අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන.
මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න. ඉතිං ඔන්න බස් එකේ නැගලා විනාඩි හතලිහක අවෑමෙන් බැස්සා රත්මලානෙන්. සාමාන්‍යයෙන් උදේ හයාමාරේ ඉඳන් හතහ මාර වෙනකං රත්මලානේ ඇතිවන තදබදය අඩු කරන්න හිතාගෙන පොලිස් මාමලාව අයින් කරලා දැම්මා කලර් ලයිට් සිස්ටම් එකක්. අම්මපා ඒක දැම්මත් හරි වෙනදට ඇතිවෙන තදබදය ඩබල් වුනා. ඇයි ඉතිං කලර් ලයිට් වැඩ කරන්නේ ඌට දීලා තියෙන ටයිමින් අනුවනේ. පොලිස් මාමලා එහෙම නෙවෙයිනේ.
එයාලා දන්නවා වාහන අඩු වෙලාවට හා වැඩි වෙලාවට මොලේ කම්පනා කරලා වාහන ටික හසුරුවා ගන්න. ඒත් ඉතිං කලර් ලයිට් සිස්ටම් වලට තාම කෘතිම බුද්ධිය නැහැනේ. අනික ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකා හරියට “if – else“ යූස් කරලාත් නැද්ද කොහෙද. වාහන නැති වෙලාවටත් පාරෙ අනිත් පැත්තට යන වාහන හරියටම… තත්පරේටම… තත්පර 90ක් නිකං බලං ඉන්න ඕනේ.
ඉතිං කොහොම හරි මම බස් එකෙන් බැහැලා අර ඉස්සෙල්ලා කිව්වත් වගේ පාරේ එක පැත්තක විතරක් වාහන අනිත් පැති වලට යන්න බලාගෙන ඉන්න තත්පර අනූවෙදී පාර පැනලා යද්දී, තත්පර අනූවේ අන්තිම කට්ටේ හිටියේ. ඊට පස්සේ ඉතිං තත්පර අනූව ගිහිං වාහන වලට පාරේ අනිත් පැත්තට යන්න තියෙන තත්පර විස්ස කියන්නේ, ඉස්සර ස්කෝලේ අරින වෙලාව වගේ තමා. හූ කියාගෙන, ඇඟේ ගෑවී නොගෑවි ගෙන කන ගාවින් සං සං ගාලා ඉගිලෙන්න බලන් ඉන්න කට්ටියට හොඳම තරඟකාරීම අවස්ථාව, අනෙකා පරද්දමින් ඉස්සරහට ඇදෙන්න. මොන මගුල කලත් හැමදාමත් දිනන්නේ මෝටර් බයික්ම තමා. ඊට පස්සේ ට්‍රයිෂෝ… ඊටත් පස්සේ තමා පෝලිමේ මුලින්ම තිබුන කාර්, වෑන් එන්නේ…!
ඒත් එදා පොඩි අවුලක්. තත්පර විස්සෙන් තත්පර දෙක තුනක් ගත වෙද්දී එක දිගට හෝන් වදිනවා විතරයි වාහන වල, එක වාහනයක්වත් හෙල්ලෙන්නේ නෑ. මුලින්ම කාර් එකක්. ඊට පස්සේ තඩි ටිපර් එකක්. ඒක පාරෙ පලලෙන් තුන් කාලක් විතර. පිටිපස්සේ තියෙන වාහන යන්නත් බෑ ඒ නිසා. ඉතිං කොහොම හරි මටත් නිකමට වගේ බැලුනා ඒ පැත්ත. මොකද වෙනදට කවුන්ට් එක පටන් ගත්ත ගමන් රූං ගාලා පාගන්න ගන්න වාහන වල ඇහෙන්නේ හෝන් එක විතරයි.
