මේ ගැන නම් ඉතිං පිරිමි ළමයි හොඳටම දන්නවානේ. ගැහැණු ළමයිනුත් දන්නේ නෑ වගේ හිටියට, අපි දන්නවා එයාල දන්න බව. ඒ විතරක් නෙවෙයි එයලාත් මීයාගේ තුන මරාගෙන කන බව. ඉතිං ඔය මීයා ඉන්නවනේ. ඌ හෙන හුරතලා.
අපේ සමහරු ඔෆිස් වල ඇතිවෙන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වගේ දේවල් කල්පනා කරන්නෙත් මීයාව අතගගා. දෙක මාරුවෙන් මාරුවට අතගානවා, අනිත් එක හිමීට එහාට මෙහොට කරනවා. ගෑණු ළමයින්ට නම් මියාගේ පාටේ විශේෂයක් නැති වුනාට, සමීක්ෂකයෝ කියන්නේ සුදු පාට ,රෝස පාට හා ලා කොල පාට මීයන්ට තමාලු වැඩියෙන් ගෑණු ළමයි ආසා. කරන්නම දෙයක් නැත්තං කළු මීයත් අවුලක් නැතිලු. හැබැයි රතු පාටට නම් ටිකක් විතර අකමැතිලු. කොල්ලෝ වෙච්චි අපිට ඉතිං කොහොමත් එකයිනේ.
ඉතිං දැන් ඔය සද්ගුණවත් හිත් වලින් වල් දේවල් හිතලා හිත් කිලිටි කරගෙන ඉන්නේ බබාලට කියන්නේ, මේක වැල මෙව්වා එකක් නෙවෙයි කියලා මං කිව්ව ගමන් මට බැනගෙන බැනගෙන යනවා එහෙම නෙවයි… “අපේ බලාපොරොත්තු සුනුවිසුනු කලා” කලා කියලා… මං මේ කියන්න ගියේ ඇත්තටම මීයා ගැනම තමා. මීයා කිව්වට වයර් එකෙන් හරි වයර් නැතුව රේඩියෝ සිග්නල් වලින් කොම්පූටරේ එල්ලිලා ඉන්න එකා ගැන. ඉතිං මූට මුලින්ම තිබිලා තියෙන්නේ එකයි. ඊට පස්සේ තමා බට්න් දෙකක් වෙලා, දැන් වෙනකොට ස්ටෑන්ඩර්ඩ් මවුස් එකක් නම් ලෙෆ්ට්, රයිට් හා මිඩ්ල් කියන බට්න් තුනයි ස්ක්‍රොල් එකයි තියෙන්න ඕනේ වෙලා තියෙන්නේ.
ඉතිං මවුස් එකේ ලෙෆ්ට් එකෙන් සාමාන‍්‍යයෙන් කරන්නේ යම් විධානයක් හෝ අයිකන් එකක් හෝ තේරීම. එතකොට රයිට් බට්න් එකෙන් කරන්නේ මෙනු එකක් මතු කරගැනීම තමා හැමතැනකදීම වගේ. මිඩ්ල් බට්න් එක නම් ක්‍රියාත්මක වෙන්නේ විශේෂිත මෘදුකාංග වල තමා. ගොඩක් වෙලාවට ස්ක්‍රොල් ලොක් එකක් විදියට තමා පාවිච්චි කරන්නේ. මිඩ්ල් බට්න් එක තියෙන්නෙත් ස්ක්‍රොලර් එකටම සම්බන්ධවමයි. ස්ක්‍රොල් එක කියන්නේ පිටුවක් ඉහල පහල ගෙනියන්න තියෙන තවත් ලේසි උපක්‍රමයක්. මෙව්වා ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ කොහොමත්.
එතකොට මොනාද මීයගේ තුනෙන් කරන්න පුළුවන් අමතර වැඩ…?
