ඔය එම්ප්ලෝයි බෙනිෆිට්ස් කියන්නේ, යම් සේවකයෙක් වැඩ කරන ආයතනයකින් සේවකයාට ලැබෙන්න ඕනේ වරප්‍රසාද වලට. මං ඉතිං තාම ආසාවට එක පාරක් වත් වෘත්තිය සමිතියකට සම්බන්ධ වෙලා හිටියේ නැති නිසා ඒ ගැන මහා ලොකුවට පම්පෝරි ගහන්න දන්නේ නෑ. ඒත් ඉතිං අපේ චූටි මොල වලට තේරෙන විදියට මං හැදුවා එම්ප්ලෝයි බෙනිෆිට්ස් ලෑස්තුවක්. මේකට මට අපේ ඔෆිස් එකේ අයත් සෑහෙන්න උදවු කලා. ඒ වගේම මේ වරප්‍රසාද හා චූටි නීති මාලාව තනිකරම සැකසෙන්නේ ස්වාභාවික පරිසරය ආශ්‍රිතව. මොකද ඉතිං අපි හැමෝම වගේ පරිසරය ගැන ගොඩක් හිතන නිසා. අනික අපි හැමෝම සොබාදහමට පට්ට ආදරෙයිනේ ඉතිං…!!!
- ආයතන ඉඩමේ වැවෙන, කඩන්න පුළුවන් මානයේ තියෙන නැවුම් පළතුරු තනිකරම සේවකයා සතු විය යුතුයි. (සේවකයන් අතරින් කාර්යයාල අංශයට සෑම විටම මුල් තැන ලැබිය යුතුයි.)
- කඩන්න බැරි උසකින් තියෙන පළතුරු වර්ග කැඩීමට සෑම විටම ආරක්ෂක අංශයේ සහයෝගය ලැබිය යුතුයි.
- දිවා කලදී එකදු කුරුල්ලෙකුටවත්, හෝතම්බුවෙතුටත්, ඔර්සමටුල්ලෙකුටවත්, අඩුම වශයෙන් හැකරැල්ලෙකුවත් පළතුරු වලට බඩු බනිස් කිරීමට ඉඩ නොතිබිය යුතුයි. මෙය සෑම විටම ආරක්ෂක අංශයේ රාජකාරියක් වනවා සේම පලදාව නෙලා ගත් විට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් අදාල කොටහ ලැබෙන ඇති.
- ආයතනය අවට ගෙවල් වල මුල් තියෙන මුත්, අතු හා පළදාව ආයතනය පැත්තේ ඇති ගස් වලින් වැටෙන කොල ගැන වැඩි යමක් නොසිතා අනාගත වාසි ගැන පමණක් සිතා නිවැසියන් සමග ආරවුල් ඇති කර නොගෙනසෑම විටම සමාකාමීව සිටිය යුතුයි. මෙයද ආරක්ෂක අංශයට හා පිරිසිදු කිරීමේ අංශයට තමන්ගේ වරප්‍රසාද ඉහල නංගවාගැනිමට හැකි හොඳම අවස්ථාවක් කරගත යුතුයි.
- රෑට රෑට තැඹිලි ගස් වල නිකං හැදෙන තැඹිලි නිකංම බිමට වැටෙන විට ආරක්ෂක අංශය ඒ ගැන සොයා නොබලා තමන්ගේ පාඩුවේ නිදාගැනීමට තරම් කාරුණික විය යුතුයි.
- අවශ්‍ය වුවහොත් පමණක්මන්න පිහියක් සැපයිය යුතුයි. (කාර්යයාල අංශයට)
- ආයතනීය වත්ත පිටුපස ඇති මඥ්ඥොක්කා ගාල ගැන හොඳ හෝදිසියෙන් සිටිය යුතු අතර වල් කැත ඌරු මීයෝ රෑනට ඉක්මනටම ගේමක් දිය යුතුයි. එමෙන්ම කාර්යයාල අංශය වැඩ අධික වී මහන්සියෙන් රෑට – නයිට් කරන විට මඥ්ඥොක්කා තම්බා දී ඔවුන්ට සහයෝගය දිය යුතුයි. එයින් කොටසක් ආරක්ෂක අංශයටද හිමියි.