ටිකක් හොඳට බලද්දී කේස් එක තියෙන්නේ පෝලිමේ මුලින්ම තියෙන කාර් එකේ. ඒක හෙල්ලෙන්නෙවත් නෑ. පාරේ ඇවිදන් යන කට්ටියත් කතා වෙන්නේ “සමහර විට කාර් එක කැඩල වෙන්න ඇති“ කියලා. ඒත් එකෙක්වත් නිකමටවත් නොහිතුන දෙයක් තමා වෙලා තිබුනේ.
කාර් එකේ ඩ්‍රයිවර්ට අර තත්පර අනූව ඇතුලත චූටි නින්දක් ගිහිං….!
පස්සේ ඔන්න ටිපර් එකේ කොන්දා බැහැලා ගිහින්… කාර් එකේ වීදුරුවට තට්ටු කරලා, “නැගිටපන් යකෝ“ කියලා ඩ්‍රයිවර්ව ඇහැරවන්න එලාම් එක ගැහුවා. ඊට පස්සේ කාර් එකේ ඩ්‍රයිවර් දඩ බඩ ගාලා ගියර් ටික එහාට මෙහාට මාරු කරලා යන්න ගියා.
හ්ම්… මට දැන් නම් හිතෙනවා, ඒ මනුස්සයට ආයෙමත් නින්ද යන්න ඇතිද කියලා. රත්මලානේ වගේ නෙමේනේ දෙහිවල ගල්කිස්ස හරියට යද්දී ට්‍රැෆික් එක. ඒ හරියෙදි නින්ද ගියොත් නම් ඉතිං කෑගහන්නේ නෑ, කනට එකක් ගහලා තමා ඇහැරවන්නේ….! මොනා වුනත් අනතුරක් නැතුව බුවා ගියාද කියන එක තාමත් සැකයි.
ටී.වී එකෙයි පත්තර වලයි එක දවසක් නෑර තියෙනවනේ ඩ්‍රයිවර්ලට නින්ද ගිහිං වෙන වාහන වලයි, ලයිට් කනු වලයි, ගෙවල් වලයි වාහන හප්පගෙන මරන දෙක තුනකුත් එක්ක ඉවර වෙච්ච නිදිමතවල් ගැන. ඒ නිසා මං නම් හිතන්නේ තමන්ට වාහනයක් එලවන්න තරම් සුදුසු තත්වයක් නැතිනම් හෝ අධික ලෙස නිදිමතනම් හෝ කාටවත් අවහිර නොවෙන්න පොඩ්ඩක් පැත්තකට නින්දක් දාලා යන එක තමා සුභ. එතකොට හැමෝගෙම ශරීර සෞඛ්‍යයට හිතකරයි ඒක…!
ලොකු ලොකු රටවල එක දිගට, දවස් ගනන් යන්න වෙන මාර්ග වල නම්, ප්‍රධාන පාරෙන් වාහනය ඉවත් කරගෙන වාහනේ ඇතුලෙම නිදාගන්න පුළුවන් වෙන්න පොඩි තාවකාලික නැවතුම් තියෙනවා. ලංකාවේ ඉතිං එහෙම එක දිගට යන පාරවල් නැති නිසා වගේම, පාරේ අයිනේ තැන් තැන් වල පොඩි පොඩි ඉඩ තාමත් ඉතුරු වෙලා තියෙන නිසා එහෙම අවශ්‍යතාවක් නම් නෑ.


