අළුත් අවුරුද්දේ බොහෝම දුක් සහිත නිව්ස් එකක් තමා කියන්න වෙලා තියෙන්නේ. ඒ මොකද කියනවනම් පහු ගිය දවස් වල තිබුන මළ ගෙවල් කීපයකම නිදිමැරීම හා වැස්සේ තෙමීම හේතු කරගෙන කාටදෝ බබෙක්ට චූටි උනක් සමග හෙබ්බිරිස්සාවක් හැදිලලු. බබාගේ අම්මයි තාත්තයි තමා එහෙම කිව්වේ. ඉතිං දැන් බබා කම්පනා කරනවලු….
මට මේ හැදිච්චි උණ රෝගයට මං තිත්තම තිත්ත කටේ තියන්න වත් බැරි කල්ක, ගුලි, අරිෂ්ටේ ඇතුලු අරවා මේවා පත අට එකට සිඳවපු, ආයුර්වේදෙන් නොමිලේ ගන්න පුළුවන් සිංහල බෙහෙත් බොනවද….?
එහෙම්මත් නැත්තං, වැරදිලා හරි කටේදි ගිලෙන්නේ නැතුව උගුරේ රැඳුනොත් විතරක් තිත්ත දැනෙන…, ඩිස්පැන්සරියට ගිහින් රුපියල් හාරසීයකට විතර අරගෙන, ඉංග්‍රිසි බෙහෙත් බොනවද…?
එහෙම්මත් නැත්තං මේ සිංහල අළුත් අවුරුද්දේ ඉඳන් වත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ෆාමසියකට ගිහිං, එක වඩියෙන් නිට්ටාවට සුව වෙන්න කියලා… ඉංග්‍රිසි – සිංහල ක්‍රම දෙකේම අනගි එකමුතුවක් වෙන (ඒක සමානාත්මතාව අගයන්න), අරිං එකක් රුපියල් එකසිය තිහකට බොනවද…?
බබා තාම චූටියිනේ ඒක නිසා තාම හිතනවලු….!!! අනේ මන්දා නේද අළුත් අවුරුද්දේ… මෙහෙමත් පොඩි එවුන්…!!!


2012 අප්‍රේල් 16 දින පෙ.ව. 7:18 ට
හෙම්බිරිස්සාවට හොඳම තිත්ත කසාය. හොඳ බබා වගේ කසාය ටිකක් අම්මට කියලා හදවගෙන බොන්ට.
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:40 ට
අපූ… අක්ක නම් කියයි… දැන් ඉස්සර වගේ තාත්තා සීනි හැන්ද කට ලඟට කරලා තියාගෙන ඉන්නෙත් නෑ….
2012 අප්‍රේල් 16 දින පෙ.ව. 9:09 ට
මම නම් කියන්නෙ චූටි බබාලා ඔච්චර හිත හිත ඉන්න ඕන නෑ..
අම්මා කියන එක කරන්ට..
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:41 ට
අම්මා කියන්නේ දොස්තර මාමා ගාවට ගිහිං බෙහෙත් ජුංඩක් ගන්න කියලා… එයාට කසාය තම්බනවට වැඩිය ලොකු වැඩ තියෙනවලු….
2012 අප්‍රේල් 16 දින පෙ.ව. 9:42 ට
ගල් කාලක් නීට් ගහන්න බඩුම තමයි
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:41 ට
ඈ…. එව්වා මං තහනම් කරගනනේ ඉන්නේ…
2012 අප්‍රේල් 16 දින පෙ.ව. 9:51 ට
ඒක නම් බට ලයිට් බොල තේරුනේම නෑ ඒ සිංහල ඉංග්‍රීසි රු 130 එකමුතුව
2012 අප්‍රේල් 16 දින පෙ.ව. 9:53 ට
දැන් තමයි පින්තූර ලෝඩ් උනේ. ඕක හරියන්නෙ නෑ, වැඩේ වන වෙනවා. මාතලං කියපු එක කරපං
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:42 ට
ඒක බෑ අයියේ… ඔන්න බ්‍රැන්ඩි වගේනම් සලකා බලන්න තිබුනා
2012 අප්‍රේල් 16 දින පෙ.ව. 10:46 ට
බබා……පුහ්…. හොඳ බබා…….උඹ බේබි පුන්ඩෙ, අර 130 එක හරියන්නෙනෑ… සෙම ඇවිස්සෙනව……..වොඩ්ක සොට් එකක් ගහපං…….නැත්තං හොඳම නිර්දේශය ලාබෙට පහසුවට අරගෙන සරලව ඉන්න පුලුවං අයුර්වේද බෙහෙතක් වන මහාබඹුගේ විශිෂ්ඨ සොයාගැනීමක් වන කංසා හෙවත් සුවිස්ති ඩිංගිත්තක් උරපං… අන්න බෙහෙත…. හෙම්බ බයවෙලා දුවනව……වරුවෙං ලෙඩේ නිවාරනයි…..
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:43 ට
මෙහේ රොකට් නැහැනේ අයියේ… ඒකනේ පස්නේ…
2012 අප්‍රේල් 16 දින ප.ව. 5:56 ට
පුහ් මේ මොනා කියනවද ආයුර්වේදේ කොලුවො ආයුර්වේදේ.පස් පංගුවම නැතුවට කාරි නෑ.මල විතරක් ගනින්.සුටුස් ගාලා හෙම්බා හොඳයි.
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:43 ට
දෙන්නෙක්ම කිව්ව එකේ… හ්ම්… බලමු….
2012 අප්‍රේල් 17 දින පෙ.ව. 7:27 ට
තිත්ත කසාය තමා හොදම
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:45 ට
නංගිත් ඉතිං විහිළු කරනවනේ…
2012 අප්‍රේල් 17 දින ප.ව. 4:14 ට
අපෝ ලයිසොං නැතුව බෙහෙත් දෙන්න තියා බෙහෙත් ගැන කියන්නත් තහනං.
2012 අප්‍රේල් 17 දින ප.ව. 5:47 ට
අපිට ඉතිං කිලෝමීටර් දෙක තුනක් එහායින් චූටි ෆාමසියක් තියෙනවනේ…
2012 අප්‍රේල් 17 දින ප.ව. 7:28 ට
උබට දැන් සනීපද බන්?
2012 අප්‍රේල් 20 දින ප.ව. 7:55 ට
බෙහෙත් නවත්තන්න උනා බං…
2012 අප්‍රේල් 18 දින පෙ.ව. 9:25 ට
මාත් ලයික් ඈ………….
2012 අප්‍රේල් 20 දින ප.ව. 7:55 ට
ඒවා ඉවරයි බං….
2012 අප්‍රේල් 18 දින පෙ.ව. 10:15 ට
හෙම්බිරිසාවට බෙහෙත් නෑ. හොඳම දේ මහ වැස්සෙ නාන්න හෙම්බිරිසාව තියෙද්දි. එතකොට නිව්මෝනියාව හැදෙනවා. අන්න පුතේ නිව්මෝනියාවට බෙහෙත් තියෙනවා. ඔන්න ඔහොම තමා හෙම්බිරිසාවට බෙහෙත් ගන්නෙ.
2012 අප්‍රේල් 20 දින ප.ව. 7:56 ට
මෙන්න උපදෙස… ගෙදරට එන්න ගූගල් මැප් එකෙන් පාරත් අරගෙන පෝස්ට් එකක් දාලම තෙමෙන්නම් අක්කේ…