ඒක මහ අලුගුත්තේරු සඳුදා දවසක්. උදේ පාන්දරම වහින්න ගත්තා. ඊලඟට පාරේ හරියකට යන්න බෑ සිග්නල් ලයිට් පත්තු වෙද්දී, පොලිස් කාරයො අත පය විසික් කරනවා. හ්ම්…. පැහැදිලි කාලගුණයක් තියෙන වෙලාවකනම් පොලිස් කාරයෝ යෙදෙව්වත් කමක් නෑ දුරට පේනවා, විසිල් එකත් ඇහෙන නිසා. ඒත් වැස්ස දාට…. නොතෙමෙන්න දාන කළු කබාය දාගත්තම වීදුරු වලට වතුර අස්සෙන් පේන්නේ හරියට හොල්මන් වගේ. හරියකට විසිල් සද්දෙවත් ඇහෙන්නේ නෑ…
බාගෙට නාගෙන කොහොම හරි ඔෆිස් එකට ගියා. කුඩේ තිබුනට දිගාරින්න කම්මැලියි… ඒ හැටි…! උපන් ගති යවන්න පුළුවන් කාටද. පස්සෙ ඉතිං කෑම කාලා දවසේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙද්දි… “බෑ අප්පා අද වැඩ කරන්න. වැස්ස හින්දා වැඩ ඔක්කොම කල් දානවා. මේ හීතලේ මොන වැඩද. එක්කෝ හදිස්සි වැඩ ටික විතරක් කරලා දානවා. “ වගේ ධනාත්මක සිතුවිලි ගොඩයි හිත ඇතුලේ. ඒ ඔක්කොම එක්ක පටන් ගත්තා වැඩටික.
ටික වෙලාවක් යද්දි උණු දුම් දාන තේ එක එනවා. ම්… ඒක තමා මේ හීතලට හොඳටම ගැලපෙන දේ. ටික වෙලාවක් යද්දි ඔෆිස් එකේ කෙනෙක් ආවා, ගෙයක් විකුණන්න ඇඩ් එකක් පත්තරේ දාගන්න ඕනේ… ඒ විස්තර ටික හොයලා දෙන්න කියගෙන. ඔය වගේ අනුන්ගේ වැඩ තමා වැහි දවස් වලට තිතටම කරන්න පුළුවන්. ඉතිං ඒ බුවාව ලඟ පුටුවකින් වාඩිකරවගෙන මෑන්ට ඕනේ විස්තර ටික හොයනවා. ඔෆිස් එකට ලඟින්ම තියෙන දැන්වීම් බාර ගන්න ස්ථානය. දැන්වීමට අයකරන ගාස්තුව…. අරකද මේකද හැම එකම… අන්න ඒ වෙලාවට හිතෙනවා තමන්ගේ වැඩක් කරගෙන හිටියනම් හොඳයි නේද කියලා.
ඉතිං ඔහොම ගිහිං ගිහිං දැන්වීම පත්තරේ දාන්න කලින් ඒක හරියට සකස් කරලා… වචන පහලොව ගානට සෙට් කරලා දෙන එක සෙට් වුනෙත් මට. පස්සේ ඉති අනවශ්‍ය කෑලි ඉවත් කරලා දැන්වීම හැදුවා. ඔක්කොම ඉවර කරලා දැන්වීම යැව්වා පියන් කෙනෙක් අතේ දැන්වීම් භාරගන්න තැනට. ලබන ඉරිදා පත්තරේට.
ඔන්න ඉතිං ඉරිදා පහුවෙලා සඳුදා වුනා. ගෙයි දැන්වීම පත්තරේ වැටිලා. අර බුවාට හරි හැපී. හැබැයි වැඩි වෙලාවක් තිබුනේ නෑ… මෑන්ගේ මූනට හම්බුවෙන හම්බුවෙන කෙනා මිනිහාගෙන් අහනවලු… කොහොමද බං දැන් ගේ සීන් එක…. / ගේ සීන් එකට මොකද වුනේ බං… / ගේ කේස් එකට කෝල්ස් ආවද මචං….
දැන් තියෙන තත්ත්වෙ උඩ ගේ විකුණුවද කියලවත් අහන්න බෑ… ගේ සීන් එක එච්චරටම දරුණුවට ගිහිං… මට නිකමට හිතුනා සඳුදා උදේම වැඩ හබක් වීගෙන එනකොට මේ සතියම අපි හැමෝටම සුභ සතියක් වෙනවා කියලා… දැන් බුවාට ගේ මතක් වෙද්දි තද වෙනවා. සමහරවිට ගේ සීන් එක නවත්තලා දාවි…! - at මුළු සතියම ඉතිං හරි ජොලි අපිට…!!!




2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:17 ට
ඇයි ඔය සමහරු කියන්නේ ‘ගේම’ දෙන්ඩ යනවා, ‘ගේම’ ඉල්ලනවා කියලා. ඉතින් මුළු ගේම දුන්නම ඒ ගෙදර හිටිය අය ඊටපස්සේ ඉන්නේ කොහෙද? ගේම ඉල්ලන්නේ ඒ ගෙදර අයට යන එන මං නැතිවෙන බව නොදැනද?
