මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි. ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි.
ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන.
වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා…
හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා.
අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්…
වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ….
ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්‍රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්‍යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ.
ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද…
ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම
එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ…
පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර
උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්‍රයි නොකලැයි…!!!
හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්‍රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)


2012 අප්‍රේල් 4 දින පෙ.ව. 7:32 ට
ඉකිරියෝ ඉන්නවනං නාන එක එච්චර සුබදායි නෑ නේද ……
යන්න ඕන වෙලාවක මඩාලගේ ගෙවල් පැත්තෙත් ගිහිං එන්න එක්ක ……
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 9:09 ට
ඉකිරියෝ ගැන අවුලක් නෑ අයියා, ඉකිරියෝ ඉන්න හරියට යන්න වෙනම යන්න ඕනේ… ඒ හරිය මේ කාලෙට වැලි පිරිලා නිසා අඩි 5ක් විතර ගැඹුරුයි, වැලි අයින් කරාම අඩි 7/8 ක් විතර තියෙනවා, කිසිම අවුලක් නැතුව නාගන්න පුළුවන්….
අනිවා අයියා, ගෙදර අයත් එක්ක එන්න නාලා කාලා (බීලා) යන්න…
2012 අප්‍රේල් 4 දින ප.ව. 7:55 ට
ඉකිරියෝ හැම තැනම නෑ අයියේ….
2012 අප්‍රේල් 5 දින පෙ.ව. 9:21 ට
හපෝ.. ඔය ඉකිරියො මහ පාරෙත් ඉන්නව බොලව්
2012 අප්‍රේල් 7 දින පෙ.ව. 7:24 ට
මං කියෙව්වනේ ඒක…. පවු අහිංසක ඉකිරියා.
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 8:02 ට
සුපිරි පොට් එකක් වගේ…මාත් ඕව දැකලා නෑ බන්…
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:22 ට
වෙලාවක ගිහිං බලපං….
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 8:37 ට
අර දුඹුරුපාට බෝතල්…EGB වෙන්ටැ…?
මුහුද කිව්වම වෙනම ලෝකයක් තමයි. ආතර් සී ක්ලාර්ක් වුනත් විශ්වයම අත්දැක්කෙ මුහුදෙන් පටන්අරගෙන නෙ…..
2012 අප්‍රේල් 4 දින ප.ව. 7:59 ට
දුඹුරු පාට බෝතල් ගැන අපි කොහොමෙයි දන්නේ…
මුහුද ගැන කියලා නිමක් නැත…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 8:42 ට
අම්මෝ..ඉකිරියො මතක් වෙනකොටත් බය හිතෙනවා..
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:00 ට
අක්කටනම් අත්දැකීම් තියෙනවා වගේ…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 8:54 ට
මමත් 14 වෙනිදා ඔය පැත්තෙන් යනවා.අනිවාර්යෙන්ම යන්ඩ ඕනේ. ඔත්තුව දුන්නට ස්තුතියි මාළුවෝ.
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:01 ට
අන්න හොඳයි ගිහිංම බලන්නකෝ…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 9:23 ට
අපෝ ඉකිරියා දැක්කම බය හිතුනා…අපි ඉස්සර ඉකිරියෝ ඇනුනම කරන්නේ එතනට චූ කරන එක…
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:01 ට
මනූජත් මට ඒ ක්‍රමේම කිව්වා….
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 9:40 ට
සිරා පොට් එකක් වගේ.. ඔක්කෝටම වඩ වටිනවා මාළුවෝ හොයා ගන්න විදිය කිවුව එකට.. සෙට් එකත් එක්ක වෙලාවට සෙට් වෙන්ඩ ඕන..
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:04 ට
ගොඩ දෙනෙකුට සෙට් වෙන්න නම් ඉතිං වාහනයක් ගෙනියන්න වෙනවා. මොකද එතෙන පොඩි කැලෑවක් වගේ තිබුනට සම්පුර්නයෙන් ආවරණය වෙලා නෑ…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 9:44 ට
කොහොමද බං ඔහොම ඉකිරියොත් එක්ක නෑවෙ. මගෙ නම් බයටම පන යයි.
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:05 ට
උං හරි අහිසංකයි හලෝ…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 10:15 ට
සුපිරි මචං….. කියලා වැඩක් නෑ පෝස්ට් එක, තව දවසක වරෙන් ගෙදවානා ගලේ ගන්නත් එක්ක……..
ඒ බං අර සොස පාට ඇදුම………… හ්ම්……….. එක්කෝ ඕනේ නෑ නේ……
එක එක ලෙසට පෙනුනත් මහ මුහුද පුතා,
එකම රසයි ඇත්තේ එහි ගෑණු ලෙසා……….
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:06 ට
උඹ දැන් හෙන පඬියා වෙලා නේද…
2012 අප්‍රේල් 5 දින පෙ.ව. 9:33 ට
අපි අහිංසකයි……………
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 10:24 ට
“පූල් එකේ” මාත් නාලතියනව. අනුමත වෙච්ච වෙලාවක උනත් බයක් නැතුව නාන්න පුළුවන් තැන. බලෙන්ම දුන්න බෝතල් දෙක විසිකලාද?
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:07 ට
බෝතල් දෙක විසික් කරා බං බඩට… අපරාදෙනේ නැත්තං…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 10:54 ට
ලොකු දෙයක් නාගත්ත එක. මීට කලින් පාර උඹ නෑවෙ අර කලින් ට්‍රිප් එක ගියපාර මට මතක විදියට 2011දි නේද?
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:08 ට
අපොයි… මෙන්න මට මඩ ගහනවා….
