හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 වසරෙදි විතර. ඒ දවස් වල ඉතිං එක එක කාලෙට එක පිස්සු හැදෙනවනේ. මේකත් ඒ වගේ එක්තරා පිස්සුවක්. මං දන්න තරමින් මේක වැඩිය ජනප්‍රිය වුනේ නෑ. මොකද ගෙවල් වල ලොකූ ඈයෝ මේකට විරුද්ධ වුනා. අපේ ගෙදර නම් වැඩි අවුලක් වුනේ නෑ…
ඉතිං මේ පිස්සුව අපේ පන්තියට අරගෙන ආවේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච වින්දන කියලා පොරක්. මෑන්ගේ ඩැඩා පිටරටක වැඩකරන්නේ. ඩැඩා එව්වා කියලා මූ, දවසක් දා මොකද්දෝ මන්දා මහාර්ග බේතක් ගැන ලෙක්චර් එකක් දුන්නා. මේක බොන්න ඕනේ ප්ලේන්ටි එක්කලු. මං ඒ ඇහුවමයි ප්ලේන්ටි එක්ක බොන බේතක් ගැන. බෙහෙත් බොන කොටනම් බෙහෙත් පෙත්ත දිවේ ඇලුනාම තිත්ත යන්නය කියලා ප්ලේන්ටියක් හදලා ලඟින් තියාගෙන බේත් බීපු එක වෙනම කතාවක්… ඒත් ප්ලේනටිත් එක්ක විතරක්ම බොන බේතක්….?
ඉතිං ඒ දවස් වල අපිට මේ සීන් එක මැජික් වගේ. පස්සේ වින්දන කියපු හැටියට මේක හතු වර්ගයක්. නිකම් හතු වර්ගයක් නෙමේ සීනි දාපු නිවිච්ච තේ වල විතරක් තම වර්ගයා ඩබල් කරන විශ්මිත හතු වර්ගයක්. මේක පැල වෙන්නේ ටිකක් අමුතු ක්‍රමේකට. ඒ වගේම මේකෙන් අළුත් හත්තක් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද හත්ත බිත්තර දාන්නේ දවස් හයකට එකක් විතර ගානේ. ඒ කියන්නෙ මෙහෙමයි.
- මුලින්ම රෑට නිදාගන්න කලියෙන්, පිරිසිදු මැටි (හෝ වීදුරු) භාජනයකට හොඳින් සීනි දාලා දියකරගත්ත නිවිච්චි තේ අඬු කෝප්පයකින් එකක් දාගන්න ඕනේ.
- සීනි වල පදම කියනව නම්… නිවිච්ච තේ උගුරක් කටට හලා ගත්තම ආයේ කට අරින්න බැරි වෙන්න තොල් ඇලෙන සුළු වෙන්න ඕනේ….
- ඊට පස්සේ අර හත්ත අරගෙන තේ ටික වැඩිය කැලැත්තෙන්නේ නැති වෙන්න මැටි භාජනෙට දාන්න ඕනේ. මැටි භාජනේට මං නම් ගත්තේ මැටි කෝප්පයක්. කලයක් තිවුනට ඒක ඉල්ලන්න බැහැනේ අම්මගෙන්…
- ඊට පස්සේ ඔන්න ඒක සත්තුන්ට රිංගන්න බැරි වෙන තැනකින් තියලා පිඟානකින් හරි වෙන මොහොකින් හරි හෝ වහනවා…
පස්සේ ඉතිං දත් මැදලා තව කරන්න තියෙන රාජකාරී තියේනම් එව්වත් කරලා නිදිගන්නවා. ඊට පස්සෙන්දට තමා වැඩේ තියෙන්නේ.
