කෙල්ලයි නරියයි….!!! (අනාගතේ වෙනුවෙන්)

අදනම් කියන්නේ පොඩි එව්වොන්ට හෙන හොඳ කතාවක්. මේකෙ තුන් තේරවිලි නෑ… අවලං කතා නෑ… පිරිසිදු පහන් හැඟීමෙන් තමා ලියන්නේ. (එහෙම තමා කියන්නේ)

මේක ලියන්න ඇත්තටම හේතු වුනේ රූ අක්කා ලියලා තිබුන පෝස්ට් එක. මමත් ඔය ලොකු ලොකු වැඩ කලාට පුංචි එව්වොන්ට හදපු ලස්සන ලස්සන මූවි බලන්න හරි ආසයි. වෙන මොකවත් හින්දා නෙමේ ඒවයේ තියෙන්නේ තනිකරම කුතුහලය නිසා. ඇක්ශන්/ රොමැන්ටික්/ හොරර් කියන හැම වර්ගෙකම ෆිල්ම් වල ඊළඟට වෙනදේ යාන්තමට හරි අපිට අනුමාන කරන්න පුළුවන් වුනත් පුංචි එවුන්ට හදපු මූවි එකක වත් ඊළඟට වෙනදේ තාම නම් මට හරියටම හිතාගන්න බෑ. මොකද හේතුව… පොඩි එවුන්ට හැදුන ෆිල්ම් තියෙන්නේ බොහොම අඩුවෙන් නිසා, ඒවයේ තියෙන කතාවල් එකිනෙකට වෙනස් වීමේ සම්භාවිතාවයත් වැඩිනිසා.

ඉතිං මම පැටියා කාලේ දවසක ටීවී එකේ ගියා පොඩි අයගේ ෆිල්ම්ස් ගැන පොඩි වැඩසටහනක්. මට මතක විදියට ස්වර්ණවාහිනියේ වෙන්න ඕනේ. ඒකෙදි තමා මේ ෆිල්ම් එක ගැන මම දැනගත්තේ. කතාවේ ඉන්නේ පොඩි කෙල්ලෙකුයි නරියෙකුයි. නරියා කෙසේ වෙතත් ඒ දවස් වල චූටි කෙල්ලෙක්ගේ ෆිල්ම් එකක් කිව්වොත් ඉතිං… යම්… යම්… යම්…. මමත් පොඩි එකා වුනාට හෝමෝන වැඩ කරන්නේ ලොකු එවුන්ගේ වගේ නිසා ඒ දවස් වල පොඩි කෙල්ලෝ ඉන්න ෆිල්ම් පේන්න බෑ. ඒ දවස් වල දැන් වගේ ලොකු සීන් නැහැනේ, ගෙදරිනුත් අවුලක් නැති නිසා පොඩි අයගේ ෆිල්ම් බලනවට මමත් කොහෙන් හරි හොයාගෙන ඇවිත් ඇති වෙනකං බලනවා.

කතාව චුට්ටක් කියන්නම්… පොඩි කෙලි පැටියෙක් නරි පැටියෙක්ව යාළු කරගන්න කතාවක් තමා තියෙන්නේ. පට්ට ලස්සනයි. මං බලපු හොඳම මූවි එකක්. එකම ලොකු එකෙක්වත් නෑ මූවි එකේ. ඒ කියන්නේ එකම එක වැඩිහිටි ගැහැණු කෙනෙක් වත් පිරිමි කෙනෙක් වත් නෑ. මුළු මූවි එක පුරාවටම ඉන්නේ පොඩි කෙල්ලයි නරියයි විතරයි. ඊට අමතරව ඇක්ශන් ෆිල්ම් වල වගේ නැතුව සම්පූර්ණ ස්වභාවික පරිසරය තමා හැම රූප රාමුවක්ම අරගෙන තියෙන්නේ. මාරම ගති. ඇක්ශන් ෆිල්ම් බලලා හෙම්බත් වෙලා ඉන්න අයට හිත කූල් ඩවුන් කරගෙන බලන්න සිරාම කතාවක්.