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 11:07 ට
මේ දවස්වල ඔබා නම් ඔහේ ඉන්නවා මුදේ ඔබාල ඉකිරියෙක් එහෙම හේත්තු කරලා ගත්තානම් හොඳයි..
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:09 ට
පිම්බිලා එයි…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 11:11 ට
මාතර පැත්තේ මූදේ නාන තැනක් තියනවා නේද? දැන් නම මතක නෑ.
ඔයා දැකලා තියන ඒවා ලස්සනයි. ඒක වෙනම ලෝකයක් නේද?
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:12 ට
බේරුවල ඉඳන් දකුණු ඉවුර දිගේ දිගටම වගේ නාන්න පුළුවන් තැන් තියෙනවා අක්කේ… ඒ ලස්සන ලෝකයට මං ආයෙම යන්නේ ගොගල්ස් දෙකක් එක්ක…
2012 අප්‍රේල් 4 දින පෙ.ව. 11:44 ට
අපෙ පැත්තෙ ඇවිත් ගිහින් වගේ
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:14 ට
ආයෙ එනවනේ….
2012 අප්‍රේල් 4 දින ප.ව. 12:37 ට
නියම ප්ලේස් එකක්නේ.. ඔය අර රඹුටන් වගේ ජාතියක් දැක්කා කිවුවා නේද? උන්ව ඉතාලි කාරයෝ නම් අනිත් මාළු වගේම කනවා.. සෑහෙන ගනන්..
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:15 ට
ලංකාවට ඇවිල්ලා අරගෙන ගියත් පාඩු නෑ වගේ නේද…
2012 අප්‍රේල් 4 දින ප.ව. 2:49 ට
මතක තියාගනිං ඉකිරි කටු ඇනුනාම නවහන්දිය කිරි ගාල ගින්දරෙන් (පොල්තෙල් පහන තමා අයිඩියල්ම) පුච්චන්න ඕනෙ
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:16 ට
ඔය ඔක්කොම හොයන්නේ කොහෙන්ද ඒ හදිස්සියට.
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:55 ට
ඔච්චර දේවල් කරන්න ඕන නෑ මම දන්න විදිහට.. දොස්තර කෙනෙක් ගාවට ගියානම් අදාල තැන පැලුව කටුව අයින් කලා…
2012 අප්‍රේල් 7 දින ප.ව. 3:05 ට
@මාලු,
අනිවා ඉකිරි ඉන්න පැතිවල බඩු තියනව
@සාතන්,
ඒක ලේසි වැඩියි බං
2012 අප්‍රේල් 4 දින ප.ව. 2:59 ට
ඉදලා හිටලා හරි නාන්න හිතිච්ච එක ලොකු දෙයක්
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:16 ට
අපි නං ඉතිං හැමදාම නානව බං…
2012 අප්‍රේල් 4 දින ප.ව. 6:51 ට
යන කට්ටිය මෙතන තවත්ත අයටත් නාන්න ඉතුරු කරලා එන්නත් මතක තියාගමු නේද?
2012 අප්‍රේල් 4 දින ප.ව. 7:49 ට
ඔව්… ඔව්….!!
ඒකනම් ඇත්ත…පා සටහන් හැර වෙන කිසිම දෙයක් තියලා එන්න එපා. හිස් බෝතල් බෝතල් මූඩිත් එක්කම ආපහු අරගෙන එන්න.
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:17 ට
ඒක ඇත්ත චන්දික…. හොඳ උපදෙසක් මචං…
2012 අප්‍රේල් 4 දින ප.ව. 7:26 ට
ලියලා තියෙන විදියත් එල මචං
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:19 ට
වෙලාවක ගිහිල්ලම බලන්නකෝ….
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:52 ට
මලයත් එහෙනම් මුහුද යට ලෝකෙට පොඩ්ඩක් ඔලුව දාල වගේ… ඔහොම මාස්ක් දාගෙන යන්න මම දන්න හොඳම තැන තමයි හික්කඩුව… 98 දි විතර නම් හික්කඩුවට වඩා රෑමස්සල මාර ගතියක් තිබුන…
කල්පිටිය අවටයි, පරවි දූපත (ත්‍රිකුණාමලය) අවටයිත් සෑහෙන හොඳයිලු… තාම යන්න වුනේ නෑ…
2012 අප්‍රේල් 4 දින ප.ව. 8:57 ට
මාස්ක් එකයි ස්නෝකල් එකයි කියන දෙක මීට අවුරුද්දකට කලින් මම හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ගත්තා 750 යි… දන්න තරමින් ඕක ගන්න තියෙන ලාභම තැන
2012 අප්‍රේල් 7 දින පෙ.ව. 7:22 ට
තෑන්ක්ස්… ඊළඟ නිවාඩුව සෙට් වෙන්න කලින් ගන්නවා…
2012 අප්‍රේල් 7 දින පෙ.ව. 7:21 ට
මාත් හික්කඩුව පැත්තට යන්න ආසාවෙන් ඉන්නේ… බලමුකෝ…
2012 අප්‍රේල් 4 දින ප.ව. 11:10 ට
හික්කා යන්න.. අර මගේ මූනු පොතේ තියෙන ෆොටෝ එතන ගත්ත ඒවා..
2012 අප්‍රේල් 7 දින පෙ.ව. 7:22 ට
ඔව් අයියේ… යන්න පොඩි අදහසක් තියෙනවා…
2012 අප්‍රේල් 6 දින පෙ.ව. 9:03 ට
ඇති යන්තං අයියා නාලා වගේ
2012 අප්‍රේල් 7 දින පෙ.ව. 7:25 ට
ඇනුඅල් බාත් එකට පස්සේ එක්ස්ට්‍රා එක…