- පොල් / තැඹිලි ගස් අසල ඇති පොකුණ අලංකාරවත්ව තබා ගැනීමට පිරිසිදු කිරීමේ අංශය ඇප කැප විය යුතුයි. එම ස්ථානය හැම දෙනාටම යහපත් මානසිකත්වයක් ඇති කරන නිසාවෙන් ඒ ගැන වැඩි පුරම සොයා බැලිය යුතුයි.
ඔය වගේ තව දිග ලිස්ට් එකක් තිබුනට ලියන්න නිංක මොකද්ද මොකද්ද වගේ… මං මේ කොහොම හරි ට්‍රයි කොරන්නේ ඔය වරප්‍රසාද වලින් දෙක තුනක් වත් සදහටම රැකගන්න.
ආයතන දියුණු කරන්න නම් අපි ආයතනයේ ස්වභාවික පරිසරය ගැනත හිතන්න ඕනේ. පලදාව බේරෙන ගස් ගැන එහෙම වැඩිපුර හිතන්න ඕනේ. අපිට කලිං පරම්පරාව ඒවා හිටෙව්වේ අපි වගේ ළමයින්ට භුක්ති විදින්න… නැද්ද මං අහන්නේ. ඉතිං එව්වා කාලා අපිත් අඩුම ගානේ ජම්බු පැලයක් හරි හිටවන්න හිතට ගන්න ඕනේ ඊලඟ පරම්පරාව වෙනුවෙන්…!!!


2012 පෙබරවාරි 25 දින පෙ.ව. 6:36 ට
අප්පට සිරි මේ තියෙන්නෙ මමත් හොය හොයා හිටපු එකක්..අධ්‍යක්ශ නිල නිවස අවට ඇති පලතුරු ගස් වල ගෙඩි කඩන විට ඔහු නොදැක්කා සේ සිටිය යුතුයි.. කියලත් එකතු කරලා මම හෙටම මේ ඉල්ලීම් ටික දිනා ගන්ඩ උද්ගෝශනය කරනවා !
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:42 ට
අනිද්දට අපි පාරේ… හික්ස්….
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 7:31 ට
උඹ වැඩ කරන්නේ වන සංරක්ෂණ අමාත්‍යංශයේද….
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:44 ට
අප්පා.. එව්වයැ ඉන්න එවුන් එක්ක ගහක් තියාගන්න පුළුවන්ද අයියේ… ඔක්කොම ගස් ගෙවල් වලට ගෙනිහින්නේ බලා ගන්නේ…
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 7:46 ට
මේ…රස්සාව නැතිකරගන්නවත් අදහසක් තියෙනවද අයියෝ……????
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:44 ට
මේවා ඉතිං රැකියාවත් එක්ක ලැබෙන වරප්‍රසාදනේ….
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 8:18 ට
මට හොදටස සුවර් කලින් තැබීලි බීපු මිෂන් එක සහ මේ පොස්ට් එක අතර දරුණු සම්බන්ධයක් තියෙන බවට !!!
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:45 ට
මල්ලි හරි මල්ලි… ඒකෙම ඉතුරු ටික තමා මේ…
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 8:22 ට
අයියෝ උඹ වැඩ කරන තැන අහල පහල වතුවලට අබ සරණයි ………
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:46 ට
ඔය ගහක ගෙඩියක් කඩාගෙන කෑවට අපි එහෙම නරක ළමයි නෙමේ අයියේ…
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 8:54 ට
වෙඩි කන්න වෙයිද දන්නෑ මේවා ඉල්ලන්න ගිහිල්ලා මාළුවෝ…..
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:46 ට
නෑ මං ඔය ඉල්ලන්න හිතං ඉන්න ලිස්ට් එක දැම්මේ… ඉල්ලන්නේ ඔව්වා නෙමෙයි…
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 8:58 ට
හික් හික්
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:47 ට
උඹ මොකෝ හිනා වෙන්නේ….
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 9:05 ට
ආයතනයේ තාප්පය මතට වී අල්ලපු ගෙදර ගස්වල ඇති පලතුරු කැඩීමත් සේවක වරප්‍රසාදයක්. එතකොට ගෙදර කට්ටිය ඒවා දැක්කෙ නෑ වගේ ඉන්න ඕනි. (අපි රාජකාරිය කරනකොට කෙල්ලො ඒ ළඟට ඇවිල්ලා නාන්නත් හොද නෑ)
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:48 ට
උඹ හිතුවද මං පොදු වැසිකිලියක් බලාගන්නවා කියලා… ඈ බොල….