මෙන්න ටොරන්ට් ඩවුන් ලින්ක් එක. මෙන්න IMBD ලින්ක් එක. මෙන්න විකි ලින්ක් එක.

ඔය මොනා නැතත් අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හිතාගෙන ඉන්න පොඩි එව්වෝ සහ ලොකු අය මේක ඩවුන් කරගෙන ඩීවීඩී එකක බර්න් කරලා තියාගත්තට පාඩුවක් වෙන්නේ නෑ මයෙ හිතේ. මේවා අනාගත ආයෝජන. ඒ දවස් වෙද්දි මේවා ඩවුන් කරගන්න නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා එන එන හොඳ ළමා චිත්‍රපටි ඩවුන් කරගෙන දැන්ම ඉඳන්ම ඩීවීඩී පුච්චගන්න පුරුදු වෙන්න ඕනේ… හරියට මේ මං වගේ. එතකොට ඉස්සරහ දවසකදී පොඩි එකාට ලස්සන ෆිල්ම් එකක් දාලා දීලා, ඕනේ නම් පොඩි එකත් එක්ක ඒ ෆිල්ම් එකම බලන්න පුළුවන්….!!! නැත්තං අම්මටයි තාත්තටයි ඒ වෙලාවෙදී වෙන ෆිල්ම් එකක් බලන්න හරි රඟපාන්න හරි බැරියෑ…. නේද…!!!

53 Responses to “කෙල්ලයි නරියයි….!!! (අනාගතේ වෙනුවෙන්)”

  1. Chanaka Says:

    බාලම බලමු. තැන්කු මාලුවෝ..

  2. පූසා Says:

    අයියා අපිට දෙන්නකෝ හොද කටු පයිට් එහෙමෙ තියෙන පිලුම් එකක්! :D

  3. praveena Says:

    මේ දවස්වල බ්ලොග්වලට මොනවා වෙනවද දන්නේ නෑ. මම හැම තැනම කමෙන්ට්ස් හොයලා යන්ට හදනකොට තමා කමෙන්ට්ස් දාන තැන දෑක්කේ.

    ෆිල්ම් එක බලන්ට ආසා හිතුනා. දැන් ඉතින් බලන්ට ෆිල්ම්ස් ගොඩයි. ඔයා රූ මල්ලිද? :-)

  4. සාතන් Says:

    පොඩි එකා උනාට ලොකු උන්ගෙ හෝමෝන වැඩ කරන හින්ද තමයි උඹ ‍ඉරට්ට ‍වගේ ඉන්නෙ..

  5. pissa palaamalla Says:

    ඒකෙත් බලහන්… මුගේ තියෙන කැත හිත. පොඩි එකාට ඒක දාල දීල මූ මේ වෙන නැටුමක් නටන්න.

  6. කස්ස Says:

    බාල බලල ගුණ අගුණ කියන්නම් මචෝ

  7. බුද්ධි Says:

    අධිවේගී WWW තියෙන කාලේ මමත් ෆිල්ම් ගත්තා හෙනට. දැන් ඒක දුන්නා. වේගෙ වැඩි හින්දා.

    මෙහෙම කරමු පොඩි මල්ලි ඔක්කොම හොඳ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා තියන්ඩකො. මං වෙලාවක ඇවිල්ලා ඔක්කොම ඉල්ලං යන්නං.

    වැඩිහිටියන්ට සලකන්ඩ හිතාගෙන ඉන්නවනං ඩීවීඩී ටිකක් පුව්වලම තියන්ඩකො….. මම ආපු වෙලාවක ස්තුතියි කියලා කටපුරා කියලා අරං යන්නං :P

  8. රූ Says:

    යාළු මාළු සෑහෙන්න දුරදිග හිතනවා වගේ..අනේ මද්දා යශෝ ඕවට මොනවා කියයිද දන්නෑ..ෆිල්ම් එක නම් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ඕං. තැන්කූ වේවා පොමෝශන් පාරටයි චිත්තරපටිය බෙදා ගත්තටයි…….