පුංචි කාලෙදි ගෑණු ළමයාව අම්මලා තාත්තලා පරිස්සම් කරන්නේ, තියෙන දාංගලේට එහෙ මෙහෙ දුවලා පැනලා වැටිලා මල් පෙති වගේ අතපය තුවාල කරගනිවි කියලා. ඒත් ගෑණු ළමයා වැඩිවියට පත්වුනාට පස්සේත් ඒ ළමයව පරිස්සම් කරනවා. මං මේ මහ ලොකු පන්ඩිතයා වගේ කියවන්න ගියාට, මං ලොකු ලොකු එව්වා දන්නේ නෑ… ඒත් දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච එක සිදුවීමක් නිසා ‘කොටහලුව’ ගැන මං හිතාගෙන හිටිය හැටි වගේම, කොටහලු මගුල් ගැනත් තිබුන චිත්ත ප්‍රීතිය නැතුව ගියා.ඒ දවස් වල ඉතිං ස්කෝලේ පාඩම් වල තිබුන මොන දේ අමතක වුනත්, ඔය වගේ විද්‍යාත්මක කරුණු හොඳින්ම මතක හිටින වයසනේ… ඒ දවස්වල සමහර ඒවා අමුතු දේවල් වුනාට ටික ටික මෝරද්දි තමා තේරෙන්නේ සමහර වෙනස් චාරිත්‍ර වල තියෙන වටිනාකම. මේකත් එහෙම එකක්.
විතරක් දානයක් දීලා ශේප් වුනේ කියලා… ඒ දවස් වල වයසේ වැරැද්ද තමා. ඕනේ එකයි එපා එකයි හැම මගුලම හොයනවා. දැන් වයසේ වැරැද්ද තමා ඕනේ එකයි එපා එකයි හැම මගුලම ලියනවා. ඉතිං කොහොම හරි මං මේ ගැන හිතලා හිතලා, අන්තිමේ මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මොකද මං ඒ දවස් වල කලේ මගුලයි දානෙයි සංසන්දය කරපු එක විතරයි…! විශේෂ වෙනස් කමක් හෙව්වේ නෑ…!
“හරි අපේ කෙල්ල දැන් ලොකුයි…. තව අවුරුදු කීපයකින් කසාද බඳින්න පුළුවන්… දැන්ම ඉඳන් කැමති එකෙක් ට්‍රයි කරපල්ලා…” කියන්න වගේ මහ සද්දෙන් සිංදු දාගෙන, අරක්කු බීගෙන නටන තාත්තලා ගැන මට ඇතිවුනේ ටිකක් විතර මහ අමුතු හැඟිමක්, අර සිද්ධියෙන් පස්සේ. ඇත්තටම තමන්ගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසකදී බීගෙන නටන තාත්තලාගෙන් වැඩක් තියෙයිද…??? හරිනම් තාත්තලා එදා ඉඳන් බීම නවත්තලා දූව තව ටිකක් හොඳට ආරක්ෂා කරන්නයි ඕනේ…! අවාසනාවට වැඩිහරියක් වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.
ඉස්සර, ඒ කියන්නේ ඔය පෘතුගීසී, ලංදේසි ලංකාවට ගොඩබැහැපු කාලේ එහෙම ලංකාව පාලනය කලේ රජ වරු කියන කට්ටියනේ. ඉතිං මේ රජ ගොල්ල තමා දවසකටවත් පොරවල්. රජෙක් කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේනේ… සෑහෙන සැප සම්පත් විඳගෙන දැහැමෙන් සෙමෙන් රට කරපු උදවියනේ ඉතිං. අනිත් සැප සම්පත් අතෑරලා දාමුකෝ… නිකමට හිතන්න බලන්න අන්තඃපුරය ගැන. කොහොමට තියෙන්න ඇත්ද නේද…??? එච්චර ගෑණු රොත්තකුත් තියාගෙන අවලමේ ගිය රජවරු ගැන දන්න අය ඉන්නවද…?
පස්සේ ඉතිං රජ කියනවලු, බබා රජතුමාගේ කියලා. අධිකාරම් කියනවලු… පොරගේ කියලා. නෑනාත් කියන්නේ අධිකාරම්ගේ කියලමලු. පස්සේ ඔන්න කොහොමහරි කොල්ලෙක් හම්බුවෙලා ටික ටික ලොකුවෙද්දීත්, අර තුන්දෙනාගේ සෙල්ලං කිරිල්ල නැවතුනේම නෑලු. පස්සෙ දවසක් දා අධිකාරම් සෙල්ලං කර කර ඉද්දි රජතුමා අස්සයා පිටින් එනවා ඇහිලා, අධිකාරම් ගේ පිටිපස්සෙන් මාරු වෙලා. පොඩි එකා දැන් ලොකු නිසා ඌත් අධිකාරම්ට කියන්නේ තාත්ත කියලලු. ඔන්න ඉතිං රජතුමා දැක්කලු මොකෙක් හරි එකෙක් ගේ පිටිපස්සෙන් දුවනවා. ඒ පාර ගෑණුන්ගේ හැටි දන්න නිසාමද කොහෙද ගෑණිගෙන් විස්තර අහන්නේ නැතුව පොඩි එකාගෙන් ඇහුවලු පැනලා දුවපු එකා ගැන.