දැන් අර අපි මැටි භාජනේට දාපු හත්ත තියෙනවනේ… ඒකට මුල් දවසේ ප්ලේන්ටි දැම්මම හත්ත උඩින් තව ජුංඩං ලේයර් එකක් වගේ එකක් තියෙනවා පස්සෙන්දා උදේට. ඔහොම ගිහිං තව දවස් පහක් යන කොට අපි අරගෙන ආපු හත්ත වගේම තව ඊට වැඩිය ලස්සන රෝස පාටයි රතු පාටයි මික්ස් වෙච්ච හත්තක් තියෙනවා ඊට උඩින්. ඉතිං අපිට හතු දෙකක් වැඩක් නෑනේ… ඒක නිසා අළුත් එක අපි දෙන්න ඕනේ කාට හරි. ඉතිං හත්තක් තියෙන කෙනෙක්ගෙන් අළුත් එකක් ඉල්ල ගන්නනම් සතියක් බලාගෙන ඉන්න වෙනවා. අපි අළුත් හත්ත දෙන්නේ පරන එකේ ඖෂධීය ගුනය වැඩියි කියන නිසා. නැත්තං දෙයි මේං කියලා අළුත් එක. කොහොම කොහොම හරි වින්දන මගේ හොඳම යාළුවා වෙලා හිටිය නිසා උගේ හත්තට මුලින්ම හම්බෙච්ච අළුත් හත්ත හම්බුනේ මට.
ඊට පස්සේ ඉතිං උදේ පාන්දරම නැගිට්ට ගමන් කලින්දා බෙහෙත් වෙන්න තිබ්බ තේ වතුර ටික පිරිසිදු කැරපොත්තෝ හොම්බ නොදාපු වීදුරුවකට දාගෙන ඇරලා දාන එකයි තියෙන්නේ…
කට්ටිය බීලා ඇතිනේ වැරදීමකින් හරි අරිෂ්ටේ… ඔය තියෙන්නේ දසමූලාරිෂ්ටේ… අර අරිෂ්ටේ මේ අරිෂ්ටේ කිය කිය. (එක්සෙප්ට් මැජික් අරිෂ්ටේ) ඉතිං කලින්දා රෑ හොඳට තිබිච්ච ප්ලේන්ටිය හරියටම අර අරිෂ්ටේ රහයි. නිකං කහට ගතියක්…, නහය කඩාගෙන යන පුස්ඹකුත් එක්ක මැටි භාජනේ ඇරිය ගමන්ම නහයට දැනෙනවා. ඉතිං ඒක නොබී ඉන්න හිතෙන්නේ නෑ.
ඉතිං මේකෙන් තියෙන ප්‍රයෝජන තමා… පුරුස සක්තිය කියන එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඕනේ වලියකට හා… යමං කියලා ඉස්සර වෙන එක කියලා තමා ඒ දවස් වල හිතන් හිටියේ. දැන්නේ දන්නේ වෙන එකක් කියලා. ඒක තමා මූලිකම. ඊට පස්සේ තියෙනවා පාඩම් මතක හිටීම, හෘදයාබාධ අවම වීම, ශරීරය මී පැටියෙක්ගේ වගේ රෝස පාට වීම වගේ හෙන දිග ලිස්ට් එකක්. මට ඉතිං අදාල වුනේ ඔය දේවල් ටික නිසා මතක එච්චරයි…
පස්සේ මමත් සති දෙක තුනක් ඔය බෙහෙත් ප්ලෙන්ටිය බිව්වා… තව යාළුවෝ කීප දෙනෙකුට අළුත් හතුත් තුන හතරක් දුන්නා…. ඒත් ඉතිං ටික දවසක් යද්දී අම්ම හදලා දෙන කිරි එකේ රස මතක් වෙන කොට හත්ත එපා වුනා. උදේ පාන්දර කුණු කෙල පිටින්, මයිලෝ චුට්ටක් දාපු කිරි එක බොන කොට එන ෆිට් එකනම් මේ හත්තෙන් ආවෙ නෑ. ඒක නිසා ඉතිං දවස් දෙක තුනක් මට ඒ හත්තට තේ දාලා තියන්න අමතක වුනා. පස්සේ දවසක් බලද්දී ඒ හත්ත උඩ සුදු පාට තවත් හතු වර්ගයක් පිපිලා. අපේ අම්මනම් කිව්වේ ඒ පුස් කියලා. අනේ මන්දා එතකොට අර වින්දනෙග් ඩැඩා රටින් ගෙනාපු ලොකු අරිෂ්ටේ හත්ත පුස් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති.