හිතන්න ගෙදරදී ඔයාලා මොකක් හරි ලස්සන ඉමේජ් හරි වීඩියෝ එකක් බල බල ඉන්නවා. එතකොටම මල්ලි, නංගි, අයිය, අක්කා, අම්මා, තාත්තා වගේ, වගේ කෙනෙක් එනවා. ඉතිං අර ඉමේජ් එක හරි වීඩියෝ එක හරි පවුලේ සැමට එකට සිට නරඹන්න බැරිනම් මොකද වෙන්නේ..? වහාම ක්‍රියාත්මත වෙන පරිදි ස්ථාන මාරුවක් හෝ කනේ පාරක් ෂුවර්නේ. ඉතිං ඒ වගේ වෙලාවට කව්ද අකමැති එක මවුස් ක්ලික් එකකින් තමන් කොර කොර හිටිය වැඩේ ගැන චූටි හෝඩුවාවක්වත් නැති වෙන්න අපරාධය යට ගහන්න. එහෙමත් නැත්තං තමන්ගේ හරි අනුන්ගේ හරි කොලුවෙක් එවපු ඊමේල් බල බල ඉන්න ගෑණු ළමයෙක්ගේ කාමරේට අම්ම එනවා… එතකොට පුංචි කාලේ වගේම “අම්මගේ හොඳ දුව” වෙන්න මේකෙන් පුළුවන්…
වැඩිය ඕනේ නෑ, බ්ලොග් එකක් බලනවා කියමුකෝ. ඔයාලා අකමැතියි ඒක වෙන කෙනෙක් දකිනවට. ඉතිං එහෙම වෙලාවට මිඩිල් බට්න් එක ක්ලික් කරලා බ්ලොග් එකේ අන්තර්ගතය ට්‍රාන්ස්පේරන්ට් කරලා ඊට යටින් තියෙන වැදගත් ඩොකියුමන්ට් එකක් ඉස්සරට දාලා පෙන්වන්න තියේනම් කොයිතරම් දෙයක්ද. ඒත් මදිනම් බ්‍රවුසර් එක ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා සිස්ටම් ට්‍රේ එකේ හංගන්න පුළුවන්නම්… !
හ්ම්… එහෙම කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. “වින් රෝල්” කියන මේ පුංචි සොෆ්ට් වෙයාඑක ක්ෂණිකව වෙන්න පුළුවන් මාරන්තික ඒ වගේ අතුරු ආන්තරා වලින් අපිව ආරක්ෂා කරනවා. මට මේක හම්බුනේ අවුරුදු කීපයකට කලින් ඇක්ස්.පී තියෙද්දී දාපු ඇපල් ට්‍රාන්ස්ෆෝමේෂන් පැක් එකක තිබිලා. එදා ඉඳන් මොනා නැතත් මේක නම් මගේ ලැපීගේ වගේම ඔෆිස් පී.සී එකෙත් ලැගගෙන ඉන්නවා. ඇපල් වල නම් ඩිෆෝල්ට් එනවා. අර කව්ද කියනවා වගේ… වින්රෝල් තමා මාව රජෙක් කලේ. නැත්තං කොහොමද ඔෆිස් එකේ ඉඳන් බ්ලොග් ලියන්නේ, කියවන්නේ, ඩවුන් ලෝඩින් දාන්නේ.
බලන්න, ඔයාලත් මේක ඩවුන් කරගනෙ පාවිච්චි කරලා. ෆයිල් සයිස් එක කිලෝබයිට් බරගානක් ඇති නේද කියල හිතෙනවා ඇති නේද…. මුළු සොෆ්ට් වෙයා එකම කිලෝබයිට් 89 යි. ඒ වගේම මේක රන් වුනා කියලා රැම් එකට දැනෙන්නෙවත් නෑ….! ඔයාලට හොඳ හොරෙක් වෙන්න තියෙන හොඳම සොෆ්ට් වෙයා එකක් තමා මේ. මෘදුකාංග සීමිත ප්‍රමාණයකට විතරක් සහයෝගය නොදක්වන බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක විවෘත හා නිදහස් මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, පැච් ගැන වදවෙන්න ඕනේ නෑ…
ඇත්තටම හොරෙක් වෙන්නම නෙමේ තමන්ගේ පෞද්ගලිත්වය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්…! කොහොමද මීයගේ අමතර වැඩ…!