මේ කෙස් ගහ ගැන හිත හිත ඉද්දී, රජාට හිතෙනවලු, කෙස් ගහෙන් පහල බෙල්ල ගැන… ඊට පස්සේ මුහුණ ගැන… ඊටත් පස්සේ ගෑණුළමයගේ පපුව ගැන එහෙම.
මං ඉන්නේ හරියට තෝන්තු වෙලා වගේ… දැන් කියයි “තෝ කොහොමත් එහෙමනේ” කියලා. ඒක ඇත්ත ඉතිං ඔෆිස් ගිහිං ෆිල්ම් එකක් බලන්න ගත්තත්, බ්ලොග් එකක් කියවන්න ගත්තත් ඒ හැම එකකටම පසුබිම් සංගීතය ඇහෙන්නේ කිට්ටුව පාත තියෙන ගෙදරකින්.
ඇත්තටම මේක මං දැන් ඉන්න හරියට විතරක් සිමාවුන දෙයක් නෙවෙයි. අපේ ගමෙත්, රට ගිහිං ආපු අයගේ ගෙවල් වල තඩි සෙටප් එකක් වරදින්නේම නෑ. එයාල රට ගිහිං එද්දි සල්ලි කෙසේ වෙතත් ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් නම් අරගෙන එනවා. ඉතිං තේරුනා හෝ නොතේරුනා, තියෙන මියුසික් ඩීවීඩී ඉවර වෙනකම්ම දානවා. සමහර වෙලාවට ලග පාත ඉන්න බල්ලෝත් උඩු බුරනවා. ඊට පස්සේ ඒ ටික ඉවර වුනාම ඔන්න ගේනවා අඬන පාලලගේ කැසට් හරි සීඩීස් ටිකක් හරි… ඉතිං ඒ ටික අහගෙන වටා පිටාවට පට්ට ඇනයක් වේගෙන දෙයියනේ කියලා ඉන්න කොට ඔන්න පන්සලේ හාමුදුරුවෝ හරි, ග්‍රාමසේවක හරි ඇවිත් කියනවා “අයියෝ ළමයෝ, ඔයාලා උගත් ළමයි නේද මොනාද ඔය අහන්නේ… පොඩ්ඩක් අහලා බලන්නකෝ හොඳ ගායකයන්ගේ සිංදු” කියාල… ඉතිං ඒගෝල්ලෝ ඊට පස්සේ ගේනවා, අර කලින් කිව්ව වගේම සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ඇත්තටම හොඳ සිංදු… අනේ… ඒත් එයාලා ඒවත් අහන්නේ මහ හයියෙන්. ටෙම්පෝ අඩු වෙනකොට ඒ සවුන්ඩ් සිස්ටම් වල වොලියුම් අප් වෙනවා. ඇත්තමයි මට දැන් ගමත් එපා වෙලා තියෙන්නේ මේ මල කරච්චලේ නිසා. සිංදු අහන්න තියෙන අකමැත්තට නෙවෙයි… මේ ඝෝෂාව ඉවසා වදාරන්න බැරුව.