කොහොම කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් බෙහෙත් ප්ලේන්ටිය ආගිය අතක් හොයාගන්න බැරිවුනා. ගොඩක්ම වුනේ මේ හතු හැදිල්ලට ගෙවල් වලින් අකමැති වෙච්ච නිසා අපේ ළමයින්ට මතකය වැඩි දියුණු කරගෙන, පැහැපත් වෙන්න තිබ්බ අවස්ථාව ගිලිහී ගිය එක තමා. අන්තිමේ හතු ගෙවල් වලට අරං ගිය අය එව්වා කුණු ගොඩට අතෑරලා තිබුනා.
ඉතිං මට හිටි ගමන් මේ හත්ත ගැන මතක් වෙච්ච නිසා මං නිකමට වගේ ගූග් කරලා බැලුවා ටී මෂ්රූම් කියලා. මේං අහුවුනා භාන්ඩේ එතකොට. (ඔයාලා හොයනවනම් ගූග්ල් ඉමේජ් සර්ච් එකේ රිසල්ට් මොඩරේට් කරලා බලන්න. නැත්තං කියයි… චීයා මූ බලන එව්වා කියලා) තව තව විස්තර හොයද්දී එක තැනක තිවුනා තාමත් ජපානයේ මේ හතු දීර්ඝායුෂ ලබාගන්න භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ ජපන්නු ගාව තියෙන මේ හතු හෙන වයස ඇති. මං ඉතිං ඒ දවස් වල එහෙම වගක් දැනගෙන හිටියේ නෑනේ… නැත්තං මං බෙහෙත් ප්ලේන්ටිය නැති වෙන්න දෙන්නේ නෑ… බෙහෙත් තේ ටික රත්කරලා ඒකට මයිලෝයි නෙස්ප්‍රේයි දාගෙන, බෙහෙත් මිල්ක් ටී එකක්, අම්මට කියලා හදෝගෙන බොනවා එහෙමනම්….!


මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.
අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.
තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!
ඉතිං මේ බීම ගැන ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 9500 දක්වා ඈතට දිව යනවා. ඒ වගේම මේ බීම නිපදවීම කාලයත් සමග දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර දාඩිය පෙරාගෙන දඟල දඟල කරපු බීම නිෂ්පාදන කටයුතු හිමින් හිමින් යාන්ත්‍රානුසාරයෙන් කරන්න පටන් අරං තියෙනවා. ඒ වගේම අපි නොදන්නවා වුනාට මේක ශාක සාර ද්‍රව්‍ය වලින් නිපදවන බීමක්. වැඩිපුරම යොදාගන්නේ බාර්ලි කියන ධාන්‍ය වර්ගය. ඔව්වම තමා බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන්වල යව ධාන්‍ය කියල කියවෙන්නේ…. ඊට පස්සේ වතුර, බීර මල් කියන එව්වා එහෙම දාලා ඊස්ට් මගින් පැසවීමට ලක් කරලා තමා මේ බීම හදන්නේ. ඒ පැසවීමේ සීන් එකත් මරු. මුලින්ම උණු වතුර හා බාර්ලි එකට දාලා බාර්ලි තැම්බෙන්න අරිනවා. ඉතිං ඒ ක්‍රියාවලියට පැයක් දෙකක් විතර කාලයක් ගන්නවා. ඒ අතර කාලෙයෙදී බාර්ලි පැනි රස තත්ත්වයට හැරෙනවා. ඒ කියන්නේ නිකං සීනි වගේ වෙනවා. ඊට පස්සේ අර බාර්ලි පුංචි පහේ ඇඹරුමකට ලක්කරනවා. ඒ කරන්නේ බාර්ලි වල තියෙන පෝෂක කොටස් එතකොට සියළුම සාරය ලබාගැනීමේ අදහසින් තමා. පස්සේ ඒ ද්‍රාවනය පෙරීකමකට ලක්කරනවා. එහෙම කරන්නේ බාර්ලි රොඩු කොටස් ඉවත් කරලා පිරිසිදු දියරයක්ලබාගන්න.
ඊටත් පස්සේ ඕං බීර මල් කියන කොල පාට ගෙඩි විශේෂයක් දාලා ආයෙම අර සීනි රසැති සාරය රත්කරනවා. ඒ කරන්නේ පැනි රස ගතිය අඩුවෙලා තිත්ත රසක් එන්න. අනේ ඇත්තට පැනි රස තිබ්බනම් මොකද…? ෆැන්ටා වගේ ඇදලා අරින එකනේ තියෙන්නේ….