2012 පෙබරවාරි 25 දින ප.ව. 3:46 ට
උඹලෑ ගමේ කෙල්ලො නාන්නෙ වැසිකිලි වලද බං ????
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:56 ට
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 10:12 ට
සා. මාළුවට වගේ ටිංකිරි මොලයක් ඔෆිස් එකේ ලොකුම ලොක්කටවත් නැතුව ඇති නෙහ්?
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:49 ට
මෙව්වා උපතින් ආපුවා නෙවෙයි බං… උඹලා වගේ යාළුවෝ ආස්සරේ කරලා විකෘති වෙච්චා…
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 10:27 ට
අපිට ඉතින් හුලන් තමයි. අහල පහලක රට ඉදි ගහක් වත් නෑ
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:50 ට
පොඩි ආර්ටිෆිෂල් පැලයක් හදාගෙන, ඈපල් ටිකක් එහෙම එල්ලලා හොරෙන් කඩපං…..
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 10:49 ට
ආං අර රුවා කිවුව වගේ අපිට ඉතිං *කේ වැලිතමයි. රට ඉඳි ගහක් තියා ඇටයක්වත් නෑ…. ඉතිං අපිට හරියන්නේ අහල පහල පාවෙන වැල සම්බන්ධයෙන් හදාපු එකක් තමයි. මාලුවො ආං ඒවගේ එකක් හදාපංකො උඹට එන ආත්මෙ වැල පාත්තියක්ම ලැබෙනව…
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:50 ට
වැල නම් මොනාද අයියේ… ඔය තියෙන්නේ ඕනේ තරම්….
2012 පෙබරවාරි 25 දින පෙ.ව. 11:40 ට
මාළුවට පොකුණ විතරක් මදිද ?
මාළුවෙක්ගෙන්ම අහන්න ඕනෙ ප්‍රශ්නෙකුත් මතක් වුනා…
ඇත්තද මාළු නිදා ගන්නෙ නෑ කියන්නෙ ?
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:52 ට
විද්‍යාත්මකව පහදන්න දන්න දන්නේ නෑ…. හැබැයි මගේ ටැංකියේ ඉන්න එවුන්නම් ටැංකියේ පතුලට වෙලා පොඩි විවේකයක් ගන්නවා…. පොඩි තට්ටුවක් දාපු ගමන් සිං ගාලා ඇහැරෙනවා…
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:32 ට
‘ඔර්සමටුල්ලෙකුටවත්’
මේ මොක්කුද බං?
2012 පෙබරවාරි 25 දින ප.ව. 12:53 ට
අන්න වැඩ්ඩා… පුළුවන්නම් හොයලා කියපං…. හැබැයි ගූගල් කරන්න එපා… එහෙම කලොත් ආයෙමත් උඹට ටැංකියට එන්න පුළුවන්….
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:53 ට
උඹ හොද ඉතින් කියනවද නැද්ද?
2012 පෙබරවාරි 25 දින ප.ව. 6:56 ට
මේක කියවන කොට මට හිතුනෙ හොරෙන් තැඹිලි බීපු ප්‍රොජෙක්ට් එකේ අපි නොදන්න පැත්තකුත් තියනවදෝ කියලා..!!
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:57 ට
නැතුව නැකුව… තව කොයි තරම් පැති තියෙනවද අක්කේ….
2012 පෙබරවාරි 25 දින ප.ව. 7:14 ට
මූ මේ හදන්නෙ රෑට රෑට හොරාට බීපු තැඹිලි ටිකත් නැති කරගන්න. අනේ සාදු…
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:58 ට
අපිනම් එහෙම කරයි… හික්ස්….
2012 පෙබරවාරි 25 දින ප.ව. 7:46 ට
කොහෙද යකෝ නැවුම් පළතුරු වැවෙන ඔෆිස් තියෙන්නේ.
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:58 ට
කව්රුත් නැති වෙලාවක පානදුරේ පැත්තට ඇවිත් කෝල් එකක් දියංකෝ….
2012 පෙබරවාරි 26 දින ප.ව. 9:39 ට
හපෝ මූත් ගේ කාරයෙක් ද? “කව්රුත් නැති වෙලාවක” කෝල් දෙන්නෙ….