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:27 ට
ඇයි ගේමද ඉල්ලන්නේ කියලා ඇහුවම අපි කියන්නේ නෑ කාමරයක් තිබුනම ඇති කියලා…
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:41 ට
අයියෝ මාර ගේ සීන් එකක්නෙ.
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:07 ට
පවු අප්පා දැන් බුවා ගේ විකුණන වැඩේ අතෑරලා
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:45 ට
ඔෆීස් එකේ මොන අලුගුත්තේරු වැඩක් සිද්ද වුනත් එයින් 10 න් 8 කටම මේ මාලුවා ඇති.. (ඉතුරු දෙක වෙන්නේ මාලුවට)
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:08 ට
උඹලා වගේ බෝපැල නෙවීනේ අපි
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 10:12 ට
මල්ලී අපේ බහුතරයක් උප්පත්තියෙන්ම “ගේ”.
උදා:- අලුත්ගේ”, එගොඩගේ”, මුදියන්සේලාගේ”, ආරච්චිලාගේ”. “ගේ” ලා ගොඩයි.
උබත් ගේ කෙනෙක් වෙන්න බැරි නෑ.
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:08 ට
නෑ නෑ අම්මෝ මං නම් ගේ නෙවෙයි…
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 10:54 ට
moකක්ද යකෝ මේ සීන්එක ?
2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:09 ට
ඇයි මල්ලිත් සබ්ජෙක්ට්ද…
2013 පෙබරවාරි 16 දින ප.ව. 8:02 ට
ලොල් කාලෙකට පස්සේ කුජීත කතාවක් ලිව්වා නේද?.
2013 පෙබරවාරි 16 දින ප.ව. 9:03 ට
හික්ස්… ලියවුනා බං.
2013 පෙබරවාරි 16 දින ප.ව. 8:15 ට
උඹේ ගේ සීන් මේකෙ දාන්නෙ නැද්ද?
2013 පෙබරවාරි 16 දින ප.ව. 9:04 ට
ඒක ලියලා වසන්න බැහැනේ…
2013 පෙබරවාරි 17 දින පෙ.ව. 3:38 ට
මමත් දන්න ‘ගේ’ යාලුවෝ ඉන්නවා නේද කියලා තේරුනේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ…
2013 පෙබරවාරි 17 දින ප.ව. 2:57 ට
ගේ ඇමතිවරුත් ඉන්නවා…
2013 පෙබරවාරි 17 දින ප.ව. 4:51 ට
ඇමතිගෙ ගේ ඇමති ඉන්නෙ නැතුව අපි ඉන්නයෑ බං. වෙඩි කන කතා කියන්නෙපා.
2013 පෙබරවාරි 18 දින ප.ව. 3:40 ට
හික්ස්…
2013 පෙබරවාරි 17 දින ප.ව. 4:48 ට
උඹත් එහෙනම් හෙමි හෙමීට ගේ සීන් එකට උදව් කළා. ෂික් … මේ මාළුව, නරක සමනළයා.
2013 පෙබරවාරි 18 දින ප.ව. 3:39 ට
අපි ඉතිං කොයි කාටත් උදව් කරනවනේ…
2013 පෙබරවාරි 18 දින ප.ව. 12:06 ට
දැන්වීම් දමද්දී මාළුවාගෙන් උදව් ගැනීම භයානකය..මේ ප්‍රවෘත්තිය ඔපිසිය වටේ ගිනි තිබ්බේ මාළුවා නේද?
2013 පෙබරවාරි 18 දින ප.ව. 3:42 ට
නෑ නෑ… බුවාම කියලා…
2013 පෙබරවාරි 19 දින ප.ව. 1:18 ට
අම්මාපල්ල මු ගේ…… !!!!
2013 පෙබරවාරි 19 දින ප.ව. 3:13 ට
හික්ස්…
2013 පෙබරවාරි 19 දින ප.ව. 6:26 ට
කවුදෝ කොතැනක හරි කියලා තිබ්බා මිනිස්සු ඇඳුම් අඳින්නේ සමාජයේ උවමනාවට කියල .. බලාගෙන යද්දී කාලගුණය නිසාත් ඇඳුම් (නොතෙමෙන්න දාන කළු කබාය) අඳිනවා නේද?
2013 පෙබරවාරි 20 දින පෙ.ව. 9:42 ට
මුලින් කතාවට මං එකඟයි… ඒක එහෙමම තමා.
2013 පෙබරවාරි 20 දින ප.ව. 5:07 ට
ලංකාවේ ඉන්න අයට තමයි එහෙම පේන්නෙ මාළුවෝ. මේ පැත්තෙ සීතල දවසක සමාජයේ උවමනාවට නෙමෙයි ඇඳුම් අඳින්නෙ. නැත්නම් හයිපොතර්මියා හැදිලා මැරෙන නිසා!