  9. X-Porter Says:

    ඒයි මාලුවො “නරියයි කැලෑවයි” පිලිම් එක බලල නැද්ද… සහ් මැක්සා පිලිම් එක

  10. Weni Says:

    අර කිව්ව වගේ ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න මල්ලි. ඔය හම්බ වෙන වෙලාවක කොප්පයක් ගහ ගන්නම් !!!

  11. henryblogwalker Says:

    පොඩි කෙලි පැටියෙක් නරි පැටියෙක්ව යාළු කරගන්න කතාවක් මාත් අහලා තියෙනවා. කෙල්ලගෙ අම්ම නඩුකාරියක්ලු.

  12. ChammA Says:

    බලමුකෝ මෙව්වා එක කොහොමද කියලා…රෑන්ක් එකත් ඉතින් නරකම නැහැ , ඒ හින්දා ෆිල්ම් එක හොද පාටයි..

  13. පැණි දොඩම් Says:

    මාලුවෙක් කෙලි පැටික්කියක් යාළුකරගන්න එකක් නැද්ද බං?

  14. Observer Says:

    ලබන ආත්මෙදි ඕනෙ වෙන ඒව දැම්ම ඩවුන් ලෝඩ් කොරල වැඩක් නෑ

  15. ඉන්දික උපශාන්ත Says:

    අපි ඔය “නරියා සහ කෙල්ල” ෆිල්ම් එකේ රඟපෑවෙ කාලෙකට ඉස්සර. දැන් කරන්නෙ “බල්ලා කැටුව යන කාන්තාව”

  16. මධුරංග Says:

    මාතෘකාව දැක්කම හිතුනේ මේක යශෝදරවගෙයි මාළු අයියගෙයි කතාව කියලා. :)
    දැන් නේ දන්නේ මේක ෆිල්ම් එකක් කියලා.
    මට නම් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. හොයාගෙන තමා බලන්නේ.
    ස්තුතියි කතාව ගැන කිව්වට….

    ප.ලි. – ලස්සන ෆිල්ම් එහෙම බැලුවොත් මෙහෙම පෝස්ට් කෑල්ලක් දාලා අපව දැනුවත් කරන්න අමතක කරන්න එපා.

  17. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    කෙල්ලෙක් එක්ක නරියෙක් ඉන්න කතාවක් ලංකාවෙත් තියනව. ඒකෙ නම “නරි බෑනා”

    ප.ලි.
    ඔය නරිය අර “කැලෙං පැන්න නරියා” ‍ෆිල්ම් එකේ හිටපු එකාම නේද ???

  18. මන්තරකාරි Says:

    හොඳ උපදෙසක්. මමත් අද ඉදලම පික්චර් එකතු කරන්න පටන් ගන්න ඕන…

  19. ශානka Says:

    ඔන්න මාළුවෝ බෑවෙන්න දැම්මා.
    ඉන්දික උපශාන්තගේ කොමෙන්ටුවට සහ ඔබා මාමගේ කොමෙන්ටුවට හෙනම ලයික්ය.

  20. ඔබ නොදු‍ටු ලොවක් Says:

    බලමු බලමු…ඇයි බං ඔබා මාමගේ හිත කැඩුවේ….

  21. dinesh umagiliya Says:

    පොඩි එවුන්ගේ ෆිල්ම් වල අන්තිම වෙනකම් වෙනදේ හිතා ගන්න බෑ කිවුව කතාවනම් ඇත්ත.. වැඩිය කා අතරෙත් ජනප්‍රිය නොවෙන ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් තියෙනවා පොඩ් ළමයි වෙනුවෙන් හදපු..

    අයියා දැම්ම අනගතේ ගැන හිතනවා වගේ.. අපේ ඉතින් අධිවේග අන්ත්‍ර්ජාලනේ තියෙන්නේ.. ඒනිසා මේක විනාඩි 30 බාලා බලන්නම්… :)

  22. නවම් Says:

    හෙහ්.. ඉස්කෝලෙ කාලෙ “හව් ‍ටු කැච් අ ෆොක්ස්” කියල එකක් නං හොරෙන් පැනල ගිහිං බැලුව, අන්න පිචෑර්.. පුහ් !


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )