ම්…. ටික දවසකට පස්සේ…! ඉතිං ඔන්න මේ ලඟදී දවසක ඔෆිස් එකේදී මට එනවා කෝල් එකක් බොස්ගේ සෙක්‍රටි අක්කගෙන්. ලිෆ්ට් එක තිබුනේ තුන් වෙනි තට්ටුවේ. ඒක පහලට එනකොට මට හතරවෙනි තට්ටුවට පඩිපෙලේ නගින්න පුළුවන් නිසා දිව්වා පඩි පෙලේම උඩට. අක්කා කෙනෙක් කතා කලාම පරක්කු වෙන්න හොඳ නෑනේ… අනිත් එක මේ නත්තල් කාලේ මොන තෑග්ගක් දෙන්න කතා කරනවද කව්ද දන්නේ…
පස්සේ ඉතිං ගිහිං බලද්දී සෙක්‍රටි අක්කා ඔලුවේ අතගහගෙන එක එක සයිස් එකේ කොල කෑලි ගොඩක් ප්‍රින්ටරේ වටේ දා ගෙන දහ අතේ කල්පනා කරනවා. දැන් අත්දැකීමෙන් දන්නවා ඒ වගේ වෙලාවක කරන්න ඕනේ දේ…!
ප්‍රින්ටර් ඉෂූ එකක් නේද….?
හ්ම්… ඔව් බං… මට මෙන්න මේ සයිස් එකට ලියුම් කවර වල ඇඩ්රස් ටික ප්‍රින්ට් කරගන්න ඕනේ.
ඒක සූටි වැඩක්. අක්කට නම් මහා ලොකු දෙයක්. ආයතනයෙන් නත්තලට සුභ පතලා යවන සුභ පැතුම් පත් දාලා යවන කවරවල පිට පැත්තේ ඇඩ්රස් ප්‍රින්ට් කරන එක තමා වැඩේ. පේපර් සයිස් එක කස්ටමයිස් කරලා ඒක ලේසියෙන්ම කරා. පස්සේ ඔන්න වැඩේ කරලා ඉවර කරන්න කලින් අක්කා ගියා බොස් ගාවට ලියුම් කවරේ ප්‍රගති සාමාලෝචනයට. එතකොට තමා මං දැක්කේ අපේ දන්න කියන ආයතන වලට යවන්න ගෙනැල්ලා තිබුන නත්තල් කාඩ් එක….
ඈක්කා…. ඒක නිකං අපි පොඩි කාලේ හොම්රන් පැස් වලින් ඇඳපු බලි කුරුට්ටක් වගේ. ඒකේ තිබුනේ කොල පාටින් පාට කරපු මොකද්දෝ මන්දා ගහක් වගේ එකකුයි, රතුයි කහයි ඩොට් වගේකුයි, තරුවක් වගේ එකකුයි විතරයි. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන කාඩ් ඕනේ තරම් තියෙද්දි මොකද්ද මේ ගෙනැල්ලා තියෙන කාඩ් එක කියලා මගේ හිතින්ම මං හිතනවා. මහ ගොඩක් ලස්සන නැති වුනත් යම් තරමකට ලස්සන කාඩ් එක්ක කඩෙන් ගන්න බැරිනම් අපිටම උනත් හදාගන්න පුළුවන් කම තිබුනනේ. ඇයි මන්දා මේවා තෝරන මිනිස්සු මෙච්චර ලෝභ… හරියට උන්ගේ අතින් පයින් යනවා වගේනේ…
එහෙම හිතන ගමන්… හ්ම්… ඇතුලෙත් ඉතිං බලන්න දෙයක් නැතුව ඇති මේ වගේම ඇති… කියාගෙනම පෙරලුවා මැද පිටුවට. ඒකේ තිබුනේ Peace & Joy කියලා විතරයි. ඊට යටින් අපේ ආයතනයේ නම තිබුනා. එච්චරයි. ඉතිං ඔන්න ඔහේ නිකංමට වගේ අනිත් පිටුවත් පෙරලුවා. ඒ කියන්නේ කාඩ් එකේ අවසන් පිට. හ්ම්… මං එහෙම දෙයක් බලාපොරොත්තු වුනානම් හරි, මීට කලින් එහෙම දෙයක් දැකලා තිබුනා නම් හරි කලින් වගේ කුහක සිතුවිල්ලක් ඇති නොවෙන්න තිබුනා…!
ඒ කාඩ් එකේ ඉස්සරහා තිබුන කැතම කැත නත්තල් ගහ ඇඳලා තිබුනේ කතාකරන්න බැරි, කන් ඇහෙන්නෙ නැති විශේෂ අධ්‍යාපන අංශයක ඉගෙන ගන්න පොඩි දරුවෙක්..!!! එයාගේ විස්තර ටිකකුයි, ඒ කාඩ් එකෙන් ලැබෙන ආදායමයි ඔක්කොම යෙදවෙන්නෙ ඒ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට කියලාත් තිබුනා…!!!