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:04 ට
වෙලාවක මං උඹටත් පෙන්නන්නම්කෝ…
2012 පෙබරවාරි 25 දින ප.ව. 7:56 ට
මාත් මේ ටික ප්‍රින්ට් කරගෙන ගිහින් බොස් ගේ කැබින් එක ඉස්සරහාට වෙලා උද්ඝෝෂණයක් කරනවා !
“……ඔර්සමටුල්ලෙකුටවත්…..”
මේ මොකාද මේ ? මාළු අයියෑ අළුත්ම කාඩ් එකවත් ද ?
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:59 ට
ඌ එල සතෙක් බං… පස්සේ කාලෙක කියන්නම්…
2012 පෙබරවාරි 25 දින ප.ව. 9:30 ට
ඒ මොකෑ දැම්ම කියන්ඩ බැරි ??
2012 පෙබරවාරි 26 දින පෙ.ව. 8:56 ට
හිටහං ඉවසලා
2012 පෙබරවාරි 25 දින ප.ව. 8:14 ට
මම මේ ඉල්ලීම් ටික අරගෙන ගිහින් අපේ කට්ටියගේත් අනුමැතිය අරගෙන සුබ මොහොතින් මගේ බොසාට ඉදිරිපත් කරනවා . ! මෙච්චරකල් අපි මේ දේවල් කලේ පන බයෙන් නෙව ? දැන් මොකටද බය වෙන්නේ මේක සම්මත කරගත්තානම් අහවරයිනේ
2012 පෙබරවාරි 25 දින ප.ව. 9:00 ට
ඒකනේ මචං… වරප්‍රසාද කියන්න ලැබිය යුතු දේවල්…
2012 පෙබරවාරි 25 දින ප.ව. 11:04 ට
දෙන්නං ජම්බු!
මට පේන්නෙ මේකා එක්කො පොල්වත්තක ගස් නගින්නෙක්, නැත්නම් ජෑම් ෆැක්ටරියකට අයිති පළතුරු වත්තක පළතුරු නෙලන්නෙක්. ඒ දෙකම නැත්නම්… එක්කො ඕනෙ නෑ.
henryblogwalker the Dude
2012 පෙබරවාරි 26 දින පෙ.ව. 8:57 ට
ඒ දෙකෙම නැත්තං මොකාද කියන එක තමා දැනගන්නම ඕනේ…
2012 පෙබරවාරි 26 දින පෙ.ව. 3:45 ට
අයියෝ…හෙට අනිද්දට වතු පාලුවා කියල නමකුත් වැටෙනව ශුවර්.. :ප්
2012 පෙබරවාරි 26 දින පෙ.ව. 8:57 ට
කාඩ් එක ගැහුවොත් ඉතිං ඒ මංචි තමා…
2012 පෙබරවාරි 26 දින ප.ව. 8:32 ට
සම්පූර්ණ ඇත්ත.. අපෙත් ෆාමසිය පිටිපස්සේ තියෙන දොඩම් ගහේ සම්පූර්ණ අයිතිය අපිට තමයි.. ඕකෙ වැඩෙයෙන්ම කන්නේ මේ මම තමයි..
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:04 ට
මං වගේ තවත් සොබා දහමට ආදරය කරන එල කොල්ලෙක්… ෆිට්ම තමා….
2012 පෙබරවාරි 26 දින ප.ව. 9:31 ට
තමන්ගේම පල පොරෝජනේට විත්‍රක් ගත්තු මරුම වරප්‍රසාද ටිකක්…. සික් මාළුවෝ මේක පට්ට පදිරියි බං… බොලැයි වර-ප්‍රසාද වලට ආරස්සක අංසෙං මාර සප් එකක් ලැබෙනෝ නේ…???
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 7:04 ට
අපිට වැඩි වරප්‍රසාද තියෙන්නේ ආරක්ෂක අංශයට බොල
2012 පෙබරවාරි 27 දින පෙ.ව. 10:24 ට
උංගෙ ඒවයිං වරප්‍රසාද ටිකක් උස්සන එක හරිද බං? පව්නේ… තොපිල වගේ නෙමේනෙ… උං අහිංසක දරු පවුල් කාරයො….
2012 පෙබරවාරි 28 දින ප.ව. 4:07 ට
උබ කොහෙද බන් වැඩ කරන්නේ ??? වතු පාලුවන්ගේ සංගමේ සබාපතිද මන්ද මූ
2012 පෙබරවාරි 28 දින ප.ව. 9:03 ට
හික්ස්…