ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!
ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!
හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.
ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්…
උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පොටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.
ඉතිං ඊළඟ සෙනසුරාදා වැඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!
ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…
ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…
ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…
ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?


මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.
අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.
තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!
ඒත් ඒ කාලෙදීම ඒකිගේ අනාගතේ ගැන දැනගත්ත දෙමව්පියෝ කෙල්ලට ආරක්ෂකයෙක් දීලා තිබුනේ. මොකද අම්මලා තාත්තලාට තේරුනා කෙල්ල ලස්සනට රත්තරං පාටට පාට වැටිලා, කොන්ඩෙත් දිගට වැවිලා ලස්සන වෙලා… දෙමාපියන්ගේ මුළු අනාගතේම සාරවත් කරනවා කියලා. ඒ වගේම ඉතිං අනිත් අම්මලා තාත්තලාගේ වගේම ඒ දෙමහල්ලන්ගෙත් බලාපොරොත්තුව වුනේ කෙල්ලව හොඳට ආරක්ෂා කරාගන හොඳට කන්න බොන්න දීලා ආදරෙන් බලාගන්න එක තමා. ඒ නිසාම තමා ඔය නහර කාර එක එක අවිච්චියෝ , පොල්කිච්චෝ වගේ කුරුල්ලන්ගෙන් කෙල්ලව බේරගන්න කියලා ආරක්ෂකයෙක්ව දැම්මේ. උගේ වැඩේ කෙල්ල දිහා බලන් එකමයි. ආසාවට එක ඇහිපිල්ලමක් ගහන්නේ නෑ… වැස්සට තෙමුනත් අව්වට වේලුනත් ඒ ගොන් අලියා ඔහේ හිටගෙන කෙලීව මුරු කරනවා. කෙල්ල පුංචි කාලේත් මේ ආරක්ෂකයා කෙල්ල ගාවම හිටියට ඌටත් මොකද්දෝ අමුතු ලස්සනක් එකතු වෙලා මේ කෙලී දැන් ලොකු වෙලා පාට වැටිලා නිසා.

ඉතිං අද මේ කියන්න හදන්නේ, තමන්ගේ හිතගත්ත කෙල්ලගේ අත්ල, පාදය, නියපොතු එහෙම සිරාවටම ලස්සන කරගන්න විදියක් ගැන. කව්ද අකැමැති තමන්ගේ කෙලි පොඩ්ඩ ලස්සනට ඉන්නවා බලන්න…. දැන් ඉතිං මට කොහේ හරි හෝටලයකින් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ, අනුන්ගේ ගෑණු ළමයින්ගේ අත් කකුල් දිහා බලන්න යනවා කියලා…. කොහොම හරි කමක් නෑ ඕනෙ ඔට්ටුවක් දානවා පිරිමි ළමයි ගොඩ දෙනෙක් මේක ගැන දන්නේ නෑ…. පිරිමි ළමයි විතරක් නෙමේ ගෑණු ළමයිනුත් සමහරවිට මෙහෙම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. මං දැන ගත්තෙත් ඒ වගේ ලස්සන අත් දෙකක් තිබ්බ කෙලි පැට්ටක් මට හිටිය නිසා…. එයාගෙන් තමා ගොඩක් දේවල් දැන ගත්තේ මේ කලාව ගැන.
මෙහින්දි රටා ලංකාවෙනම් ගොඩක්ම භාවිතා වෙන්නේ මුස්ලිම් ගෑණු ළමයි අතර හා දෙමළ ගෑණූ ළමයි අතර. ඉතිං මේ හෙනා කියන්නේ මල් හැදෙන පැලෑටි විශේෂයක්. සාමාන්‍යයෙන් පඳුරු වශයෙන් හැදෙන මෙම ගස් මීටර් 2ක් 3ක් විතර උස යනවා. ඒ වගේම හෙනා පැලෑටිය අප්‍රිකාව, දකුණු ආසියාව වගේ රට වල සාමාන්‍යයෙන් වැවෙනවා. තව ගොඩක් රටවල් වල හෙනා පැලෑටිය වානිජ වශයෙන් වගා කරනවා. ඉතිං හෙනා වලට බෙහෙවින්ම ජනප්‍රිය ඉන්දියාව වගේම තමා… හෙනා නිෂ්පාදයන වැඩිත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ.
දෙහි මිරිකා ගත් යුෂ මිශ්‍රණය දානවා. ඔය දෙහි මිශ්‍රණය වෙනුවට වෙනත් රටවල නම් අන්නාසි යුෂ, කහට තේ එහෙමත් යොදා ගන්නවාලු. ඒත් ලංකාවේ නම් පාවිච්චි කෙරෙන්නේ දෙහි යුෂ හෝ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන් ආම්ලික ද්‍රාවන විතරයි.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ හෙනා වලට සාඩම්බර අතීතයක් තියෙනවා. කොටින්ම කියනවා නම් ආදී ලෝකඩ යුගයේ ඉඳන්ම එක එක දේවල් වලට මේ හෙනා භාවිතා කරලා තියෙනවා. ඒත් නිකං මේ අපි වගේ සාමාන්‍ය ජනතාව නෙවේ…. රජ පවුල් වල කාන්තාවෝ. ඒ කියන්නේ රැජිණියෝ, රජ දූවරු වගේ අය. දැන් ඉතිං ඔය කියන දෙයක් අහන්නේ නැතුව මේ පෝස්ට් එක කියවපු ගෑණූ ළමයි, එයාලගේ භාරකාරයන්ගෙන් හෙනා ඉල්ලලා හෙන වෙන්න එපා. ඕනෙම නං තමන්ම එකක් අරගෙන හැඩ වැඩ දාගෙන ගිහිං පෙන්නුවනම් ඊළඟ දවසෙම තව හෙනා පවුඩර් පැක් තුන හතරක් හම්බු වෙනවා ෂුවර්.
ඊට පස්සේ ඔන්න ගොයම් පැල ටික ටිකෙන් ටිකෙන් ටික ලොකුවී ගෙන එනවා. ගොයම් කරල් ලස්සනට පිරිලා… වී කරල් බිමට බරවෙන්නේ, අර කෙලි පොඩිත්තගේ රෑප සොබාව මතුකරගෙන කොන්ඩ කරල් තුනටිය හරියට දික් වෙලා එහෙට මෙහෙට පැද්දෙනවා වගේමයි… ඔය දවස් වලට පුංචි කෙලීගේ ආරස්සාවට ගෙදර කවුරුහරි හැම තිස්සෙම පස්සෙන් යනවා එනවා වගේම තමා එහෙ මෙහෙ යන කුරුල්ලන්ගෙන් කුඹුර ආරක්ෂා කරගන්න පඹයෙක් ඉන්දන්නේ…