා බලෙන්ම ඉදවපුවා නෙමෙයි. බොරු නම් ඔයාලා කවදහරි ගිය දවසක දැක ගන්න පුළුවන් වෙයි රම්බොඩ හෝටලය හා ඒ අවට ගෙවතු වල අලිගැට පේර ගස්වල කොයි තරම් පලදාවක් හටගෙන තියෙනවද කියලා.
ඉතිං අද මේ කියන්න හදන්නේ, තමන්ගේ හිතගත්ත කෙල්ලගේ අත්ල, පාදය, නියපොතු එහෙම සිරාවටම ලස්සන කරගන්න විදියක් ගැන. කව්ද අකැමැති තමන්ගේ කෙලි පොඩ්ඩ ලස්සනට ඉන්නවා බලන්න…. දැන් ඉතිං මට කොහේ හරි හෝටලයකින් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ, අනුන්ගේ ගෑණු ළමයින්ගේ අත් කකුල් දිහා බලන්න යනවා කියලා…. කොහොම හරි කමක් නෑ ඕනෙ ඔට්ටුවක් දානවා පිරිමි ළමයි ගොඩ දෙනෙක් මේක ගැන දන්නේ නෑ…. පිරිමි ළමයි විතරක් නෙමේ ගෑණු ළමයිනුත් සමහරවිට මෙහෙම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. මං දැන ගත්තෙත් ඒ වගේ ලස්සන අත් දෙකක් තිබ්බ කෙලි පැට්ටක් මට හිටිය නිසා…. එයාගෙන් තමා ගොඩක් දේවල් දැන ගත්තේ මේ කලාව ගැන.
මෙහින්දි රටා ලංකාවෙනම් ගොඩක්ම භාවිතා වෙන්නේ මුස්ලිම් ගෑණු ළමයි අතර හා දෙමළ ගෑණූ ළමයි අතර. ඉතිං මේ හෙනා කියන්නේ මල් හැදෙන පැලෑටි විශේෂයක්. සාමාන්‍යයෙන් පඳුරු වශයෙන් හැදෙන මෙම ගස් මීටර් 2ක් 3ක් විතර උස යනවා. ඒ වගේම හෙනා පැලෑටිය අප්‍රිකාව, දකුණු ආසියාව වගේ රට වල සාමාන්‍යයෙන් වැවෙනවා. තව ගොඩක් රටවල් වල හෙනා පැලෑටිය වානිජ වශයෙන් වගා කරනවා. ඉතිං හෙනා වලට බෙහෙවින්ම ජනප්‍රිය ඉන්දියාව වගේම තමා… හෙනා නිෂ්පාදයන වැඩිත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ.
දෙහි මිරිකා ගත් යුෂ මිශ්‍රණය දානවා. ඔය දෙහි මිශ්‍රණය වෙනුවට වෙනත් රටවල නම් අන්නාසි යුෂ, කහට තේ එහෙමත් යොදා ගන්නවාලු. ඒත් ලංකාවේ නම් පාවිච්චි කෙරෙන්නේ දෙහි යුෂ හෝ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන් ආම්ලික ද්‍රාවන විතරයි.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ හෙනා වලට සාඩම්බර අතීතයක් තියෙනවා. කොටින්ම කියනවා නම් ආදී ලෝකඩ යුගයේ ඉඳන්ම එක එක දේවල් වලට මේ හෙනා භාවිතා කරලා තියෙනවා. ඒත් නිකං මේ අපි වගේ සාමාන්‍ය ජනතාව නෙවේ…. රජ පවුල් වල කාන්තාවෝ. ඒ කියන්නේ රැජිණියෝ, රජ දූවරු වගේ අය. දැන් ඉතිං ඔය කියන දෙයක් අහන්නේ නැතුව මේ පෝස්ට් එක කියවපු ගෑණූ ළමයි, එයාලගේ භාරකාරයන්ගෙන් හෙනා ඉල්ලලා හෙන වෙන්න එපා. ඕනෙම නං තමන්ම එකක් අරගෙන හැඩ වැඩ දාගෙන ගිහිං පෙන්නුවනම් ඊළඟ දවසෙම තව හෙනා පවුඩර් පැක් තුන හතරක් හම්බු වෙනවා ෂුවර්.
ඉතිං මේ බීම ගැන ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 9500 දක්වා ඈතට දිව යනවා. ඒ වගේම මේ බීම නිපදවීම කාලයත් සමග දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර දාඩිය පෙරාගෙන දඟල දඟල කරපු බීම නිෂ්පාදන කටයුතු හිමින් හිමින් යාන්ත්‍රානුසාරයෙන් කරන්න පටන් අරං තියෙනවා. ඒ වගේම අපි නොදන්නවා වුනාට මේක ශාක සාර ද්‍රව්‍ය වලින් නිපදවන බීමක්. වැඩිපුරම යොදාගන්නේ බාර්ලි කියන ධාන්‍ය වර්ගය. ඔව්වම තමා බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන්වල යව ධාන්‍ය කියල කියවෙන්නේ…. ඊට පස්සේ වතුර, බීර මල් කියන එව්වා එහෙම දාලා ඊස්ට් මගින් පැසවීමට ලක් කරලා තමා මේ බීම හදන්නේ. ඒ පැසවීමේ සීන් එකත් මරු. මුලින්ම උණු වතුර හා බාර්ලි එකට දාලා බාර්ලි තැම්බෙන්න අරිනවා. ඉතිං ඒ ක්‍රියාවලියට පැයක් දෙකක් විතර කාලයක් ගන්නවා. ඒ අතර කාලෙයෙදී බාර්ලි පැනි රස තත්ත්වයට හැරෙනවා. ඒ කියන්නේ නිකං සීනි වගේ වෙනවා. ඊට පස්සේ අර බාර්ලි පුංචි පහේ ඇඹරුමකට ලක්කරනවා. ඒ කරන්නේ බාර්ලි වල තියෙන පෝෂක කොටස් එතකොට සියළුම සාරය ලබාගැනීමේ අදහසින් තමා. පස්සේ ඒ ද්‍රාවනය පෙරීකමකට ලක්කරනවා. එහෙම කරන්නේ බාර්ලි රොඩු කොටස් ඉවත් කරලා පිරිසිදු දියරයක්ලබාගන්න.