ගෙදර ගිහිං ඉස්සර වගේ දෙයියනේ කියලා ඇඳට වැටිලා සැපට නිදාගන්න තියෙන වෙලාවෙන් භාගයක් වත් යනවා ගෙවල් වලට එහා පැත්තේ එවුන්ට, ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රී කරන්න. ඇත්තමයි ගෙදර එවුන්ට කිසි හානියක් නොවී ඔය සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝලර් සර්කිට් එකට හෙනයක් වත් වදිනවනම් සද්දේ ටිකක් අඩුවෙන්න…!!! ඉරිසියාවට නෙමේ අපි හැමෝගෙම හොඳට….!!!
එහෙම සමෘද්ධිමත්ව හිටිය අපේ රටට හෙනහුරා ලැබුවේ ඔය පරදේසක්කාරයෝ එන්න ගත්තට පස්සේ තමා. මොකද උං රට රට වල් ගානේ ඇවිදලා ඒ රටවල් වල තිබුන දේවල් බලහත්කාරයෙන් හරි එහෙමත් නැත්තං අඩු තක්සේරුවක් කරලා මිනිස්සුන්ව රවට්ටලා හරි උන්ගේ රටවල් වලට ගෙනිච්චා. ඊට පස්සේ ඒ රටවල් වලදී නොයෙකුත් දේවල් අඩු ගානට තනලා ලෝකේ තියෙන අනිත් රටවල් වලට ලොකු ගානට වික්කා. එහෙම තමා ඔය මුහුදු දඩයමේ ගිය, දැන් මහා ලොකු, පළවෙනි පංතියේ රටවල් කියන බොහොමයක් නැගීසිටියේ. එහෙම නැතුව උංගේ රටවල් වල තිබුන ලබ්බක් නෑ. හොරෙන් අනුන්ගේ දේ කඩා වඩාගෙන ගිහිල්ලා හරි උං කිසිම හෙනයක් නැතුව ඉන්නේ අපේ වගේ රටවල් වලත් උංගේ පස්ස පැත්ත ලෙවපු හිවල්ලු අද වගේම ඒ කාලෙත් උන්න නිසා. උංට ඉතිං මුහන්දිරම් පට්ටමක් දෙනවා කිව්වම… වෙන මොනාද ඉතිං. අපේ රටේ තියෙන වස්තු සම්භාරය නෙවේ රටම උස්සං ගියත් උන්ට මොකෑ….
එයාලා කියන විදියට මේ මනරම් ගල ගැන තාම හරියට කව්රුවත් කතා කරල නෑලු. වෙන්න ඇති ඒකනේ මෙච්චර කල් කිසි පලුද්දක් නැතුව, ඒ අයම අගේ කොර කොර කියවන විදියට ඉතුරු වෙලා තිවුනේ. දැන් කට්ටිය ට්‍රයි එක දෙන්නේ මේක සංචාරකයින් ලංකාවට ඇදගන්න දෙයක් බවට පත් කරන්න. ඒක ඇත්තටම හොඳයි. එතකොට ලංකාවට සල්ලි එනවා. අඩුම ගානේ මේ පලාතේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ටිකකින් හරි උසස් වෙයි. ඒත් ඊට පස්සේ මේකත් මොකක් හරි ආයතනයකට කියලා පරීක්ෂන පවත්තලා සුද්දන්ගේ අරකට හොදයි මේකට හොඳයි කියලා ගල කපලා ගෙනි යන්න හැදුවොත් අපේ රටේ එකෙක් ඉන්නවද අඩෝ අත තියන්න එපා… කියන්න. ඒ ගමේ ගම්මු ටික කෑගහයි… අවට පන්සල් වල හාමුදුරුවරු කෑගහයි…. පස්සේ ඕනෙ නම් උපවාසත් කරයි. ඒ ඔක්කොම අස්සේ ලංකාවේ තාක්ෂණයට කරන්න බැරි මැජික් කරන්න සුද්දෝ එක්ක එකතු වෙච්චි ලංකාවේ හැත්ත ගලේ අනිත් පැත්තෙන් ගල කපාගෙන යයි. ඇයි ඉතිං පොඩි පහේ කොමිස් එකක්ද…