ඉතිං මොන ලස්සනක්ද…?

ම්…. ම්…. ම්…. ඇට්ටේරියා මල්….!

එදා පිපිලා තිබුනා වගේම, හැඩට…

ආං…. මං දැක්ක, ඊයේ හවසත් පිපිලා තිබුනා….!

ගහ යට එකම සුදු ඇතිරිල්ලක් කරලා, ලස්සනට සරසලා.

ඒත් අඩුවක්….! එදාට වැඩියෙන් අද…

ඇට්ටේරියා ගහ යට,

බිත්ති කන්ඩිය උඩ,

දඟකරපු කෙල්ල…. අද නෑ එතෙන…!!!

ඉතිං මොන ලස්සනක්ද…???

ජීවිතය ≡ ආදරය

පුංචි මුහුණට එබී ගෙන…

කට කො‍නේ නලියන හිනාව විඳගෙන…

ඔළුව පලාගෙන, නහර වේදනා දී ගෙන,

ඇස් වලට එන කඳුළු හිර කරගෙන…

සුසුම් පිට වෙන්න නොදී,

දහසකුත් සිතුවිලි මැද,

ඔය පුංචි ඇස් දෙක දිහා බැළුවේ…

ඉල්ලන්න හිතා‍ගෙන නෙමෙයි…

ජීවි ලැබෙයි කියලා හිතාගෙන…!

එකම එක දිය බිඳක්….!



 

වේලිලා, කරවෙලා..,
 
ගින්දරට පිච්චිලා…
 
ඉරිතලා, පලුදු වී තියෙන…
 
මේ පුංචි හදවතට,
 
එකම එක දිය බිඳක්…!
 
සීතලම සීතලට,
 
වට්ටපන් හනි හනික…
 
දූලි වෙන්නට කලින්,
 
මේ හැඟුම් සමුදාය….!

හද බිත්තියේ ගල් අකුරු…

පෙමින් වෙලී සිටි කාලෙක අපි සොඳුරු

මතකද නුඹට මැවු හැටි

අපි සිරි මැදුරු…

 

හෙමින් හෙමින් බැඳ හදවත ගල් පවුරු

ටික කලෙකින් ඇරඹුන හැටි

සෙල් සිදුරු…

 

 

හද බිත්තියේ නුඹ කෙටු ඒ ගල් අකුරු

අකුණු සැරට සුදිලෙන හැටි

මිණි අහුරු…

 

වැසි සමගින් මාරුත මැද මහ රුදුරු

නොසැලී ඉන්න හැටි

විඳගෙන දුක් සොඳුරු…

අපෝ මූ හෙන බොළඳයිනේ….

කෙල්ලෙක් ගැන හිත හිත හිටිය කොල්ලෙක්….

මුළු ජීවීතේම, කෙල්ලගේ මායම් වලට රැවටිලා…

අන්ත අසරණ කරගත්තා…

ඒත් කෙල්ලට, කොල්ලා ගැන ගානක් වත් නෑ…

ඇත්ත… කෙල්ල කොල්ලගේ ජීවිතේම වුනාට,

කොල්ලා කෙල්ලගේ ඇඟිලි අතරින් උඩට පැන්න…

දූවිලි කැටයක්වත් වුනේ නෑනේ…

දැන් ඒ කෙල්ලම….

කොල්ලට පරාජය දීපු දෙයක් එක්ක තරඟයක….

හ්ම්….

කමක් නෑ… කෙල්ල දිනයිනේ…!!!

 

හිත ඇතුලේ ආයෙමත් සැරයක් පුංචි දුකක්… බලාගෙන ඉන්නවා, ඇස් අස්සෙන් කඳුළු වෙලා ඇවිල්ලා… උගුරු දන්ඩෙන් මහා ඝෝෂාවක් නගාගෙන පිටවෙලා යන්න. ඒත් ඉතිං බැහැනේ… එතකොට හැමෝටම හිතෙයි,

 

අපෝ මූ හෙන බොළඳයිනේ….