ගොඩනගා ගන්න බව කවුරුවත් නිකමටවත් හිතුවද…? නැතුව ඇති නේද… ඒත් තමන් වැඩ කරන පරිගණකයේ නිතර දකින ඩෙස්ක්ටොප් එක නිසා එය භාවිතා කරන්නා මානසික වශයෙන් ඉහල යන්නට වගේම පහල යන්නටත් තියෙන්නේ සැලකිය යුතු සම්භාවිතාවක්. හිතන්න, එක නිරෝගි පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පරිගණක දෙකක් දෙනවා, දෙකේම තියෙන්නේ එකම කන්ෆිගරේෂන්. ඒ වගේම වෝල් පේපර් එකක් නෑ… නිකං තනි පාටක බැක් ග්‍රවුන්ඩ් එකක් විතරයි තියෙන්නේ.
ඒ වගේමයි මෙහි අනිත් පැත්තත්. හිතන්න යම් පුද්ගලයෙක් ඉන්නවා “A01” කියල”මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසා හෝ අධික කාර්යයබහුලත්වයත් එක්ක තමන්ගේ වැඩ කරගෙන යන. එයාගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක කියන්නේ එහෙම් පිටින්ම අවුල් ජාලයක්. පිළිවෙලකින් තොරවූ ෆයිල්ද, ෆෝල්ඩර්ද, තවත් ෂෝට් කට්ද මුළු ඩෙස්ක්ටොප් එක පුරාම. අඩුම ගානේ එයාටවත්, හදිස්සියකට ෆයිල් එකක් හොයාගන්න බැරි තරමට සංකීර්ණ ඩෙස්ක්ටොප් එකක්…!

ඇපල් කියන්නේ මාර රස පලතුරක් කියලා දන්නවා ඇතිනේ. ඉතිං ඇපල් කනවා කියන්නේ ඒ රස පලතුර කන එකටම විතරක් නෙවේ. ඔය ක්ලාස් යන වයසේ කෙල්ලෝ කොල්ලෝ එහෙම පඳුරු අස්සේ හැංගිලා කට කන එකට ශිෂ්ඨ සම්පන්න විදියට කියන්නෙත් ඇපල් කනවා කියලා. ඉතිං මට ඒ ඇපල් කන්න තාම අවස්ථාවක් නොලැබුනාට මාත් හෙන ඇපල් ලෝලියෙක්…
දැං ඉතිං මං බලන් ඉන්නවා එක්ස්.පී බූට් ස්ක්‍රීන් එනකං. අනිත් අය පේජ් මේකර් ලෝඩ් කරගන වැඩ පටන් අරගෙන මං තමා අන්තිමයා. පස්සේ ඉතිං වට පිට බලලා මගේ මොනිටරේ දිහා බලද්දී, මොකද්දෝ මන්දා අමුතු එකෙක් නිකං කින්ඩියට වගේ හිනාවේගෙන ඉන්නවා මට. බැලින්නම් ඒ ඇපල් මැක් ලෝඩර් එක. හප්පේ මට දාඩිය දාන්න ගත්තා. කවද දැකපුවද දෙයියනේ….!
ඇත්තටම මං කෙල්ලෙකුට වඩා ඇපල් මැක් වලට ආදරය කරන්න ඇති…!
හ්ම්… පරන එක පාවිච්චි කරන්න දුන්නෙම නෑ… හැම තිස්සෙම බාගෙට දාගෙන යද්දී මග හිරවෙනවා. එක්කේ එක පාර යන්න ඕනේ. එහෙමත් නෑ…. ඒ වෙලාවට ඉතිං ආතල් එක කනවයි කියන එක කියන්න දෙයක් නෙමේනේ… ඒක නිසා ඉතිං අළුත් එකට මාරුවෙන්න කිය කිය හිත හිත උන්නත්, පරන එකේ රස දන්න නිසා අළුත් එකට යන්න හිත දුන්නෙම නෑ… කොහොම කොහොම හරි අන්තිමේ වෙන එකකට යන්න වුනා. කොහොමත් පරණ වෙද්දී ලෙඩ දෙනවලුනේ…. ඊටත් වෙන එකකට යන්නත් බෑ, මොකද මේකට ලයිසන් ඕනෙත් නැහැනේ…. ෆ්‍රී ෆන් එකනේ….