මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි. ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි.
ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන.
වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා…
හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා.
අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්…
වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ….
ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්‍රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්‍යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ.
ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද…
ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම
එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ…
පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර
උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්‍රයි නොකලැයි…!!!
හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්‍රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)


ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!
උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය 












ඉතිං පිටත් වෙන්න තව ටික වෙලාවක් තියෙනවා කිව්ව නිසා මමයි තව යාළුවෙකුයි රම්බොඩ ඇල්ලේ වතුර පාර ගලාගෙන වතුරපාර දිහාට දල බෑවුමක් දිගේ බහින්න ගත්තා. ඒ ගමන තමා මරු. පස්ස පැත්ත බිම ඇනගෙන දෙතුන් පාරක් විතර ලෙස්සලා ගිහිං එහෙම අතපය කඩ ගන්නේ නැතුව බේරුනේ නූලෙන්. ඒ වුනාට ඒ මීටර් සිය ගනනේ ගමන නම් නියමයි. ඔය ඉන්නේ ඇල්ලට අධිපති දේවතාව වගේ එකෙක්… ඔයාලා දන්නවත් ඇති පොරව. පස්සේ ආයෙමත් කන්ද නැගලා හෝටලයට ඇවිත් අත පය හෝදගෙන නාගෙන එහෙම ලෑස්ති වුනා නුවරඑළිය බලා යෑමට.
ඉතිං ඔය ඇවිදින ගමන්
අපි හතර දෙනෙක් තමා ආවේ. ග්‍රෙගරි වැවේ අපි අර කකුල් දෙකෙන් පදින බෝට්ටුත් පැද්දා. ඒ බෝට්ටු ගමන නම් පට්ට. හැබැයි අර ඇවිදලා ඇවිදලා රිදි රිදි තිබ්බ කකුල් දෙකට හරී සනීපයි.
පස්සෙන්දා ඇහැරෙද්දි වෙලාව හයට විතර ඇති. දවසෙන් භාගෙකටත් වැඩිය ඇවිද්ද නිසාම කලින්දා රෑ හොඳට නින්ද ගිහිං තිවුනා. වැඩිය සීතලකුත් තිබුනේ නෑ. ඊට පස්සේ ඉතිං ආයෙම ගිහිං බැලූවා හෝටලේ ඉඳන් වැව අයිනට. එතකොට තමා මෙහෙම ලස්සනට වැව පෙනුනේ.
ඔය ස්ට්‍රෝබෙරි ගන්න යන්න තියන හදිස්සියට මෙදා පාරත් අපි ගියේ ගිය පාර ගිය ෂෝට් කට් එකෙන්මයි. 