ඒ වගේම මේ රත්තරං පාට රත්තරං වටින බීමේ පාට තීරණය වෙන්නේ බාර්ලි වලින් තමා. වෙන වෙන දේවල් එකතු කිරීමෙන් රතු පැහැති, තද දුඹුරු පැහැති හා ලා කහ පැහැති බීම වර්ගත් දැං වෙළඳ පොලේ තියෙනවා. දැං කිව්වට ඉතිං ඉස්සර පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය එතකොට මෙසපොතේනියානු ශිෂ්ඨාචාර පැවති දවස් වල ඉඳන්ම තමා මේ බීම පැවත ගෙන එන්නේ කලිං කිව්වත් වගේ. ඒ මදිවට ඒ දවස් වලත් දැන් වගේම මේ බීම හදන්න වෙනම චූටි චූටි කොම්පැනි තිබිලා තියෙන ඒ නගර ආශ්‍රිතව. බොරු නෙමේ… කැණීම් කරපු උන්දලා තමා කියලා තියෙන්නේ, මෙව්වා යොදාගෙන තියෙන්නේ එව්වා හදන්න කියලා.
මේ බීම ජාතිය ලංකාවේ කාන්තාවන් අතර අඩුවෙන් ජනප්‍රිය වුනාට, හෙන ඈත අතීතේ ඉඳන්ම කාන්තාවනුත් මේ බීම හදන්න සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම බටහිර රටවල් වල නම් මේක ගැහැණු අයගේ බීමක් කියලලු හඳුන්වන්නේ… ඒකට කමක් නෑ.. අපේ කලිසම ගෑණු අඳිනවනම් අපි බීම බිවුවම මක්ක වෙනවද…? (එහෙමවත් කියමු නැත්තං බේරුමක් වෙන්නේ නෑ… පිරිමි බොන එව්වා බොන්න කියලා) අනිත් එක තමා පිට රට වල මේ බීම වර්ගය බොන තරඟත් තියෙනවා. අපේ රටේත් සමහරවිට ඇති. මං ඒ ගැන නම් දන්නේ නෑ… අපේ රටේ තිබුනොත් තියෙන්නේ ඉතිං පිටි නාගෙන සතේ හොයන තරඟයක් හරි ඇස් දෙක බැඳලා ඉඳා… පොල්ල… ගිහිං ගහපිය…. කියලා කියන තරඟ තමා. ඔය වගේ වැදගත් තරඟ කොහෙන්ද අපේ රටේ…
දැං ඉතිං ඔය මස් මාළු නොකන අය…. අඩේ මේක සෝක් බීමක්නේ…. තනිකර ශාකසාර බීමක්නේ කියලා එහෙම බෝතලේ කටේ ගහගන්නවා නෙමෙයි. මොකද මේක මධ්‍යසාර සහිත බීමක්නේ ඒකයි. දැන් ඉතිං කවුරුත් දන්නවා මොකද්ද මේ බීම කියලා… දන්නේ නැතුව වගේ ඉන්න බබාලත් ඉන්නවනේ… ඒක නිසා ඉතිං මංම කියන්නම්…. මේ තමා අපේ දුකට සැපට සුමිතුරු බියර්….. මෙච්චර කල් කටේ ගහන් බිව්වට මේක මේ තරම් වැදගත් බීමක් කියලා දැනන් උන්නේ නෑනේ… දැන් දන්නවනේ ඉතිං මේකට කොච්චර ඉතිහාසයක් තියෙනවද, මේක හදන්නේ මොනවායින්ද කියලත්…. දැන් ඉතිං වෙල් ෆැන්ටා, සඳරුගේ මුල්ල පටස් වගේ හැකරැල්ලෝ, බිලිං පල්ලෝ, කටු කම්බි, මදුරු කොයිල් වගේ ජරාව දාලා හදන බීමක් නෙමේ මේ…. සුපිරිසිදු තත්ව යටතේ නිපදවන පෞරානික වැදගත් කමක් තියෙන බීමක් තමා මේ….