නත්තලට කාගෙන බීගෙන යකා නටන දෙමව්පියන් වැඩිහිටියන් අතර අපි දකින පරාසයට වැඩිය ගැඹුරින් දකින වැඩිහිටියෝත් අපි අතර ඉන්න එක ගැන, මට නත්තල් නැති වුනත් මං සන්තෝස වෙනවා…! අපි ගත්ත නත්තල් කාඩ් වලින් ලැබුන මුදලින් එක දරුවෙකුට හරි යහපතක් වේවි…!



2012 දෙසැම්බර් 11 දින ප.ව. 3:57 ට
යුනිසෙෆ් කාඩ් ගොඩක් ඔහොමයි.
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:50 ට
අක්කා කිව්වට පස්සේ මං හොයලා බැළුවා… ඇත්ත තමා…
2012 දෙසැම්බර් 11 දින ප.ව. 4:19 ට
නත්තලට නෙවි වෙන මොන දෙයක් සම්බන්ධයෙන් වුනත් ඒ වගේ වැඩ නම් ගොඩක් වටිනව.
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:50 ට
ඔව්… ඒක ඇත්ත…
2012 දෙසැම්බර් 11 දින ප.ව. 6:02 ට
හ්ම්ම්…. අපි හොයන්නේ බලන්නේ නැතුව ගන්න තීරණ කොච්චර වරදිනවද නේද…….
ඔය වගේ වැඩ, ප්‍රශංසා කරන්න වටිනවා……..
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:50 ට
ඔව්නේ… අපේ ආයතනය ප්‍රශංසා කරන්න වටිනවා තමා…
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 11:37 ට
අපොයි ඔවු. අපි නොදන්න මොනරතැන්න
2012 දෙසැම්බර් 11 දින ප.ව. 6:14 ට
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:51 ට
මචං තව ටික දවසයි බං….
2012 දෙසැම්බර් 11 දින ප.ව. 7:47 ට
නත්තල් කාලෙට විතරයි කවියට ඕවා මතක් වෙන්නේ.
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:51 ට
ගොඩක් වෙලාවට ඒක තමා බං ඇත්ත….
2012 දෙසැම්බර් 11 දින ප.ව. 7:54 ට
සම්පූර්ණ විස්තරේ නොදැන මොකක් හරි දෙයක් ගැන නිගමනේකට එන එක වැරදියි. ඒ නිසා මං පෝස්ට් එක මැද හරියෙදි හිතාගත්ත කමෙන්ට් එක ඉල්ලා අස් කර ගන්නව…
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:52 ට
හ්ම්… ඒ හිතුන දේ මොන වගේ දෙයක් වෙන්ට ඇත්ද… :O
2012 දෙසැම්බර් 11 දින ප.ව. 9:17 ට
නත්තලට විතරක් නෙවෙයි, අපි ජීවිතය පුරාම කරන අනවශ්‍ය වියදම් කපාහරින්න පුළුවන්නම් ඒ වාසිය මුළු රටටම අත්වෙනවා.
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 7:52 ට
ඊටත් වඩා මේ වගේ දේකින් කිසිම සහනයක් නැති අයට පුංචි හරි සහනයක් ලැබෙනවා.
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 8:25 ට
නියම වැඩක්…………………
2012 දෙසැම්බර් 12 දින පෙ.ව. 11:35 ට
ඒ වගේ කාඩ් ගන්න තියෙන තැනක් එහෙම තියෙනවද කියලා සෙකට්‍රි අක්කගෙන් අහලා කියන්න බැරි ද ? ඒ වගේ කාඩ් දෙක තුනක් කාට හරි යැව්වත් පවු නෑ.
2012 දෙසැම්බර් 12 දින ප.ව. 12:16 ට
හරි මං අහලා කියන්නම්… හැබැයි ආයෙ පාරක් මතක් කරන්න…
2012 දෙසැම්බර් 12 දින ප.ව. 7:09 ට
සෙකට්‍රි අක්ක ගව කාර්ඩ් නද්ද දන්නෑ.: )
2012 දෙසැම්බර් 18 දින පෙ.ව. 11:23 ට
දැන් නම් ඉවර ඇති…
2012 දෙසැම්බර් 17 දින ප.ව. 11:25 ට
අන්න සෙකට්‍රි අක්කගෙන් උනත් සුපිරි වැඩක්.
2012 දෙසැම්බර් 18 දින පෙ.ව. 11:25 ට
සෙකට්‍රි අක්කා කරන්නෙත් ඉතිං ලොක්කගේ උපදෙසටනේ…
2012 දෙසැම්බර් 18 දින පෙ.ව. 9:33 ට
කවුරු කලත් සුපිරි වැඩක්
කෝරලේ වලව්ව
2012 දෙසැම්බර් 18 දින පෙ.ව. 11:25 ට
ඒක නම් ඇත්ත….