ඊටත් පස්සේ ඕං බීර මල් කියන කොල පාට ගෙඩි විශේෂයක් දාලා ආයෙම අර සීනි රසැති සාරය රත්කරනවා. ඒ කරන්නේ පැනි රස ගතිය අඩුවෙලා තිත්ත රසක් එන්න. අනේ ඇත්තට පැනි රස තිබ්බනම් මොකද…? ෆැන්ටා වගේ ඇදලා අරින එකනේ තියෙන්නේ….
ඒ වගේම මේ රත්තරං පාට රත්තරං වටින බීමේ පාට තීරණය වෙන්නේ බාර්ලි වලින් තමා. වෙන වෙන දේවල් එකතු කිරීමෙන් රතු පැහැති, තද දුඹුරු පැහැති හා ලා කහ පැහැති බීම වර්ගත් දැං වෙළඳ පොලේ තියෙනවා. දැං කිව්වට ඉතිං ඉස්සර පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය එතකොට මෙසපොතේනියානු ශිෂ්ඨාචාර පැවති දවස් වල ඉඳන්ම තමා මේ බීම පැවත ගෙන එන්නේ කලිං කිව්වත් වගේ. ඒ මදිවට ඒ දවස් වලත් දැන් වගේම මේ බීම හදන්න වෙනම චූටි චූටි කොම්පැනි තිබිලා තියෙන ඒ නගර ආශ්‍රිතව. බොරු නෙමේ… කැණීම් කරපු උන්දලා තමා කියලා තියෙන්නේ, මෙව්වා යොදාගෙන තියෙන්නේ එව්වා හදන්න කියලා.
මේ බීම ජාතිය ලංකාවේ කාන්තාවන් අතර අඩුවෙන් ජනප්‍රිය වුනාට, හෙන ඈත අතීතේ ඉඳන්ම කාන්තාවනුත් මේ බීම හදන්න සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම බටහිර රටවල් වල නම් මේක ගැහැණු අයගේ බීමක් කියලලු හඳුන්වන්නේ… ඒකට කමක් නෑ.. අපේ කලිසම ගෑණු අඳිනවනම් අපි බීම බිවුවම මක්ක වෙනවද…? (එහෙමවත් කියමු නැත්තං බේරුමක් වෙන්නේ නෑ… පිරිමි බොන එව්වා බොන්න කියලා) අනිත් එක තමා පිට රට වල මේ බීම වර්ගය බොන තරඟත් තියෙනවා. අපේ රටේත් සමහරවිට ඇති. මං ඒ ගැන නම් දන්නේ නෑ… අපේ රටේ තිබුනොත් තියෙන්නේ ඉතිං පිටි නාගෙන සතේ හොයන තරඟයක් හරි ඇස් දෙක බැඳලා ඉඳා… පොල්ල… ගිහිං ගහපිය…. කියලා කියන තරඟ තමා. ඔය වගේ වැදගත් තරඟ කොහෙන්ද අපේ රටේ…
දැං ඉතිං ඔය මස් මාළු නොකන අය…. අඩේ මේක සෝක් බීමක්නේ…. තනිකර ශාකසාර බීමක්නේ කියලා එහෙම බෝතලේ කටේ ගහගන්නවා නෙමෙයි. මොකද මේක මධ්‍යසාර සහිත බීමක්නේ ඒකයි. දැන් ඉතිං කවුරුත් දන්නවා මොකද්ද මේ බීම කියලා… දන්නේ නැතුව වගේ ඉන්න බබාලත් ඉන්නවනේ… ඒක නිසා ඉතිං මංම කියන්නම්…. මේ තමා අපේ දුකට සැපට සුමිතුරු බියර්….. මෙච්චර කල් කටේ ගහන් බිව්වට මේක මේ තරම් වැදගත් බීමක් කියලා දැනන් උන්නේ නෑනේ… දැන් දන්නවනේ ඉතිං මේකට කොච්චර ඉතිහාසයක් තියෙනවද, මේක හදන්නේ මොනවායින්ද කියලත්…. දැන් ඉතිං වෙල් ෆැන්ටා, සඳරුගේ මුල්ල පටස් වගේ හැකරැල්ලෝ, බිලිං පල්ලෝ, කටු කම්බි, මදුරු කොයිල් වගේ ජරාව දාලා හදන බීමක් නෙමේ මේ…. සුපිරිසිදු තත්ව යටතේ නිපදවන පෞරානික වැදගත් කමක් තියෙන බීමක් තමා මේ….